SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි දැන් Generation Alpha පසු කල අතර අරගල මිනිසුන්

අප්‍රසන්න අත්දැකීමක් ලබා දී පත් කල රජයක් සමග Generation Beta ආරම්භ විය. 2025 ජනවාරි 1ත්, 2039 ත් අතර වසර 15ක් උපදින අයගෙන් ජෙන් බීටා පරම්පරාවක නිල පැමිණීම සනිටුහන් කර ඇත.

 

 

තවමත් ඩයපර් පැළඳ සිටින ජෙන් බීටා පරම්පරාවකට ලංකාව කෙබඳු වනු ඇත් දැයි සිතීම වැඩක් නැති වැඩක් වනු ඇත. ඇල්ෆා පරම්පරාව සහ Z පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන් ය. දෙමව්පියන් ලබා දුන් තාක්ෂණයේ සහ කෘතීම බුද්ධියේ දියුණුව හේතුවෙන් ඔවුන්ගේ මානසික දර්ශනය වේගයෙන් වෙනස් වේ.

 

අපට අනාගතය ගැන නිශ්චිතව කිව නො හැකි වුවද, අපගේ ජීවන සහ වැඩ කිරීමේ ක්‍රම ආර්ථික සමාජීය රටා වෙනස් කරන සැලකිය යුතු සමාජ-ආර්ථික, භූ දේශපාලනික සහ සංස්කෘතික මාරු වීම් අපට අපේක්ෂා කළ හැකිය. තවද මෙම පරිවර්තනීය සිදුවීම් සංකීර්ණ හා ක්ෂණික වන බැවින් Generation Beta ගේ මනස හිරි වැටෙනු ඇත.

 

 

බේබි බූමර්ස් ජෙනරේෂන් එකේ සිට (1960) අවුරුදු 4 - 5 කට වරක් ම ලෝකයේ දැනුම් සම්භාරය තෙගුණ විය. 2024 න් අවසන්වූ ජෙන්සී  දැනුම එම කාලය ඇතුළත දීම බොරු කීම නිසා සියයට 90% කින් නො වටිනා තත්ත්වයට පත් විය.

 

 

SpaceX වැඩ සටහන තව වසර 5-6 කින් පැරණි වනු ඇත. එසේම මීට පෙර පටන්ගත් චන්ද්‍රිකා තාක්ෂණය පැරණි වූයේ ජෙන්සී  කාලය ඇතුළත ය. ලෝකයේ ප්‍රධානතම නිශ්පාදන යන්ත්‍රය පරිගණකය විය. එය ඒඅයි වෙත බාර දීම ජෙන් බීටා යුගයේ සිදුවනු ඇත. ගෝලීය වාණිජමය භාෂාව ඉංග්‍රීසියයි. පරිගණකය හා ඒඅයි භාවිතා කරමින් කටයුතු කිරීමට නම් ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යයි. ලංකාවේ ජෙන් බීටා පරපුරට ගෝලීය භාෂා සදහා වූ පහසුකම් ඇති කල යුතු ය. එය අපගේ රජයේ වාමාංශික මාක්ස්වාදී ගුරුවරුන්ගෙන් හා පසුගාමී පාසැල් අධ්‍යාපනය මගින් කල නො හැක. ඉංග්‍රීසි, මැන්ඩරින් සහ ස්පාඤ්ඤ හා හින්දි මෙන්ම අරාබි හා රුසියානු භාෂා අනාගතයේ දී වඩාත් අතවශ්‍ය වන භාෂාවන්ය. 

 

 

බීටා උද්දච්ච නො මේරූ ධනවාදයේ ප්‍රතිවිපාක විඳින පරම්පරාවක් වනු ඇත - 2035 වන විට ගෝලීය ජනගහනයෙන් 16% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. පුද්ගලයන් බිලියන 2.1 ක් පමණ වන දෙවන විශාලතම ජන කණ්ඩායම වනු ඇත.

 

 

ඔවුන්ගේ ජීවිත හැඩගස්වාගත හැකි ප්‍රධාන සාධක තුනක් සලකමු.

 

 

1. වැඩි දියුණු කළ මනුෂ්‍යත්වය මත වැඩ පරිසරය වෙනස් කරයි.

 

ඩිජිටල් හා ඒඅයි සාමාන්‍ය කරණය වූ පරිසරයක් තුළ බීටා වැඩෙනු ඇත. ඔවුන් මුහුණට මුහුණ හඳුනන අයට වඩා අන්තර්ජාලය හරහා සන්නිවේදනය කරනු ඇත.  සමහර විට වැඩි ප්‍රමාණයක් මිතුරන් ඔවුන්ට කිසි දා හමු නොවූ අය වනු ඇත. Discord සහ Midjourney වැනි සමාජ වේදිකා වැඩි වැඩියෙන් ඔවුන්ගේ විශේෂාංගවලට ඒකාබද්ධ වනු ඇත. එම ෆ්ලැට්ෆෝම් වල ඇති විශේෂතා Generation Beta ගේ මානව සබඳතා හැඩ ගස්වනු ඇත. එම ෆ්ලැට්ෆෝම්  ඔවුන්ට මව් පියන් වනු ඇත.

 

Generation Beta "AI Generation" ලෙස හඳුන්වනු ඇත. කෘත්‍රිම බුද්ධිය දෛනික ජීවිතයට වැඩි වැඩියෙන් එක් වන බැවින්, මෙම පරම්පරාව පෙර පැවති ඕනෑම කණ්ඩායමකට වඩා AI සමඟ අන්තර් ක්‍රියා කරනු ඇත. මෙම පරම්පරාව දෛනික ජීවිතයේ සම්මත අංගයන් ලෙස " ස්වයංක්‍රීය ප්‍රවාහනය, පැළඳිය හැකි සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම, සාමාන්‍යකරණය වූ ඔග්මැන්ටින් රියැලිටි පරිසරයක් අත්විඳින පළමු පරම්පරාව විය හැකිය.

 

GPT සහ චැට් බොට් සැලකිය යුතු ලෙස දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි දැනුම් පද්ධති බවට පත් වනු ඇත. වැඩි දියුණු කළ AR, සහ VR සමග එක්වූ AI සහායකයන්ගේ ඒකාබද්ධ කිරීම මගින් අධ්‍යාපනයේ දිසාව වෙනස් කර ගනු අත. character.ai යෙදුම මඟින් Elon Musk සිට Karl Marx දක්වා වූ ඓතිහාසික හා සමකාලීන පුද්ගලයින්ගේ ඩිජිටල් නිරූපණ සමඟ සංවාදවල යෙදීමට ජෙන් බීටාට ඉඩ සැලසේ.  මේ සියල්ල කෝඩඩ් පුද්ගලයන් අනුකරණය කරන bots ලා බවට පත්වේ. කෙසේ වෙතත්, අනාගත පරම්පරාවන් AI හරහා ඉතිහාසය විග්‍රහ කරනු ඇතැයි යන මතය නිවැරදි වේ.

 

Generation Beta මෙම AI මෙවලම් වලින් සන්නද්ධ වී ලෝක ශ්‍රම බලකායට ඇතුළු වනු ඇත. AI හි ප්‍රවීණතාවය බොහෝ බයෝ ඩේට වල සම්මත අවශ්‍යතාව යක් බවට පත් වනු ඇත. ඉගෙනීම, පුද්ගලික සංවර්ධනය සහ අනාගත සැලසුම් සඳහා ඔවුන්ට සහාය ඔවුන්ට AI  සහ බිග් ඩේටා  අවශ්‍ය වනු ඇත. නිෂ්පාදනයේ දී බොහෝ රැකියා ස්වයංක්‍රීය කරණය වීම නිසා මෙම පරම්පරාව අනෙක් අයට වඩා ඉතා වේගවත් වේගයකින් කාර්මීකරණ දියුණුව සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම වර්ධනය කර ගනු ඇත.

 

තාක්‍ෂණයේ දියුනුව නිසා පුද්ගලිකව හුදකලා වීමේ සහ සම්බන්ධතා විසන්ධි වීම ඇති වේ. අවට සමාජය සහ ප්‍රජාව සමග සමීප සබඳතා සමබර නොවනු ඇත.

 

ලංකාව Millennials සහ Gen Z විසින් පාලනය කරනු ලබන බැවින්, ඔවුන් සමඟ Augmented Leadership සංකල්ප වැඩි වනු ඇත. බීටා පරම්පරාවට සම්බන්ධ වන ප්‍රජාවන් ඔවුන්ගේ ඉදිරි දර්ශන, ආකල්ප සහ හැසිරීම්වලට සැලකිය යුතු ලෙස බලපානු ඇත.

 

ඇල්ගොරිදම්, කේත සහ චැට් බොට් මත පමණක් රඳා නොසිට - බීටා පරම්පරාවට පවුලේ අය, මිතුරන්, ආධාරකරුවන්, පුහුණුකරුවන් සහ උපදේශකයින් සමඟ සම්බන්ධ වීමට හැකි වන පරිදි වැඩ හා මිනිස් සබඳතා පද්ධතියක් ගොඩනැගීමට අප උත්සාහ කළ යුතු ය.

 

 

2. හොඳ කරක හා යහපත් දේ හා පැවැත්ම සාකච්ඡා කළ නො හැකි වනු ඇත

 

තම පැවැත්ම ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන බව හැඟෙන සේවකයින්ගේ ප්‍රතිශතය කොවිඩ් වසංගතය අතරතුර ඉහළ ගිය නමුත් ඉක්මනින් ම පහත වැටුණු බව ඔවුන් පැවසීය. දැනට, Millennials සහ Gen Z ඉහළ ම මානසික ආතතිය අත්විඳිති - වයස අවුරුදු 18 සිට 34 දක්වා වයස්වල අය පවසන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ආතති මට්ටම 10න් 6ක් වන අතර, අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් අතර 3 හෝ4 සමඟ සසඳන විට ඉතා වැඩි අගයක් බවයි.

 

මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ සේවා පරිසරයේ වේගවත් වෙනස්කම්, විකාශනය වන අපේක්ෂාවක් සහ තාක්ෂණයේ පැතිරුණු බලපෑමයි. මිනිසුන් හුදකලා වීම වැඩි වන ආකාරයක් ද පෙන්නුම් කරයි - වයස අවුරුදු 18 සිට 34 දක්වා වූ අයගෙන් 74% ක් සහ වයස අවුරුදු 35 සිට 44 දක්වා වූ අයගෙන් 70% ක් පවසන්නේ අතීතයේ සිටි මිනිසුන්ට වඩා අද මිනිසුන් සමඟ සම්බන්ධ වීම ඉතා දුෂ්කර බවයි. එසේම ගැළපෙන හොඳ කොල්ලෙක් හෝ කෙල්ලෙක් සොයා ගැනීම අතිශය දුෂ්කර බවයි.

 

වෙන් වීම සහ හුදකලා වීම, හා වැඩෙහි නියැලීම අඩු කම, අධික කේන්තිය සහ යහපැවැත්ම හීන වීම නිසා දුක්ඛිත ජීවිතයක් පවත්වා ගෙන යාමේ අවදානමක් ඇත.

 

 

3. රැකියාවේ ස්වභාවය නාටකාකාර ලෙස වෙනස් වනු ඇත

 

Generation Beta සඳහා, රැකියාව ඔවුන්ගේ අනන්‍යතාවයේ මූලික කුලුන ලෙස ක්‍රියා නො කරනු ඇත, එය දැනටමත් මතු වෙමින් පවතින ප්‍රවණතාවකි. නිදසුනක් වශයෙන්, Gen Z හි වැටුප් චෙක්පතට වඩා මුදල ඉහළ වටිනාකමක් ගනී. Beta හිදී එය වැඩි වැඩියෙන් වේගවත් වීමට ඉඩ ඇත. මිනිසුන්ගේ රැකියාවෙන් උපයන මුදල  මූලික වටිනාකමක් බවට පත් වනු ඇත. ඔවුන් රැකියා නාමය වැදගත් යැයි පිළි නො ගනිති.

 

රැකියාවේ ස්වභාවය ම කඩාකප්පල් වේ. බොහෝ අය අද පවා, නොයෙක් ක්ෂේත්‍රවල අතිරේකව වැඩ කරන අතර AI සහ ක්වොන්ටම් පරිගණකය වැනි පෙරළි කාර තාක්ෂණයන් නිසා සිතා ගත නො හැකි තරම් ජයග්‍රහණ අත් කර ගනු ඇත. රැකියාවේ බලපෑම වැඩ කරන කාලයේ වෙනසක් පමණක් වනු ඇත.

 

දේශගුණික සිදුවීම් නිතර සිදු වෙමින් පවතින අතර, පසුගිය යුග තුළ මිලේනියල්ස් (71%) සහ Gen Z අය (67%) සැලකිය යුතු බහුතරයක් ලෝකයේ තිරසාර අනාගතයක් සඳහා දේශගුණික විපර්යාස සිදුවීම වැදගත් සිදුවීමක් ලෙස දකිති. බීටා මෙය ඔවුන්ගේ ජීවිතයේ අවම වශයෙන් වැදගත් අංගයක් ලෙස පිළිගත හැකිය.

 

ඔබ කරන්නේ කුමක් ද? යන්නට පිළිතුරු දීමට වඩ වඩාත් අසීරු විය හැක. Generation Beta තනි රැකියාවක් මත යැපීමට වඩා ආදායමක් ලබා දෙන ඕනෑම ක්‍රියාකාරකමක හෝ රාශියක නිරත විය හැක. මේ කරුණ ඔවුන් ගණන් ගන්නේ නැත.

 

රස්සා කරන Gen Beta වෘත්තිකයන් පක්ෂග්‍රාහී අගෞරව අපහාස කරන ජනපතිට හා ඇමති සහෝදරයින්ට වඩා AI විශ්වාස කරනු ඇත.

 

සේවකයින් සහ පාරිභෝගිකයින් යන දෙ අංශයෙන් ම, ඔවුන් සමාජ තිරසාර භාවය පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව සහ සමාජ හා සංස්කෘතික ගැට‍ළු ගැන තක්සේරුව අවම වනු ඇත. මෙම පරම්පරාව වැඩි වැඩියෙන් අව්‍යාජ අදහස් සහ අරමුණ සොයනු ඇත. මාක්ස්වාදී හෝ වාමාංශික හෝ ළදරු ධනවාදී සාම්ප්‍රදායික අදහස් තවදුරටත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් සිතිය හැකිය.

 

ජෙන් ඇල්ෆා පරම්පරාව මානව අයිතිවාසිකම් සඳහා කැප විය. සාමය සඳහා ඇති අයිතිය, ස්වයං තීරණය සඳහා ඇති අයිතිය, පොදු මානව දායාද මූලධර්ම ය, සංවර්ධනය සඳහා ඇති අයිතිය, සුළු ජන අයිතීන් හා පිරිසිදු පරිසරයකට ඇති අයිතිය යනාදී අයිතිවාසිකම් හා ජිවත් වීමට, පෞද්ගලික නිදහසට හා ආරක්ෂාවට, පෞද්ගලික භාවය රැක ගැනීමට, කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලින් සහ බොරු කීමේ  වධහිංසාවෙන් මිදී සිටීමට, සාධාරණ නඩු විභාගයකට, නීතිය ඉදිරියේ පුද්ගලයෙකු වශයෙන් පිළිගනු ලැබීමට, අතීතයට බලපාන අයුරින් පනවන දඬුවම් වලින් මිදී සිටීමට, සිතීමේ විශ්වාස කිරීමේ සහ ආගම් ඇදහීමේ නිදහසට, මත දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහසට, සාමකාමී ලෙස රැස්වීමට සහ සංවිධානය වීමේ නිදහසට සෑම මනුෂ්‍යයෙකුට ඇති අයිතිය ඇල්ෆා පිළිගති.

 

දිගු කාලීන ව රටට හා සමාජයට හානි කරන බොරුවලින් නිදහස් වීමේ අයිතිය Gen Beta අලුතින් එකතු කරනු ඇත.

 

අවසාන වශයෙන්, මේවා තවමත් පැමිණීමට නියමිත අනාගතය පිළිබඳ අනාවැකි වේ. වඩාත් ප්‍රබල ප්‍රශ්නය වන්නේ යමෙක් ඥානවන්ත ව පැවසූ පරිදි, "අනාගතය ගැන අනාවැකි කීමට හොඳම ක්‍රමය එය නිර්මාණය කිරීමයි." හෙට කුමක් වනු ඇත් ද යන්න හැඩ ගස්වා ගැනීමේ බලය අද අප සතුව ඇත.

 

ඔවුන් කෙසේ වත් මාක්ස්වාදී වත් ධනවාදී වත්, පෝස්ට් මොඩනිස්ට්වත් නැතහොත් ඩෙරීඩා කටපාඩම් කරන අසරණ ව්‍යාජ සංදර්ශකයින් (Con-artist) වත් නොවෙණු ඇත. එසේම රනිල්ගේ වත් මහින්දගේ වත් අනුරගේ වත් තව කාගේ හරි වත් නො වනු ඇත. හේතුව ඔවුන් පොත් පාඩම් කරන යුගය, අන්තර්ජාල යුගය හා ඇපල් ෆෝන් යුගය පසු කර පැමිණි කුණු හරුපයෙන් ජනපතිට ජාතිය අමතන අරගල අම්මිලාගේ බබාලා වන බැවිනි. ඔවුන් ගම හා නගර වෙනස් කියන, ටොයි-බයි වෙනස් කියන, චිත්‍රපටිවලින් ජීවිතයේ අර්ථය හොයන මිනිසුන් නොවෙණු ඇත.

 

මතක තබා ගන්න මීට වසර 20 කට පෙර, මාර්ක් සකබර්ග් විසින් අවසානයේ Facebook බවට පත් වන රැඩිකල් අදහසක් සඳහා මොළය වෙහෙසවමින් සිටි අතර, පේ පෑල් සේවකයින් තිදෙනෙකු ඔන්ලයින් වීඩියෝ බෙදා ගැනීමේ වේදිකාවක් සඳහා විප්ලවීය අදහසක් ඉදිරිපත් කළ අතර එය පසුව ඔවුන් යූ ටියුබ් ලෙස හඳුන්වනු ලැබීය.

 

එසේම, Generation Beta හමු වන විට සමහර විට අප සිතනවාට වඩා විවෘත සුහද අගනා මිනිසුන් විය හැක‍.

 

@ ප්‍රයාම් නිර්වාන්

නවතම ලිපි