SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චීනය, කැනඩාව සහ මෙක්සිකෝව අඟහරුවාදා ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද

නව තීරුබදු ඉහළ නැංවීමට කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, එය උත්සන්න වන වෙළඳ යුද්ධයක විභවීය ප්‍රතිවිපාක ලෙස පළිගැනීමේ ක්‍රියාමාර්ග වල සිට දැවන්ත ලෙස කොටස් මිල පහත වැටීමආරම්භ වී ඇත.

 

 

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ පියවර "ඉතා මෝඩ" ක්‍රියාවක්බව , මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසමින් අනතුරු අඟවා ඇත්තේ තම රජයත් තමන්ගේම ප්‍රති-පියවර ප්‍රකාශයට පත් කරන බවයි.

 

 

චීනය නිල ක්‍රියාමාර්ගයකින් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ,ඇමරිකාවෙන් කුකුළු මස්, තිරිඟු, ඉරිඟු සහ කපු ආනයනය සඳහා සියයට 15 ක තීරුබදු මෙන්ම ඇමරිකානු බඩ ඉරිඟු, සෝයා බෝංචි, ඌරු මස්, හරක් මස්, ජලජ නිෂ්පාදන, පලතුරු, එළවළු සහ කිරි නිෂ්පාදන ආනයනය සඳහා සියයට 10 ක තීරුබදු පනවන බවයි. කැනඩාව ද ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ වහාම ඇමරිකානු ඩොලර් බිලියන 20.5 ක ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවන බවත් දින 21 කින් තවත් ඩොලර් බිලියන 85 දක්වා තීරුබදු වැඩි කරන බවයි.

 

 

ඊට අමතරව," JUSTIN TRUDEAU අගමැති තවදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්‍ප් විසින් තීරු බදු පනවා කැනඩාව ආර්ථික පීඩනයකට හසුකර රටේ භෞමික අඛන්ඩතාවය තර්ජනයට ලක්කරන්නේ නම් "එය කිසි විටෙකත් සිදු නොවනු ඇත" යන්නයි එසේම "අපි කිසි විටෙකත් ඇමරිකාවේ 51 වන ප්‍රාන්තය නොවනු ඇත." යන්නයි.

 

මේ සුවිශේෂී තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරණය වන්නේ අපනයන මත පදනම්වූ ආර්ථිකයන් පවත්වාගෙන යන චීනය, කැනඩාව, මැක්සිකෝව යන රටවල් වල දස දහස් ගණන් ජනයා රැකියාවලින් පලවා හරිමින් දුගීබව වර්ධනය වන බවයි! ඒ හරහා ඒ රටවල ඊනියා පාලකයන් විසින් රටේ ජනයාව ඇමරිකානු විරෝධී ඊනියා ජාතිකවාදයක් වපුරමින් සැබෑ අර්බුද ධනවාදී දේශපාලන ආර්ථික ප්‍රතිවිරෝධය මගහරිමින් එම රටවල දුගීබව කලමණාකරනය කරගැනීම සඳහා මේ අවස්ථාව යොදාගැනීමට නියමිත බවයි!

 

@Nalin Dodangoda

නවතම ලිපි