පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එමගින් පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය අඩුකර ගතහැකි බව ඔහුගේ අදහස වී තිබේ.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා ඇත.