ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත්ම විධායක නියෝගය නිකුත් වෙයි
අමෙරිකාවේ අවුරුදු 19න් පහළ තරුණ තරුණියන්ට ලිංගික සංක්‍රාන්ති සිදු කිරීම් තහනම් කිරීමේ විධායක නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ බව වාර්තා වේ.
ඒ එරට සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ නවතම නියෝගයකි.
ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමේ ලිංගික සංක්‍රාන්තිය සඳහා අරමුදල් සැපයීම, අනුග්‍රහය දැක්වීම, ප්‍රවර්ධනය කිරීම හෝ සහාය පළ කිරීම අමෙරිකාවේ ප්‍රතිපත්තිය නොවන බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පුද්ගල ජීවිත වෙනස් කරන මෙවැනි ක්‍රියාකාරකම් තහනම් කිරීමට හෝ සීමා කිරීමට අවශ්‍ය සියලුම නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බව විදෙස් මාධ්‍ය කියයි.