SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අර්බුද ධනවාදී ආණ්ඩුව මුහුණ දී ඇති අලුත්ම අර්බුදය වන්නේ

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSME) මුහුණ දෙන parate නීතිය හරහා මතුවී ඇති ප්‍රතිවිරෝධයයි.

 

 

parate නීතිය යනු, බලපත්‍ර ලාභී වානිජ බැංකුවලට (LCBs) ඇපකාරයක් ලෙස තබා ඇති උකස් කල දේපොල විකිණීමට ඉඩ සලසන ලද රෝමානු ලන්දේසි නීතියකි.

 

කෙසේ වෙතත්, ආන්ඩුව විසින් 2,63000 පමණ කඩාවැටීමට ලක්වී ඇති ව්‍යාපාරික ස්ථාන වලට සහනයක් ලෙස අයකරගතයුතු ණය පොලිය සඳහා සහනයක් දී parate නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය 2025 මාර්තු 31 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

 

මේ සම්බන්ධව MSME සංධානය විසින් අදාල අයකරගතයුතු පොලිය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය සමග ප්‍රතිවිරෝධයයක් නිර්මාණය කරගෙන ඇති අතර වර්තමාන ආන්ඩුව සමග පරණ ආන්ඩුව කල ආකාරයට ගනුදෙනු නොකරන ලෙස මුදල් අමාත්‍යාංශයට අවවාදාත්මක ලෙස ප්‍රකාශ නිකුත්කරයි.

 

නමුත් MSME සංවිධානයේ පිරිස් අමතක කරනුයේ, මුදල් අමාත්‍යාංශය යනු වර්තමානයේ ආන්ඩුවෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයක් බවයි. කෙසේ වෙතත්, පසුගියදා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා ප්‍රකාශ කලේ රටේ ආර්ථිකය සංවිධානය කිරීමට සුදුසු ආකාරයට ක්‍රියාත්මක වන ලෙසයි.

 

මේ තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරණය වන්නේ, රාජ්‍ය මූල්‍ය ගනුදෙනුවලදී, ගෝලීය මූල්‍ය බැංකු පද්ධතිය සහ මුදල් අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය මූල්‍ය පද්ධතිය අතර ඇති අන්තර් සම්බන්ධයට සාපේක්ෂව, ජාතික තලයේ ක්‍රියාත්මක MSME සංධානය සහ මුදල් අමාත්‍යාංශය අතර ඇති සම්බන්ධයට වඩාත් තීරණාත්මක වන බවයි!

 

@Nalin Dodangoda