SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා මෑතකදී කරන ලද නිර්දේශ සම්බන්ධයෙන්

නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවනීය සම්ප්‍රදායන්ට අනුකූලව, අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නීතිපතිවරයා සහ නිලධාරීන් ඔවුන්ගේ ස්වාධීන වෘත්තීය විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තරයේ කියා සිටියි.  

 

 

ඒ අනුව නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව ඔහු ආරක්ෂා කිරීමට සංගමය පසුබට නොවන බව ද ඔවුන්  සපථ කර සිටියි.

 

  
නීති නිලධාරීන්ගේ සංගමයේ වැඩබලන ලේකම් තෂ්යා ගජනායක නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.

  
“ගරු නීතිපතිවරයා විසින් 2025 ජනවාරි 27 දිනැති උපදෙස් සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වූ ඇතැම් කරුණුමය වශයෙන් වැරදි සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කළේය.

 

එම උපදෙස්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ ක්‍රියා පටිපාටි සහ පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කර ඇති බව සංගමය සටහන් කරයි.

 

අදාළ නිලධාරීන් සියලු වැදගත් කරුණු සහ නීතිය සලකා බලා එම උපදෙස්වලට යටත් ව සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සඳහා නිසි ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. එය සලකා බැලීමෙන් පසු ගරු නීතිපතිවරයා එකී නිර්දේශ සමඟ එකඟ වීමෙන්  පසුව අදාළ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කළේය.

 

 

දේශපාලන ප්‍රතිවිපාක හෝ මහජන අනුමැතිය හෝ අකමැත්ත නොසලකා හරිමින්, පවතින කරුණු මත පදනම්ව, අධිචෝදනා ගොනු කිරීමට සහ සැකකරුවන් නිදහස් කිරීමට තීරණ ගැනීම ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක ලක්ෂණයකි.

 

 

ගරු නීතිපතිතුමා, ඔහුගේ තීරණ සහ අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් කෙරෙහි සංගමය තම උපරිම විශ්වාසය ප්‍රකාශ කරන අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන්ගේ ස්වාධීන වෘත්තීය විනිශ්චය ක්‍රියාත්මක කරමින් ඔවුන් එසේ කර ඇති බව සටහන් වේ.

 

 

ගරු නීතිපතිතුමාව ඔහුගේ ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට පසුබට නොවන බව නීති නිලධාරීන්ගේ සංගමය අවධාරණයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු".

 

නවතම ලිපි