ඉන්දියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ඉදිරියට ගෙන යාමට
තීරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම අනුප්‍රාප්තික වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ට ප්‍රශංසා කර ඇත.
"ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම සහ ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති හා කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මම ප්‍රශංසා කරනවා,"
විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති වික්‍රමසිංහ පවසයි.
"අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2024 දෙසැම්බර් 16 වන දින නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කර ශක්තිමත් කරන බැවින් එය සාදරයෙන් පිළිගත යුතු කරුණක්"
යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියයි.