ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර
රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහනට සිය සහය පළ කරමින් එය ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය පියවරක් ලෙස ප්‍රශංසා කළේය.
පිරිසිදුකම සහ තිරසාර පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (01) නිල වශයෙන් දියත් කෙරිණි.
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ එහි සාර්ථකත්වය සඳහා මහජන සහභාගීත්වය අත්‍යවශ්‍ය වන බවයි.
“පුරවැසියන් ලෙස මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ විශාල වගකීමක් අපට තිබෙනවා. මේක හොඳ ආරම්භයක්, කරන්න ගොඩක් දේවල් තියෙනවා,”
ඔහු කියා සිටියේ වැඩසටහන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින්.
මේ අතර, කුමාර් සංගක්කාර පැවසුවේ මෙම වැඩසටහන සමාජ සාරධර්මවල වෙනසක් ඇති කරන අතරම දේශපාලන හා පරිපාලන අංශ ඒකාබද්ධ කිරීමේ කාලෝචිත උත්සාහයක් බවයි.
“සරල ලෙස අර්ථකථනය කළත්, මේ වැඩසටහන වඩාත් විශාල අර්ථයක් සහිතව දියත් කරල තියෙනවා. මෙම මුලපිරීම රටේ මෙන්ම එහි පුරවැසියන්ගේ සංවර්ධනය සඳහා ඉතා වැදගත්. රජයට එය තනිව කළ නොහැකි නිසා සෑම කෙනෙකුම මෙම පරිවර්තනයේ කොටස්කරුවන් වූ විට සැබෑ වෙනසක් සිදුවේවි”
ඔහු පැවසීය.