වත්මන් ලාංකීය රාජ්‍යය යනු ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය විසිනුත් පසුව එහි උරුමය
ඉදිරියට ගෙනගිය UNPය විසිනුත් ගොඩනගන ලද්දකි (SLFPය විසින් සැමවිටම සිදු කරන ලද්දේ එය පවත්වාගෙන යාමයි).
දීර්ග කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයින් පුරුදු පුහුණුව ඇත්තේ මෙතෙක් පැවති ආකෘතිය තුල ක්‍රියා කිරීම සඳහාය. එනම්, අලුතෙන් යන සේවකයා ද පුරුදු පුහුණු වන්නේ එම ආකෘතිය සඳහා අනුගත වීමටය. මේ අර්බුධය පහසුවෙන් ජයගත නොහැක.
බ්‍රිතාන්‍ය සහ විශේෂයෙන්ම UNPය රජයේ නිලධාරීන් ගොඩනගා තිබෙනුයේ මහා ජනයා ප්‍රතික්ෂේප කිරීමේ ආකෘතියක් පවත්වාගෙන යාම සඳහාය. මහජනයා රාජ්‍ය සේවය ප්‍රශ්න කරන්නෙකු බවට පත්වුවහොත්, විවිධාකාර පැමිණිලි, පෙත්සම් ඉදිරිපත් කිරීමට පටන්ගතහොත් එය UNP වැනි පක්ෂ වලට විශාල කරදරයකි. එසේම යම් කටයුත්තක් ඉටු කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන අනුග්‍රහය අර්බුධයට යනු ඇත. එවැනි ප්‍රවෙශයෙකින් අර්බුධයට ගමන් කරනුයේ ප්‍රභූ දේශපාලන තන්ත්‍රය සහ එය නඩත්තු වන එහිම පහල ප්‍රජාවය.
ජේ. ආර්. බලයට පත්වීමෙන් පසුව සිදු කල ක්‍රියාවක් දැන් සියලු දෙනා හට අමතකව ගොසිනි. එකල රජයේ ඉහලම නිලධාරියෙකු පවා මහජන පැමිණිල්ලක් හෝ වෙනත් කිසියම් කටයුත්තක් කරදීමේදී අත්සන් කිරීමට ප්‍රථම "ඔබගේ යටහත් සේවක" යනුවෙන් වගන්තියක් තිබුණි. මිනිසුන් රැවටීම සඳහා හෝ පැවති එම වගන්තිය ජේ.ආර්. විසින් අහෝසි කරනුයේ ඔහුගේ පාලනයට එය බාදාවක් විය හැකි බව සිතමිනි.
නිලධාරිවාදී ප්‍රභූ තන්ත්‍රය (bureaucratic elite) පමණක් නොව මේ වන විට පහල රජයේ සේවකයින් දක්වා ආණ්ඩුවට එරෙහි වෙමින් සිටී. තවමත් එසේ නොමැත්තේ වෛද්‍යවරුන් (තවමත් ආණ්ඩුව විසින් වෛද්‍යවරුන් සඳහා වෙලාව සටහන් කිරීම අනීවාර්ය කර නොමැති බැවින් වැනි ක්‍රියා හේතුවෙන්), ගුරුවරුන්, හෙද නිලධාරීන්, පහලම රජයේ සේවකයින්, වැනි නියැඳීන් පමණි. නමුත් මෙම කොටස් ද ඉදිරියේදී එරෙහි වීමට නියමිත වන්නේ ඔවුන් පැතූ 117ට පෙට්‍රල්, බදු ඉවත් කල වාහන, අඩුමිලට සිමෙන්ති වැනි දේ නොලැබෙන බැවිනි.
ඉහලම රජයේ සේවකයින් ආණ්ඩුවට එරෙහි වන පදනම් කිහිපයක් තිබේ.
- සමාජයේ සිටිනා ඉතාම නරකම සමාජ කොට්ටාශය වන්නේ ලේකම් මට්ටමේ නිලධාරීන්ය.
- ඉහලම රජයේ සේවකයින් හට නිතිපතා ලැබෙන සන්තෝෂම් අහිමි වීම.
- වරප්‍රසාද යම් පමණකට අහිමිවෙමින් තිබීම.
- මෙතෙක් පැවති හිතවත්කම් නඩත්තු කල නොහැකි වීම සහ වර්තමාන ජවිපෙ දේශපාලනඥයා මෙතෙක් සිටි ප්‍රභූවරයා අතර ඇති පැහැදිලි පරතරය මෙන්ම දේශපාලනඥයා සහ නිලධාරියා අතර පරතරය.
- සුපුරුදු ආකෘතියෙන් මිදී වැඩ කිරීම කරදරයක් බවට පත්වීම.
- නිදහස් අධයාපනය තුලින් තනතුරු ලබාගත් මොවුන් හට තමන්ගේ තනතුරු සම්බන්ධයෙන් ඇති හීනමානය.
දැන් කෙනෙකුට විමසිය හැක්කේ මෙතරම් ආචාර්ය මහාචාර්ය වරුන් ඇමතිවරුන් බවට පත්ව සිටියදී චාමර සම්පත් වැනි අයගේ පදයට පවා ඉතා සුවච කීකරුව නැටූ රජයේ නිලධාරීන් එම ආචාර්ය මහාචාර්ය ඇමතිවරුන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට අකමැති ඇයි ද යන්නයි.
ඊට හේතුව නම් ඉහත සඳහන් කල කරුණු සහ කෙතරම් ආචාර්ය මහාචාර්යවරුන් ඇමතිකම් දැරුව ද ඒ සියල්ල මෙහෙයවනුයේ ජවිපෙන් බව ඔවුන් හට දැන් වැටහෙමින් තිබීමයි (මෙය අප විසින් නිශේධනීය ලෙස නොව ඉතා සාධනීය පියවරක් වශයෙන් සලකන්නෙමු. කල යුත්තේ මීටත් වඩා තදින් එහි නිරත වීමයි).
උදාහරණයකට හරිනි අමරසූරිය විසින් ගත් තීරණයක් මහින්ද ජයසිංහ විසින් නිෂ්ප්‍රභා කොට අත්හිටුවා ඇත. එහිදී මහින්දගේ තීරණය පවතින දේශපාලන සන්ධර්භයට අනුව නිවැරදිය. ඉදිරියේදී පැමිණෙන මැතිවරණ ප්‍රතිඵලය පැවති ප්‍රතිශතයට වඩා අඩු වුවහොත් එය දඩමීමා කරගැනීමට විපක්ෂය සහ ජනමාධ්‍ය දැඩිව උත්සාහ දරනු ඇත.
එවැනි ටියුෂන් විරෝධී පියවරකට යා යුතුව ඇත්තේ රාජ්‍ය බලය මෙහෙයවීමේ හැකියාව අත්පත්කර ගැනීමෙන් පසුවය. එමෙන්ම ඒ සඳහා කතිකාවක් ගොඩනැගිය යුතුව ඇත. නමුත් එය දිගින් දිගටම කල්දැමිය හැක්කක් නොවේ. එසේ කල් දැමීම යනු පැරණි පන්නයේ ආණ්ඩුවක් බවට NPP ආණ්ඩුව ද පත්වීමයි.
නිර්මාල් දේවසිරි විසින් පවසා තිබුනේ "ජාතික ජන බලවේගයේ බුද්ධිමය කවය දේශපාලනය අතහැර දමා ඇති බව පෙනේ"යනුවෙනි. මෙය ද සිදුවන්නේ ඉහත සඳහන් කල ජවිපෙ කේන්ද්‍රීය මෙහෙයුමට විරෝධයක් ලෙසිනි. ජවිපෙ මෙම බුද්ධි චෞරයන්ට යට විය යුතු නැත. මින් ඉදිරියට එවැනි බුද්ධිමතුන් ක්‍රමක්‍රමයෙන් ජවිපෙට එරෙහි වීම ආරම්භ වනු ඇත (මැතිවරණය ජයගත් වහාම අප විසින් පල කල ලිපියේ රාජ්‍ය සේවයට සිදුවීමට නියමිත දෙය ලියා තබා ඇත). ඔවුන්ට බුද්ධිමතුන් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට නම් එම පියවරට යාමට සිදුවීම නොවැලැක්විය හැකිය.
කෙසේ වෙතත් ජවිපෙ තීරණය මේ වන විට විද්‍යාමාන වෙමින් තිබේ. එබැවින් ජවිපෙට කම් ඕ ගෝ ගේමක් ගැසීමට සිදුවනු ඇත. කෙතරම් මාරාන්තික වුව ද අනීවාර්යෙන්ම එම පියවර අනුගමනය කල යුතුය. නමුත් ජවිපෙට ද තවමත් පාර්ලිමේන්තුවාදයෙන් ගැලවීමට නොහැකිව දුක් විඳී.
"his excellency", "honourable" වැනි වචන නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය මිනිස්සු බිය ගැන්වීම සඳහාය. ආණ්ඩු පක්ෂයෙන්ම පත්වන කතා නායක විශේෂ ඇඳුමක් අන්දවා උස පුටුවක් උඩින් තබා ඇත්තේ (අධිකරණ විනිසුරුවරුන් ද එසේය) එම සම්ප්‍රදායට ව්‍යාජ ගරුතත්වයක් ආරෝපණය කිරීමට සහ සාමාන්‍ය මිනිස්සු පාර්ලිමේන්තුව කෙතරම් උත්තරීතර ද යන ගාම්භීරත්වය සහ ප්‍රභූ බිය නඩත්තු කිරීම සඳහාය.
එවැනි භාවිතයන් තහවුරු කිරීම විසින් ජවිපෙ විසින් විනාශ කරගන්නේ ඔවුනගේම පක්ෂය සහ අරමුණයි.
@ස්පාර්ටකස් ලිපි