SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ යාපනයේ සංචාරය අතරතුර

උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සාමකාමී විරෝධතාවයක් අද (31)පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ  අවසර ලබා දී තිබේ.

 

 

ජනාධිපතිවරයා අද යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමට නියමිත අතර තවත් මහජන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය.

 

කෙසේ වෙතත්, යාපනය පොලිස් කොට්ඨාශය තුළ කිසිදු ස්ථානයක විරෝධතා දැක්වීම වැළැක්විය යුතු අතර එසේ වියහැකි යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් ඇතුළු පස් දෙනෙකු යාපනය පොලිසිය විසින් නම් කර ඇත.

 

මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කෙරුණි.

 

උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව රැකියා අවස්ථා සඳහා තම ඉල්ලීම් වෙනුවෙන් හඬ නැගීමට ඉඩ ලබාදෙන ලෙසයි.

 

එකී කරුණු සැලකිල්ලට ගනිමින් පාර අයිනේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට අධිකරණය අවසර දුන් නමුත් අධි ආරක්‍ෂිත කලාපවලට ඇතුළුවීම තහනම් කළේය.

 

@ තේවතර්සන් සුකින්තන්

නවතම ලිපි