SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මන්නාරමේ සුළං බලාගාරයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් සිටි අදානි සමූහය,

රජයන් විසින් අනුමත කිරීම් සහ තීරණ ප්‍රමාද කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පතට වාර්තා කරයි.

 

 

ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතත්, ශ්‍රී ලංකාවෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට තීරණය කර ඇති බව අදානි සමූහය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට (BoI) දන්වා තිබේ. 

 

කෙසේ වෙතත් මේ සඳහා  ශ්‍රී ලංකා රජය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත. 

 

 

මෑතකදී නවදිල්ලි නුවරට කළ සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ දූත පිරිස අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් අදානි විසින් උපුටා දක්වන ලද ගාස්තුව ඉතා ඉහළ බව ජනාධිපතිවරයා සෘජුවම කියා තිබුණි. 

 

 

එහිදී ඉන්දීය පාර්ශවය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට සූදානම් බවයි. 

 

මැයි මාසයේදී විභාගයට ගැනීමට නියමිතව තිබූ අදානි කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බවත් පසුව වැඩිදුර තීරණයක් ගන්නා බවත් NPP රජය එවිට ඉන්දියාවට පවසා ඇත.

 

කෙසේ වුවද මේ වනවිට කලාපයේ භූ දේශපාලනය තුළ ලංකාව වැඩිවශයෙන් චීනයට සමීපත්වයක් දක්වන්නේද යන්න පිළිබඳව භූ දේශපාලන විශ්ලේෂකයින්ගේ විමසුමට ලක්ව ඇත.

 

මේ අතර ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිගේ අදානි සමූහයේ කොටසක් වන අදානි ග්‍රීන් එනර්ජි, ශ්‍රී ලංකාවේ මන්නාරමේ සිය සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කිරීම ස්ථිර ලෙස දන්වා ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහයේ ප්‍රකාශකයෙකු පැවසුවේ අදානි ග්‍රීන් එනර්ජි තම මණ්ඩලයේ තීරණය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි.

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බවත්, ශ්‍රී ලංකා රජය කැමති නම් අනාගත සහයෝගීතාවයට විවෘත බවත් එම කණ්ඩායම ප්‍රකාශ කරයි.

නවතම ලිපි