SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(*දිවයින කාටූනයකි)

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව ගෙන ආ 

විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 දා) පස්වරු 4.30 ට සිදුකිරීමට නියමිතව ඇත.

 

එම යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා(19) සිට  (19, 20, 21) දින තුන පුරාවට විවාදයට ගනිමින් ඇත.

 

අද සවස එම ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 

කෙසේ වුවද මෙම විශ්වාසභාංගයෙන් කථානායක මහින්ද යාපා ව රැකගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණට උපදෙස් දී ඇතැයි වාර්තා වන අතර පොදුජන පෙරමුණ පිළිබඳ විවිධ කතා පැතිරුන ද පක්ෂය තුළ බැසිල් ගේ බලය පිළිබඳව අද යළිත් හෙළිවනු ඇතැයි දේශපාලන විචාරකයින්ගේ අදහස ය.

 

විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම ඔහු කථානායක අසුනට පැමිණියේ නැත.

නවතම ලිපි