SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

 

ඒ හේතුවෙන් අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පෙන්වාදෙන ඔහු මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද පෙන්වාදෙයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් “මැදවච්චිය” ආසන සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,

 

මැදවච්චිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. මැදවච්චිය ආසනය කිවුවාම අපේ රටේ දේශපාලනය වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක්. කැබිතිගොල්ලෑව බස් බෝම්බයත් සමඟ එදා තබපු අධිෂ්ඨානයත් සමඟ ලෝක ඉතිහාසයේ පළමු වරට ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමණින්ම පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණා. ඒ අධිෂ්ඨානය කරගත්තේ මැදවච්චිය ආසනයේ කැබිතිගොල්ලෑව. මහින්ද මහතාගේ දේශපාලන ජීවිතයේ වෙනසක් වුණා. නව ඒකීය රටක් බවට පත්වුණා. ඊට පෙර හැම නායකයෙක්ම බලයට ඊට පෙර හැම නායකයෙක්ම බලයට ආවේ නිදහස ගේන්න. සංම සාකච්ඡා පවත්වන්න. නැතිනම් ගිවිසුම් ගහන්න. එසේ නොමැති නම් 13 වැනි සංශෝධනය ගෙනත් අපි අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මහින්ද රාජපක්ෂ මහතා වමේ දේශපාලන නායක නායිකාවෝ අවුරුදු 30 ක් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් බවට පත්වුණු ත්‍රස්තවාදය අවසන් කරනවා කියා මේ මව්බිම නිදහස් රටක් බවට පත් කරන්න අවුරුදු 4 ක් වැනි කාලයක දී කටයුතු කළා.

 

ඒ අනුව ඒකීය රටක් බවට පත් කරන්න කටයුතු කළා. එසේ අපි රට හැදුවා. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළේ මහා බලාපොරොත්තු ඇතිවයි. මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති සංවර්ධනය එයි කියා අපේක්ෂා කළා. මේ ප්‍රදේශයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. කිලෝ මීටර් 100000 ක් මාර්ග සංවර්ධනය කරන්න පියවර ගත්තා. එදා මහින්ද මහත්තයාට තිබුණු ලොකුම චෝදනාවක් තමයි ගම්වල පාරවල් කාපට් කරනවා කියලා. ඇතැමුන්ට නගරයේ ඉන්න අයට දුක තේරෙන්නේ නැහැ. ගමේ පාරේ වැටි වැටී යන දරුවාගේ දුක දන්නේ ගම්වල ඉන්න අම්මා තාත්තා. නගරයේ අය ඒක දන්නේ නැහැ. නමුත් ඒ අය චෝදනා කළේ ගමේ පාර කාපට් කරන එක අපරාධයක් කියලයි. තවත් කොට්ඨාශයක් හොරා හොරා කියන තැනට ඒක ලඝු කරන්න උත්සාහ කළා. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕන. පිටරටින් එන එළවළු පළතුරු වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන ආහාර වෙළඳපොට ගේන්න ඕන. ඒ නිසා ගමේ පාරවල් හැදුවා. ආර්ථික මධයස්ථාන හැදුවා.

 

ගමේ ගොවියන්ගේ දරුවන්ට උගන්වලා තාක්ෂණ ඵීඨයට යවලා ලෝක රැකියා වෙළෙඳපලේ ඉල්ලුමට සරිලන රැකියාවක් කරන්න පුළුවන් වැඩපළිවෙල ආරම්භ කළේ ඒ නිසායි. ඕනම ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමකින් කියනවා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂීකර්ම ප්‍රතිපත්තිය කියන එක කියා අපි පවසනවා. අපි එය නවීකරණය කරනවා. තාක්ෂණය සමඟ බද්ධ වියයුතු වෙනවා. ඔබේ දරුවාට හොද රැකියාවක් කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. අපි එය ආරම්භ කළා. අවාසනාවට ආණ්ඩුව පෙරළියත් සමඟ අපිට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පත්කළා. අපි එතුමාට සහාය දුන්නා. නමුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නැහැ. ඇතැම් අණ පනත්වලට සහාය දුන්නත් අපි එකඟ නොවූ කාරණා තිබෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැහැ.

 

අරගලයෙන් රට වැටුණු තැනින් ගොඩගන්න අපිට වුවමනාව තිබුණා. පෝලිම් ඉවත් කොට, විදුලි කප්පාදුව අවසන් කරන්න අවශ්‍ය වුණා. මිලවැඩි කළා. විදුලි උත්පාදනය වැඩි කළේ නැහැ. එදා උමා ඔය අවසන් කර තිබුණා නම් සාම්පූර් බලාගාරය ඉදිකර තිබුණා නම් විදුලිය කපන්න වෙන්නේ නැහැ. තෙල් පෝලිම හැදුනාද හැදෙව්වාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. නමුත් අපි සහාය දුන්නා. විදේශ රටවලට දරුවන් රැකියා සඳහා යන්නේ නම් වෘත්තිකයන් බවට පත්කළ යුතු වෙනවා. මහින්දෝදය විද්‍යාගාරවලින් උපරිම ප්‍රයෝජන ගතයුතු වෙනවා. දරුවන් අපේක්ෂා කරන තාක්ෂණයත් සමඟ ජනතා සේවය සලසන යුගයක් අපි නිර්මාණය කළයුතු වෙනවා. එවැනි දියුණු ලෝකයක් කරා අපේ රටත් රැගෙන යන්නයි අපි අපේක්ෂා කරන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා විවාද කරනවා. අපි වැඩ කරලා පෙන්නපු දේශපාලන බලවේගයක්. අපි වැඩකර තිබෙනවා. අපි වැඩකරලා පුරුදුයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂයක්.

 

ඒ නිසා අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ රටේ දරුවාගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නවා කියා වගකීමෙන් කියනවා. ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට අපි මුහුණ දෙන්න සූදානම්. මැතිවරණ කල් දානවාට අපි එකඟ නැහැ. මේ රටේ මැතිවරණ සිතියම හකුලන්න ඉඩ දෙන්නේ නැහැ. මේ දිස්ත්‍රික්කයට එස්.එම් චන්ද්‍රෙස්න මහතා නායකත්වය දෙනවා. අභියෝග මැද මේ දේශපාලන ගමන පැමිණ තිබෙනවා . කෙටි කාලයක් තුළ වාසි පස්සේ දුවන්නේ නැතිව පාක්ෂිකයන් වෙනුවෙන් අපේ කඳවුර ආරක්ෂා කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. අපි එකතු වෙලා අත්වැල් බැඳගමු. ඉදිරියේ දී පැමිණෙන ඕනෑම මැතිවරණයක් ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න කටයුතු කළයුතු වෙනවා. සියලු දෙනාම ඒකරාශී කරගෙන ජයග්‍රාහී මාවතක් කරා යොමු කරන්න අවශ්‍ය නායනත්වය ලබාදෙන්න කියා ඉල්ලනවා".

 

 

Media unit‍

@cnews