SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

ඒ ඊයේ (17) දිනයේ අවසන් වු තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගය.

 

cri W beat SA

 

දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 302ක් හඹා ගිය ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කරද්දී කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හොඳම දස්කම් අතරට චමරි අතපත්තු ක්‍රීඩා කර ඇත.

  

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් වුණි.

 

එම ඉනිම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබාගත්තාය.

 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ.

 437707078 122138034776226082 573268885562624638 n

 

එහිදි කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත්ය.

ඒ අනුව එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ඉහළම තෙවැනි ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇත.

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමිකර ගත්තාය.