SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මන්ත්‍රීවරුන් සභාවට හඳුන්වාදීමේදී සමාජ මතභේදයට තුඩුදෙන බැවින් වෛද්‍ය, 

මහාචාර්ය ආදී නාම මුලින් යෙදීම වැළැක්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.

 

 

විවිධ වෘත්තීන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගැබේ සිටින බවත් ඔවුන්ගේ නම ඉදිරියේ වෘත්තිය සදහන් කිරීමෙන් වැළකිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

 

‘වෛද්‍යවරයෙක් රෝහල්වලටත්, මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලවලටත් අදාළයි. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔවුන්ගේ වෘත්තීන් සභාව තුළ භාවිතා කිරීමෙන් වළකින ලෙසයි’

 

මේ අතර 10 වන පාර්ලිමේන්තුවේ  කතානායක ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් වික‍්‍රමරත්න  අද දිනයේ පත් විය.

 

අගමැතිනි හරිනි අමරසූරිය විසින්  මෙම යෝජනාව ඉදිරිපත් කල අතර ඇමති බිමල් රත්නායක යෝජනාව ස්ථිර කලේය.

 

හිටපු කථානායක අශෝක රන්වල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ  නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ඉදිරිපත් කිරීමෙන් පසු නව කතානායක පත් කරනු ලැබීය.

 

 

නවතම ලිපි