SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පැබ්ලෝ එස්කොබා යනු 80 දශකයේ සිට 90 දශකය දක්වාම කොලොම්බියානු දේශපාලනයේ

තීරණාත්මකම සාධකය බවට පත්ව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් අධිපතියාය. එය කෙතරම් බලගතුද යත් ඇමෙරිකාවට පවා එම තත්වය පාලනය කිරීමට නොහැකි විය.

 

 

එල් චාපෝ යනු 2017 වර්ෂයේදී ඍජු ඇමරිකානු මැදිහත්වීම මත අත්අඩංගුවට පත් මෙක්සිකෝවේ ආණ්ඩු බලය හිමි විය යුත්තේ කුමන පක්ෂයටද යන්න පස් වතාවක් තීරණය කල මත්ද්‍රව්‍ය ජාවාරම් අධිපතියාය.

 

ලංකාව තුලද මේ වන විට වත්මන් ආණ්ඩුව පලවා හැරීම සඳහා යොදාගත හැකි ප්‍රධානතම බලවේගය බවට පාතාලය පත්ව ඇති බව පෙනේ.

 

 

මෑතකදී විශේෂ කාර්ය බලකායෙන් ඉවත් කරන ලද පිරිස අතර එහි බුද්ධි අංශ ප්‍රධානියාද වේ. එම බුද්ධි අංශ ප්‍රධානියා මෑතකදී පවසා ඇත්තේ හෙට අනිද්දා වන විට කොළඹ කේන්ද්‍රීය කර ගනිමින් මතු විය හැකි අපරාධ රැල්ලෙන් “ආණ්ඩුවට බඩ යන්නට” පටන් ගනු ඇති බවය.

 

 

රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවන් සහ UNPය නියෝජනය කල මැති ඇමතිවරුන්ගේ වංචා, දූෂණ, හොර මැරකම් ඇතුළු සියලු අවකල් ක්‍රියා සොයමින් ප්‍රභූ තන්ත්‍රය මර්ධනය කිරීම ආරම්භ කර ඇත. එපමණක් නොව එවකට සේවය කල රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙතද චෝදනා ගොනුවෙමින් තිබේ. මේ තත්වය තුල දේශපාලනඥයින්ට හෝ ඉහල නිලධාරීන් හට රටින් පැනගොස් සැඟවී සිටිය නොහැකි තත්වයක් උද්ගතවෙමින් තිබේ. ඒ අනුව විපක්ෂය එකමුතු වී ආණ්ඩුවට එරෙහිව මාරාන්තික සටනකට අවතීර්ණ විය යුතුව ඇත්තේ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහාය. දැන් එය සිදුවෙමින් තිබේ.

 

 

රාජ්‍ය නිලධාරි තන්ත්‍රයේ ඉහලම කොටස් වලින් බහුතරය වත්මන් ආණ්ඩුවට එරෙහි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේම අනෙකුත් වගකිවයුතු ඉහල රාජ්‍ය නිලධාරීන්ගෙන්ද බහුතරය ආණ්ඩුවට එරෙහිව අවිඥානික එකඟතාවයක පසු වේ. මේ තත්වය විපක්ෂ ප්‍රභූ දේශපාලන තන්ත්‍රයට විශාල අස්වැසිල්ලකි. ආසන්න සිද්ධීන් වලදී පොලීසියේ හැසිරීම තුලින් පෙනීයන්නේ පොලීසිය වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ ප්‍රභූ එකමතුවට උදව් කිරීමට නියමිත බවයි.

 

 

පොලීසිය තුල පාතාලයට සම්බන්ධ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින බව පෙනී යන්නේ පසුගිය සිදුවීම් වලට අදාලව පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත්වෙමින් තිබෙන ආකාරයෙනි. එසේ අත්අඩංගුවට පත්වන්නේ කොස්තාපල්වරුන්ය. ඉන් පෙනීයන්නේ කොස්තාපල්වරුන්ට ඉහලින් නියෝග දෙන අනුක්‍රමික නිලධාරි තන්ත්‍රයද ඊට සම්බන්ධිත බවයි. යුධ හමුදාව ඇතුළු අනෙකුත් හමුදාවන්ගේ තත්වය කෙසේදැයි පැහැදිලි නැත.

 

(2024.12.29 පල කල ලිපියේ සබැඳිය: https://web.facebook.com/permalink.php story_fbid=pfbid0CkmaY3qe2FbeK9evJfpyKJ1FnsATDJY3VkJJZk69LShJMumfymEQ7A342CojRNGkl&id=100070974895380 ).

 

පාතාලය යනු දේශපාලනඥයින් පොලීසිය ඇතුළු නීති ක්‍රියාත්මක කිරීමේ අංශ සහ ජාවරම්කාර මැර කල්ලි අතර සුසංයෝගී සම්බන්ධයි. මින් එක් පාර්ශවයක් හෝ නොමැතිව පාතාලයට පැවැත්මක් නොමැත. වර්තමාන අර්ථයෙන් ලාංකීය පාතාලය 1977න් පසුව භෞතීස්ම වන්නේ ජේ.ආර්. ජයවර්ධන හරහාය. එහි සංකේතීය මංගල්‍ය වූයේ ගෝනවල සුනිල් හට ජනාධිපති සමාව ප්‍රධානය කිරීමයි.

 

(අදාළ ලිපි වල සබැඳින්: 1. https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0HzoyhWfJSW88gLpVKCei8mKvRkA84jBB4HJTdpz3XYEEUYspSqtqFwWfqZUjShpTl&id=100070974895380 2. https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02fDiXpZNxfNStwih4v3xPW4MuTLMon4uZJGu7MfJQooNZe8mi9iTxmfans7T4nCmol&id=100070974895380 )

 

ඉන් පසුව බලයට පැමිණි සියලු ආණ්ඩු යටතේ පාතාලය ක්‍රමයෙන් වර්ධනය වූයේ ආණ්ඩු බලය පවත්වාගෙන යාම සඳහා එය නොමැතිව බැරි තත්වයක් උදා වූ බැවිනි. ජේ.ආර්.ගෙන් පසුව එහි උපරිමය සලකුණු වන්නේ 2009න් පසුව රාජපක්ෂ ආණ්ඩුකරණය තුලය. ඒ ඔවුන්ගේ අති විශාල සංවර්ධන ව්‍යාපෘතීන්ද සමගිනි.

 

නමුත් මේ වන විට පාතාලයේ පැවැත්මට අවශ්‍ය සාධක තුනෙන් එකක් වන රාජ්‍ය බලය හිමි දේශපාලන අධිකරීත්වයේ සම්බන්ධය ගැලවී ගොස් ඇත. එසේ නමුත් රාජ්‍ය බලය අහිමි ප්‍රභූ තන්ත්‍රයට තවමත් පාතාලය මෙහෙයවිය හැක්කේ ඉහල රාජ්‍ය නිලධාරි තන්ත්‍රය, පොලීසිය ඇතුළු නීති ක්‍රියාත්මක කිරීමේ අංශ සහ ජාවරම්කාර මැර කල්ලි අතර සම්බන්ධීකරණය සහ මෙයෙහවීම ඔවුනට කල හැකි බැවිනි.

 

ආණ්ඩුවට එරෙහිව විපක්ෂ එකමුතුව විසින් දියත් කිරීමට නියමිත මාරාන්තික සටනේ ප්‍රධාන තුරුම්පුව පාතාලය බවට පත්වීමට නියමිත බව පෙනෙන්නට තිබේ. පොලිස් ප්‍රධානියා පවසන ආකාරයට පාතාල කල්ලි 57ක් සහ ඔවුනගේ අනුගාමිකයින් 1400ක් රට පුරා සිටී. මෙහිදී අනුගාමිකයින් යනු ඍජු සන්නද්ධ ක්‍රියාකාරීන් විය යුතුය. නැතිනම්, සමස්ථ පාතාලයේ ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් විශාලය. ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් නිර්මාණය කොට, පාතාල ප්‍රචණ්ඩ ක්‍රියා සාමාන්‍ය සමාජය වෙතට මුදා හැරීම තුලින් ආණ්ඩුට එරෙහිව විශාල ජන මතයක් ගොඩනැගීම, එදිනෙදා ජන ජීවිතයට පවා බලපෑම් සහගත විය හැකි ක්‍රියාවන් සඳහා යොමුකරවීම, සිදු කල හැකිය.

 

 

මේ තත්වය තුල ආණ්ඩුවට ගත හැකි හොඳම පියවර වන්නේ පොලීසිය තුල තමන්ට පක්ෂපාති, තමන්ට මෙහෙයවිය හැකි ඉහල නිලධාරීන් සහ පහල නිලධාරීන් සිටින බව පාතාලයට සහ විපක්ෂ එකමුතුවට පෙන්වා දීමයි. කොටහේනේ සිද්ධිය තුලින් ආණ්ඩුව ලබා දෙන පණිවිඩය එයයි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය හිස්මොලේ ගිය, ආණ්ඩුවට විවේචනාත්මකව සහය දක්වන අය සහ ආණ්ඩු විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීන් සියල්ල දැන් කුලප්පු වී ඇත. "බුදු අම්මෝ මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනෝ" යයි පවසමින් කෑ ගසනු පෙනේ. මේ අය තේරුම් නොගන්න කාරණය නම් ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙම මජර ක්‍රමය පවත්වාගෙන යාමේ දෘෂ්ටිවාදය බවයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය තුල කටයුතු කළහොත් ප්‍රභූ තන්ත්‍රය ජයගෙන ආණ්ඩුව බලයෙන් පහකොට එහි ප්‍රබලයින් සිර භාරයට පත්කරනු ඇත. එසේම ඊට සහාය දැක්වූ පිරිස්ද මර්ධනය කරනු ඇත. එසේම, සුනාමි රැල්ලක් සේ දක්ෂිනාන්ෂික බලය සංස්ථාපනය වීම නොවැලැක්විය හැකිය.

 

පාතාල ක්‍රියාවන්ට අමතරව ආහාර පාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල යැවීම, ඒවායේ හිඟතාවයක් ඇති කිරීම වැනි ක්‍රියාවන්ට විපක්ෂ ප්‍රභූ එකමුතුව යොමු වීමට නියමිතව ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාව ඔවුනට නතු බැවිනි.

 

මේ වන විට මර්ධනය කොට අවසන් විය යුතු "ජන මාධ්‍ය මාෆියාවට" අත තැබීමට ජවිපෙ ආණ්ඩුව අසමත් වී ඇත. දැන් එය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී යමින් තිබේ. තවත් ප්‍රමාද වුවහොත් මේවට එරෙහිව ක්‍රියාමාර්ග ගත නොහැක වාතාවරණයක් උදා වනු ඇත. හිරු දෙරණ පමණක් නොව ඉතා සූක්ෂ්ම ලෙස පාතාල ක්‍රියාවන් යනු හුදු ජාවරම්කාර ගැටුම් බවට ඒත්තු ගන්නවන "නෙත් බැලුම්ගල", දක්ෂ ලෙස ප්‍රභන්ධකරණයේ යෙදෙමින් ආණ්ඩුවට එරෙහිව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන කීර්ති රත්නායක වැනි අය වර්තමාන සන්දර්භය තුල ප්‍රබල භූමිකාවන් නියෝජනය කරයි.

 

 

පැහැදිලිව පෙනෙන කාරණය නම් මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත් බවය. වත්මන් සමාජය විශ්ලේෂණය කරගැනීමට ආණ්ඩුව අසමත්ය. තත්වය තේරුම්ගත හැකි, තත්වය පිළිබඳව අවබෝධයක් ඇති කණ්ඩායමක් ආණ්ඩුව තුල නොමැත. ආණ්ඩුව පැහැදිලවම තේරුම්ගත යුත්තේ ප්‍රජතන්ත්රවාදී බණ දෙසන්නන් සත පහකට මායිම් නොකළ යුතු බවය.

 

 

නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ වසර දෙකහාමරකින් ආණ්ඩුව විසිරවිය හැකි බවත්, ඉන් පසුව බලය ලබා ගැනීමට තමන් සූදානම් බවත්ය. මේ අතර රනිල් ජුනි මස පාර්ලිමේන්තු පැමිණීමට නියමිත බවක් කියවේ.

 

රනිල් ඇතුළු UNP 2002 වසරේ බලයට පත් වූ පසු එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා විසින් තම පාක්ෂිකයින් හට පවසන ලද්දේ කිසිඳු බාදාවකින් තොරව රනිල් ප්‍රමුඛ UNPයට රාජ්‍ය කරගෙන යාමට ඉඩ සලසන ලෙසය. ඒ ඕනෑම ආණ්ඩුවක් වසර දෙකක් යන විට ජනතා අප්‍රසාදයට ලක්වන බැවිනි (ධනවාදය තුල මිනිස් ආශාව ක්‍රියාත්මක වන ආකාරය අනුව ලොව ඕනෑම රටක තත්වය මෙයයි).

 

මෙවර සුවිශේෂී තත්වයක් උද්ගතව ඇත. ඒ වත්මන් ආණ්ඩුවට වසර දෙකක් ගතවුවහොත් එය පහසුවෙන් පෙරලා දැමීමට නොහැකි තත්වයක් උදා වන බව විපක්ෂ එකමුතුව අවබෝධ කරගෙන ඇති බැවිනි (එසේම එම කාලය ගතවුවහොත් තමන්ට සිරබත් කෑමට සිදුව කරකියාගත නොහැකි තත්වයක් උදා වන බවද ඔවුන් දනී). ඒ ජවිපෙ ආණ්ඩුව විසින් රාජ්‍ය බලය තහවුරු කරගැනීමට නියමිත බැවිනි. එබැවින් නටන තොවිලයක් වසර දෙකක් ඇතුලත නැටිය යුතු බව ඔවුනගේ තීරණයයි.

 

 

අපට අනුව නම් ආණ්ඩුව විසින් කොටහේනෙන් ලබා දුන් පණිවිඩය ප්‍රමාණවත් නැත. ඊට වඩා දැවැන්ත මර්ධනයක් දියත් කල යුතුව ඇත. එසේ කිරීමට බිය වුවහොත් ආණ්ඩු බලය ගෙන තමන්ගේම මිනී වල කපාගත්තා පමණක් නොව ලාංකීය වාමාංශික ව්‍යාපාරයම විනාශ කර දක්ෂිනාන්ශය එහි උපරිමයෙන් ජයග්‍රහණය කර වූව පක්ෂය ජවිපෙ බවට ඉතිහාස ගතවනු ඇත.

 

 

@ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි