විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත්
අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයකදී වැඩ භාර ගත්තේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විජිත හේරත් අමාත්‍යවරයා 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
පසුගියදා අවසන් වූ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් වැඩිම මනාප සංඛ්‍යාව වූ හත් ලක්ෂ දාසය දහස් හත්සිය පහළොවක් ලබා ගනිමින් ඔහු නැවත තේරී පත් විය.