SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(10වන කොටස  - පසුගිය සතියක් හා බැඳේ)

හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,

මේ ගෙවෙන 21වන ශතවර්-ෂයේ ඉතිහාස-කාලාවකාශය (‍Historical Time-space) තුළ ලොව පුරා විවිධාකාරයෙන් නිරන්තරව වර්ධනය වන ආර්-ථික අසමානතාව (Economic Inequality) හා ගැට ගැසුණු ප‍්‍රධාන අවදානමක් පවතින්නේ ය.

එම අවදානම නම් ජන-අනන්‍යතා-පදනම්-කරගත්-දේශපලානය (Identity-based-politics) යි.

පෘථිවි ගෝලය තුළ ප‍්‍රාග්ධනය-ගෝලීයකරණය (Globalization of Capital) වීම යුගයේ ලෝක ආර්-ථික අවශ්‍යතාවක් ලෙස පවතිනවා නම්, විවිධ සම්භවයන් සහ පසුබිම් වලින් පැමිණෙන විවිධ අනන්‍යතා සහිත ජන-කණ්ඩායම් හෝ පංතිමය-කන්ඩායම් අතර වේගවත් මිශ‍්‍රවීම් සහ සම්මුති ඇතිවීම් සිදුවිය යුතු ය. එය ආර්-ථික-අසමානතාව සමනය වීම හෝ අඩු කිරීමට හේතුවන අතර, ප‍්‍රාග්ධනය ගෝලීයකරණය වීමේ ක‍්‍රියාදාමය ද නිවැරදි සුසංවාදී සංයුතියකින් (Composition) පිහිටුවා ඉදිරියට ගෙනයාමට ආධාර වෙයි.

WhatsApp Image 2023 04 24 at 01.28.42

 

ඒත් ලොව පුරා සිදුවෙමින් පවතින්නේ අනෙකකි.

 

එය නම්, අනන්‍යතා-පදනම්-කරගත්-දේශපාලනය (Identity-based-politics) යන්න පෘථිවි ගෝලය තුළ ප‍්‍රාග්ධනය-ගෝලීයකරණය (Globalization of Capital) වීමේ සැබෑ ක‍්‍රියාදාමයට ප‍්‍රතිපක්ෂව සංදර්-භ-විරෝධීව සිටගැනීම යි. ලෝකයේ පවතින විවිධ දේශපාලන යාථාර්-තයන් නොතකා ප‍්‍රාග්ධනය-ගෝලීයකරණයට (Globalization of Capital) ස්වාධීන ක්රියදාමයක් ලෙස ඉදිරියට යා නොහැකි ය. ඉදින් මේ විවිධ දේශපාලන යථාර්-ත බිහිකර ඇති ලොව පවතින එකිනෙකට වෙනස් විවිධ මිනිස් අනන්‍යතා අතර මිශ‍්‍රවීම් හෝ සම්මුති ඇතිවීම් පමා වන තාක්, ප‍්‍රාග්ධනය-ගෝලීයකරණය  නැමති ක‍්‍රියාදාමය ද ඉදිරියට යන්නේ බාධක සහිතව සුනංගු වෙමිනුයි. එයින් ආර්-ථික අසමානතාව (Economic Inequality) හා ගැට ගැසුණු ප‍්‍රධාන අවදානම තව තවත් තීව්ර වන අතර පවතින සැබෑ-ක‍්‍රමය (True System) කුමක්දැයි නොදැන ම එම ක‍්‍රමයෙහි වෙනසක් ඉල්ලන හුදෙකලාවාදී ප‍්‍රතිකියක ජන සටන් බහුල වේ.

ඉතිං දේශපාලකයින් විසින් මෙම පොදුජන ආතතිය සහ කැඹිරීම ගසාකමින් වෛරී දේශපාලනයක් ගොඩනැගීමට හැමවිටම උත්සහ දරමින් සිටින බව පෙනේ. එහිදී ජන-අනන්‍යතා (Folk Identities) අතර විවිධත්වයන් යනු අසමානාතාවන් ලෙස සලකනු ලබන අතර, එයින් ආර්-ථික සංදර්-භ විරෝධී කතිකා ලෝකයකින් බිහිකරන දේශපාලනයන් අධිනිෂ්චය වීම සාමාන්‍ය පොදු සාධකයක් බවට පත්වෙයි. මෙම දේශපාලනයන් විසින්  ලොව පවතන ආර්-ථික අසමානතාවන්ට හේතුව මිනිසුන් අතර ජනනික වෙනස (Genetic Difference), ජාතික වෙනස (National Difference), වාර්-ගික වෙනස (Ethnic Difference) හෝ සංස්කෘතික වෙනස (Cultural Difference) වැනි වෙනසවල් ලෙස සලකා, අවධානය යොමු කළ යුතුව පවතින මිනිස් අසමානතාව පිළිබඳ සැබෑ ආර්-ථික අරුතින් වෙනත් අනදාළ ජන-අනන්‍යතා අරුතක් කරා පොලා පනී. දේශපාලකයින් වසර සීයකට පෙරාතුව කළ දේ ද මෙය වන අතර, යළිත් වෙන අයුරකින් කරමින් පවතින්නේ ද එය ම යි.

 

WhatsApp Image 2023 04 24 at 01.29.13

 

පසුගිය මාස කිහිපයක් තුළ ජවිපෙ විසින් ජාතික සමගිය ගැන සංකල්පීය තලයේ කතා කරමින් ම වුවත්, මැදමුලනවාදීන් විසින් ඒක රාශි කළ 69 ලක්ෂයේ වරිග දේශපාලන චන්දදායක සිංහලයින්ට වේගයෙන් ඇමතීම නැමති දෙශපාලන ඉත්තා අදිමින් සිටි අතර, ඊට ප‍්‍රතිපක්ෂව රනිල් වික‍්‍රමසිංහ ද ජාතික සමගිය වෙනුවෙන්මයි කියමින් 13වන ව්‍යවස්ථා සංශෝධනය නැමති වරිග දේශපාලන ඉත්තා ඇදීම ද දෙවිදිහකට පොදු-ජන-විඥානයේ ඇති යටකී අනන්‍යතා-පදනම්-කරගත්-දේශපලානයන් (Identity-based-politics) කිති කැවීමකි. මේවායින් ආර්-ථික අසමානතාව (Economic Inequality) හා ගැට ගැසුණු ප‍්‍රධාන අවදානම නැවත තීව්ර වන අතර, තැන තැන අරමුණක් නැති සහ වැදගැම්මකට නැති හුදෙකලා ජන සටන් බිහිවී අරාජිකත්වය වැඩි වේගයකින් පැතිර යාමට හේතු වේ.

WhatsApp Image 2023 04 24 at 01.30.14

 

නමුත් මේ ජවිපෙ සහ රනිල් ඒ අවස්ථාවේ  එකිනෙකට වෙනස් අරුත් වලින් රඟදැක්වූ යටකී වරිග කේන්ද්‍රීය දේශපාලනය ප‍්‍රාග්ධනය ගෝලීයකරණයට එරෙහි අනවශ්‍ය අන්තයක් කරා යා හැකිය යන අවදානම පෙරතියා දුටු ඇමෙරි-යුරෝ ඇල්ගෝරිදමික විශ්ලේෂන සමස්තයෝ විසින් තීන්දුවක් ගෙන, මෙතෙක් ණය දීම කල් ඇදීමට හේතු වූ තීරණාත්මක කොන්දේසි පවා පසෙක ලා රනිල් හා සම්මුති වී ලංකාවට අයිඑම්එෆ් ණය පැකේජය දෙන්නට හදිසි තීරණයක් ගත්තේ ය. ඇමෙ-යුරෝ පෙදෙසින් ලක් පෙදෙස කරා පැමිණි මේ තීන්දුවත් සමඟ ජවිපෙ සහ රනිල් දෙපාර්ශවය ම කලින් රඟදැක්වූ සෘජු හෝ වක‍්‍ර වරිග දේශපාලන හඬ නිහඬ කෙරී දෙපාර්ශවය ම එකිනෙකට වෙනස් වෙනත් ආර්-ථික භාෂාවලින් කතා කරන්කට පටන් ගත්තෝ ය.

 

WhatsApp Image 2023 04 24 at 01.30.00

 

එයින් ජවිපෙ සහ රනිල් දෙපාර්ශවයට ම තම තමන්ගේ වරිගවාදී කඩු දෙක නැවත කොපුවල දාගන්නට සිදුවූ අතර, ඒ හරහා රනිල්ගේ ගෝලීය ආර්-ථිකවාදී දේශපාලනයට රට තුළ ජාතික තලයේ තාවකාලික වාසියක් සැලසී රනිල්ට අපායේ ඉන්ටවල් එකක් වැනි නව ”දේශපාලන ඉඩක්”(Political-Space) විවර විය. ජවිපෙ කැසකවන්නට හැදූ 69ලක්ෂවාදී චන්ද දේශපාලන ජය කොන්තය හදිසියේ ඇලඩින්ගේ පුදුම පහනටත් වඩා කුඩා වී අධිකරණ ව්‍යූහය තුළට රිංගාගෙන යුක්තිය ඉල්ලා කෑ ගසන ඇබිත්තන් බවට පත් වූයේ ය.

මෙම තීන්දුව එක අතකින් ඇමෙරි-යුරෝ තීන්දුවක් වන අතර, අනික් අතින් ගෝලීය ආයතන වල අනුග‍්‍රාහකත්වය ලංකාවට දිනාගැනීමෙහිලා රනිල් මේ දක්වා අත්කරගෙන ඇති ගෝලීය පිළිගැනීමට ලැබූන හිතවාදී ප‍්‍රතිචාරයකි. ඉදින් අයිඑම්එෆ් ණය ටක්කෙට ම ලැබෙන්නේ නැතැයි වේදිකා ගණනාවක සපථ කර කියූ අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙට දැන් තමන් කියූ දෙය ආපසු හරවා ගැනීමට හෝ වෙනත් ආකාරයකින් මොඩිෆයි කර කියන්නට තැටමීමෙන් වැඩක් නැතිය. ඒ නිසා ජාතික දේශපාලනය ඇතුළේ රනිල්ගේ නොහැකියා හා හිතුවක්කාරකම් ජාලය එළිදරව් කරන අතරේ, ගෝලීය ආයතන තමන් කරා දිනාගැනීමෙහිලා විෂයානබද්ධ සහ ප‍්‍රායෝගික නිපුනතාවෙන් යුතු රනිල් නැමති පුරවැසියාව පිළිබඳ තවදුරටත් හැදෑරීමට ඇති බව ජවිපෙ විසින් නිහතමානීව පිළිගන්නා තුරු, ඔවුන්ට ඉදිරිගාමී ගැඹුරු සහ ස්ථාවර දේශපාලන ජයග‍්‍රහණයක් අත්කරගැනීමට නොහැකි වනු ඇත.

 

WhatsApp Image 2023 04 24 at 01.27.52

 

ඉදින් ඇමෙරි-යුරෝ සිම්පති එක නිසා මේ ලැබුණ හදිසි තාවකාලික-දේශපාලන-ඉඩ (Temporary political Space) මත පිහිටා රනිල්-සාගල-වජිර-රුවන්-රංගෙ සහ පොහොට්ටු නැමති පූට්ටුව තාවකාලික ෆන් එකක් ගන්නා බව ඔවුන්ගේ දෛනික දේශපාලනික කල් ක‍්‍රියාවෙන් පෙනෙන්නට තිබුණ ද, එයින්, රටේ පවතින අනන්‍යතා-පදනම්-කරගත්-දේශපලානය ( හැකිලී ගොස් ඇති බව හෝ, රට තුළ ආර්-ථික-අසමානතාවය සමනය වී ඇති බව හෝ අදහස් වන්නේ නැත. ඒ නිසා, එජාපයට ලැබුණ මෙම  ”තාවකාලික දේශපාලන ඉඩ” හෙවත් අපායේ ඉන්ටවල් එක හින්දා රනිල්ට ඊළඟ චන්දයෙන් ජනාධිපති වන්නට පුළුවන් වන අකාරයේ දේශපාලන-ඉඩක් (Political Space) සැලසෙනවා යැයි සිතාගෙන යම් පිරිසකට ආතල් එකක් ගත හැකි ය. ඒත් එසේ සිතාගෙන ගෙඟ් යෑම යනු අදේශපාලනය යි.

මේ ලැබුණ හදිසි දේශපාලනික-ඉඩ ඉදිරි මොහොත ගොඩනගන්නට ලද නව-කාල-අවකාශයක් කොට සලකා ජන අනන්‍යතා සම්මුති කරන සහ මිශ‍්‍ර කරන ඊළඟ අනාගත ආර්-ථිකවාදී නව-දේශපාලන ව්‍යුහ-පද්ධතිය (Structural System) දිගහැර ඊට අදාළ සහ ගැලපෙන වරිගවාද විරෝධී දේශපාලනයක් තෝරනවා විනා, මේ ණය ලැබීම මාර එකක් යැයි තැන තැන කියමින් එය ම දේශපාලනය බවට පත්කර ගැනීමට යෑම අපරිණත දේශපාලනයකි. එයින් යම් තාවකාලික සුදියක් ලැබෙන නමුත්, ඊළඟ ජනාධිපතිවරණය දිනා ගැනීමට අවශ්‍ය වස්තුමූලික (Objective) ඉලක්ක සපුරා ගැනීමට එය කොහෙත් ම ප‍්‍රමාණවත් වන්නේ නැත.

 

WhatsApp Image 2023 04 24 at 01.26.17

 

ඒ නිසා රනිල් නියෝජනය කරන ගෝලීය-ආර්-ථිකවාදී-දකුණු-ආසියානු-මොඩලයේ-ධනේෂ්වර දේශපාලන භාවිතයට අදාළව දේශපාලන-ජයග‍්‍රහණයක්-අත්පත්කරගැනීමේ-කාල-අවකාශය (Time-Space of Political Victory) හෙවත් ඊළඟ ජනපතිවරයා වීමේ නව-දේශපාලනික ඉඩ (Neo-Political Space( දැනටමත් දිනාගෙන ඇති ඉඩක් නොව, දැන් මහන්සි වී ඉදිරි කාලයක දිනාගන්නට තිබෙන අසීරු ඉඩක් බව අවම තරමින් රනිල්වත් තේරුම්ගත යුතුය.

 

මගේ කල්පනාවේ හැටියට රනිල් හැරුණුකොට රනිල්-සාගල-වජිර-රුවන්-රංගෙ පූට්ටුවේ සිටින අනික් උදවියට මම මේ කියන කිසි ම දෙයක හාන්කවිසියක් වැටහෙන්නේ නැත. මන්ද ඔවුන් සියළු දෙනාම රනිල්ගේ කටින් දැනුම පිරි අලූත් දේශපාලන වචනයක් වැටෙන තුරු අහුලගන්නට මග බලන් සිටින වාමන රූප වාගේ ය.

 

WhatsApp Image 2023 04 24 at 01.26.53

 

ඒ නිසා කකුළුවා හොද්දෙ නටනවා සේ තාවකාලික ආතල් ගැනීම තවදුරටත් වර්-ධනය කරගතහොත් හෝ අවිඥානිකව ජන අනන්‍යතා-පදනම්-කරගත්-දේශපාලනයක් (Neo-Political Space) අධිනිෂ්චය කරගතහොත් හෝ ජනයාගේ හුදෙකලා සටන්වල ඇති ආර්-ථික අසමානතා (ෑNeo-Political Space සාධකය නොතකා ඒ අරගල මර්-ධනයෙන් විසඳන්නට ගියහොත් හෝ රනිල් ලංකාවේ ජනතාව අතර අජනප‍්‍රිය පුද්ගලයෙකු බවට පත්වී ජනාධිපතිවරණය පරදිනවා ම ය. මා පරදින පැත්ත ගැන කියන්නේ දිනන්නට පැත්තක් හොයා ගන්නා චින්තනමය සහ ප‍්‍රායෝගික අරගලයට රනිල් ප‍්‍රමුඛ එජාපය යොමු කරවීමේ සාධනීය අරමුණින් මිස පරදිනවාට ඇති කැමැත්ත නිසා නොවේ ය.

නමුත් ඉතිහාසය තුළ තමන් කළ යුතු දේ වෙනුවට වෙනත් දේ කරන අයව ඉතිහාසය විසින් ම ඒ වගකීමෙන් නිදහස් කර, එය අදාළ දේ කරන වෙනත් ආසන්නත ම චරිතයක් අතට හෝ පැවරීම ඉතිහාසය විසින් සිදුකරනවා ඇත. මේ වන විට එකී ආසන්නය ස්පර්ෂකර ඇති චරිත දෙකක් බිහිවී හමාර ය. ඒ පාඨලී චම්පික රණවක සහ අනුර කුමාර දිසානායක ය. තෝරගන්නේ රනිල් ද, පාඨලී ද අනුර ද කියන දේ තීරණය කරන ඉතිහාස විශ්ලේෂනික සන්තතිය යනු අකාබනික ඇල්ගෝ රිදමයන් ය. ඇල්ගෝ-රිදමයන් ගොඩනගන ඊට යටත්  ඉතිහාසයට අපගේ පුද්ගලික කැමැත්තවල් අදාළ වන්නේ නැත.

 

WhatsApp Image 2023 04 24 at 01.27.15

 

එසේනම්, ගෝලීය ආර්-ථික සහ බහුජන ආයතන තුළ රනිල්ට ඉඩක් දිනාගැනීමට හෙවත් පිළිගැනීමක් ලබා ගැනීමට පහසු වුවත්, ජාතික තලයේ ජන-අනන්‍යතා අතර පොළව මට්ටමින් රනිල් වෙත ඉඩක් දිනා ගැනීමේ ක‍්‍රියාවලිය තවමත් පවතින්නේ ”පැදුරෙනුත් බිමට වැටුන” තත්වයක හෙවත් Ground Zero තත්වයක ය. ඒ නිසා රනිල් විසින් ගෝලීය ආයතන මත යැපෙමින් ජාතික තලයේ දී පොළව මට්ටමේ දේශපාලනය නොසලකා හැරීම හෝ එහි වගකීම් සහ තීරණ ස්වභාවිකත්වයට හෝ පොහොට්ටුව වැනි වරිගවාදීන්ට පැවරීම හෝ වැනි අවභාවිතයන් කරා පසුබැස්සොත්, රනිල් අතින් ජනාධිපතිවරණ ජය ගිලිහෙනවා ඇත. අනෙක් පැත්තෙන් 69ලක්ෂයේ අඬහැරය නින්නාද කරවන ජවිපෙ ඇතුළු තම අනෙක් ප‍්‍රතිවාදීන්ගේ දේශපාලනය අනෙකා කරගෙන, ඊට ප‍්‍රතික‍්‍රියා දක්වමින් අනවශ්‍ය ජාතික දේශපාලනයක නියැලී ගෝලීය දේශපාලනාර්-ථික යථාවෙන් පිට පැන කටයුතු කිරීමෙන් ද රනිල් අතින් ජනාධිපතිවරණ ජය ගිලිහෙනවා ඇත.

 

WhatsApp Image 2023 04 24 at 01.27.24

 

රනිල් ජනාධිපතිවරණය ජයගන්නේ, ඔහු ප‍්‍රාග්ධනය-ගෝලීයකරණය (Globalization of Capital) වීමේ ක‍්‍රියාදාමයට අනුසාරිත ලෝක දේශපාලන දැක්මකින් යුතුව ජාතික තලයේ පොළව මට්ටම ස්පෂ කළ චින්තන සහ භාවිත දේශපාලනය වෙත යොමුවක් (Opening) ගොඩනගාගැනීමට හැකි වුවහොත් පමණි. ලක් දේශපාලනය තුළ ”රනිල්ට පවතින ඉඩ” සොයාගත හැක්කේ සහ වර්ධනය කළ හැක්කේ මෙකී ගෝලීය-ජාතික ද්විත්ව ප‍්‍රවේශය තුළින් කරන නව-ගොඩනැංවීම් හරහා පමණි.

මෙය ගෝලීය ආර්-ථිකය පිළිබඳ රනිල්ගේ මෙතෙක් හැදෑරීම් සහ මෙතෙක් ජාතික දේශපාලනය තුළ රනිල්ගේ දේශපාලනාර්-ථික උපායමාර්ගයන් අනුව නව-දේශපාලන-මතයක් සහ නව-උපායමාර්ගයක් ගොඩනගා එය පක්ෂ යාන්ත‍්‍රණය හරහා ජනතාව වෙත දියකර හැර නව-ජනමතයක් සහ චන්ද භාවිතයක් ගොඩනැගීම ඔස්සේ කළ හැක්කක් පමණි. මන්ද රනිල් මේ පසුකරමින් ඉන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලූ බහුජන නැගිටීමකින් පසු අවදියකි. එය 88-89යේ ජන නොසන්සුන්තාවටත් වඩා ඉහළ අංශකයක පවතින දේශපාලන උණුසුමකි. 

 

WhatsApp Image 2023 04 24 at 01.29.44

 

බොක්කේ පක්ෂයක් තියාගෙන යූඇන්පියට යාවී වගේ පෙන්වමින් සිටින දීප්ති කුමාර වැන්නෙකුට රනිල් වෙනුවෙන් මේ සා විශාල ව්‍යාපෘතියක් කර දෙන්නට කිසිදු දේශපාලනික කැසිල්ලක් ඇතැයි සිතිය නොහැකි ය. එලෙසම පූට්ටු කිරීම් සහ මීටිං නහුතයකින් දවස ගෙවීම පමණක් දේශපාලනය යැයි සිතමින් දේශපාලන හැදෑරීම් තබා දේශපාලන ලිපි කියවීමවත් නොකර මීටිංවලට ඉඳගන්නා මා සුහද මිත‍්‍ර රුවන් ෆර්ඩිනැන්ඩස්ට තේරෙන ගෝලීය-ජාතික දේශපාලන සංදර්භයක්  ද නැත. ඒ නිසා මේ දෙන්නාට කළ හැක්කේ සුළු සංදර්භයන්වල පවතින අවශේෂ උදව් කිරීමින් ඒවා ලොකු ඒවා ලෙස රනිල් ඉදිරියේ මවා පෑම හෝ ලොකු උදව්වක් කරමින් සිටින බව හඟවා රනිල්ව අනදාළ රැවටිලි ව්‍යාපෘතිවල යෙදවීම පමණි. රනිල් මන්ත‍්‍රී චන්ද 134කින් ජයග‍්‍රහණය කරවන ගේම් එක කර දීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට යම් නූල්සූත්තරවාදී උදව්වක් කළ හැකි වූ නමුදු, රටේ චන්දදායක 16,263,885 ක් ඡන්ද දායකයින් අතරින් චන්දෙ දාන උදවියගෙන් සියයට 50ට වැඩි ප‍්‍රමාණයක් රනිල් වෙත දිනවා දීමට යොදාගත හැකැයි සිතන ඒ, ෆර්ඩිනැන්ඩස්මය නූල්සූත්තරවාදය තවදුරටත් වලංගු භාවිතයක් වන්නේ නැත. එතරම් මහා චන්ද ප‍්‍රමාණයක් ඉදිරියෙ මේ දෙබෑයන්ට නොදැන හෝ රනිල්ව අතරමං කරවනවා හැර වෙන විකල්පයක් නැත.

 

WhatsApp Image 2023 04 24 at 01.49.12

 

ඒ නිසා පූට්ටු කිරීම, මීටිං නහුතයක් පැවැත්වීම හෝ රැවටීම හෝ කුමන්ත‍්‍රණ යනු ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන සංදර්භය තුළ කල් ඉකුත් වූ දේශපාලන භාවිතාවන් ය. ක්ෂුද්‍ර දේශපාලන චරිත හරහා බිහිවන්නේ ක්ෂුද්‍ර-දේශපාලනය(Micro-politics) වන අතර, ඔවුන් අත්පත් කර දෙන ජයග‍්‍රහණ ද ක්ෂුද්‍ර වන්නේ ය, ඇබිතිවන්නේ ය. ඒ අතින් බැසිල් රාජපක්ෂ ද දීප්ති සහ රුවන්ට වඩා මහේක්ෂ-දේශපාලන-ගාමකත්වය (Macro-Political-Drives) තුළ ප‍්‍රායෝගික චරිතයකි. ඒ නිසා කුහුඹින්ට ඇද වැටුන අලියෙක් නැගිටුවීමට හෝ නව-අලියෙක් කැන්දන් ඒමට බැරි බව සරල ආප්තෝපදේසයකි.

 

හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,

ලොව පුරා දේශපාලනය පවතින්නෙ වෙනත් වාද-විෂයක ය. එනම් විවිධ ජන අනන්‍යතා-පදනම්-කරගත්-දේශපානයක (Identity-based-politics) ය. ඊට එරෙහිව ගෝලීය ආර්-ථිකයට යාදෙන දේශපාලන ව්‍යූහයන් පවා තවම පවතින්නේ පළමුවන-වර්ධනීය-තලයක (First Developing Stage) ය. නමුත් දැවැන්ත ආර්-ථික අර්-බුද හෝ ව්‍යසනයන්ට ගොදුරු වූ ලංකාව වැනි රටවල් තුළට ගෝලීය ආර්-ථිකය හා යාදෙන නව-නූතන-දේශපාලනයක් (Neo-Modern Politic) හඳුන්වා දිය හැකි ඉඩක් පවතින බව ප‍්‍රායෝගික විශ්ලේෂන මතය යි.

 

WhatsApp Image 2023 04 24 at 01.28.32

 

මේ ගෙවෙන මොහොතේ ලෝකයා ඉතිහාසය ලෙස වරදවා වටහාගෙන ඇත්තේ මෙන්න මේ විවිධ ජන-අනන්‍යතා-පදනම්-කරගත්-දේශපලානයන් (Identity-based-politics) වල ඉතිහාසය යි.  එය උගුලකි (Trap). ඒ නිසා අපට ආර්-ථිකය සහ ඉතිහාස අතර නව-සන්ධානයක් ගොඩනගා ගැනීම ලෝක අවශ්‍යතාවක් වී පවතී. බොහෝ ඉතිහාසවේදීන් ආර්-ථික සහ සමාජීය වාද-විෂයන් හැදෑරීම අතහැරදමා ඇත. ඔවුන් බොහෝ සෙයින් අවධානගත වන්නේ, සංස්කෘතික සහ දේශපාලන ඉතිහාසය ගැන පමණි. නමුත් ආර්-ථිකයට අදාළ ජාතික-ගෝලීය නව-යොමුවකින් මුළු දේශපාලන ක‍්‍රියාකාරීත්වය යලි ගොඩනගාගන්නා තුරු, ලොවපුරා පවතින ආර්-ථික-අසමානතාවේ ආතතිය සහ හුදෙකලා සටන් ඇතිවීමේ අවදාන ම ඉවත්ව යන්නේ නැත. මෙය අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් තම සයිබර් දත්ත විශ්ලේෂනයන් තුළ සැලකිල්ලට ගන්නා කාරණාවකි.

 

ඒ නිසා අනන්‍යතා පදනමක දේශපාලනයේ සිට අනන්‍යතා අතර මිශ‍්‍රවීම සහ සම්මුති බිහිකරවන්නා වූ ද, ගෝලීය ආර්-ථිකයේ ප‍්‍රාග්ධන-සමුච්චකරණ-ඉලක්ක (Capital Accumulation Targets) තෘප්ත කිරීම වෙත ජනයා දේශපාලනිකව යොමුකරවන්නා වූ ද නව-නූතන දේශපාලන ආදේශකයන් සහිත පරිපාලනයන් සහ දේශපාලනයන් පවතින රටවල් ඉහළට එසවීම සඳහා අකාබනික ඇල්ගෝ-රිදමයන් දෙවරක් බලා ඉන්නේ නැත. 

 

WhatsApp Image 2023 04 24 at 01.27.32

 

අනික් අතින්, අඩු වැඩි වශයෙන් ලොව කොයි ඉමේත් ආර්-ථිකවේදීන් ඉතිහාසය සම්බන්ධයෙන් දක්වන්නේ අතිශයින් තාක්ෂණික සහ යාන්ත‍්‍රික ප‍්‍රවේශයකි.  ඒ මදිවට ලංකාවට වසර 67ක් පුරා ව්‍යවස්ථාපිත කොට පවතින ”සිංහල  ඔන්ලි” පනතකට යටත් වූ නිසා නව-සිංහල-වරිගවාදී දේශපාලනයක් සහ එය අනෙකා කරගත් ප‍්‍රතිපක්ෂ දෙමල-වරිගවාදී-දේශපාලනයක නිරත වන්නට රටට සිදුවීම හේතුවෙන් අප අන් ජාතීන්ටත් වඩා ආර්-ථිකයෙන් ඈත් ව ජාතිය හෝ වරිගය කරේ තියාගෙන යෑම දේශපාලනය කොට සැලකූ රටකි.

රට බංකොලොත් යැයි මෑත දිනක දී ප‍්‍රකාශයට පත්වනතුරු ම ඉහත ජාති සහ වරිග දේශපාලන දෙක සමරමින් සිටියා මිසක ආර්-ථිකයක් ගැන හිතන්නට මේ කොදෙව් වැසියෝ දැන සිටියේවත් නැත. මේ ආර්-ථික බංකොලොත්කම එනතුරුම, ජාතිය හෝ වරිගය යනේවා ගොඩනැගුවොතින් ආර්-ථිකය ගොඩනගාගත හැකි යැයි සිතා මිත්‍යාවේ ගැලී සිටියා මිසක, ආර්-ථිකය ගොඩනැගුවොතින් මිසක ජාතිය හෝ වරිගය ගොඩ නොනැගෙන බව දැනගෙන හිටියේ ම නැත.

ඒ නිසා මේ රට, ලෝකයේ අන්රටවලටත් වඩා ආර්-ථිකය ඉතිහාසයක් ලෙස සැලකීම අතපසු කළ රටක් බව කිව යුතු ම ය.

 

WhatsApp Image 2023 04 24 at 01.29.28

 

ඉතිං ලෝක ආර්-ථිකවේදීන් නිතර ම හිතුවේ තාක්ෂණිකව සහ යාන්ත‍්‍රිකව ඉතිහාසය දෙස බැලීමෙන් තමන්ගේ ආර්-ථිකවේදී ශිල්ප පෙන්වන්නට හොඳ ක‍්‍රීඩාංගනයක සැපයෙනු ඇතැයි කියා ය. එයින් දේශපාලනය තුළ ආර්-ථිකය අවශේෂ වී ගියේ ය. ලංකාවට ආර්-ථික බංකොලොත් අර්බුදය එනතුරු ම ආර්-ථිකවේදීන් ප‍්‍රසිද්ධියේ ජනතාව අමතා කතා බහ කිරීම රට තුළ බහුලව සිදු වූ කටයුත්තක් නොවූ අතර, පසුගිය වසර 70ට ම රටේ බහුතර ජනයා අතර කෙසේ වෙතත් බද්ධිමය කවයන් අතරවත් ජනප‍්‍රිය වූ ආර්-ථිකවේදියෙක් සොයා ගන්නට නැති තරම් ය. The Political Economy of Underdevelopment පොත ලියූ එස්. බී. ද සිල්වා නැමති ශ්‍රේෂ්ඨ ආර්-ථිකවේදියා තවමත් ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ ආර්-ථිකවේදීන්ගේ ලිස්ට් එකට නොවැටෙන අතර, මහේක්ෂ තලයේ දේශපාලනඥ්ඥයින් අතරින් ඔහුගේ මේ පොත කියවූ අයෙකුට සිටි එක ම දේශපාලනඥ්ඥයා වූයේ අනුර බණ්ඩාරනායක පමණි. මා දන්නා තරමින් ජවිපෙවත් මෙහෙම මිනිහෙක් රටේ හිටියා ද කියා තවම දන්නේ නැත. ඒ ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ද නැත.

 

WhatsApp Image 2023 04 24 at 00.53.35

ධනේෂ්වර ආර්-ථිකවාදී ප‍්‍රවේශයක සිටි රනිල්ට රටේ දේශපාලන නායකත්වයට පත් නොවී දශක ගණන් විපක්ෂිකයෙක් ලෙස පාර්-ලිමේන්තුවේ ඉන්නට වුණේත්, ආර්-ථිකව බංකොලොත් වූ සැනින් මන්ත‍්‍රී චන්දයෙන් හෝ ජනපති වෙන්නට පුළුවන් වුණේත් මේ  යථාව නිසා ය. නමුත් එයින් රට තුළ අනන්‍යතා-පදනම්-කරගත්-දේශපලානය (Identity-based-politics) අහෝසි වී ගොස් ඇතැයි කියා හෝ, ආර්-ථික අසමානතාවය පිළිබඳ ගෝලීය අර්බුදය රනිල් ජාතික මට්ටමින් යම් තරමකට හෝ සමනය කරගෙන ඇතැයි කියා හෝ අදහස් වන්නේ නැත. ඒ නිසා රනිල් ඊළඟ වරටත් ජනාධිපතිවීම යනු දිනා ගන්නට ඇති ජයක් මිසක මේ වන විටත් දිනාගෙන ඇති ජයක් නොවේ. එනිසා මේ කේන්ද්‍රීය ලෝක අර්-බුදයත් ඒ හා යාවුණු ජාතික ව්‍යසනයත් තමන්ට වාසිදායක සංදර්-භයක් තුළ සමනයට පත් කරගන්නේ කෙසේ ද යන්න මත රනිල්ට නව-දේශපාලන-ඉඩක් (New-Political-Space) දිනාගැනීම අදාළ වාසිසහගත තත්වයක් තවමත් පවතී. ඒත් රනිල් ඒ ගැන තේරුම්ගෙන ඇති බවක් නම් තවම පෙනනේනට නැත.

 

WhatsApp Image 2023 04 24 at 01.27.03

 

මන්ද ජනාධිපතිවීම තහවුරු කළ හැකි ඒ කෙන්ද්‍රීය මහේක්ෂ-දේශපාලන-යොමුව (Macro-Political focus) අතහැර, තැන් තැන්වල ඉන්න අවශේෂ කබ්බො ෆෝම් කිරීමෙන් රනිල්ට අත්වන ජයක් නැත. එය නිස්කාරණේ කාලය කා දැමීමක් පමණි. ලෝකයේ ආර්-ථිකය හා සම්බන්ධ එකිනෙකට වෙනස් ප‍්‍රවේශ හැදෑරීම සහ ඒවා සහසම්බන්ධ කොට නව-ප‍්‍රායෝගික-ප‍්‍රවේශ තනාගැනීම අද දවසේ හැම සබුද්ධික-රටක් (Rational Nations) විසින් ම තම ජාතික-ගෝලීය දේශපාලන අවශ්‍යතාව ලෙස සලකන වාතාවරණයක් තුළ, නුගතුන්, රැවටිලිකරුවන් සහ එහෙයියන් ලං කරගැනීමෙන් සහ ඔවුන්ගෙන් උපදෙස් ගැනීමෙන් වන්නේ සංකීර්ණ ජන මතයක් ඇති බිමක මැතිවරණයකින් ජනපති පුටුව හිමිකරගැනීමට ඇති ඉඩ බාධාවට ලක්කර ගැනීම යි. 

ඉතිං කළ යුත්තේ කුමක්ද?

ගෝලීය ආර්-ථිකය පිළිබඳ රනිල්ගේ හැදෑරීම් සහ ජාතික දේශපාලනය තුළ රනිල්ගේ දේශපාලනාර්-ථික උපායමාර්-ගයන් අනුව නව-දේශපාලන-මතයක් ගොඩනගාගත යුතුය. එය ජන-අනන්‍යතා පදනම් කරගත්තකට එහා ගිය ජන අනන්‍යතා මිශ‍්‍ර-කරන සහ සම්මුති කරවන ප‍්‍රායේගිකත්වය නිරූපනය කරවන මතයක් විය යුතුයි. ගෝලීය ආර්-ථිකයේ නිෂ්පාන-උපකරණ (Means of Production) වලින් ජනයාට වන සිදුවන පහසුකම් සැලසීම ප‍්‍රචලිත කර ගොඩනගන ජන-මතයක් විය යුතුයි.  මේ ගොඩනගන මතය, එය ජනතාව වෙත කාන්දුකර යවන ලක් දිවයිනත් සහ දකුණු ආසියානු කලාපයත් තුළ පැතිරුණු නව-එක්සත්-ජාතික-පක්ෂයක් ගොඩනැගිය යුතු ය. මගේ කල්පනාවේ හැටියට මේ දේ සිදුවෙනවාට යටිහිතින් විරුද්ධ චරිත 02ක් සිටිති. එක්කෙනෙක් එජාපයට පරිභාහිරව සිටින අනුර කුමාර දිසානායක ය. අනික් කෙනාගේ නම  උපායිකව ඊළඟ ලිපියකින් හෙළිකිරීමට කල් ගනිමි.

 

WhatsApp Image 2023 04 24 at 01.28.07 1                

කෙසේ වෙතත් මේ නිෂ්චිත කටයුත්ත සිද්ධ කරන තෙක් ම පරාජයේ හොල්මන් රනිල් වටා කරකැවෙනවා ඇත.

මේ කටයුත්ත නිවැරදි ලෙස ක‍්‍රියාත්මක කරන්නට පටන් ගන්නා මොහොතේ පටන් ජයග‍්‍රහණයක් අත්වෙන්නට ආසන්නව ඇතිවෙන නිදහස් හැඟීම රනිල් වටා හොල්මන් කරන්නට පටන් ගන්නවා ඇත.

තිරසාර ජයග‍්‍රහණය අවංක භෞතික ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් මිස, කවුරුන් හෝ හිතේ පැල කරන අදහසක් හෝ සිහිනයක් නුල් සූත්තරයක හෝ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් නොවේ.

 

හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,

 

වර්-තමානයේ ලෝකයේ පවතින ජාතික-රාජ්‍යයන් (Nation States) මුහුණ දෙමින් පවතින්නේ නව පන්නයේ සමාජීය සහ ආර්-ථික අභියෝග මාලාවකට ය. ප‍්‍රාග්ධනය ගෝලීයකරණය කරවන නව-නූතන-ලෝක-ආර්-ථික පද්ධතියේ තීව්ර ක‍්‍රියාකාරී අංශයන් මගින් ලෝක ජනයා අතර සංස්කෘතික-අන්තර්-බන්ධනීයතාව (Cultural Inter-connectedness) සහ දේශපාලනික-අන්තර්-රැඳියාවන් (Political inter-dependence) තීව්ර කරවන නව-අවධියකට අවතීර්ණ වීමට නියමිතව පවතී. මෙහිදී ජාතික-රාජ්‍යයන්වල(Nation States) ස්වෛරී බලතල දියවී ගොස්, එම ජාතික-රාජ්‍යයන් ජාතිය-පසුකර-ගිය-රාජයයන් හෙවත් පසු-ජාතික-රාජ්‍යයන් (Post-Nation States) බවට මුළුමනින් පරිවර්තනය වීමට නියමිත ය. නමුත් අප එකක් මතක තබාගත යුතුයි. එයින් ජාතික-රාජ්‍ය අවසන්වී හෝ සුන්නධූලි වී හෝ යන්නේ නැත. ගෝලීය ප‍්‍රාග්ධන ක‍්‍රියාකාරීත්වයට අනුරූපීව ජතික-රාජ්‍යයන් පෙර පැවති තම නූතන ස්වභාවය හෝ පෙර-නූතන ස්වභාවන් වෙනස් කරගන්නවා පමණි. 

 

WhatsApp Image 2023 04 24 at 01.29.44 1

 

එය සිදුවන්නේ, ගෝලීයකරණය හරහා ගෙනෙන ජාතික දේශ සීමා ඉක්මවා යන සමාජ-ආර්-ථික-අවකාශය ජාතික රාජ්‍යයන් පාලනය කරනු ලබන දේශපාලන අවකාශය හා සමපාත නොවන බැවිනි. එසේ වුවද ජාතිය යන්න තවදුරටත් මිනිස් අනන්‍යතාවයේ සහ නීත්‍යානුකූලභාවයේ මූලාශ‍්‍රයක් ලෙස දිගට ම පවතිනු ඇත. මෙය ලෝක දේශපාලනය පළිබඳ ජවිපෙ විසින් කතා නොකරනු ලබන සාධකයකි. නමුත් ජවිපෙට දේශපාලන ජයක් සිද්ධ නොවීමට ගැඹුරින් බලපාන බලපාන සාධකයකි.

ගෝලීය ප‍්‍රාග්ධනයෙන් අයිඑම්එෆ් ණය ටිකක් රනිල්ගේ ආණ්ඩුව වෙත පොම්ප කරපු ගමන්, ජවිපෙ පසුගිය මාසේ චන්දය ඉල්ලා කරනු ලැබූ ජාතික කතිකාව සහ නීතිමය ක‍්‍රියාදාම සියල්ල වැඩකට නැති හිතළු බවට පත්ව ඇත්තේ, තමන්ගේ දේශපාලානයට ගෝලීය ප‍්‍රාග්ධන තර්-කය බලපාන ආකාරය පිළිබඳ දැනුමින් තවමත් ජවිපෙය හීනව සිටින නිසාවෙනි.

 

ඇත්ත වශයෙන් ම මේ වන විටත් යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ ඉම් පෙදෙස් පුරා පාලනාධිකාරයන් ජාතිකවාදය (Nationalism) වෙත නැවත දේශපාලනිකව හැරෙන ප‍්‍රවනතාවයක් ද පවතී. බොහෝ විට එය පෙරටත් වඩා ආක‍්‍රමණශීලී, ස්වදේශිකවාදී සහ ජනතාවාදී වේශයකින් තහවුරු වන බව ද පෙනේ. එය ජවිපෙට වාසිදායක ලෝක දේශපාලන තත්වයකි. නමුත් එය දේශපාලනයක් බවට පත් කරගෙන රටක් තුළ නව-නූතන-ජාතික-දේශපාලනයක් විදිහට තහවුරු වන්නට නම්, ජවිපෙට ගෝලීයකරණයහි ඇති දේශපාලනාර්-ථික යථාර්-තය ධනේෂ්වර අරුතින් හදාරා සිටිය යුතු ය. නමුත් ජවිපෙ කියන කරන දේවල් වලින් හැඟවුම් වෙන්නේ ප‍්‍රාග්ධනය ගෝලීයකරණය වීමේ තර්-කනයට අදාළ නව-නූතන දේශපාලනයක් (Neo-Modern Politics) නොවේ. ජවිපෙ තවමත් හැඟවුම් කරමින් ඉන්නේ දේශපාලනය පිළිබඳ කල් ඉකුත් වූ නූතනවාදී (Modern) මොඩලය යි.

 

ජවිපෙ ගමට ගිහින් කියන කරන දේවල් සලකා බැලූ විට ඒවා නූතනත්වයෙනුත් පසුසට ගිය පෙර-නූතන(Pre-Modern) ගැමි පන්නයේ ස්වභාවයක් ද දරයි.

මෙය රනිල්ට වාසිදායක තත්වයකි.

එහෙත් රනිල් එජාපය නව-නූතන දේශපාලනයක් තුළ සංවිධානය කරන තුරු සහ පොහොට්ටුව නැමැති පෙර-නූතනයින් (Pre-Modernists) මත යැපෙන තුරු, ජවිපෙට එරෙහිව අත්කරගත හැකි මේ වාසිය අතකරගන්නට රනිල්ට ලැබෙන්නේ ම නැත. මේ ගෙවෙන මොහොතේ රනිල්ට මගහැරී ඇති ප‍්‍රධාන දේශපාලනික සාධකය නම්, ලෝකය නව-ජාතිකවාදී හැරීම සහ ඒ හැරීමේ තැනට යම් සීයට ප‍්‍රමාණයකින් ජවිපෙ රිප්ලේස් වීමට යාමේ ප‍්‍රවනතාව යි.

 

Ranil 800x445 

 

ඒ නිසා රනිල් හැමවිට ම ජවිපෙ සුළුකොට තකන බව පැවසිය යුතු ය. රනිල් ගෝලීය ජාතිකවාදී ප‍්‍රවනතාව තුළ නව-නූතන දේශපාලනයක නියැලෙන උපාය-මාර්ගයක පිහිටන්නේ නම්, එම ගෝලීය ප‍්‍රවනතාව තුළ නූතන සහ පෙර-නූතන දේශපාලනය රඟදක්වන්නන් වන ජවිපෙට ඉඩක් ලැබෙන්නේ නැත. ඒ නිසා රනිල් නව-නූතන දේශපාලනයක නියැලෙන උපාය-මාර්-ගයක නියැලීම මගහරින හැම මොහොතක ම අවිඥානිකව ජවිපෙට වාසිදායක දේශපාලනයක යෙදෙයි. එනම් අවිඥානිකව(නොදැන) ජවිපෙවාදී දේශපාලනයක යෙදෙයි.  

අනෙක් පැත්තෙන් කුඩා සහ අතලඟ තර්-ක ඉදිරිපත් කරමින්, ගෝලීයකරණය නැමති ආර්-ථික යථාර්තය ධනේෂ්වර අරුතින් හැදෑරීම පමා කරමින් සහ නොසලකා හරිමින් ලෝකය ජාතිකවාදය (Nationalism) වෙත නැවත දේශපාලනිකව හැරෙන ප‍්‍රවනතාවයෙන් වැඩි සීයට ප‍්‍රමාණයක වාසි අත්පත්කර නොගන්නා තෙක් ජවිපෙය ද අවිඥානිකව රනිල්ට වාසිදායක දේශපාලනයක යෙදෙයි. එනම් අවිඥානිකව (නොදැන) රනිල්වාදී දේශපාලනයක යෙදෙයි.

එනයින් එක්සත් ජාතික පක්ෂය නව-නූතන-පක්ෂ-යන්ත‍්‍රයක් බවට පත්වී, එය උපායික යන්ත‍්‍රණයක් ලෙස සංවිධානගත වී, එහි පක්ෂ නාමයෙහි අරුත ද ප‍්‍රයෝජනයට ගනිමින් මේ කොදෙව්වේ සහ දකුණු ආසියානු කලාපයේ විවිධ ජන අනන්‍යතා සහිත කණ්ඩායම් වේගයෙන් එකිනෙක මිශ‍්‍ර කිරීමේ සහ සම්මුතිගත කිරීමේ විශාල ව්‍යාපෘති ඇතිකිරීම ද, ඒත් සමඟ ම එජාපය ද පක්ෂයක් ලෙස එකී ජන-අනන්‍යතා අතර මිශ‍්‍ර වීම සහ සම්මුති වීම ද, එකී මිශ‍්‍රවීම් සහ සම්මුතීන් ආර්-ථික-සමානාතා හවුරු කිරීමට යොදා ගැනීම ද යනාදිය සිදු කරන තුරු ම රනිල්ට ද වත්මන් නව-ජාතිකවාදී දේශපාලනය තුළ හිමිවන්නේ ඉතා සීමිත-දේශපාලන-ඉඩක් (නැරෝ පොලිටිකල් ස්පේස්) බව කනගාටුවෙන් වුවත් කිව යුතුව ඇත. ඒනිසා මෙසේ කළයුතු දේවල් බොහෝ තිබිය දී, ලැබුණ අයිඑම්එෆ් ණය නිසා ෆන් ගැනීම නොකළ යුත්තකි.

 

WhatsApp Image 2023 04 24 at 02.49.30

 

හිතවත් රනිල්,

අතීතයේ ඔයාට නිරායාසීව ජනාධිපතිවරයා බවට පත්වීමට තිබූ ලෙහෙසි අවස්ථාවන් කිහිපයක් ම ලක් වරිගවාදයේ ගිජුලිහිණියන් විසින් ඩැහැගත් බව සැබෑවක් තමයි රනිල්. දැන් ඔයා මනුස්සයෙක් විදිහට ගතකරමින් සිටින්නේ ජීවියේ ”මෙතෙක් ආවාට වඩා යන්නට තියෙන දුර අඩු” කාලපරිච්චේදයක් බවද සැබෑවක් තමයි රනිල්. එහෙත් ඔයාගේ පුද්ගලික වෘත්තීය ජීවිත කතාව එසේ වූ පලියට, මේ පවතින ජාතික-ගෝලීය දේශපාලනාර්ථික තත්වයට එය අදාළ වන්නේ ම වන්නේ නැත.

රනිල්ගේ පුද්ගලික වෘත්තීකත්වයේ කෝණයෙන් සලකා බැලූ කල, රනිල් වික‍්‍රමසිංහ නැමති ව්‍යූහාත්මක පුද්ගල භවය තමන් අපෙක්ෂා කළ දේශපාලනාර්-ථික සංවර්ධනයන් රටට හඳුන්වා දීමට සහ ස්ථාපිත කිරීමට තව වරක් ජනපති විය යුතු ම ය. මේ ගෙවෙන අවුරුදු 2ක දූර කාලයෙන් එය සම්පූර්ණ කළ නොහැකි බැවිනි.

නමුත් පවතින ජාතික-ගෝලීය දේශපාලනාර්-ථික තත්වය හමුවේ, ජන-අනන්‍යතා මත රඳා පවතින අනාර්-ථික දේශපාලනයක් තෝරාගැනීම හෝ, වරිගවාදීන් සමඟ පූට්ටු වීම හෝ දේශපාලනයේ-අයාලකාමීන් (Political Vandalists) ගේ උපදෙස් ගැනීම හෝ, තමන්ගේ අන්තර්ජාතික සබඳතා මත පමණක් රඳා පැවතීම වැනි දේ මගින් ඊළඟ වරටත් ජනාධිපති වෙන්නට රනිල්ට බැරි ය.

ඒ සඳහා පෙර-දැක්මක් සහිතව සංවිධානගත වීමට මහන්සි වී වැඩ කළ යුතු ම ය. රනිල් ඔයාගේ දේශපාලනික වෘත්තීය ජීවිතය තුළ ජනපතිකම ලැබෙන්නට වූ මේ පමාව සහ එහි ඇති ජීවන අභග්ගයෙන් ජනතාවට ඇති වැඩක් නැත. බණ්ඩාරනායක මිය ගිය නිසා සිරිමාවෝට ලැබුණ සිම්පති චන්ද වැනි දෙයක්වත් ඔයාට සිද්ධ වෙන්නේ නැත. මන්ද ඔයාගේ වෘත්තීය ජීවිතයේ පමාව ජනතාව භාරගන්නේ, තවත් එක මිනිසෙකුගේ පුද්ගලික කාරණාවක් ලෙස පමණ ය.

ඒ නිසා එජාපය සංවිධානය කළ යුතු ම ය. 

ඊට පළමුව එල්ලගෙන ඉන්නා කබ්බො ටික විසිකර දැමිය යුතු ය.      

මේ මොහොතේ, එජාපයට ජන අනන්‍යතා මිශ‍්‍රවීම හෝ සම්මුති වීම සිදු කළ නොහැක්කේ ඔවුන් පොළව මට්ටමේ පක්ෂ දේශපාලනය අතහැර බොහෝ කල්ගොස් නිසා බව ජවිපෙ හොඳින් දනී. ඒ නිසා ජවිපෙ විසින් එජාපයට ඔය ඉන්න විදිහෙන් ම වැලලෙන්නට ඉඩ දී කරබාගෙන සිටී.

විධායක බලතල අතේ පවතින මොහොතේ එයින් වැඩි ප‍්‍රසාණයක් වැය කළ යුත්තේ පක්ෂය දිවයින පුරා සංවිධානය කරන්නට ය. 

ඒ නිසා රනිල් පැහැදිලි විවේචනාත්මක බවකින් යුතුව විශ්ලේෂණය කරගත යුත්තේ සහ අවබෝධ කරගත යුත්තේ, වරිගවාදයට එරෙහිව සිවිල් බවේ ද, වරිගවාදයට එරෙහිව ශතවර්-ෂවාදීන්ගේ ද, වරිගවාදයට එරෙහිව එරෙහිව ප‍්‍රාථමිකවාදීන්ගේ ද (Premordialist) , වරිගවාදයට එරෙහිව නුතනවාදීන්ගේ ද, වරිගවාදීන්ට එරෙහිව වරිග-සංකේතවාදීන්ගේ (ethno-symbolist's) ද ප‍්‍රවේශයන් ය.

එලෙස ම ජාතිකත්වය හෝ ජාතික රාජ්‍යයන් පැමිණියේ කොහෙන්දැයි සහ සිටින්නේ කොහාටදැයි කියා පැහැදිලි කර දෙන්නට මේ කිසිදු වාදියෙකුට කළ නොහැකිි බව ජනයාට ඒත්තු ගැන්වීමේ ව්‍යාපෘති ආරම්භ කළ යුතුව පවතින්නේ එජාපය යි. ජාතික-රාජ්‍යය යන්න 21 වන ශතවර්-ෂයේ සංදර්-භයට අනුව යලි ඉදිරිපත් කිරීමට සහ සරල බසින් ජනතාව පුරා පැතිරවීමට රනිල් සමත් විය යුතුය.

ඔබ හාත්පස සිදුවන දේවල් දෙස සිහියෙන් යුතුව බලන්න රනිල්!!! 

ප‍්‍රජාතන්ත‍්‍රවාද හරහා අසමානතාව අවම වී යන්නේ ඇයි රනිල්?

බලන්න!

ඔබ හාත්පස මාන-බහුත්වයකට (Multi-dimension)  අනුව ගොඩනැගුණ අසමානතා මිනිස්-ව්‍යුහ පවතිනවා නේද?

බලන්න, එක අතකින් ඔයාට ගෝලීයකරණය හා සමාන්තරව ජන සංක‍්‍රමණය වීම් විශාල ප‍්‍රමාණයක් පෙන්නට තියෙනවා නේද?

අනික් අතින්, අධ්‍යාපනය පුළුල් වීම මොන වගේ ද කියා පෙනෙවා නේද?

දේශපාලකයින් අසමානතාව පිළිබඳ බහුමානිකවූ අර්බුද නිර්මාණය කර තිබෙන බවක් නේද?

බලන්න රනිල් ....

ජාතිවාදය, ජන්මවාදය දුප්පත් චන්දදායකින්ව බෙදා පවතිනවා නේද?

අධ්‍ය්‍යාපනය ලැබිය හැකි ප‍්‍රමාණය අනුවත් දුප්පත් චන්දදායකින්ව බෙදා පවතිනව නේද?

කළයුතු දේ අන් තැනක නේද රනිල්?

ඔයා මේ මොනවද කරන්නේ රනිල්? 

සැබෑ වාමාංශික පක්ෂවලට අඩු අදායම් ලාභී චන්ද-දායක්යින් එක්සත් කරන්නට අවශ්‍ය වුණා. ඒත් ඒ විවිධ අධ්‍යාපනික පසුබිම් අනුව හෝ  වාර්-ගික අනන්‍යතා අනුව දුප්පත් චන්දදායකින්ව බෙදලා නෙවෙයි. ඔවුන්ට ඒ වෙනුවට සමානාත්මතා යෝජනාවක් ඉදිරිපත් කරන්න උවමනා වුණා. ඒත් වාමාංශිකයෝ නොදත් දෙයක් තිබුණා. ඒ තමයි ලෝක දේශපාලනය කවදාවත් දුප්පත්-පොහොසත් ගැටුමක්ව පැවතුනේ නැති බව.

චන්ද දේශපාලනය හැමවිටම බහුමානික වුණා. ජවිපෙට නොතේරෙන්නේ අන්න ඒකයි. ජවිපෙ මේ බහුමානිකත්වය අතහැර දුප්පත්-පොහොසත් ගැටුමට ප‍්‍රධාන තැනක් දී චන්ද ව්‍යාපාරය කරනවා. ඉතින් චන්ද අඩු වෙනවා. නමුත් ජනයාගේ චන්දය භාවිතා කිරීමේ ආකල්පය ඉතා විශේෂ තත්වයන් බහුත්වයකට අදාළ වන බව තේරුම් ගන්නා තෙක් ජවිපෙට චන්ද දිනන්න බැහැ.

රනිල් ඔයා අඩුම තරමින් එක්සත් ජාතික පක්ෂය කියන නාමය ගෝලීය ආර්-ථිකය හා සම්බන්ධ අභියෝග ජන ගැනීමේදී අනන්‍යතා-පදනම්-කරගත්-දේශපලානය තේරුම් කරදී  එය වෙනස් කිරීමට යොදාගත යුතුයි! ඒ කියන්නේ එජාපය ඇරඹි නූතන යුගයේ දී පවා ජාතික අනන්‍යතා සියල්ල රඳන නමක් යටතේ දේශපාලනය කරන්නට පක්ෂය තීීරණය කරලා තියෙනවා. ඉතින් ඒක ම එජාපයේ නව-ජාතික-ගෝලීය-දේශපාලනය ඇරඹෙන නිමේෂය උදෙසා යොදාගන්න!  

 

FYKfku5VQAEcvFX

 

හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,

 

වසර 500ක යටත් විජිත යුගයකින් පසුවත් එජාපයට හෝ රනිල්ට වරදින තැනක් ඔබට ද වරදින තැනක් විය හැකි බව නිකමටවත් හිතුවාද?

රනිල්ට ජනපති වන්නට හේතු වූ 2022 වසරේ අරගලයට පාදක වූ ගෑස්, විදුලිය, ආහාර සහ බෙහෙත් යනාදිය ගෝඨාට සැපයීමට නොහැකිවීම සහ රනිල්ට ඉතා කෙටි කලකින් යම් දුරකට හෝ ඒවා සැපයීමට හැකිවීම අතර වෙනස කියවන්න. එනම් දැනට වසර 20කට පෙර හෝ රනිල්ට රටේ විධායක ජනාධිපති පදවිය ලැබුණා නම් ඇතිවන ප‍්‍රගතියේ වෙනස කියවන්න!

මේ රටේ ඌන-නංවර්ධනය විසින් අවශ්‍ය දේවල් සිදු කරවන්නේ ලොකු කාලයන් පහුවෙලා. එතකොට වෙන්න තියෙන ගොඩක් දේවල් සිදුවී හමාරයි.

තවමත් ගෝලීයකරණයට මුහුණ දෙමින් ජීවිතය ගොඩනගා ගන්න නම්, රනිල්ගේ දුර්වලතාවලට එරෙහිව වරිගවාදීන්ට චන්දය දෙනවාට වඩා රනිල්ව නිවැරදි කරගෙන පක්ෂය ගොඩනැගීම වෙත හැරෙන්න!

නැත්තං අලූත් එජාප නායකත්වයක් බිහිකර ගන්න!

 

මීට

රටට හිතැති

විසංකාරයා

marrikkar

නවතම ලිපි