SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකාවේ ජනාධිපති අන්‍යොන්‍ය තීරු බද්දක් ලෝකයේ රටවල් සම්බන්ධයෙන්

ප්‍රකාශයට පත්කිරීමත් සමග ලංකාවේ අපනයන ආර්ථිකයට එය මරු පහරක් බවට පත්වෙමින් තිබෙන පරිසරයක් නිර්මාණය වී ඇත.

 

 

දින අනුවක විරාම කාලයක් ලැබුනද මෙකී ප්‍රශ්නයට රටක් වශයෙන් ඉදිරියේ දී මුහුණ දෙන්නට සිදුව ඇත.

 

 

ප්‍රසිද්ධ ව්‍යාපාරික ගාමිණී කන්නන්ගර මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින්නේ ලංකාවේ රජය මේ ප්‍රශ්නය තේරුම් අරන් තියේද යන්න  ප්‍රශ්නයක් බවත් තමාට එය රජය තේරුම් ගෙන සිටිනවායැයි හැඟෙන්නේ නැති බවත්ය.

 

 

රට බංකොලොත් කිරීම පිළිබඳව වැරදිකරුවන් කව්ද යන්න ගැන  ලංකාවේ  අධිකරණය  තීන්දුවක් දීල තිබෙනවා.

 

ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ගාමිණී කන්නන්ගර මේ සම්බන්ධයෙන් පවසන්නේ  රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන කරුණු තුනක් තිබෙන බවයි.

ඒ,

01. පාස්කු ප්‍රහාරය.

02. කොරෝනා වසංගතය

03. රට බංකොලොත් කියල නිල වශයෙන් කියන්නෙ නැතිව මහ බැංකු අධිපති ඩොලර් ණය ගෙවන එක නැවැත්වීම.

 

කෙසේ වුවද  මේ වනවිටත් රටේ ජනතාව අසීරුවෙන් ජීවත්වන ආකාරය පිළිබඳව අදහස් දක්වන ව්‍යාපාරික ගාමිණී කන්නන්ගර  On Point with GaminiK වැඩසටහන මගින්

රටේ ජනතාවට තුන්වේල කන්න පුළුවන් වැඩපිලිවෙලක් හදන්න අලුත් රජයට පුළුවන් වෙයි ද?

රෝල ගහන වැඩපිලිවෙලකට රට ගොඩදාන්න පුලුවන් ද?

යන්න පිළිබඳව අදහස් දක්වා ඇත.

 

සම්පූර්ණ වීඩියෝව නරඹන්න

නවතම ලිපි