SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට අධික පිරිසක් පැමිණීම හේතුවෙන්

දෛනිකව බැහැර කෙරෙන කසළ ප්‍රමාණය මෙන් දස ගුණයක් ජනනය වී ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ කසළ කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න පවසා තිබේ.

 

 

ඔහු අනතුරු අඟවන්නේ නගරයට එක් වන කසළ, අවසානයේදී බැහැර කෙරෙන, ‘ගුහාගොඩ කසළ අංගණයේ’ ධාරිතාව ද සීමා සහිත නිසා මෙය බරපතළ ගැටලුවක් නිර්මාණය කරනු ඇති බවය.

 

සාමාන්‍ය දිනවල දිරන හා නොදිරන කසළ ලෙස වෙන්කොට ගුහාගොඩ කසළ අංගණයට බැහැර කෙරුණද පසුගිය දින කිහිපයේ එක් රැස් වූ කසළ ඒ අයුරින් වෙන් කර ගැනීමට හෝ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

 

 

නගරයේ ඇතැම් තැනක බැහැරකොට ඇති කසළ, මිනිස් මළ මුත්‍රා සහිතව බැහැර කොට ඇති නිසා ඒවා කිසි ලෙසකින්වත් වෙන් කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

 

 

මේ හේතුවෙන් සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත ගුහාගොඩ කසළ අංගණයට මිශ්‍ර කසළ බැහැර කිරීම ගැටලුවක් වී තිබේ.

 

ගත වූ දින දහය තුළදී පමණක් දළදා වන්දනාව සඳහා පැමිණ දින කිහිපයක් රැඳී සිටි පිරිස් අතරින් එක් අයෙක් දිනකට කසළ ග්‍රෑම් පන්සියයක්වත් ජනනය කළේ නම්, ආසන්න වශයෙන් ලක්ෂ දහයක් මේ අයුරින් කසල එකව තිබේ.

 

ඒ අනුව  ටොන් පන්සියයක අමතර කසළ තොගයක් රැස් වන බව කථිකාචාර්යයා සඳහන් කරයි.

 

ට්‍රැක්ටර් ගමන් වාර දෙසිය පනහකින් හෝ තුන්සියයකින් මේ කසළ ප්‍රමාණය නගරයෙන් ඉවත් කර ගත හැකි වුවත් ඒවා ද නිසි ලෙස වෙනකොට බැහැර කොට නොමැති නිසා ගැටලුව තවත් උග්‍ර වන බවද ඔහු සඳහන් කරයි.

 

නගරයට පැමිණි පිරිස් කිසිදු අවබෝධයකින් තොරව කසළ බැහැර කරන බවට නිරීක්ෂණය වී ඇති නිසා මෙය පවතින ගැටලුව තවත් උග්‍ර කරන්නකි.

 

බලාපොරොත්තු නොවුණු තරම් අධික ජනගහනයක් එකවර නුවර නගරයට පැමිණීම නිසා එහි පහසුකම් සැලසීමේ සහ දරා ගැනීමේ ධාරිතාවද ඉක්මවා ගොස් ඇත.

 

 

නවතම ලිපි