ජගත් මණුවර්ණගේ රහස් කියන කන්ද බලන්නට ගියෙමි... ඊට හේතු කීපයක්ම තිබින.. එකක්... ජගත් මා ඉතා ප්‍රිය කරන අති දක්ෂ රංගධරයෙකු වීමය.
එමෙන්ම ඔහුගේ අධ්‍යක්ෂණයක් වූ "කොඩි ගහ යට" ටෙලියෙන් ඔහු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයකු බව මා මෙන්ම බොහෝ දෙනාද පිලිගන්නා කරුණක් වීමය.
චිත්‍රපටය කලබලේ බලන්නට යාමට තවත් හේතුවක් වූයේ... බුකියේ හිතවතුන් චිත්‍රපටය නරඹා බුකියේ තැබූ ප්‍රසස්ති ගායනාය. එහෙත් ඒ සියල්ලම... ස්වයං මෝහනයට පත්ව ගිනිකන වැටී ලැබූ ස්වයං වින්දනයන්ම පමණක් බව උන්ගේ සිත් උන්ටම කියනවා ඇත.
නමුත්... චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට වසර හයක් තුල... ජගත් අධ්‍යක්ෂනයෙන් බොහෝ පරිනත වී ඇති බව නොකියන්නේ නම්... මාතලන් අමු කුහකයකු වන්නේය. ඒ කොඩි ගහ යටදීය. මෙවන් ප්‍රසස්ති ගායනා තුලින් කෙලවෙන්නේ වෙන කාටවත් නොව.. ජගත් මනුවර්ණටමය. ජගත් වුවත් මේ නිර්මාණය යලිත් කරන්නේ නම්... මිට වඩා සිනමාත්මක නිර්මාණයක් කිරීමට හැකියාව තිබූ බව පිලිගන්නවා ඇතිය.
මා චිත්‍රපටය නරඹන අතරේත් කල්පනා කළේ.... මනුවර්ණ හිතවාදීන් හෙවත් මනුවර්ණ ෆෑන් ක්ලබ් එක මෙසේ ප්‍රසස්ති ගැයූවේ ඇයිදැයි කියාය. ඊට හේතුවක් තිබේ. චිත්‍රපටයේ ප්‍රස්තුතය වන 88/89 ජවිපේ ත්‍රස්තවාදයේ දෙවන කැරැල්ල පැවති සමයේ මණුවර්ණ හා මණුවර්ණගේ යාලුවෝ එක්කෝ කුඩා දරුවෝය. නැතිනම් අප්පාගේ වෘෂණ කෝෂයේ සිටිය විප්ලවවාදියෝය. කිහිප දෙනෙක් කැරැල්ලෙන් බේරුන ත්‍රස්තවාදියෝය. ඒ අපගේ හැදින්වීමයි.
එහෙත් ඔවුන් එය හඳුන්වනේ... තාරුණ්‍යට එරෙහිව රාජ්‍ය විසින් මුදාහල භීෂණය ලෙසයි. ඇත්ත කතාවා නම්... ජවිපේ ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය රාජ්‍ය ත්‍රස්තවාදය... චිත්‍රපටයේ පෙන්වන රාජ්‍ය ත්‍රස්තවාදයටත් වඩා බිහිසුණු හා මිලේච්ඡ වූ බවය. නමුත් එය පසුව සාමාන්‍යකරණයට පත් වූයේ ජවිපේ භීෂණයට ඊට දෙවනි නොවූ නිසාමය. චිත්‍රපටයේ ප්‍රස්තුතය ලෙස ගෙන එන්නේ මේ සමස්තය නොව, එසමයෙහි ජවිපේ හැර අනෙක් සියළුම පක්ෂවල දේශපාලුවන් හා ඔවුන්ගේ මැරයන් විසින් පවත්වාගෙන ගිය, පූර්ණ රාජ්‍ය අනුග්‍රගය ලද... ප්‍රා, කහ බලල්ලු, කළු බලල්ලු යන නම් වලින් හැඳින්වූ කණ්ඩායමක් ගැනය...මේවා මෙසේ බිහි වීමට හේතු අනන්තවත් තිබුනද... මේ ඒවා ගැන කතා කළ යුතු තැන නොවේ.
ඒ භීෂණය ගැන අනන්ත අත්දැකීම් ඇති අපේ පරපුරට... චිත්‍රපටයේ භීෂණ දර්ශණයන් රාශියක් තුල... හද ගැස්මක් ඇති කරනුයේ මේසයක් මතට අත් හරිනු ලබන.. තරුණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුරේ රූප රාමුව පමණි. සංගිතයෙන් මේ තුල විශාල දෙයක් කිරීමට බොහෝ ඉඩ තිබුනද... එහි සංගීතයක් තිබුනාදවත් මතකයක් ඇත්තේ නැතිය. ඛේමදාසයන් නොමැති සිනමාව ගැන දුක සිතෙන්නේ මෙවිටය. මෙහි හොඳ නළුවෝ සිටියද... ඒ නළුවන්ට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. සිල්වා මහත්තයා හෙවත් සරත් කොතලාවල විකට චරිතයකට පන පොවන අතර... ඔහු අපව සිනහ ගැන්වීමට සමත් වූ බව නොකියන්නේ නම්... එය ඔහුගේ රංඟන කෞෂල්‍යයට කරනා අසාධාරනයකි.
මෙහි රඟපෑමක් ඉදිරිපත් කරන්නේ සිල්වා මහත්තයාගේත් සර් ලෙස රඟන... ප්‍රියන්ත සිරිකුමාර පමණි. අපේ හිතවත් ලකා ධර්මරත්න සඕදරයා රංඟනය ආධුනික නලුවකු ලෙස සෑහෙන තත්වයක ඇති අතර... නැගී එන නළුවාට හිමි සම්මාණය ඔහුට ලැබේවායි මම පතමි.
ජගාගේ තුවාලයට මැහුම් දාන්න මීට වඩා සෙක්සි කෑල්ලක් මීට වසර හයකට පෙර සිනමාවේ හෝ කරෝකේ බාර් එකකවත් නොසිටින්නට ඇතැයි යන සිතිවිල්ලෙන් ඒ විචාරයෙන් ඉවත් වී සිටිනා අතර.. කලා අධ්‍යක්ෂකට මීට වඩා ඉරොටික් පෑන්ටියක් හා බෙසියරයක් සොයා ගැනීමට නොහැකි වීම ගැනත් ඉතා තදබල කනගාටුවක්ද ඇත්තේය. ඒ දර්ශනය මෙන්ම සමස්ත චිත්‍රපටයේම කැමරා ඈන්ගල්ස් මීට වඩා කලාත්මකව කිරීමට නොහැකි වීම... කැමරාවේ දුර්වලතාවයක්ද කැමරාකරුගේ අඩුපාඩුවක්ද යන්න හරියටම කියන්න දන්නේ නැති වීම මගේ අඩුපාඩුවකි.
කෙසේ හෝ යලිත් විප්ලවයක් තුලින් හෝ ප්‍රජාතන්ත්‍රවාදීව අනුර කුමාරයා බලයට එන තෙක් සිටිනා රසික කැල වෙත.. ඊට පෙර.. තම නිර්මාණය තුල ගෙන එන... රියැලටි ලෝකයේ සිඳු නොවූ... අභව්‍ය සිඳුවීම් කීපයක් ඔබ්බවා කිති කැවීමෙන්... ඔවුන්ගේ ශුක්‍රාණු හා ඩිම්බ ඉබේ පහවන පරමෝත්කර්ෂීය සුරතාන්තයකයට ගෙන ඒමට සමත් වීම අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයකි. ඒ අභව්‍ය සිඳුවීම් මෙසේය....
- පැනයන ජගත් මනුවර්ණ නැවතත් හමුවූවද ඔහුට වෙඩි නොතැබීම...
- මැරයන් දෙදෙනා අතර ඇතිවන බොරු වලි....
- ඒ දෙදෙනාට එකිනෙකා ලවා පෝරියල් දීම..
- ඉන් එකෙකු අතින් ජෝකර් මැරයා මියයාම..
- ඒ මිනිය පාරේ අයිනක දමා යාම...
ඉතින් ලැම්බෝගිනියක් ඉල්ලලා අඬපු... සජියට පොල්ලකින් පත බාන්න ගිය... දැන් ජෙප්පන්ගේ වේදිකාවේ රංඟනයේ යෙදෙන ජගාගේ සෙප්පඩවිජ්ජා වලින්... අර 88/89 චූටී බබාලා ඕසෙට ෆෝම් වෙලා හුරේ දාන එක අහන්නත් දෙයක්ද ආයිබන්ඩ... කෙසේ වෙතත් අවසානයේ කිව යුත්තේ... ජගාගේ සෝ එක ඔය කියන තරමේ මහා සිනමාත්මක නිර්මාණයක් නොවුනාට... අප්පිරියාවක් නැතිව බලාගෙන ඉන්න පුලුවන් එකක් කියලාය..
@Priyantha Hewage Mathalan