SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම

ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

රවී කරුණානායක එම මන්ත්‍රී ධූරය සඳහා නම් කිරීමට එරෙහිව පාර්ශව රැසකින් මේ වන විට විරෝධතා එල්ලවී තිබෙන අතර අදාළ ගැසට් නිවේදනය වලකාලීම සඳහා රනිල් පාර්ශ්වය විශාල උත්සාහයක් ද ගෙන තිබුණි.

 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂයක අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළ පක්ෂ ඊයේ පවසා තිබුණි.

 

එය  හවුල්කාර පක්ෂ අතර පැවැති එකඟතා කඩ කිරීමක් බව ඔවුන් පවසයි.

 

එසේම ඔවුන් කියා සිටින්නේ යහපාලන රජය බිඳ දැමීමට තරම් හේතු වූ අන්ත දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් කුප්‍රකට රවී කරුණානායකගේ පත් කිරීම පිළිකුල්සහගත බවය.

 

මෙම පත් කිරීම සම්බන්ධයෙන් එහි පාර්ශවකරුවන්ගෙන් තහවුරුකර ගැනීමකින් තොරව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් වළිකින ලෙස ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි අතර, නිත්‍යනුකූල අයුරින් අදාළ නම ලබාදී තිබෙන බැවින් අද වනවිට මැතිවරණ කොමිසම එහි ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

 

නවතම ලිපි