SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතාලි ජාතික කාල්ස් සිෆ්ලෝ දෙවන ලෝක යුද්ධ කාලයේ ඉතාලියේ වාසය කළ දාර්ශනිකයෙක්. ඔහු ඒ කාලයේ ග්‍රන්ථයක් ලියනවා

The basic laws of human stupidity.

 

ඒකෙ සිංහල තේරුම තමයි මානව ඔලුමෝට්ටලකම පදනම් වන මූලධර්ම . එම ග්‍රන්ථයෙන් ඔහු සමකාලීන යුරෝපයේ සිදු වූ පැසිස්ට්වාදයේ සහ  කොමියුනිස්ට්වාදයේ නැගී සිටීමට ජනයාගේ ඇති ස්වභාවික පෙළඹීම පිළිබඳව දාර්ශනිකව තේරුම් කරන්න උත්සාහ කරනවා.

 

එම පොතෙන් ඔහු පෙන්වා දෙනවා දේශපාලනයේදී මානවයාගේ හැසිරීම හා ක්‍රියා කලාපයන් හතරක් පිළිබඳව. නැතිනම් මානවයා කොටස් හතරකට බෙදෙනවා.

1) අසරණ මිනිස්සු

2) වංචාවට කපටිකමට නැඹුරුතාවයක් දක්වන මිනිස්සු

3) බුද්ධිමත් මිනිස්සු

4) ඔලමොට්ටල මිනිස්සු (stupidity)

 

මෙහිදී ඔහු තර්ක කරනවා අසරණ මිනිස්සු කියන කණ්ඩායම ඉතාම දුර්වල සමාජ කොට්ඨාසයක් වන අතර ඔවුන්ගෙන් සමාජයටවත් ඔවුන්ටවත් විශාල හානියක් සිද්ධ වන්නේ නෑ කියලා ඒවගේම කපටි වංචාකාර මිනිස්සු මර්දනයට නීති රීති  සංස්කෘතික බාධා සහ ජනතාවගේ විරෝධයක් පවතිනවා.

 

ඒ නිසා  එම කොට්ඨාසයට රටකට සමාජයකට හානි කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ඔහු පෙන්වා දෙනවා. එසේම ඔවුන්ට විශාල සමාජ විරෝධයක් තිබෙන බවද? එනිසාම එවැන්නන් වහා වළක්වන්නද පුළුවන් බව මෙම පොතෙන් පෙන්වා දෙනවා.

 

අනිත් කණ්ඩායම වන බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ඔවුන්ටවත් සමාජයටවත් හානියක් සිදුවන්නේ නෑ. ඒ නිසා බුද්ධිමත් මිනිස්සුන්ගෙන් සමාජ හානියක් බලාපොරොත්තු වෙන්න බෑ යනුවෙන් ඔහු කියනවා.

 

නමුත් ඔහු ඉදිරිපත් කරන ප්‍රධාන කණ්ඩායම වන්නේ (stupidity) ඔලමොට්ටල භාවය සහිත මිනිසුනුයි. ඔලමොට්ටල මිනිස්සු සම්පූර්ණ මනුෂ්‍ය ඉතිහාසය ශිෂ්ටාචාරය විනාශය කරා කැඳවාගෙන යාමට සමත් කියලා කියලා ඔහු සමකාලීන සමාජයේ උදාහරණ දක්වමින් මෙම පොතේ පෙන්වා දෙනවා.

මේ මානව සමාජයේ සිටින බරපතලම විනාශකාරී කණ්ඩායම මෙම ඔළුමොට්ටල මිනිසුන් බව ඔහු මෙම ග්‍රන්ථය තුළින් තර්ක කරනවා.

 

 (stupidity)

සිපිලෝට අනුව ඔලමොට්ටල මිනිස්සුන් ලෝකයේ තිබෙන ඕනෑම අපරාධකාරී මාෆියා ව්‍යාපාරයකට වඩා භයානකයි. විනාශකාරී සහ බලවත් . ඕනෑම යුද හමුදාවකට හෝ පැසිස්ට් රිජීමයකට වඩා විශාල විනාශයක් මානව සංසතියට කළ හැකියයි ඔහු තර්ක කරනවා. මෙම ඔලමොට්ල මිනිස්සුන්ගේ විශේෂ ලක්ෂණය තමයි තමනුත් විනාශ වන අතර තමන් ජීවත්වන සමාජයත් මානව ශිෂ්ටාචාරයක් විනාශ කිරීමට තරම් ඔවුන්ගේ චින්තනමය දුර්වලතාවයත්' හැසිරීමත්' ආකල්පත්' ආශාවත්,' ඇබ්බැහිනුත්" බලවත් බව ඔහු මෙම පොතෙන් ඉදිරිපත් කරනවා.

 

අනෙක් විශේෂ කාරණය වන්නේ අනෙක් සමාජ කණ්ඩායම් තුනම මෙම ඔලොමොට්ල මිනිසුන්ගේ බලය පිළිබඳව අවතක්සේරු කිරීමට පෙළඹෙන බව එම නිසා විශාල විනාශයකට රටක් සමාජයක් කඳවාගෙන යාමටමෙම කණ්ඩායමට පුළුවන් වෙනවා.

 

මෙම ඔලොට්ටල මිනිසුන් ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා ඔවුන්ගේ පැවැත්මත් ඔවුන්ගේ ජීවත්වන සමාජයත් රටවලටත් විනාශය කැඳවන අතර ඔවුන් බේරා ගැනීමට පැමිණෙන අය පරාජය කොට නැවත නැවතත් සමාන ඔළුමොට්ල කමේ ඇලීගැලී සිටීමට දැඩි නැඹුරුතාවයක් දක්වන අතර එය විනාශය පැමිණෙන තුරුම පවතින බව ඔහු කියනවා. එසේම සිපිලෝ තර්ක කරනවා ඕනෑම සමාජ පන්තියක මෙම මිනිසුන් ජීවත් විය හැකි බව. කම්කරුවන් අතර ඉඩම් හිමියන් අතර වෘත්තිකයින් අතර බුද්ධිමතුන් අතර පවා මෙම ඔලමොට්ටල මිනිසුන් සිටින බව ඔහු මෙම පොතෙන් පෙන්වා දෙනවා .මොහුගේ මෙම ග්‍රන්ථය මුද්‍රණය වීමෙන් පසු අපි දන්නවා යුරෝපය වසර පහක් දහයක් ඇතුළත මහා පොළොවට සමතලා වුණා. මිනිසුන් මිලියන 170 ක් විතර රුසියාවේත් ජර්මනියේත් ඉතාලියේත් යුරෝපයේ අනිත් රටවලත් ජපානයේත් මරණයට පත්වුණා.

 

මේ අනුව මෙය ලංකාවට අදාල වෙන්නේ කොහොමද?

 

ලංකාවේ 2019 දී සිදු වූ බල පෙරළියෙන් මේ රටේ ආර්ථිකය මහ පොළොවටම සමතලා වුණා. එම මැතිවරණයේදී ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම සඳහා ලංකාවේ පාවෙන ඡන්ද සහ සමහර කණ්ඩායම් කටයුතු කළ අන්ධ ආකාරය ඔලමොට්ටලකම මිස වෙන කුමක්ද?

 

දැන් එම බලපෙරලියට වැඩ කරපු බොහෝ ඔලමොට්ටල පාවෙන ඡන්ද එම ආකාරයෙන්ම කටයුතු කරමින් තිබේ.

2019 මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක වූ ආකාරයටම කිසිදු හිරකිතයකින් තොරව එම ක්‍රියාකාරකම්වල ම යෙදෙමින් ජනයා මාලිමාවට ඡන්දය දීම සඳහා

පොළඹවමින් සිටියි.

එමගින් නැවත පෝලිං යුගයක් ඇතිවන බවත් රටේ ආර්ථිකය මහපොළොවටම සමතලා වනු ඇති බවත් පාසල් සහ අධ්‍යාපන පද්ධතිය බිඳ වැටෙන බවත්

වැඩ බිම් වසා දැමීමට සිදුවන බවත් ඔවුන් හොඳටම දනී. ඒ පිළිබඳ සමහරවිට ඔවුන්ද පිළිගනී.එය මේ රටේ ඕනෑම කෙනෙකුට ඇස් පනාපිට පේන සත්‍යයක්. නමුත් ඔවුන් නැවතිය හැකි කිසිවකු මෙලොව පහළ වී නැත.

 

තත්ත්වය එසේ තිබියදී

මෙම ඔලමොට්ටල ජනයාගේ හැසිරීම අවතක්සේරු කිරීම

ලංකාව නියත විනාසයක් කැඳවා ගැනීමකි.

ඒ නිසා මේ රටේ බුද්ධිමත් මිනිසුන් අසරණ මිනිසුන් මෙන්ම වංචාකාරී කපටි මිනිසුන්ද

මෙම ඔලමොට්ටල මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයට අභියෝග කළ යුතුය.

නැතහොත් මෙවර අප සියල්ලටම එක වළක ඔලමොට්ටලයින් සමගම වැලලීමට සිදුවනු ඇත .

ස්තුතියි.

 

@තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි

(සංවාදයට විවෘතය - ඔබගේ අදහස් දැක්වීම්වලට අප වෙබ් අඩවියේ ඉඩ කඩ වෙන්කර ඇත)

marrikkar

නවතම ලිපි