පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද(26)
නිකුත් කිරීමට ඉඩ ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
අ.පො.ස. උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් මස 20 දින දක්වා පැවති අතර, විභාග අපේක්ෂකයින් 3,33 185 දෙනෙකු ඒ සඳහා පෙනී සිටියහ. ඒ අතර පාසල් අයැදුම්කරුවන් 2,53 390 දෙනෙක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 79,795 දෙනෙකු විය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312 කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී විභාගය පැවැත්වුණි.
විභාග රාජකාරී සදහා 25,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහභාගි විය.