යාලුකම
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
කෙනෙක්ට ජීවිතේ බෙදාගන්න
ජීවත් වෙනවා කියලා දැනෙන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
කේන්ති ගියහම බැනලා දුක පිටකරගන්න
හොඳ නරක කියලා දෙන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
කාටවත් කියන්න බැරි දේවල් කියන්න
කාගෙන් වත් අහන්න බැරිදේවල් අහන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
රිද්දන අයට රිටන් දෙන්න
එකතුවෙලා ප්ලෑන් ගහන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
වැරැද්දක් වුනත් අනිත් අය ඉස්සරහ බේරගන්න
තනියම ඉන්නකොට ඇරියස් කවර් කරන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
අඬන්න ඕන වෙලාවට කඳුලු පිහ නොදාන්න
එකතුවෙලා අඬන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
ජීවිතේ විඳින්න
ජීවත් වෙන්න
හොඳම යාලුවෙක් ඉන්නම ඕන
විමර්ශනා පෙරේරා