වත්මන් ජනාධිපති අනුර දිසානායක අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන
ඔවුන්ගේ ප්‍රතිපත්තියද නැතිනම් ‘පුළුවන් ශ්‍රී ලංකා’ යන තමන්ගේ ප්‍රතිපත්තිය දැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වර්තමාන ආණ්ඩුව එකඟ වී ඇත්තේ ‘පුලුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියි.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය පිළිගෙන තිබේදැයි රටට පැහැදිලි කළ යුතුව ඇතැයි ඔහු කියා සිටියේ කොළඹදී පැවති නීතීඥ හමුවක් අමතමිනි.