SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැද පෙරදිග උද්ගතව ඇති ගැටුම් මධ්‍යයේ විපතට පත් ගාසා තීරයේ

පලස්තීන වැසියන් වෙනුවෙන් ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර ඇත.

 

 

එම ඖෂධ අතර පිළිකා නාශක ඖෂධ, ශල්‍ය සැපයුම්, දන්ත වෛද්‍ය නිෂ්පාදන වේ.

 

 

මෙම ආධාරය ලබාදෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ පලස්තීනයේ ජනතාවට ඉන්දියාවේ සහය දිගටම ලැබෙන බවය.

 

 

ඒ අනුව ඉන්දීය රජය පලස්තීනයේ ජනතාව වෙනුවෙන් UNRWA හරහා සිය පළමු ආධාර තොගය යවා ඇති අතර ඊට ටොන් 30ක ඖෂධ පමණක් නොව ආහාර ද්‍රව්‍ය ද ඇතුළත් වූ බව සඳහන් ය.

 

 

ඊශ්‍රායල - පලස්තීන ගැටුමෙහි නිමාවක් දකිනුවස්, දෙරට අතර විසඳුමකට ඉන්දියාව දිගු කලක් තිස්සේ සහාය පළ කිරීම කැපී පෙනේ.

ඉන්දීය අගමැති මෝදි ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දුටු පළමු ගෝලීය නායකයන්ගෙන් කෙනෙකි.

පසුව ඉන්දීය රජය ගාසා තීරයේ පිරිහෙන තත්ත්වය පිළිබඳව නැවත නැවතත් සිය කනස්සල්ල පළ කිරීම් දක්නට ලැබිණ.

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි