සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් නොකළහොත් සහල් ආනයනය
නතර කිරීමට සිදුවන බවට පිටකොටුව සහල් ආනයනකරුවන් රජයට අනතුරු අඟවති.
“එක්කෝ ආනයනික සහල් සඳහා උපරිමික සිල්ලර මිල ඉවත් කළ යුතුය. කැතිනම් ආනයන බද්ධ රුපියල් පනහ දක්වා අඩු කළ යුතුය”.
ආනයනකරුවන් අවධාරණය කරන්නේ එලෙසිනි..
එයට හේතුව වී ඇත්තේ ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ද නිසා රජය නියම කර ඇති පාලන මිලට එම සහල් අලෙවි කිරීමට කිරීමේදී කිලෝවකින් රුපියල් පහළොවක පමණ පාඩුවක් සිදුවීමය.
මේ නිසා ඇතැම් ආනයනකරුවන් ආනයනික සහල් තොග මෙතෙක් වෙළඳපොළට නිකුත් නොකර තිබෙන බවද ඔවුන් කියා කියා සිටිති.
රට තුළ ඇති සහල් හිඟයට විසඳුමක් වශයෙන් සහල් ආනයනය කරන අතර මේ වන විට ඉන්දියාවෙන් මෙට්‍රික්ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබේ.