SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස

හිටපු අමාත්‍ය රවී කරුණානායක නම් කර ඇත.

 

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට එම  පක්ෂයේ  ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් ලිපියක් මගින් අද(18) දැනුම්දී ඇත.

 

එම පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් විශාල ගැටුමක් පසුගිය දිනවල පැවති අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් එකී මන්ත්‍රී ධූර සඳහා සාගල රත්නායක සහ ටිරාන් අලස්ව පත්කරන්නට යන බවටද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් කියැවුනි.

 

කෙසේ වුවද ඒ අතරවාරයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසම වෙත ලිපියක් මගින් දැනුම් දීම සිදු කර ඇත.

 

මේ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයෙකු වූ සමාජ ව්‍යවසායක එරන්ද ගිනිගේ ලියා තිබුණේ මෙවන් සටහනකි.

 

“මේ කතාවේ මරුම චරිතය තමයි රවී කරුණානායක. රනිල්ගේ කලිසම උස්සන්න ගිය පොහොට්ටුවේ මෝඩ වහන්සේලාට රවීගේ පක්ෂයෙන් නාමයෝජනා දීලා ඡන්ද ටික එකතු කර ගෙන, පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු ආසනයට සත පහක් වියදම් නොකර, කිසිම කරදරයක් නොවිඳ, රැස්වීම්වල කතා නොකර, පාරේ රස්තියාදු නොවී හරිම ලේසියෙන් රවී රවීවම පත් කර ගත්තා... පොහොට්ටුව ඔහොම හරි බේරුණ එක ලොකු දෙයක්. දිස් ඉස් පොලිටික්ස්”.

 

 

කෙසේ වුවද එම පක්ෂයට ලැබී ඇති අනෙක් මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිසම වෙත මෙතෙක් නමක් යෝජනා කර නොමැත.

 

 

නවතම ලිපි