"ලෝකයේ සිටිනා උන්නතිකාමීම 'ජනතාව' සිටිනුයේ ලංකාවේය.
එය එසේ වන්නේ බොහෝ දෙනෙකු ඉතා දේවත්වයෙන් සලකන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙසය. මෙම උන්නතිකාමී, කුහක, තුච්ඡ, අධම ජනතාව ගැන කුමට වෙහෙසිය යුතු ද? ඒ වෙනුවට විමුක්ති දේශපාලනය වෙනුවෙන් නව නිර්ධනීකරණයක් ගොඩනැගිය යුතුව ඇත".
ජේ.ආර්.ගෙන් පසුව පත් වූ සෑම ජනාධිපතිවරයෙකුටම -ආණ්ඩුවකටම සිදුවූයේ තමන් ජයග්‍රහණයට පෙර කල ප්‍රකාශයන් සහ ජයග්‍රහණයෙන් පසුව තමන් සහ ආණ්ඩුව ඉටුකිරීමට බලාපොරොත්තු වූ බොහෝ දේ මාස දෙක තුනක් පමණ ගතවීම්දී සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටය. ප්‍රේමදාස, චන්ද්‍රිකා, සිරිසේන යන තිදෙනාටමත් ඒ ඉරණම අත්උනි. ඔවුන් සියල්ලට අවසානයේ සිදු වූයේ ගෝලීය ධනවාදය වෙත හොඳින් ගැටගැසී සුපුරුදු මාවතේ ගමන් කිරීමටය. ජේ.ආර්ගෙන් පසුව එම ව්‍යාපෘතිය ඉතා හොඳින් සහ වේගයෙන් ඉදිරියට ගමන් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව යටතේය. 2015න් පසුව තත්වය උග්‍ර වූයේ එබැවිනි. අඩු තරමින් ලන්ච් ශීට්, ඇස්බැස්ටස්, වැනි දේ පවා තහනම් කරගැනීමට හෝ සිරිසේනට නොහැකි විය. කියපු දේවල් වෙනස් නොකර කරන්න ගිය කෙනා ලත් තැනම ලොප් උන අකාරය දැකගත හැකි විය.
"ජනතා අපේක්ෂාවන්" භංග නොවී ඉදිරියට ගෙනයාමට නම් ගෝලීය ධනවාදයේ ප්‍රාග්ධන ක්‍රියාවලිය සමග ගැටගැසීම අනීවාර්ය වී ඇත.
මේ වන විට වත්මන් ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් රනිල්ගේ මාවත ද අතික්‍රමණය කරමින් ඊට ප්‍රවිෂ්ට වෙමින් තිබේ. රනිල්ගේ ක්‍රමයට වඩා ඇති වෙනස වන්නේ පහල සමාජ කොටස් හට ද සම්පත්, භාණ්ඩ සහ සේවා පාරිභෝජනය එක සේ බෙදී යා යුතුය යන ස්ථාවරය දේශපාලනමය ප්‍රතිපත්තියක් ලෙස දැඩි ලෙස පිළිගැනී තිබීම පමණි (රනිල්ට අනුව නම් එය සිදුවිය යුත්තේ ආර්ථිකය ශක්තිමත් වීම තුල ඉබේටමය).
කෙසේ වෙතත්, ජනතා අපේක්ෂාවන් සීග්‍රයෙන් ඉටුකිරීමට නම් හැක්තාක් ආයෝජන අවස්ථා රටට ගෙන්වා ගත යුතුය. ආණ්ඩුව මේ වන විට ක්‍රියා කරමින් සිටිනුයේ ඒ සඳහාය. ඒ සඳහා කල යුතු ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ පාරිසරික නීති රීති හැකි උපරිමයෙන් ලිහිල් කිරීමයි. ඊට ආණ්ඩුව අතගසා ඇත.
ජවිපෙට (බෝල්ෂෙවික් පක්ෂයට) හෝ පෙසපට මේ ක්‍රියා පටිපාටියට එරෙහි විය නොහැක. ඒ සමාජවාදය කරා ලංවිය හැක්කේ "පන්තිය" වෙත ප්‍රතිලාභ (ලොව පවතින ඉහළතම භාණ්ඩ සහ සේවා පාරිභෝජනය) අත්වීමට ඉඩ දීම තුලය යන ස්ථාවරය ඒ සියල්ලන්ගේ ස්ථාවරය වන බැවිනි. "පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!" තේමාවේ අන්තර්ගතය කෙටියෙන් එසේය. ඔවුනට අනුව එය සමාජවාදය දෙසට ගමන් කිරීමකි (ඇත්තෙන්ම සමාජවාදය ප්‍රතික්ෂේප කල යුත්තේ ද එබැවිනි).
ඒ අනුව, නැවතත් අවධාරණය කල යුතුව ඇත්තේ මධ්‍යම පන්තිය පමණක් නොව ඊට පහල පන්තීන් හට ද උපරිම භාණ්ඩ හා සේවා පාරිභෝජනයක් අත්කර දීම සඳහා මේ ආණ්ඩුවට ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි. එසේ නොමැති වුවහොත් ආණ්ඩුව කඩා වැටීම නොවැලැක්විය හැකිය (මේ පිළිබඳව "ගෝලීය අර්බුධය සහ ජනතා ඉල්ලීම් හමුවේ පත්වන ආණ්ඩුවක ඉරණම කුමක් වේ ද?" යන මාතෘකාව යටතේ සංවාදයක් ද පැවැත්වීය: https://www.youtube.com/watch?v=MVCcJYKfn3k). එබැවින් NPP ආණ්ඩුව විසින් ඩෙන්ගෙන් පසු චීනය කටයුතු කල ආකාරය අනුගමනය කිරීමට යන බව පෙනෙන්නට තිබේ.
චීනය යනු ඓතිහාසිකව, ලෝකයේ අනෙකුත් රටවල් වෙතින් තම සංස්කෘතිය දූෂණය වේය යන බියෙන් රට වටා මහා ප්‍රාකාරයක් ඉදිකරගත් රාජ්‍යයකි. නමුත්, මේ වන විට එය සමාජ, සංස්කෘතික, පාරිසරික වැනි සෑම අතින්ම විනාශ වී, දූෂණය වී, නැවත ගොඩගත නොහැකි මට්ටමට වැටී අවසන්ය. ඒ අතින් චීනය අද ලෝකයේ ප්‍රථම ස්ථානයයි. නමුත් මේ වනවිට චීනය බටහිර පරිසරවාදය අනුව යමින් පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති කරා ගමන් කරමින් තිබේ. එහෙත් පරිසරවාදය තුලින් සිදුවන්නේ තත්වය උග්‍ර වීම බව ආඩම්බරකාර විද්‍යාඥයින්ට තවමත් නොවැටහේ. ඔවුන් සිතනුයේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනුයේ විද්‍යාව තුලින් දිරියට යාමෙන් බවත්, මේ පසුකරමින් සිටිනුයේ එහි එක් සන්ධිස්ථානයක් පමණක් බවත්ය. ජවිපෙ සහ පෙසපෙ ස්ථාවරය වන "ඓතිහාසික භෞතිකවාදය" පිහිටා ඇත්තේ එම ස්තාවරයේය. ඒ අනුව නූතන විද්‍යාවේ දෘෂ්ටිවාදයේ ප්‍රධාන නියෝජනයක් ලෙස "ඓතිහාසික භෞතිකවාදය" යන නාමකරණයක් නැති වුව ද ඇත්ත වශයෙන්ම ඉන් නියෝජනය වන්නේ "ඓතිහාසික භෞතිකවාදයයි".
චීන ආයෝජනයක් ලෙස මහා පරිමාන තෙල් පිරිපහදුවක් හම්බන්තොට සංස්ථාපනය කිරීමට සූදානම් වේ. මේ සමග චීන කර්මාන්ත පුරය ද හම්බන්තොටට පැමිණෙනු ඇත. රට තුලට පෙර නොවූ විරූ පාරිසරික බලපෑමක් මින් ඇතිවීම නොවැලැක්විය හැකිය. මින් ඇතිවන ප්‍රධාන දූෂණය වන වායු දූෂණයේ බලපෑම ඍජුවම බදුල්ල සහ නුවර එලිය යන දිස්ත්‍රික්ක වලදී දැකගත හැකි වනු ඇත. ඊට අමතරව ඊට අදාලව තවත් බොහෝ දූෂණයන් ඇත.
තෙල් පිරිපහදු ආයෝජනය පසුපස තවත් චීන ආයෝජන පැමිණීම නොවැලැක්විය හැකි ලෙස සිදුවනු ඇත. ඊට අමතරව ඉන්දියාව සහ ඇමරිකාව ද තරඟයට ආයෝජන රැගෙන ඒමට සූදානම් බව පැවසේ. මේ ආයෝජන සඳහා පාරිසරික නීති-රීති සහ ප්‍රතිපත්තීන් නොසලකා හැර කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බව පෙන්නුම් කරයි.
ඉදිරියේදී ජනතාව සතුටින් ඉපිල යනු ඇත්තේ අඩු මිලට ඉන්ධන ලබා ගත හැකිවේය යන බලාපොරොත්තුවෙනි. එසේම මෙම ආයෝජන පැමිණ ඒවා ආර්ථිකයට එකතු වීම තුල නැවතත් රාජපක්ෂ ආණ්ඩුවේ බැසිල් විසින් ණය ලබාගැනීම හරහා දුන් ආතල් එකට වැඩි ආතල් එකක් ඉදිරියේදී ලැබෙනු ඇත.
"සිස්ටම් චේන්ජ්" අවසන් කිරීමට සිදුවන්නේ මෙම පසුබිම තුලය. ධනවාදයේ චීන ක්‍රමය යනු ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වීමක් නොවේ. එය ධනවාදයේ සපුරා වෙනස් තත්වයකි. නමුත් ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකය. එබැවින් චීනයේ ක්‍රමය ලංකාවේදී අතාර්කික වීමට නියමිතය.
මේ තත්වය මෙසේ උදාවනු ඇති බව අප දිගින් දිගටම ලියා තැබීය. මේ ඉන් එක ලිපියකි: https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0jhdBsqicb12qm9ePATJ4yLDR7xKK9bybd78m9Gyxdt5H8EjhW6fNkBsjD3bYk5hTl&id=100070974895380
මේ තත්වය තුල කල යුතුව ඇත්තේ ආණ්ඩුවට එරෙහි වී නැවත UNPය බලයට ගෙන ඒම නොවේ. ආණ්ඩුව විසින් ද මේ මොහොතේ කල යුතුව ඇත්තේ, මේ රට මේ තත්වයට ඇද දැමූ UNPය ප්‍රමුඛ ප්‍රභූ තන්ත්‍රය නැවත හිස එසවිය නොහැකි ලෙස හැකි සෑම ආකාරයකින්ම අනුකම්පා විරහිතව මර්ධනය කර දැමීමයි. එසේ නොවුවහොත් මොවුන් යලි හිස ඔසවනු ඇත.
එවැනි තත්වයක් තුල විශාල දේශපාලන හිඩැසක් නිර්මාණය වීමට නියමිතය. ඒ ප්‍රධාන දේශපාලන දහරාවන් සියල්ල මෙන්ම වාමාංශික කොටස් විසින්ද ඉතාම හොඳින් ධනවාදී කතිකාව වැළඳගෙන තිබීම හේතුවෙනි. ලංකාව තුල ධනවාදයට මෙන්ම රුසියානු සම්ප්‍රදායේ මාක්ස්වාදයට ද එරෙහිව ගොඩනැගුන එකම කතිකාව ඉස්මතු වූයේ නලින් ද සිල්වා වෙතින් පමණි. නමුත් එය ඔහුගේ ගෝලයින් විසින් නිසි ලෙස ග්‍රහණය කරගත් බවක් නොපෙනේ. ඔවුන්ට අදාළ වූයේ බෙදුම්වාදී දෙමල ජාතික අරගලයට එරෙහි නලින්ගේ උපක්‍රමික ප්‍රවෙශයත්, ඒ හා සමාන උපක්‍රමික ප්‍රවේශයක් වූ රාජපක්ෂවාදය තුල මිඩංගු වීමත් පමණි. නලින් විරෝධීන් හට ද අවශ්‍ය වූයේ ඔහු මතුකළ කේන්ද්‍රීය කතිකාවට එරෙහි වීම හෝ ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැගීම වෙනුවට දෙමල අර්බුධය සහ රාජපක්ෂවාදයේ එල්ලී සිටීම පමණි. ඒ කෙසේ වෙතත් අවසානයේ නලින් ද සිල්වා ද තම ස්ථාවරයන් වෙතින් සෑහෙන වෙනසකට අපගමනය වනු දක්නට ලැබුණි. ඒ අනුව දැන් ඒ කතිකාව අවසන්ය. දිලිත් ජයවීරලා හරහා ගොඩනැගෙනුයේ පිටරටවල ජීවත් වන නලින්ගේ ගෝලයන් කැමති දේශපාලනයයි.
නලින් ද සිල්වාගේ ස්ථාවරයෙන් වෙනස්ව ධනවාදයට එරෙහි කතිකාවක් අප ගොඩනගමින් සිටිය ද ඉතිරිව ඇති අනෙකුත් වාමාංශික කොටස් එය නොසලකා හරී. ඒ වෙනුවට ඔවුන් නිමග්න වනුයේ තම අනන්‍යතා රැකගත හැකි කොටුවමක් තනා ගැනීමේ කාර්යේය. තම ස්ථාවරයන් ප්‍රශ්න කිරීමට ලක්වීම ඔවුනට දරාගත නොහැක. එය ඔවුන්ගේ දේපල අහිමි වීමක් සේ ඔවුනට දැනේ. පෙසප වැනි මාක්ස්වාදී පක්ෂ ක්‍රියා කරනුයේ බයිබලය දරා සිටිනා පූජකයින් හැසිරෙන ආකාරයටය. මාක්ස්-එංගල්ස්-ලෙනින්ගෙන් පිට (එය ද රුසියානු සම්ප්‍රාදය තුල) කිසිවක් ඔවුනට අදාළ නොවේ. ඉන් පිටත සියල්ල ඔවුන් ප්‍රතික්ෂේප කරයි. එනම් "දැනුම" තුල දේශපාලනයයි.
නැවතත් අවධාරණය කල යුත්තේ මේ මොහොතේ අවශ්‍යතාවය සහ අඩුව බවට පත්ව ඇත්තේ ධනවාදය විශ්ලේෂණය කරගැනීම සහ ඊට එරෙහි කතිකාවක් බවය. නමුත් එය ගොඩනැගීම ආගමක් මෙන් අදහන පැරණි මාක්ස්වාදී ස්ථාවරයේ සිට කල නොහැකිය. එසේම එහිදී "ජනතාව" අමතක කල යුතුය.
ලෝකයේ සිටිනා උන්නතිකාමීම "ජනතාව" සිටිනුයේ ලංකාවේය. එය එසේ වන්නේ බොහෝ දෙනෙකු ඉතා දේවත්වයෙන් සලකන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙසය. මෙම උන්නතිකාමී, කුහක, තුච්ඡ, අධම ජනතාව ගැන කුමට වෙහෙසිය යුතු ද? ඒ වෙනුවට විමුක්ති දේශපාලනය වෙනුවෙන් නව නිර්ධනීකරණයක් ගොඩනැගිය යුතුව ඇත.
@ස්පාර්ටකස් ලිපි