අද පෙරවරුව වනවිට මාලිමා ආණ්ඩුවේ තුන්වැනි සභාපතිවරයාත් ඉල්ලා අස්වී තිබූ අතර
ඒ අස්වී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධුරයෙන් එන්.බී.එම්. රණතුංග එසේ අද දින ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඔහු මෙම තනතුරට පත්ව ඇත්තේ 2024 ඔක්තෝබර් 10 වන දින දීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඉහළ පෙළේ සභාපති ධුරයකින් ඉවත් වූ තුන්වන පුද්ගලයා ඔහුය.
මෙම සතිය මුලදී, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ (SLTB) සභාපති රාමල් සිරිවර්ධන ද ඉල්ලා අස්විය.
පසුගිය මාසයේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) සභාපති ධුරයෙන් ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක ඉල්ලා අස්වී තිබුණි.
කෙසේ වුවද අද දවස තුළ හතරවැනි සහ පස්වැනි සභාපතිවරයාද ඉල්ලා අස්වූ බව මාධ්‍ය වාර්තා පළවේ.
ඒ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති රුවන් විජයමුණි සහ තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක ඩී හේවාපතිරණය.
මෙම සභාපතිවරුන්ට තම රාජකාරි කටයුතු නිදහසේ ඉටුකිරීමට ජවිපෙ අභ්‍යන්තරය විසින් ඉඩ නොදීම නිසා මෙසේ ඉල්ලා අස්වන බව එක් පිරිසකගේ මතය වී ඇති අතර,
මෙකී ආයතන සඳහා මුලින් පත්කළ සභාපතිවරුන් ඉවත් කරමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සාමාජිකයින් පත්කිරීමට කටයුතු යෙදීම සිදු කිරීම පක්ෂයේ අරමුණ බව තවත් පිරිසකගේ මතය වී ඇත.