SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද එනවා හෙට එනවා යැයි කියූ සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා

ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

 

එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔවුන් අවධාරණය කර ඇත.

 

මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

 

කෙසේ වුවද බැසිල් රනිල් සාකච්ඡා සාර්ථක නොවීම නිසා ජනාධිපතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අතිශය තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ පැවත්වෙනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 

තවද, සමගි ජන බලවේගය හැර යෑම මන්ත්‍රීවරුන් සිදු නොකරන්නේ ඉදිරියකට එන  මහා මැතිවරණයකට මුහුණ දීමට තරම් ජනවරමක් සහිත පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය වී නොමැති වීම නිසා බව විචාරක අදහස වී ඇත.

 

ආසනය දිනාගත නොහැකි වුවහොත් කිසි දෙයක් කළ නොහැකි බවත් පක්ෂයවත් ගණං නොගන්නා බවත්  එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

 

ඒ අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවමත් සිටින්නේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳ  වැල් පාළම මැද්දෙ බව කියැවේ.

 

කෙසේ වුවත් හෙට (ජූනි 30) මාතරදී පැවැත්වෙන මංගල ජන රැලියේ ආශ්චර්යයක් සිදු වනු ඇති බව ඇතැමෙකුගේ අදහස ය.

 

nalan mendis

නවතම ලිපි