පිලිප් සාන්ත කෙටිකතා පොතක් ලියලා. ඒක ලියවෙන තේමාව මාර්කට් එක අල්ලන්න වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්.
හැබැයි ඒක සම්බන්ධයෙන් තියෙන කතාබහක් සංවිධානය කරපු පිලිප් ශාන්ත ඒකට පාවිච්චි කළ ප්‍රවර්ධන කැම්පේන් එක විටෙක කේන්තියෙනුත් විටෙක නොඉවසිල්ලෙනුත් කරපු විදිහ තමයි වැදගත් වෙන්නෙ.
මොකද මර්තේලිස්ලගෙ පොත්වලට චින්තනගෙ මීයන්ට වගේ රාජ්‍ය මාධ්‍ය උදව් සුදර්ශනලගෙන් පිලිප්ට ලැබුනෙත් නැහැ. බුකියෙ අධිකාරිවාදීයන් පිලිප්ට සපෝට් කළෙත් නැහැ. දවසට එකක් දෙකක් වගේ නෙට් එකෙන් පින්තූර යොදාගනිමින් දාන පෝස්ට්වලින් පිලිප් කිව්වෙ ‘හොඳින් හරි නරකින් හරි යකුනේ තොපි මේක බලපල්ල, ගනිල්ල, සංවාදෙට වරෙල්ල’ කියල. අර හැමෝමත් නොකිය කියන්නෙ ඒක තමයි. පිලිප් ඒක අමුවටම කිව්ව අවංකව.
කොහොම උනත් පිලිප්ගෙ පොත් පිංචෙ තියෙන්නෙ පිලිප් තුළ වැඩුනු අනුරාගයක් වෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතිං ඒක චින්තට සෙට් නොවෙන්න පුළුවන්. චින්තගේ සෙක්ස් ෆැකල්ටියෙන් තතන තතනා ලියන අනුරාග සිද්ධීනුත් එහෙමම තමයි. ඉතිං පොහොසත් කවර සහ පිටු නිමාවක් ඉල්ලන පාඨකයින්ට ඒක ඒ විදිහට දෙන්න ප්‍රාග්ධනය බලපාන බව පේනව. ඒකත් එක්ක චින්ත පිටකවරය ගැන කියන කතා වගේම චින්තගෙ අනුරාගය ඒකෙ තියෙනවද නැද්ද කියන එකත් වැදගත් නැහැ.
අනුරාගය කියන්නෙ ගොඩනැංවීමක් මිසක් වෙන මගුලක් නෙවෙයි. ඒ හින්ඳ ඒකෙ බර දරන්නෙ තනි තනි මිනිස්සු තමන් ගන්න තැන අනුවයි.
ඔන්න චින්තන ධර්මදාස කොහොම උනත් තමන්ගෙ ගුරුකුලයට එක්වෙච්ච පිලිප් ශාන්තගෙ පොතේ ප්‍රවර්ධන කතාබහ එයාගෙ නාලිකාවෙන් එළියට දාල. චින්තා කියන්නෙ අමුතු සතෙක්. ඔය රනිල් ලොක්කගෙ දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කරන්න බාර ගත්තට එයා අයිති රනිල්ගෙ කුණු බක්කියට නෙවෙයි...
@ සමාරා පරණවිතාන
ලකා, සුරේඛා, චින්තා එක්ව කරන කතාබහ බලන්න කැමති අයට ලින්ක් එක පහල.
පිලිප් ශාන්ත මෙහෙම කියනවා,
"කණ්නාඩියෙන් පේන මගේම ඇඟ මගේ හිත ඇවිස්සුවා. ඇඟිලි තුඩු පෑන්ටි එකෙ පහස විඳගෙන ඇදුනේ කෑදර කමෙන් වගේ. උණුසුම් හැගීම් ඇග පුරා දුවන්න ගත්තා. " අනේ වජිර මට ඕනේ කොයි වෙලාවකවත් ඔයා මගේ ලඟ නෑනේ.'' හිත අඬා වැටුනා. හැමදාම පුරුදු විදිහට මම ඒවා යටපත් කර ගත්තා. ඒ වෙනුවට මම අදීල් ගැන හිතුවා.
අදිල් මොනව කරනව ඇද්ද .? එයා දන්නවනම් එයාගේ තෑග්ග. මම ඇඳගෙන ඉන්නව කියලා. වෙනත් විදිහක උණුසුමකින් හිත ඇවිස්සුනා. මම ස්ට්‍රින්ග් එක පිටින්ම ඇඳේ පෙරලුනා. ෆෝන් එක අරගෙන අදීට ටෙක්ස්ට් කලා.
"Tnx 4 ur gift So cute"
හැරෙන තැපෑලෙන් උත්තර ආවා.
"Thx god, I thought ur angry with me. Do u really like it?"
මමත් හැරෙන තැපෑලෙන්ම උත්තර ලිව්වා. "Yes. I'm wearing it now..."
හිතෙන් බාගයක් පුදුම උනා මම ලියන ඒවා ගැන. ඒකට උත්තර එන්න ටික වෙලාවක් ගියා. මට දැනුනේ කල්පයක් වගේ.
“Wow. I'm trying to imagine u right now”
මගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහුනා. "U wish to see me now?"
උත්තර ආවේ විදුලි වේගෙන්.
"yes, but I'm not too lucky"
එතනින් එහාට කතාව ගෙනියන්න මට බැරි උනා. මොන පැත්තෙන් හිතුවත් පරිස්සමින් ලියන්න පුලුවන් දෙයක් ගිලුවට ආවෙ නෑ. මම සද්ද නැතුව හිටියා. අදිල්ගෙන් වෙන ටෙක්ස්ට් ආවෙත් නෑ."
(ඉදිරියෙන් වට රවුමකි- Philip Shantha (පිටුව-59-60)