SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යථාර්ථය දේපලෙහි ම අංගයකි. එය අල්ලා ගත යුතුමය.

ගවේෂණාත්මක මාධ්‍යවේදය යනු බලවතුන්ගෙන් යථාර්තය ග්‍රහණය කර ගැනීමේ උතුම් කලාවයි.

- ජුලියන් අසාන්ජ්

 

Reality is an aspect of property. It must be seized. And investigative journalism is the noble art of seizing reality back from the powerful. - Julian Assange

 

ජුලියන් අසාන්ජ් තමන් ගත්තු බරපතලම අභියෝගයට ජීවිත කාලයෙන් දශක එකහමාරක්ම නැති කර ගත්ත. මට හිතෙන්නේ අභියෝගයක් බාර ගන්න කෙනෙක් දශකවලින් නෙවෙයි ජීවිතෙන් වුණත් වන්දි ගෙවන්න සූදානම් වෙන්න ඕන. මම ලඟින්ම දැන සිටි ධර්මරත්නම් සිවරාම් හා ප්‍රගීත් එක්නැලිගොඩ මරණයට හිනා වෙච්චි දෙන්නෙක්. මම පිටුවහල් වුණේ තව ලියන්න පොත් ගණනාවක් තිබෙන නිසා. ඒව ලියා ගන්න බැරි වුණෝත් රෙනෝලගෙ, විජේවර්ධනලගේ, දිලිත් ජයවීරගේ, ටිරාන් අලස්ගේ හා වෙල්ගමලගෙ බූදල්වලට නතු වූ සැබෑව ලෝකයෙන් වහං වෙනව. ඒව පහුගිය අවුරුදු 100 විතර කාලයක සිද්ධ වෙච්චි ආකාරයට.

 

ලංකාවේ ලේඛක දැවන්තයෝ මේ බූදල්වල මාධ්‍ය දාසයෝ වෙල හිටිය. වික්‍රමසිංහ [මාර්ටින්] දශක කීපයක් විජේවර්ධනලගේ පත්තරවල කතුකම් කළා. ඒත් එයාගේ ජීවිත කතාව [උපන්දා සිට] ට අනුව එයා විජේවර්ධනගේ [ඩී.ආර්.] නියෝගකට පිටු පෑවේ එකම එක වතාවයි. ඒත් එදින නිවාඩු දැමීමෙන් පමණයි...!

 

ලංකාවේ මාධ්‍යවේදය හරියාකාරව තම වගකීම ඉටු කළා නම් රටට මේ ඉරණම අත්වෙන්නේ නෑ. දැන් හරි ඒ වගකීම ඉටු කෙරෙනවා නම් තවමත් ප්‍රමාද නෑ. මම හිතන්නේ මේව ඔක්කොම වෙනස් වෙයි.

 

@නන්දන වීරරත්න