SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරලයි,

අයි එම් එෆ් එකත් එක්ක සෙල්ෆි ගහපු ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටියි අච්චු ද්‍රවශීලතාව පාලනයට ගෙන ඇති පියවර මුදල් අච්චු ගැසීමටක සමාන බව පිළිගන්නා අතර ආණ්ඩුවේ නායකයෝ ජනමාධ්‍යයටයි, සමාජ මාධ්‍යයටයි බණිමින් ඇත්ත එළිවෙන එක වළක්වා ගන්න හදනවා යැයි  මාතලේ දිස්ත්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පවසයි.

 



ඇය මේ බව පවසන්නේ  නාඋල පැවති ජනහමුවක් අමතමිනි.

 

 ‘‘ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, වසන්ත සමරසිංහ එහෙම ‘ අපි සල්ලි අච්චු ගැහුවේ නෑ’ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරලයි, අයි එම් එෆ් එකත් එක්ක සෙල්ෆි ගහපු ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටියි අච්චු ද්‍රවශීලතාව පාලනයට ගෙන ඇති පියවර මුදල් අච්චු ගැසීමටක සමාන බව පිළිගන්නවා. ආණ්ඩුවේ නායකයෝ ජනමාධ්‍යයටයි, සමාජ මාධ්‍යයටයි බණිමින් ඇත්ත එළිවෙන එක වළක්වා ගන්න හදනවා. එළහරකයි - මී හරකයි නගුලේ බැඳලා හාන්න බැරි බව දැන් ඡන්දදායකයින්ට තේරෙනවා.

 

වාර වෙන්දේසිය (Term auction), එක්රැය වෙන්දේසිය (overnight auction), හරහා මහ බැංකුව මුදල් මවන බව, අච්චු ගහන බව කිව්වාම මහ බැංකුව නිවේදන ගහලා ඒක කරන තවත් ක්‍රමයක් ගැන කියනවා. විජිත හේරත් ඇමතිතුමා මේ කිප්ටෝ කරන්සි, ඩිබෙට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් යුගයේ ගල් අච්චුවේ සල්ලි කොල අච්චු ගහන හැටි කියනවා. රටක ආර්ථිකය හැසිරවීම රාජ්‍යයේ වගකීමක්. රාජ්‍ය මුල්‍ය හැසිරවීම මහ බැංකුවේ කාර්යයක්. භාණ්ඩාගාරය හැසිරවීම කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ වගකීමක්. කාඩර්වරුන්ට ආතල් දෙන්නයි, රටක ආර්ථික වෙනුවෙන් තීන්දු ගන්නයි දෙකම එක සැරේ කරන්න බෑ.

 

ශ්‍රී ලංකා මහ බැංකුව අවධමනය පාලනයක කරන්න, රටේ උද්ධමනය සියයට පහ දක්වා වැඩි කරන්න ගත්ත විවෘත වෙළඳපල ක්‍රමය යටතේ තමන් ගත්ත පියවර ගැන දේශපාලනකි අර්ථ කථනයක් දෙන්න වෙලා තියෙනවා. මහ බැංකුව මුදල් අර්බුදය විශිෂ්ට ලෙස කළමනාකරණය කරා. දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්නට මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුනොත්, ඒක පරාද වැලක ආරම්භයක් වෙයි. මහ බැංකුවට මම කියන්නේ ඇත්ත කියන්න. මේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරෙනවා. දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාවට අරමුදල් සම්පාදනය ගැන වචන හරඹ කරන එක නවත්වන්න.

 

මේ ආණ්ඩුව බලයට පත්වෙලා ගෙවුණු මාසය තුළ දිගින් දිගටම ණය ගත්තා. ලොවෙත් නැති වෙන්න ණය ගත්තා. ලබන සතියේ තවත් ණය ගන්න ලෑස්ති වෙනවා. අනෙක් පැත්තෙන්, සල්ලි අච්චු ගහන්න පටන් ගත්තා. රජය භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මගින් රු. කෝටි අසූ දහස් නමසීයක ණය අරගෙන තියෙනවා. මේවා ණය නොවෙයි නම් කොස් ඇට කියලා කියමුකෝ. ඒ කියන්නේ දවසකට කෝටි දෙදහස් හත්සිය අනූව බැගින් ණය අරං තියෙනවා. පැයකට රු. කෝටි එකසිය දහසයක් ගණනෙ ණය වන ආණ්ඩුවක් මේක.

 


මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැන්පත් කරල තියෙන අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන දෙසීය පැනලා තියෙනවා. අනුර ජනාධිපති වෙනකොට ඒක රු. බිලියන එකසිය විස්සක්වත් වුණේ නෑ.

 

මුදලක් අරගෙන ඒකට පොලියක් එක්ක ආපහු ගෙවනකොට ඒක ණයක් මිසක් කොස් ඇට හුවමාරුවක් නෙවෙයි. මාලිමාව මේ රටේ මිනිස්සුන්ගෙන් ඡන්දය ඉල්ලුවේ සල්ලි අච්චු ගහන්න නෙවෙයි. මේ රටේ මිනිස්සු මාලිමාවට ඡන්දය දුන්නෙත් සල්ලි අච්චු ගහන්න නෙවෙයි. රටේ ප්‍රශ්න දවසින් දවස පාස්පෝට් පෝලිම වගේ දික් වෙනවා. මාලිමාවට ඡන්දය දෙන්න පිටරටවල ඉඳන් ආපු අය, යන්න පාස්පෝට් එක ගන්න බැරුව පෝලිමේ ඉන්නවා. රටක ආර්ථික ප්‍රශ්නය විසඳන්න නම්, සෘජු තීරණ ගන්න වෙනවා. ඒවා ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ගැලරිය චූන් කරලා, කාඩර් එක චූන් කරලා රටක් ගොඩ දාන්න නම් බෑ.’’

 

 

 

නවතම ලිපි