පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අනුර දිසානායකගේ සෞඛ්‍ය
තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.
නීතීඥ සුනිල් වටගල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අදාළ කරුණු ඉදිරිපත් කළේය.
වටගල සිය පැමිණිල්ලේ සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු අන්තර්ජාලයට එක් කර ඇත්තේ "සුභාෂ්" නමැති පුද්ගලයෙකුට අයත් ගිණුමක් හරහා බවයි.
විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තහවුරු කළේ මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.