SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම ලකුණු 318කට සීමා කරමිනි.

 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ ලකුණු 178ක් පමණි.

 

කෙසේවෙතත් බංග්ලාදේශයට නැවත පන්දුවට පහරදීමට නොදී ශ්‍රී ලංකාව නැවත පන්දුවට පහරදීම නිසා තරඟය ඉනිමකින් ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමිවිය.

 


එලෙස බංග්ලාදේශයට නැවත පන්දුවට පහර දුන්නේ නම් ශ්‍රී ලංකාවට ඉනිමකින් සහ ලකුණු 35කින් ජය ගැනීමට හැකිව තිබුණි.