පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ අවසාන කාලය තුළ පක්ෂ විපක්ෂ මැතිවරණ වේදිකාවන්හි
මහත් ආන්දෝලනාත්මක මාතෘකාවක්ව පැවති, දේශපාලන උවමනාකම් සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීම පිළිබඳ ලේඛනයක් ඊයේ(04) පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී සභාගත කරන ලදී.
"මේ බලපත්‍ර දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි"
යැයි මෙහිදී අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය..
ඒ අනුව 2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇත.
ඉන් වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර, එම ප්‍රමාණය 110ක් බව හෙතෙම පැවසීය.
ඊට අමතරව දකුණු පළාතට බලපත්‍ර 48ක්, උතුරට 32ක්, නැගෙනහිරට 22ක්, මධ්‍යමට 45ක්, උතුරු මැදට 14ක්, වයඹට 30ක්, ඌව හා සබරගමුවට 30 බැගින් මෙම බලපත්‍ර ලබාදී ඇති බව ද ඔහු විසින් සභාගත කරන ලද ලේඛනයේ සඳහන්ව ඇත.
මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර වේ.
මේවායින් විශේෂයෙන්ම සිල්ලරව මත් පැන් අලෙවි කරන වයින් ස්ටෝස් මත්පැන් අලෙවි හල්වලට නිකුත් කරන FL- 4 බලපත්‍ර වන අතර එවැනි බලපත්‍ර ද මෙම කාලය තුළ මේ ආකාරයටම ලබාදී ඇතැයි හෙළිවේ..
කොළඹට 22ක්, ගම්පහට 18ක්, කළුතරට 08ක්, ගාල්ලට 09ක්, මාතරට 05යි. හම්බන්තොටට 05ක්, යාපනයට 05ක්, කිලිනොච්චියට 16ක්, වව්නියාවට 2ක්, මන්නාරමට 02ක් ත්‍රීකුණාමලයට 4ක් මඩකලපුවට 1ක් අම්පාරට 5ක්, මහනුවරට 11ක්, මාතලේට 06ක්, නුවරඑළියට 08ක්, අනුරාධපුරයට 4ක්, පොලොන්නනරුවට 03ක්, පුත්තලමට 06ක්, කුරුණෑගලට 08ත්, බදුල්ලට 09ක්, මොනාරාගලට 07ක්, රත්නපුරට 06ක්, කෑගල්ලට 02ක් ලෙස සම්පූර්ණ එකතුව 172කි.
සභා නායකවරයා සභාගත කළ බාර් ලයිෂන් ගත් අයගේ නාම ලේඛණය පහත දිගුවෙන් දැක්වේ.
https://cdn.newsfirst.lk/sinhala.../2024/12/Surapath.pdf