2024 වසර ගැන (ස්පාර්ටකස් සාමූහිකය)
"ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (තමළු මලිත්ත පියදිගම එසේ පවසා ඇත).
"ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (තමළු මලිත්ත පියදිගම එසේ පවසා ඇත).
මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු පෙරදිග හා අපරදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.
මිනිසාගේ පරම ආයුෂ නිර්ණය කිරීමට හැකි යම් ගණිත ක්‍රමවේදයක් තිබුණේද එය ජ්‍යොතිෂ ශාස්ත්‍රයයි.
මෙතෙක් ලියු මා දකින මව්බිම කොටස් හතරක ආ ගමන් මග මදකට කොටස 05 න් වෙනස් කිරීමට සිතුවෙමි.
ඉතාලි ජාතිකයෝ තවමත් එම චිත්‍රය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන්දා නමින්ය.
ප්‍රවීණ මාධ්‍යවේදී හරිත් ගුණවර්ධන දැන් අප අතරින් සමුගෙන බොහෝ දුර බැහැර ගමනක් ගොස් හමාරය. ගමන යළි එන්නට නොව, නොඑන්නම සමුගෙන ගොස් අවසන්ය...
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සුසංයෝගයෙන් ‘යුක්තිය’ නමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක මොහොතකි මේ.
වර්තමානයේ ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බූධය හමුවේ රටේ ආර්ථිකය පිළිබඳ වගකිවයුතු ආයතනය වශයෙන් මහ බැංකුව තම වගකීම ඉටුකර තිබේද? නැද්ද ?යන්න සම්බන්ධව
රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ විසින් ඔහු
සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද?
ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ මියගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 20,000 පසු කරද්දී මනුෂ්‍ය ඝාතන සඳහා උපන් හපනෙකු වූ කෘත්‍රිම බුද්ධියක් පිළිබඳ තොරතුරු පසුගියදා අනාවරණය විය.
කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව;
ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයන් සිටියත් ඡන්ද දායකයන් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
‘හිත්මංකඩ' ; පශ්චාත්-රාජපක්ෂවාදී දේශපාලන-සංස්කෘතික නිමේෂයක්!!!
පසුගිය දෙසැම්බර් 20 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඉතා වැදගත් මහජන සංදර්ශනයක් පැවැත්විණි. ඒ ධම්ම දිසානායකගේ හිත්මංකඩ නමැති කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවයි.
මේ අවස්ථාවට සහභාගී වූ පිරිස ලංකාවේ දේශපාලන-සංස්කෘතික භූමිදර්ශනයේ පූර්ණ හරස්කඩක් නිරූපනය කළ බව කිව හැක. පෙනෙන්නට තිබුණේ දැනට ලංකාවේ දකුණු කලාපය (උතුරු කලාපයට සාපේක්ෂව) තුළ සිදු වෙමින් පවතින් දේශපාලන පරිවර්තනයේ දිශානතිය පෙන්නුම් කරන්නක් ලෙසිනි.
ධම්ම දිසානායක ලංකාවේ දකුණේ පසුගිය දශක දෙක තුළ ආධිපත්‍යය දැරූ රාජපක්ෂ ව්‍යාපෘතියේ ස්වර්ණමය අවධියේ දී එහි බුද්ධිමය නිර්මිතයේ ඉහළින්ම සිටි මහජන බුද්ධිමතෙකි. 2005 සිට 2015 දක්වා රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ එන්ජිම වූ බැසිල් රාපපක්ෂයේ අභ්‍යන්තර කවයේ සාමාජිකයෙක් ලෙස ඔහු වැදගත් භූමිකාවක් ඉෂ්ට කළේය. එසේම ඔහු රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ මහිමය සිංහල-බෞද්ධ සමාජය වෙත ප්‍රක්ෂේපණය කළ ප්‍රමුඛ පෙළේ ප්‍රකාශකයෙක් ද විය.
මීට කලකට පෙර, මට මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරි, ලංකාවේ තමා කැමති බුද්ධිමය කවයක සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කළේය. ඒ ලැයිස්තුවට ඇතුළු වූ නම් අතරින් දැන් මට මතක් කළ හැක්කේ ජැක්සන් ඇන්තනි, මොහාන් සමරනායක හා ධම්ම දිසානායකයි. ඒ බුද්ධිමතුන් ලැයිස්තුවේ සියලු දෙනාම මෙන්ම ජයන්ත චන්ද්‍රසිරි ද රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය අංග විය.
පසුගිය 20 වන දා ධම්මගේ පොත මුල් කරගෙන පැවැති මහජන සංදර්ශනයේ වැදගත් දේශපාලන ඇඟවීම වූයේ එය පැහැදිළිව ම පශ්චාත්-රාජපක්ෂ මොහොත සලකුණු කරන්නක් ලෙස හඳුනාගත හැකි වීමයි. තවමත් පෙනෙන් විදිහට ධම්ම දිසානායක රාජපක්ෂ ව්‍යාපෘතියෙන් වෙන් වී ඇත. තවමත් එයින් කැඩී ඇත්දැයි මා හරියටම නොදන්නා මොහාන් සමරනායක ද සභාවේ කොනක වාඩිවී සිටියේය. ඔහු වාඩි වී සිටි ස්ථානය සංකේතාත්මක වේ. පැමිණි සිටිය අයගෙන් ශාලාව පිරී ඉතිරී ගොස් තිබූ නිසා මොහාන්ට වාඩිවීමට සිදු වී තිබුණේ ශාලාවට පිටතින් රැගෙන විත් තබා තිබූ පුටු පේළියක කොනකය. සභාවේ කැපීපෙනුනු පෙනී සිටීම් සියල්ලක්ම පශ්චාත්-රාජපක්ෂමය පෙනී සිටීම් විය.
සභාවේ ප්‍රධාන කථිකයෙක් වූ ජවිපෙ හී නලින් ද ජයතිස්ස, මේ මොහොතේ දේශපාලන දිශානතිය ගැන ධම්මගේ අවිනිෂ්චිත නිරීක්ෂණය විවේචනයට භාජනය කරමින් දේශපාලනයේ ඇති වෙමින් තිබෙන නව ප්‍රවාහයට එක් වෙන්නැයි ධම්මට ආරාධනා කළේය.
@ නිර්මාල් රංජිත් දේවසිරි
Nirmal Devasiri Fb පිටුවෙන්
ඡායාරූප - මයුර සේනානායක
රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා