SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තවත්  තෙසතියකින් ආණ්ඩුවේ ඇඟිලි ගැසීම්වලින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ව්‍යවස්ථාපිත බලය හිමි මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය

මේ වනවිට අවශ්‍ය වාහන ඒකරාශී කිරීම සහ ඡන්ද මධ්‍යස්ථාන පරීක්‍ෂා කරන බවත් ඒ සඳහා අදාළ පියවර ගැනීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත්  කොමිසමේ නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පත වෙත පවසා ඇතැයි සඳහන්.

 

ඒ අනුව මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ජූලි 17 වැනිදායින් පසු කොමිසමට ස්වයංක්‍රීයව බලය ලැබේ.  බලය හිමි වූ පසු, ඒ බව දැනුම් දීමෙන් දින 16 කට පසුව සහ දින 21 කට පෙර නාමයෝජනා කාල සීමාව ප්‍රකාශයට පත් කරනු ඇති අතර ඉන් පසුව, ඡන්ද විමසීමේ දිනය සති හතරකට පසුව සහ සති හයකට පෙර සිදු කෙරේ.

 

කෙසේ වෙතත්, ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර දිනයක පැවැත්විය යුතුය.

 

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසා තිබුණේ  මැතිවරණ රාජකාරි සඳහා රජයේ සේවකයන්ගෙන් අයදුම්පත් කැඳවන ලෙස දිස්ත්‍රික් මැතිවරණ බලධාරීන්ට උපදෙස් දෙමින් තම කාර්යාලය පසුගිය අඟහරුවාදා චක්‍රලේඛයක් නිකුත් කළ බවය.

 

එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන ස්ථාන පරීක්ෂා කිරීමට උපදෙස් ලබාදුන් බවද ඔහු කියා සිටියි.

 

ඡන්දදායකයින්ගේ නියපොතු මත නොමැකෙන තීන්ත භාවිතා කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටින්නේ කුමන තීන්තයක් භාවිත කළ යුතුද යන්න සහ එය යෙදිය යුතු ආකාරය පිළිබඳව කොමිසම තවමත් තීරණය කර නොමැති බවයි.

 

“පසුගිය මහ මැතිවරණයේදී අපි කාඩ්බෝඩ් කඩදාසි කැබැල්ලකින් ඇඟිලිවල නියපොතු තීන්තවලින් සලකුණු කළා. COVID-19 නිසා ඇඟිලි අල්ලන්න බැරි නිසා අපි එහෙම කළා. මේ පාර අපිට පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන්. තවමත් අපි තීරණය කර නැහැ. ඒ වගේම නොමැකෙන තීන්ත ලබාගැනීමට අපි තවම සැපයුම්කරුවෙකු පිළිබඳව තීරණය කර නැහැ,”