SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජර්මනියේ ප්‍රමුඛ පෙළේ බැලේ සමාගමක් වන Berlin State Ballet හි සිදුවූ වර්ගවාදී හිරිහැර ගැන

 

පැමිණිලි කළ කළු ජාතික බැලේ නර්තන ශිල්පිනියකට වන්දි වශයෙන් යුරෝ 16,000ක මුදලක් පිරිනමා තිබෙනවා.

 

 

bully image

 

 

 

අධිකරණයට නොගොස් පැමිණි එකඟතාවයකට අනුව සමාගම සමග ඇයගේ ගිවිසුම ද අලුත් කර ඇත.

ක්ලෝයි ලෝපේස් ගෝමස් නම් 29 හැවිරිදි ප්‍රංශ ජාතික ඇය, 2018 වසරේ දී සමාගම විසින් බඳවා ගත් පළමු කළු ජාතික බැලේ නර්තන ශිල්පිනිය යි.

Berlin State Ballet හි බැලේ ගුරුවරියකගෙන් සිදුවූ කරදර ගැන ඇය පැමිණිලි කර තිබුණි.

එක් නිෂ්පාදනයක් අතරතුර දී, ගුරුවරිය නර්තන ශිල්පිනියන්ට සුදු වේලයක් ලබා දෙමින් එය පැළඳ ගන්නා ලෙස කියා සිටි අතර "මට ඔයාට එකක් දෙන්න බෑ. වේල් එක සුදු පාටයි ඔයා කළු පාටයි," යනුවෙන් තමන්ට පැවසූ බව ක්ලෝයි පවසයි.

 

 

 

bully 800 450

 




හංස විල බැලේ නාට්‍ය නිෂ්පාදනයක දී අනෙක් නර්තන ශිල්පින් හා "මුහු වීමට" සුදු පැහැ වෙස් ගැන්වීම් පාවිච්චි කරන ලෙස එම ගුරුවරියම තමන්ට බල කළ බවත් ඇය කියා සිටියා ය.

වර්ගවාදී වෙනස්කම් ගැන ක්ලෝයිගේ චෝදනාව "අප තුළ බලවත් පෙළඹවීමක් ඇති කළ" බව සමාගම පවසන අතර කාර්ය මණ්ඩලය අතර වර්ගවාදය ගැන විමසා බැලීමට ඔවුන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


"පොඩි ජයග්‍රහණයක් වුණත් බැලේ නර්තන ලෝකයේ ලොකු පියවරක්," යනුවෙන් එකඟතාවය ගැන අදහස් දක්වමින් ක්ලෝයි සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා ඇත.


සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු සහයෝගය ගැන ප්‍රතිචාර දක්වමින් ක්ලෝයි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ "ප්‍රතිපලය ගැන මම බයෙන් හිටියත් හොඳම දේ කතා කිරීම කියන එක මට තේරුණා. මම හැමෝම උනන්දු කරන්නේ නිහඬව ඉන්න එපා කියලා."

 



Bully

 



උපුටාගැනීම - Theleader.lk

නවතම ලිපි