SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මේ කියන්නේ ශ්‍රී ලාංකීය දේහයේ සෑම ශෛලයක්ම, සෑම රුධිරානුවක්ම දූෂණයෙන් හා වංඡාවෙන් සකස් වෙලා තියෙනවා කියන එක නේද?

මේ ජාතික අපරාධය අග්‍ර ප්‍රමුඛත්වය දීලා සාකච්ඡාවට යොමු කරන්න. මේ කාරණාව යටපත් කරන්න දෙන්න එපා. ඔබේ පරම වගකීමක් ලෙස මේකට අවධානය යොමු කරන්න. මේ තක්කඩි දේශපාලකයන්ට මෙතනින් බැහැර වන්න ඉඩ තියන්න එපා."

Express Pearl නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීමට පෙර සිදුව ඇති අත යට ගනු දෙනුවක් ගැනයි ඩලස් අලහප්පෙරුම මහතා මේ කියන්නේ.

 

1994 දි පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 30 කට පමණ පසුව ලංකාවේ වංචා දූෂණයක් ගැන කතා කරන, සොර මුලක් සමග ලැග සිටි මේ නූතන වීරයා ගැන අපි කොතනින්ද හිනා වෙන්න ඕන. රාජපක්ෂවරුන්ගේ කිරිකැටි බිළිඳුන් ඉපිද, උස් මහත් වී ඔවුනුත් දේශපාලනයට විත් සොරකම් හා ජඩකම් කරන විට බලා සිටි සහ ඔවුන් ගැන ගුණ වැයූ ඩලස් අලහප්පෙරුම දැන් අපෙන් ඉල්ලා සිටින්නේ තක්කඩි දේශපාලකයින්ට කිසිදු ඉඩක් නොදෙන ලෙසයි.

 

අපි අසමු. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ මහා පරිමාණ වංඡා දූෂණ කප්පරක් වෙද්දී කෑමට සහ වදන් රවුම් කර ලගන්නා බස් දෙඩවීම හැර ඔබ කළ දෙයක් තිබේද? රාජපක්ෂවරුන් මෙන්ම අන්ත දූෂිත මහින්දානන්ද, ජොන්ස්ටන්, නිමල්, රෝහිත වැනි ඇමතිවරුන් සමග එකම කැබිනට්ටුවක දශකයකටත් වඩා හෙළුවෙන් වාඩි වී සිටි දහම් අලහපෙරුම වන ඔබේ මේ ඉල්ලීම ඇත්තටම දැහැමි එකක්ද?

මේ අදාළ මාධ්‍ය හමුවේදී පලකළ එතුමාගේ තවත් සුමිහිරි වදනක්

 

"මේ වංඡාව පරම වගකීමක් ලෙස සලකා හෙළි කරන්න."

 

ඩලස් අලහ්පෙරුම මන්ත්‍රීතුමනි, ඔබ කැබිනට් ඇමතිකම් දැරූ රාජපක්ෂ පාලන සමයේදී එවැනි හෙළිදරව් කිරීම් කළ මාධ්‍යකරුවන්ට සිදු වූයේ කවරක්ද? ඔවුන් මරා දමද්දි, හෝ අතපය කඩා දමද්දි වෘත්තියෙන් මාධ්‍යකරුවෙකුද වූ ඔබ බක තපස් රකිමින් ස්වාමියා රැකීම හැර වෙනත් කිසිවක් කළාද? උදාහරණ නොලියමි.

මේ එතුමාගේ තවත් සුමිහිරි වදනක්.

 

"ඇමතිකමක් නැතිව නින්ද යන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. ප්‍රභාකරන් මේ රටේ රාජ්‍ය නායකයා වුනා නම් ප්‍රභාකරන්ගේ ඇමති මණ්ඩලයේ ගිහින් වාඩිවෙන්න කැමති කට්ටියත් ඉන්නවා."

ඉතිං ඩලස් අලහ්පෙරුම මන්ත්‍රීතුමනි, ප්‍රභාකරන් මළ පසු එසේ හැසිරුණු නායකයෙක් ළඟ ඇමති මණ්ඩලයක ඔබ වාඩි වී සිටි බව මේ කෙටි කලට අමතක වුණාද? මහින්ද රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ පාලනයේ සියලු නොපනත්කම් අනුමත කරමින් තනතුරු දැරුවේ වෙනත් ඩලස් අලහප්පෙරුම කෙනෙක්ද?

 

මේ එතුමාගේ තවත් සුමිහිරි වදනක්.

"නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම තරම් රටක විනාශයට රටක පරිහානියට අත්වෙන්න පුළුවන් වෙන ඉරණමක් නෑ."

ඉතිං ඔබගේ දේශපාලන දිවියේ දශක තුනක් තුළ එවැනි අවස්ථා සිදුවූ බව අමතකද? මානව හිම්කම් කඩකිරීම්, දරුණු අණපනත් සම්මත කිරීම් සිදුවන අවස්ථාවල ඔබ සිටියේ මාරාන්තික නින්දකද? සදාකල් විධායක ජනාධිපති ධූරයේ රැඳි සිටීම වෙනුවෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අත එසවූයේ ඔබද අපද?

අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධූරයෙන් ඇද දැමීමට අනීතිකව වැඩ කරන විට කොටස්කාරයෙකු වූ ඔබ නීතියේ ආධිපත්‍ය ගැන අතිමහත් ආදරයකින් හැඟීමකින් දැන් කතා කරන්නේ කුමක් මානසික විපර්යාසයක් නිසාද? නොඑසේ නම් ස්මරණ ශක්තිය හීන වීමේ ප්‍රතිඵලයක් නිසාදැයි දැන ගැනීමට කැමැත්තෙමි.

රටක් විනාශයට ඇද වැටෙන තෙක් "සාදය මාරයි කියමින් හිඳ සල්ලි හමාරයි" කී පසු යළි මහා දේශහිතෛශියෙකු ලෙස ඔබ එළි බැස තිබේ.

මාතරින් රාජපක්ෂ කොලු ගැටයෙක් කරළියට විත් පස්ස පැත්තට පයින් ගහන තෙක්ම ඔබට මේ දැහැමි සිතුවිලි මතු වූයේ නැත. අදත් සැබෑවටම එවැනි අදහස් මතුව ඇත්දැයි කිව නොහැක්කේ වීරවංශ, ගම්මන්පිළ වැනි මජර දේශපාලකයන් සමග ඔබ ලැග සිටින බැවිනි.

|

@Mahinda Rubasinghe fb page

marrikkar

නවතම ලිපි