(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප‍්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)
ඊනියා ”ඩොයිලියානු-යථාව” (The So-called D’oyilian Real):-
සෘජු-යුධමය-යටත්විජිතකරණයක දී, යටත්-කරගන්නා (The Conqueror) සහ යටත්-වන්නා (The Subjected) අතර පවතින සබඳතාවය යනු භාහිර වාතාවරණ ඔස්සේ මිනිසාගේ ඇතුළාන්ත අවකාශය මානව-විරෝධී ජෛව-රසායනික (Bio-Chemical) පදනමක පිහිටවනු ලබන, අමානුෂික, කෘතිම, විකෘති සහ ව්‍යාජ සබඳතාවයකි.
කොටින් ම, සෘජු-යුධමය-යටත්විජිතකරණය යනු පෘථිවිමය මානවීයත්වයට නිගාදෙන, අමානුෂික පුද්ගල සබඳතා සැකැස්මක් ගොඩනැගෙන්නට හේතු පාදක වන, ආත්මාර්ථකාමී සහ ඒකපාර්ශවවාදී බලකේන්ද්‍රයකට පමණක් වගකියන අසමතුලිත-පුද්ගල-සබඳතා මාදිලීන් බිහිකරවන්නකි.
එසේ වන්නේ, යටත්වන්නාට, යටත්කරගන්නාගේ සිතුම්-විෂය (සිතිවිලි ලෝකය - Subject of Signifieds) සහ එහි අරමුණෙහි ස්වභාවයට අකමැත්තෙන් හෝ අනුගතවීමට, අනුකාරක වීමට හෝ අනුරූකරණය වීමට (Adoption, imitation or Simulation) සිදුවන නිසා යි. ඒ අනුව, යටත්වන්නාට, තම ස්වීයත්වයේ තැනුම් ඒකකය අනුව, යටත් වන තුරු මෙතෙක් තමන් ම පුරුදු පුහුණුවී සහ දැනහැඳින සිටි, තමන්ට ම ආවේනික දේශීය දැනීම් සහ සිතුම්-ලෝකයට අදාළ තම ශරීරයේ ඇතුළාන්ත ජෛව-රසායනය නැමති භෞතිකය සහ එහි නිරායාසී ගලා යෑම හදිසියේ ම අහේතුකව වෙනස්කරගන්නටැයි ආඥා කරන බලාත්කාරයකට යටත්වීමට සිදුවෙයි.
මෙයින්, යටත්වන්නා, එතෙක් තමන්ට හිමිව පැවති නිරයාසික ස්වදේශීය ජීවන පැවැත්මක සිට නව අයාසකර ජීවන පැවැත්මක් වෙතට බලෙන් තල්ලු කරවනු ලබයි. මෙම නව ආයාසකර ජීවන පැවැත්ම හරහා, යටත්වන්නාව එතෙක් ඔහු හෝ ඇය ජීවත් වූ සමස්ත සමාජ-සැකැස්මෙන් (Total Social-Formation) ලද නිරායාසී සංවර්ධන ක‍්‍රියාදාමයෙන් (Development Process) පිටතට ඇද වැටී, අචාලකව එකතැන පල්වෙන ඌන-සංවර්ධනයකට (Under-development) ගොදුරුවෙන්නට පටන් ගනී.
මේ නිසා, කැමති උනත් නැතත්, මේ යටත්වන්නාට, ක‍්‍රමයෙන් යටත්විජිතවාදියාගේ දේශයේ සංවර්ධන ඉතිහාසය තම දේශයේ සැබෑ සංවර්ධන ඉතිහාසය ලෙසින් සලකා, ඊට කෘතිමව අනුගතවීම, අනුකරාකවීම හෝ අනුරූකරණය වීම හැර වෙනත් සාමකාමී අව්‍යාජ විකල්පයක් නොමැති තැනකට ඇදවැටෙන්නට සිදුවෙයි.
ඒ තුළ යටත්වන්නාට සිදුවන්නේ, මෙතෙක් තමාට ගැලපෙන ආකාරයකට පවත්වාගෙන ගියා වූ තම ස්වදේශීය භෞමිකත්වයට සහ දේශගුණික තත්වයන්ට ආවේනික තම මානසික සිතුම්-විෂයේ (සිතිවිල හැදෙන ලෝකයේ) සහ ශරීර ශික්ෂණයේ මුළු ඉතිහාසයට ම විරුද්ධව යමින්, තමන්ගේ ම නිසඟ ස්වදේශිකත්වයට එරෙහිව යොමුගතව පවතින බලාත්කාරයකට යටත් වීමට යි. මෙය නව සංවර්ධනයක් ලෙසින් හඳුනාගැනීම හෝ අවබෝද කර ගැනීම උගුලකි.
එනම්, මෙතෙක් යටත්වන්නගේ ශරීරය, මනස සහ අධ්‍යාත්මය පැවති ස්වභාවය හදිසියේ ම යටත්-කරගන්නාගේ උවමනාව පරිදි කෘතිමව පිළිසකර ගැනීම හෙවත් යළි-ගොඩනගා ගැනීම සඳහා හදිසි කෘතිම ජෛව-රසායනික වෙනසක් ඇතිකරගැනීමේ භෞතික බලහත්කාරයක් ඇතිවෙයි. එයින්, මේ යටත්වන්නා සහ යටත්-කරගන්නා අතර ඇතිවන දෙපාර්ශවීය-සබඳතාවයේ මූලික හරය ම ස්වදේශ-විරෝධී සහ විදේශ-පාර්ශවීය වන අසමතුළිත සංදර්භයක (Unbalance Context) පිහිටයි.
අධිරාජ්‍යවාදියාට තම යටත්විජිතය සියවස් ගණන් පවත්වාගන්නට හැකි වුණත්, මෙලෙස අසමතුළිත සංදර්භයක් තුළ අසමතුළිතව පවතින සමාජ සබඳතා ජාලයක් මුළුමනින් සමතුලිත කර පාලනය කරගෙන යාමට හැකි නෙවෙයි. සියවස් ගණන් ගෙවී ගොස් පවා මහා නිදහස් අරගල ඇතිවන්නේ මේ අසමතුළිතභාවයෙන් මිදෙන්නට යි. ඊට ප‍්‍රධානත ම හේතුව වන්නේ, යටත්වන්නා තුළින් මුළුමනින් සියයට සියයක් ලෙසින් මකා දැමිය නොහැකි ලෙස යටත්වන්නා ඔහු හෝ ඇය තුළ නිදන්ගතව ඇති නිසඟ ස්වදේශිකත්වය (Intrinsic Locality) යි.
මෙහිදී, මේ යටත්-වන්නාට, එතෙක් තමන්ට තිබූ තම පූර්වජයින්ගෙන් උරුම වූ සැබෑ දේශීය සිතුම්-විෂය, යටකී යටත්විජිතවාදී බලහත්කාර අභ්‍යාසය සිදුකරන යටත්-කරගන්නාගේ සිතුම්-විෂය පරිදි අනුගත කර ගනිමට (Adopt), එය අනුකරණය කිරීමට (Imitate) සිදුවෙයි. එහිදී, යටත්කරගන්නාගේ ස්වදේශිකත්වට ගැතිවන විට, තම අනන්‍යතාව අනුරූකරණයකට (Simulation) ලක්කර ගැනීමකට පවා යටත්-වන්නාට සිදුවෙයි සහ හැකි වෙයි.
මේ නව හදිසි වාතාවරණය ඇතිවන්නේ ම, සාමාන්‍යයෙන්-අසාමාන්‍ය (Normally Abnormal) වන සහ මානවීයත්වයෙන් තොර වන නොගැලපෙන විගඩමික සමාජ ප‍්‍රපංචයක් විදිහට ය. එහිදී, මේ යටත්-වන්නාට, යටත්-කරගන්නාගේ සිතුම්-විෂයට අනුගත වන්නට හෝ, එය අනුකරණය කරන්නට හෝ එයින් තම අනන්‍යතාව අනුරූකරණයට ලක්කරගන්නට හෝ හැකි වන්නේ කෙතරම් ද, එතරමින් ම මේ දේශීය-විදේශීය දෙපාර්ශවය අතර ගැටුම් ද අවම කරගත හැකි වාතාවරණයක් උදාවේ. එලෙසම, යටත්-වන්නාට යටත් කරගන්නගේ සිතුම්-විෂයට අනුගත වන්නට, අනුකරණය කරන්නට සහ අනුරෑකරණය වන්නට නොහැකි වන සෑම අවස්ථාවක දී ම ගැටුම් ඇතිවීමේ සහ ඒවා වර්ධනයවීමේ නොසන්සුන් තත්ව (Unrest Conditions) උදාවෙයි.
කොටින්ම කියතොත්, යටත්වන්නාගේ දෘෂ්ටියේ යොමුව අනුව නිදහස් විමුක්ති අරගල තත්වයක් ලෙස නම් කෙරුණු සමාජ තත්වයන් ඇතිවිය හැකියි. එය ම යටත්-කරගන්නාගේ දෘෂ්ටියේ යොමුව අනුව සමාජ විරෝධී කැරලිකෝලාහාල තත්වයක් ලෙස නාමකරණය (Nomenclature) කරනු ලැබෙයි. යටත්කරගන්නා වන කොලිනවාදියාගේ දේශයේ නිෂ්පාදන-මාදිලියේ සංවර්ධන ඉතිහාසය (The Development History of Local Mode of Production of the Colonizer), යටත්වන්නාගේ දේශයේ නිෂ්පාදන-මාදිලියේ සංවර්ධන ඉතිහාසයට (The Development History of Local Mode of Production of the Surrendered) වඩා ඉදිරියෙන් පවතින්නේ නම්, එයින්, කැරලි කෝලාහල තත්වයක් යනුවෙන් කළ නාමකරණය පොදු සමාජ සම්මතය ලෙස පිළිගැනීමට ලක්වී, නිදහස් විමුක්ති අරගල තත්වයක් යනුවෙන් කළ නාමකරණය යටපත්වී යන වාතාවරණයකන් ඇතිවීමට ඇති ඉඩකඩ හෙවත් සම්භාවිතාවය වැඩිය. නමුත් යටත් වන්නාගේ නිෂ්පාදන මාදිලියේ ඉතිහාසය වඩා ඉදිරියෙන් පවතින ඒකක් වන්නේ නම්, එය නිදහස් විමුක්ති අරගල තත්වයක් යුනවෙන් එය නාමකරණය වන සමාජ සම්මතය ජයගැනීමට ඇති සම්භාවිතාව වැඩි ය.
බොහෝ අවස්ථාවල යටත් කරගන්නාගේ නිෂ්පාදන මාදිලියේ ඉතිහාසය ඉදිරියෙන් පවතින නිසා, නිදහස් විමුක්ති අරගලයක් ජයගන්නා තුරු ම එය සම්මතයට එරෙහි කැරැල්ලක් (?) ලෙස ම නාමකරණය වී පවතී. ලෝක ඉතිහාසය පුරා පැවති සියළු පරාජිත විමුක්ති අරගල කැරැල්ලක් (?) ලෙසින් නාමකරණය වීමට පුධාන භෞතික හේතුව මෙය යි.
ඒ අනුව, ලෙනින් රුසියානු විප්ලවය පරාජය වූයේ නම්, එය සාර් රජුට එරෙහිව ගැසූ හුදු නීතිවිරෝධී කැරැල්ලක් (?) පමණි. ලෙනින් ද හුදු රාජ්‍ය විරෝධී ත‍්‍රස්තවාදියෙකු පමණි. 1905 රුසියානු ජන නැගිටීම හැඳින්වූයේ හෙවත් නාමකරණය කළේ ද එලෙස ය. නමුත් 1917 දී නැවත සටන මෙහෙයවා ජන නැගිටීම ජයගත් පසු එය හුදු කැරැල්ලක් (?) නොවන විප්ලවයක් (Revolution) ලෙස නාමකරණය කෙරී, එය ම සමාජ සම්මතය බවට පත්වුණි. මෙලෙස, සමාජය කණපිට හැරෙන තෙක් “යටත්වන්නා” හෝ “පීඩිතයා” හෝ “වහලා” යන නාමකරණය ඇති අනන්‍යතා අරුත් පැවතිය යුතු ඒ්වා ලෙසින් ලෙසින් හරගත කෙරෙයි.
වෙනත් අකාරයකට කිවහොත්, යටත්-කරගන්නා සහ යටත්වන්නා නම් වූ මේ දෙපාර්ශවය අතර ගැටුම් අවම කරගැනීමට නම්, යටත්-කරගන්නාගේ සිතුම් විෂයට (Subject of Signifieds) හැකි උපරිමයෙන් ම අනුගතවීම හෝ අනුකාරකවීම හෝ අනුරූකරණය වීම ඇඟට ගුණ බව හඟවන ගම්‍යාර්ථ වලින් නිමි චෛතසික චිත‍්‍රයක් යටත්වන්නාගේ සිතෙහි (මනස තුළ) කොලනිවාදියා විසින් මවනු ලබයි.
මෙය සිදුකරනු ලබන්නේ යටත්විජිත කතිකාව නැමති බල-දේශපාලන යන්ත‍්‍රය හරහා යි.
යටත්කරගන්නා විසින් මවනු ලබන මෙම චෛතසික චිත‍්‍රය යටත්වන්නාගේ මනසෙහි පවතින්නේ කේන්ද්‍රීය-සිතුමක් (A Central-Signified) පදනම් කරගත් සිතිවිලි-පදාසයක් (Thoughts-Patch) විදිහට යි. එම සිතිවිලි පදාසය යටත්වන්නාගේ මනස තුළ අඩංගු කරවීම යටත්විජිතවාදියා හෙවත් කොලනිවාදියාගේ සාංසිද්ධික (Incidental) සහ දිගු-කාලීන (Long-Term) වස්තුමූලිකත්වය (Objectivity) සදිසි සාමාන්‍ය අරමුණ වෙයි. නමුත් යටත්වන්නාගේ මනසේ යම් පදාසයක් මිසක සමස්ත මනස ම හසුකරගන්නට යටත්කරගන්නා හෙවත් කොලනිවාදයාට හැකි නොවෙයි.
ඊට හේතුව යටත්වන්නාගේ ශරීරය, මනස සහ අධ්‍යාත්මය තුළ ඓතිහාසිකව ගොඩනැංවී ඇති නිසඟ ස්වදේශිකත්වය යි.
එනම්, මේ අයුරින්, යටත්වන්නාගේ මනසේ එක කොටසක පමණක් මෙවන් සිතිවිලි-පදාසයක් අති කරනු ලැබුනත්, එම මනසේ ම ඉතිරි ස්වදේශීයමය කොටස යටත්වන්නා එතෙක් භුක්ති විඳි ස්වදේශික ජීවිතය නියෝජනය කරමින් ම පරපුරෙන් පරපුරට යටපත් වන නමුත් යටපත් වී නොනැසී පවතින (අවිඥානකව පවතින) ආවේනික ජානයක් ලෙසින් කොලනිවාදියාට එරෙහිව රඳයි සහ පවතියි. ජාතික විමුක්ති ව්‍යාපාරය විසින් හෝ පුනරුද ව්‍යාපාරය විසින් සවිඥානක කළ යුත්තේ මෙන්න මේ යටපත් කළ අවිඥානය යි.
යටත්වනු ලබන්නට සිදුවීම ම ස්වදේශික යටත්වැසියාගේ ජීවිතය තුළ ස්වදේශිකයා සහ යටත්විජිතවාදී කොලනිවාදයා යන දෙපාර්ශවය ම එකවර ජීවත් කරවන්නට සිදුවන අසාධාරණ මානව-විරෝධී සමාජ තත්වයක් බව මින් පැහැදිලි වනවා ඇත. තවද, එයින් යටත්වැසියාගේ මනස සහ ජීවිතය තුළ දෙභින්න ගතිලක්ෂණ සහිත සමාජ මනෝ-ව්‍යාධික ස්වභාවයක් (Psychologically sick nature with Split Characteristics) බිහිවීමට මුලපිරෙයි. මේ රෝගයට සායනික ප්‍රතිකාර නොමැති අතර මීට එක ම විසඳුම වන්නේ සමූහවාදී පුනර්ජීවන ව්‍යාපාරය යි.
ඒ නිසා, බලහත්කාරය හරහා මනසේ එක් පදාසයක පමණක් චෛතසික චිත‍්‍රයක් ඇති කළ පමණින්, මේ යටත්වන්නා සහ කොලනිවාදියා යන දෙපාර්ශවය අතර පවතින සැබෑ ඓතිහාසික නොගැලපීම සහ භෞතික ප‍්‍රතිවිරෝධය හදිසියේ මැකී යනවා යැයි නිගමනය කිරීම සෑම අතින් ම අවිද්‍යාත්මක ය. සියවස් ගණන් පසුවී පවා, මේ නොගැලපීම නිසා හටගත් ඓතිහාසික විකෘතිය යටත්විජිතවාදියාගේ උවමනාව පරිදි මකා දැමීම සිදුකළ නොහැකි වී ඇති අතර, ඒසේ නොහැකි බවට ලෝක ඉතිහාසය තුළ බොහෝ උදාහරණ ද පවතී. මන්දයත්, යටත්-වන්නාට, තමන් යටත්වන මොහොත දක්වා පසුකර පැමිණි තම ස්වදේශීය නිසඟ ජීවන ඉතිහාසය සහ ඊට අදාළ සිතුම්-විෂය හදිසියේ ඇඳුමක් ගලවනවා සේ උනා දමා, වෙනත් ඉතිහාසයක පවතින සිතුම්-විෂයකට මාරුවීමට සිදුවීම අතිශය දුෂ්කර සහ අමානුෂික කටයුත්තක් වන බැවිනි. මන්ද, කොලනිවාදය යනු යටත්වන්නා ජීවත් වන මහපොළවේ සැබෑ භෞමික සහ දේශගුණික යථාව ඇතුළු ඔහුගේ හෝ ඇයගේ අන් සියළු යථාවන්ට එරෙහිව පවතින කෘතිම භාහිර යථාවක් වන බැවිනි.
අනෙක් අතින්, මෙලෙස අනුගතවීම, අනුකරණය කිරීම හෝ අනුරූකරණය වීම, යටත්විජිතවාදී බලාත්කාරය ඉදිරියේ අසරණ වීමට සිදුවීම නිසා හෝ, ඒ බලාත්කාරය ඉදිරියේ නොන්ජල් වීමට සිදුවීම නිසා හෝ, ඒ බලාත්කාරය ම තම පුද්ලික සුඛ-විහරණය වෙනුවෙන් යොදාගැනීමට සිදුවීම නිිසා හෝ අභ්‍යාස කරන්නට සිදුවන්නක් මිසක, එය ස්වකැමැත්තෙන් නිරායාසීව අනුසාර කරගනු ලබන දේශයේ-භෞමික-ඥාතීත්වයට පක්ෂපාතී ආභාෂයක් නොවේ.
ඊළඟ සමාජ ඛේදවාචකය වන්නේ, බොහෝ උදවිය (විශේෂයෙන් එතෙක් සාමාන්‍ය පැලැන්තියේ හිඳ පසුව යටත්විජිනවාදීන්ට ගැති ප‍්‍රභූන් වීමේ අහඹු අවස්ථා ලද උදවිය), යටත්විජිතවාදීන්ගෙන් ලැබෙන සුඛවිහරණ වාසි පිළිබඳ හුදු පටු අපේක්ෂාව නිසා ම, තමන්ට ආවේනික ස්වීය, සම්භවීය, නිසඟ ස්වදේශික පැවැත්ම කෙරෙහි ස්වයංව ම අමානුෂික වෙමින්, තමන්ට ම එරෙහිව මේ දුෂ්කර ආදේශානුකාරී හෙවත් අනුරූකාරී (Simulating) ක‍්‍රියාවලියට ස්වේච්චාවෙන් ම යටත්වීම යි. ඒ හරහා ඔවුන් අවිඥානිකව තම තමන්ට මෙතෙක් අයත්ව නොපැවති ප‍්‍රභන්ධ-අනන්‍යතාවක් (Fictional Identity) තුළ තම තමන්ව පිහිටුවා ගනිමින්, තම සැබෑ ජාතකයට අදාළ නාමකරණය වෙස්මාරුවකට ලක්කර ගනු ( Masking the nomenclature) ලබති.
යටත්වන්නා සහ යටත්කරගන්නා පිළිබඳ මේ දැනුම පසුබිමෙහි තබාගෙන, ලක්දේශය තුළ එංගලන්තක යටත්විජිතවාදී සංදර්භය සැලකිල්ලට ගතහොත්, යටකී ප‍්‍රභන්ධ අනන්‍යතාවට ප‍්‍රතිපක්ෂ සබෑ-යථා අනන්‍යතාවය (True-real Identity) සැමවිට ම පැවත ඇත්තේ මේ විදේශීය බලාත්කාරයට එරෙහිව යි. ලක්දේශයට ජෝන් ඩොයිලි පැමිණි 1801 වසරෙන් පසු බිහිවූ සහ ක‍්‍රියාන්විත වූ යටත්විජිත කතිකා යන්ත‍්‍රයට (Instrument of Colonial Discourse) ලක්වැසි ජනයාව අනුගත කරගැනීමේ ක‍්‍රියාවලිය සැලකිල්ලට බඳුන් කලහොත්, එහි දී රඟදක්වනු ලැබූ ලක්වැසි ජනතාවගේ සැබෑ වෙස් මාරු-කරවීමේ නාටකය යනු, ලක්දේශයට පිටතින් පැවති ලන්ඩනයේ සිට මෙරටට පැමිණි සෘජු සහ වක‍්‍ර දෙයාකාර විදෙස් බලහත්කාරයක් බව පිළිගැනීමට සිදුවෙයි.
(1801න් පසු ලක්දේශයේ යටත්විජිත ව්‍යාප්තිය ආරම්භ වූයේ ස්වදේශිකයින්ගේ සැබෑ වෙස් මාරු-කරවීමේ යටත්විජිත කතිකා යන්ත‍්‍රයක් ද විදිහට ය.)
මෙහිදී යටත්කරගන්නා ලන්ඩන් පරිපාලනය වූ අතර, යටත්වන්නා ලක්දේශයේ ජන්ම වැසි ජනතාව විය. මෙවන් සංසිද්ධියක දී සැබෑ ලෙස ම, එංගලන්ත කිරීටය නියෝජනය කළ ලන්ඩනයේ බලකිරීමට අනුව තම ශරීරයේ, මනසේ හෝ අධ්‍යාත්මයෙහි එතෙක් පැවති සමස්ත මානව රිද්මයට ම එරෙහිව යාමට ලක්වැසි යටත්වන්නාට බල කෙරිණි.
අප මිනිස් ශරීරයකට අදාළ උදාහරණයක් ගතහොත්, මනුස්ස වෛද්‍යවරයෙකු විසින් මනුස්ස රෝගියෙකුට බෙහෙත් නිර්දේශ කිරීමේදී, රෝගියාට නිර්දේශිත මුළු බෙහෙත් කෝස් එක ම එකවර ශරීරගත කරගන්නට කියන්නේ නැත. එහිදී, හැකි තරම් ශරීරයේ භාහිර සහ අභ්‍යන්තර පැවැත්මට අදාළ සාධක සහ රිද්මයන්ට ගැලපෙන පරිදි, යම්කිසි නිර්දේශිත කාලාන්තරයක් තුළ දී යම් අනුපිළිවෙලකට අනුව පමණක් බෙහෙත් ශරීරගත කරගන්නටැයි මේ මනුස්ස වෛද්‍යවරයා විසින් අර මනුස්ස රෝගියාට උපදෙස් දෙනු ලබයි. මන්ද, එසේ නොකළහොත්, එය රෝගියාගේ මනුස්ස ශරීරයේ රිද්මයට අදාළ යථාවෙන් (Real) වියුක්ත සහ එම යථාවට එරෙහි වන පැවැත්මක ඒ මනුස්ස ශරීරය පිහිටවනු ලැබීමක් වන්නේ ය. එනම්, එය මානව විරෝධී ප‍්‍රතිකාර දීමක් වන්නේ ය.
මේ අනුව, මෙවන් යටත්විජිතකරණ සංදර්භයක දී, යටත්-කරගන්නකු විසින් තම යටත්-විජිතවාදී විෂය අනුව කටයුතු කිරීම යනු යටත්-වන්නාගේ සැබෑ-යථාවට (True Real) සෘජුව ම එරෙහිව යන මානව-හිමිකම් විරෝධී ක‍්‍රියාන්විත වීමක් බව ලක්දේශය මත පැහැදිලිවට පෙනුනේ, 1801ට පෙර මෙය, එළිපිට ප‍්‍රචන්ඩත්වය විදිහට විදහාපාන සෘජු යුධමය යටත්-විජිතකරණයක් ලෙසින් පැවති සමයේ දී ය.
එහි ප‍්‍රතිපක්ෂ අරුත කියවුවහොත්, සෘජු යුධමය යටත්-විජිතකරණයක් නොමැති වක‍්‍ර යුධමය යටත්-විජිතකරණයක දී, එනම්, කූට කතිකා-යන්ත‍්‍රයක් (Instrument of Discourse) ද යොදාගැනීම හරහා යටත්කර ගැනීම සිදුවීමේ දී, යටත්කරගන්නෙකුගේ යටත්-විජිතවාදී විෂය, යටත්වන්නාගේ යථාවට එරෙහිව නමුත් වක‍්‍රව ලෙස පවතින්නක් වන නිසා, විනිවිද-ඥානයෙන් හීන අයෙකුට එය පැහැදිලිවට එකට එක පදනමෙන් පෙනෙන්නේ හෝ හසුවන්නේ නැත. නමුත් මේ සෘජු යුධමය යටත්-විජිතකරණයෙන් සේ ම, කූට කතිකා-යන්ත‍්‍රයක් ද යොදාගෙන සිදුකරන වක‍්‍ර යටත්විජිතකරණයෙන් ද සිදුවන අවසාන දේශපාලනාර්ථික සහ සමාජ ප‍්‍රතිඵලය මූලික හරයෙන් ගත්කල එක සමාන ය සහ එකිනෙකට සමාන්තර ද වේ.
ඒ නිසා, ඕනෑ ම විද්‍යාත්මක විෂය ධාරාවකට අනුව කරන ඕනෑ ම සාධාරණ සහ නිර්පාක්ෂික විශ්ලේෂනයක දී, සෘජු යුධමය යටත්-විජිතකරණයක යෙදී සිටින යටත්-කරගන්නාගේ සමස්ත පැවැත්ම ම, ඊට ගොදුරු වන යටත්-වන්නා සම්බන්ධයෙන් අ-යථා (Non-real) හෙවත් යථා-නොවන කෘතිම, විකෘති සහ ව්‍යාජ පැවැත්මක් ලෙසින් ක‍්‍රියාන්විත වන බව නග්නව ම හෙළිදරව් වෙයි. මෙය, මෙසේ නග්නව හෙළිදරව් වන්නට හේතුව වන්නේ, යටත්වන ස්වදේශික මිනිසුන්ගේ ඇස්-කන් ඉදිරිපිට ම සෘජු යුධමය යටත්කරගැනීමකට අදාළ අමානුෂික ප‍්‍රචන්ඩ ක‍්‍රියා ශ්‍රේණියක් සහිත අසාධාරණ සහ අයුක්තිසහගත සංසිද්ධීන් පෙළක් සෘජුව ම අත්දකින්නට ඒ බහුතර යටත්වාසී ස්වදේශිකයන් හට සිදුවන බැවිනි.
ඒ නිසා, එවන් සංදර්භයක දී, යටත්-විජිතවාදීන් හට, කුමන ආකාරයක භාෂාමය උප්පරවැට්ටි දමා හෝ යටත්-වන්නන් තම ඇජෙන්ඩාව වෙතට සිතින් නම්මවා ගැනීම අසීරු වෙයි. මන්දයත්, යටත්වන්නාගේ සිතෙහි පවතින යථාව (real)ට අදාළ සිතුම (Signified) සෘජුව ම යටකී අවාසනාවන්ත භෞතික සංසිද්ධි ශ්‍රේණියක සජීවී අත්දැකීම් මත රඳාපවතින්නක් වන බැවිනි. එනිසා, සෘජු භෞතික අත්දැකීම හැමවිට ම ප‍්‍රභන්ධමය කතන්දර ලෝකයට වඩා සන්නිවේදනයෙහි බලවත් වන නිසා සෘජු යුධමය යටත්කර ගැනීම හැමවිට ම සාපේක්ෂව කොලනිවාදියාට අවාසි සහගත වේ.
පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට ලක්දේශය මුළුමනින් තම අණසකට ගන්නට නොහැකි වී ගිය ප‍්‍රධාන හේතුවක් වන්නේ ද මේ සෘජු යුධමය යටත්කරගැනීම ඔවුන්ගේ එක ම උපාය කරගැනීමේ යොමුව යි. එලෙස ම, ක‍්‍රි. ව. 1801 වසර වන තෙක් ම එංගලන්තකයින්ට උඩරට රාජධානිය තම අණසකට ගන්නට නොහැකි වීමට අදාළ එක් ප‍්‍රධාන හේතුවක් වූයේ ද මෙය ම යි. මන්ද 1801 වන තුරා ම, සැලකිය යුතු වැඩි ප‍්‍රතිශතයකින් ලක්ජනයාට අත්දකින්නට සිදුවූයේ සෘජු යුධමය යටත්-විජිතකරණ සංසිද්ධීන් පමණක් වීම ප‍්‍රත්‍යක්ෂ ඓතිහාසික සාධකයක්.
එක අතකින්, 19වන සියවසට පෙර අතීතයක දී එංගලන්තයේ ද පැවති, 19 වන සියවස පසුවීත් අප‍්‍රිකාවේ ද පැවති පූර්ව-නූතන ගෝත්‍රික යුගයට සමාන්තර හෝ ඊටත් වඩා පසුගාමී ගෝත‍්‍ර සම්භවයක් සහිත සමාජ-සැකැස්මක් හිමි අප‍්‍රිකානු ගෝත‍්‍ර-නායකයෙකු පරදවා අප‍්‍රිකානු මහද්වීපයේ යම් දේශීය ඉම් පෙදෙසක් අත්පත් කරගන්නවා තරම් ලෙහෙසියෙන් ලක්දේශය අත්කරගන්නට හැකි වූයේ නැත.
(අප්‍රිකානු ගෝත්‍රික නායකයෙක්)
ඊට හේතුව, ලක්රජු එකී ගෝත‍්‍රිකත්වය ඉක්මවා ගිය තර්ක ක‍්‍රමවේදයක් අනුගමනය කරන කිරීට නායකයෙකු වූ බැවිනි. ඒ නිසා යුරෝ-අධිරාජ්‍යයකට යටත් වූ අප‍්‍රිකා හෝ ඇමෙරිකා මහද්වීප වල පසුගාමී ගෝත‍්‍ර වැසි පාලකයින් සහ බහුතර ජනයා, ලක්වැසි පාලකයින් සහ එහි බහුතර ජනයා සමඟ සමාන්තර කරන්නට යාම ඉතිහාස-විද්‍යා විරෝධී වේ. දාර්ශනික විරෝධී ද වේ. සමාජ විරෝධී ද වේ. මන්දයත්, සමාජ සැකැස්මේ අඩුලූහුඩුකම් සහ පසුගාමීත්වයන් සහිතව වුව ද, දහම් අනුගමනය කිරීමේ අඩුලූහුඩුකම් සහ පසුගාමීත්වයන් සහිතව වුව ද, ලක් කිරීටයේ සමස්ත ධාර්මික හරය ථේරවාදී බුදු දහමේ ශිෂ්ට බලපැවැත්මට යටත්ව පැවති බැවිනි.
(ශ්‍රී වික්රම රාජසිංහ රජතුමා)
එහිදී, යටත්වීම යන හුදු සංදර්භය අනුව පමණක් සහෝදර අප්‍රිකා හෝ ඇමෙරිකා මහද්වීප වල පසුගාමී වැසියන් සහ සමහර පසුගාමී දකුණු ආසියානු වැසියන් ලක්වැසියන් හා සමානයෝ වුව ද, ග්‍රොත‍්‍රිකත්වය නැමති සමාජ සංදර්භය තුළ අප සමානයෝ නොවූයෙමු. එයිනුත්, ලක්වැසි දකුණු ආසියානුවා සහ බොහෝ බොදු දකුණු ආසියානු රටවල වැසියන් හැමවිට ම ගෝත‍්‍රිකත්වය ඉක්ම වූ මානවවාදී ශාස්ත‍්‍ර ඥාන සහ අධ්‍යාත්ම ඥාන වලින් පෝෂණය වී සිටි බව පැවසිය යුතු ය.
වර්තමාන ඇමෙරි-යුරෝ වැසියකුට අධ්‍යාත්මික පත්තු වීමක් සිදුවූ වහා ම ඉන්දියාවට දුවගෙන එන්නේ ද, ඉන්දීය අධ්‍යාත්ම අභ්‍යාසකරුවන්ට තම රටවල එම අධ්‍යාත්ම අභ්‍යාස ඉගැන්වීමේ හෝ පුහුණුකරවීමේ කටයුතු කරගන්නට විශාල ඉඩ-හසරක් මේ වන විට ලබා දී ඇත්තේ ද යුරෝපයට නැති අධ්‍යාත්මයක් දකුණු ආසියාවට ඇතැයි යන විශ්වාසය නිසයි. මෙහිදී ඇමෙරි-යුරෝ ජන සමාජයේ කතිකා යන්ත‍්‍රය තුළ සමස්ත දකුණු ආසියානු ඉම් පෙදෙස් සියල්ල ම ඉන්දීයමය දේශයන් ලෙස වරදවා නාමකරණය කිරීම සහ වටහාගැනීම නිසා ඔවුන් ඉන්දීය අභ්‍යාසකරුවන්ට මුල් තැනක් දී කටයුතු කරන බව පෙනේ. ඉන්දියාව කෙරෙහි මේ ආකර්ශණය ලැබීම වඩා තිරසර ලෙස තහවුරු වන්නේ, 1947 දී නිදහස් අරගලය ජය ගැනීමත් සමඟ යි. එනම්, ඉන්දියාවට තම ස්වාධීනත්වය භෞතිකව තහවුරු කර පෙන්වීමට හැකිවීමත්, ඔවුන්ගේ නිදහස් සටන මෙහෙයවීමට යොදාගත් අහිංසා සංඥාර්ථයත් (Sign of Non-violence) සමඟ ඔවුන්ගේ අධ්‍යාත්ම වර්ධන ශාස්ත‍්‍රයන් වලට නව-ස්වාධීනත්වයක් සහ නිර්මාණශීලීත්වයක් යුරෝ-කතිකාවන් තුළ දිනා ගැනීමට හැකිවිය. මන්ද, අදටත් දකුණු ආසියාවෙන් යුරෝපයට කළ මහා භෞතික බලපෑමක් ලෙසින් ඉන්දීය නිදහස් අරගලය මුද්‍රා වී පවතින බැවිනි.
(ලොව අධ්‍යාත්මය පවතින්නේ ඉන්දියාවේය යන බටහිර මතය යුරෝවේ සිනමාපට රැසකින්මත් ප්‍රකාශයට වී පවතී. එවන් චිත්‍රපටයක් වන “ඊට් ප්රේ ඇන්ඩ් ලව්”හි රඟන සබෑ ජීවිතයෙහි ද හින්දු ධර්මය කෙරෙහි ආකර්ශණය වූ බටහිරවාදී නිළියක වන ජූලියා රොබට්ස්. බදු දහම හින්දු ධර්මය අතික්‍රමණය කළක්ය යන සංඥාව තමත් ලැබී නොමැත.)
ඉන්දීය නිදහස් අරගලය විසින් සමස්ත භාරත ජනයාට අත්කර දුන්නේ සමාජ දේශපාලානාර්ථික ජයග‍්‍රහණයක් වුවද, එම ජාතික නිදහස් සටනේ අවසන් දශකය අවිහිංසාවාදය කරපින්නාගත් අධ්‍යාත්මවාදී ස්වරූපයක් ගැනීම නිසා, එයින් ඇමෙරි-යුරෝ රටවල් තුළ ප‍්‍රගතිශීලී ජනයා අතර ඉන්දියාවේ අධ්‍යාත්මික ප‍්‍රතිරූපය වඩා ප‍්‍රචලිත විය. නමුත් සැබෑව නම්, ඉන්දියාවේ බහුතරයක් අනුගමනය නොකරන වර්ධනාත්මක ශිෂ්ට අධ්‍යාත් ම අභ්‍යාසයක් වන බුදු-දහම තම රටවැසි බහුතරයේ අධ්‍යාත්ම අභ්‍යාසය කරගත් වෙනත් දකුණු ආසියානු රටවල් ද පවතින බව ඇමරි-යුරෝ කලාපය තුළ ප‍්‍රචලිත වීම සඳහා 20වන සියවසේ අග සහ 21වන සියවසේ මුළ දක්වා ම පමා වීම යි.
ඒ අනුව, 1801න් පසු ජෝන් ඩොයිලි ලක්දේශයේ බෞද්ධ ආයතන හා සමඟින් කළ ගණුදෙනුව බුදු-දහමේ අධ්‍යාත්ම අභ්‍යාසයන් පිළිපැදීමට හෝ ප‍්‍රචලිත කිරීමට අදාළ නොවන අධිරාජ්‍යවාදයේ උපයෝගීතා සංදර්භයක් තුළ පමණක් පැවතියක් බව මොනවට හෙළිදරව් වේ.
මේ දකුණු ආසියානු බොදු රටවල අධ්‍යාත්ම අභ්‍යාස මතුවී නොපෙනීමට මුඛ්‍ය හේතු දෙකක් පවතී. එකක් දේශපාලනාර්ථික හේතුවකි. අනෙක, අධ්‍යාත්මිකවාදී හේතුවකි.
දේශපාලනාර්ථික හේතු ව නම්, යුරෝ යටත්විජිතවාදයට එරෙහිව සමූහවාදී ස්වීය ජාතික විමුක්ති අරගලයක් ජයගැනීමට තවමත් මේ රටවලට නොහැකි වී තිබීම යි. එනිසා ම මේ රටවල් වලට, ඉන්දීය පරිපාලනය තුළ පවතින දකුණු ආසියාවේ ප‍්‍රාග්ධන කේන්ද්‍රය බවට පත්වීමේ නැමියාව දෙස බලා සිටින්නට සිදුව ඇත.
අධ්‍යාත්මවාදී හේතුව නම්, බුදු-දහම සැබෑ ලෙස අභ්‍යාස කරනු ලබන උදවිය, තම ජීවන හරයෙන් ම වතුරට දැමූ පොරොප්ප සේ ඉහළට එන්නට වෙර නොදරන කැපී පෙනීමේ මේනියාවෙන් තොර අල්පේච්ච භව-හිමිකරුවන් පිරිසක් වීම යි.
(කර්නල් ඔල්කට් සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි. 90 දශකයට පෙර බොහෝ අවස්ථාවල බොදු අධ්‍යාත්මය අන් දෙස් වල වැසියන් සමඟ හූවමාරු කෙරුණේ ස්වේච්චාවෙන් ම සොයා පැමිණි සංසිද්ධීන් වලදී පමණි. සුමංගල හිමියන් වැනි අධ්‍යාත්ම මැදිහත්කරුවන් පවා පැනල දීමේ මේනියාවෙන් තොර ජීවන අභ්‍යාස පැවති භව හිමිකරුවන් විය.)
1956දී ලක්දේශය තුළට ”සිංහල ඔන්ලි” පොලිසි එක පැමිණීමත් සමඟ සුළුතර ප‍්‍රභූ බෞද්ධ යතිවරු පිරිසකට යටත්විජිත ඩෙයාමීනියන් සංකේත-පද්ධතියට ඇතුළු වීමේ ඉඩක් පෑදුනු නිසා, ඔවුන්ට, මේ සංකේත පද්ධතිය තුළ සෘජුව සහ වක‍්‍රව දේශපාලනය කිරීමේ නව-ආතල් එකක් වැළඳුනි. එහි ප‍්‍රතිඵලය වූයේ, ඔවුන්ට සහ ඔවුන්ගේ සමහර පසුපෙළ හාමුදුරුවරුන්ට, බුදු-දහම පිටුදැක, ඩොයිලියානු බෙදුම්වාදී ජාතිවාදය ම වෙනත් ස්වරූපයකින් කරපින්නා ගැනීමට සිදුවීම යි.
එනයින්, මේ ප‍්‍රවනතාවට සහය දුන් “බෞද්ධ” යන නාමකරණය ලබා සිටි බොහෝ ප‍්‍රසිද්ධ හාමුදුරු-උන්නාන්සේලාට පවා බුදු-දහමේ මූලික හරය සම්බන්ධයෙන් දෙබිඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්ට පොළඹවන කතිකායම-උගුලකට (Discursive Trap) හසුවන්නට සිදුවුණි. මෙම කතිකා උගුල ඩොයිලි නිර්මාණය කළ එකක් යන්න ඔවුන්ගෙන් බොහෝ හාමුදුරු-උන්නාන්සේලා අවිඥානකව (Unconscious) විය. ඩොයිලි කළ කතිකාම බල දේශපාලන හදිය පෙන්වන්නට තරම් වන සමූහවාදී ජාතික සමාජ ව්‍යාපාරයක් 1956 සමය තුළ ලක් සමාජයෙහි නොවී ය. ඒ නිසා ඩොයිලිගේ බෙදුම්වාදය සවිඥානික (Conscious) ලෝකය තුළ සාමාන්‍යකරණය (Normalization) වී තිබුණි.
මොවුන්, 1815ට පෙර ලක්දේශයේ කිරීටයේ හෝ වෙන කොහෙවත් නොතිබූ දෙමල-විරෝධී සිංහලකමක් ගැන මැරෙන්න හදද්දී පවා, මෙය, ඩොයිලියානු බෙදුම්වාදයේ ම වෙනත් ස්වරූපයක් අනුව කරනු ලබන ජාතිවාදී සහ වරිගවාදී සැමරීමක් බව පෙන්වා-දෙන්නට තරම් වන සබුද්ධික (Rational) ප‍්‍රවනතා එකල රට තුළ හීනව පැවතිණි. බුද්ධිමය ප‍්‍රවනතා බිහිවූවා වුවත්, එවන් ප‍්‍රවනතාවකට බහුජන පදනමක් ගොඩනගා ගැනීම එකළ අසීරු කටයුත්තක්ව වූයේ, ”සිංහල ඔන්ලි” කතිකා සංකල්පයට බල-දේශපාලනය තුළ විශාල වරිගවාදී ඉඩහසරක් විවර කරගෙන තිබූ කතිකා-යන්ත‍්‍රයක් (Instrument of Discourse) ඊට පෙර සිට ම ඩොයිලි විසින් ගොඩනගා තිබීම නිසා ය. ඒනයින් සිංහල ඔන්ලි වරිගවාදයට ඩොමීනියන් ව්‍යවස්ථාවේ හරය සමඟ කිසිදු ප්‍රතිවරෝධයකට මුහුණ පානන්ට සිදු වුණේ නැත. ප්‍රතිවිරෝධය රැගෙන ආවේ වෙල්ලාල කුලයේ දෙමල ඩෙයිලිවානුවන් ම ය. ඒය ඩොයිලියානු කතිකාවේ හරය විසින් අපෙක්ෂිත ප්‍රතිවිරෝධයකි. එයින් සිංහල ඔන්ලි යන්න ඉවත් කරනවා වෙනුවට එය තව තවත් ප්‍රවර්ධනය කරන්නට හේතු විය. මන්ද ඒය ඒක ම ඩෙයෙිලියානු කතිකාවේ අනෙක් ද්‍රැවය නියෝජනය කළ බැවිනි .
1956දී ඇති වූ මෙම ඊනියා ජාතික රැල්ල (The So-called National Wave) නිසාවෙන්, 1801ට පෙර ජාති, කුල, ආගම් ඇතුළු බෙදීම් ප‍්‍රතික්ෂේප කිරීමේ පදනම පිළිවෙත කරගෙන පැවති බුදු-දහමෙහි බෙදුම්-විරෝධී බුද්ධිමය පටිසෝතගාමී ප‍්‍රවේශයට දෙවන වරටත් හානි සිදුවූ අතර, හින්දු කුල පීඩනයෙන් හෙබ්බත් වීම සහ වෙනත් බුද්ධිමය සිතීම් මාදිලි වර්ධනය වීම හේතුවෙන් දෙමල ප‍්‍රජා අතරේ වර්ධනය වෙමින් සිටි බුදු-දහම වැලඳගත් දෙමල බෞද්ධයින් බුදුදහමේ ප‍්‍රධාන ප‍්‍රවාහයෙන් පරිවාරයට තල්ලූ කර දැමිණි. මෙය, 1815ට පෙර සිටි රජවරුන් පාලනය කළ කිසිකලෙක කිසිදු අයුරකින් ලක් කිරීටයක් විසින් අනුගමනය නොකළ පිළිවෙතකි. ඩොයිලිගේ කතිකාමය අවතාරය හඳුනා නොගැනීම නිසා බුද්ධ චීවරය දැරූ ජනප්‍රිය තැණැන්ලා ද ඩොයිලියානු වරිගවාදයේ අන්තවාදයන්ට පවා ගොදුරුවිය.
(චීවරයට මුවා වූ ඩොයිලායානු වරිගවාදී බෙදුම්වාදී තැණැන් කෙනෙකු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේ.)
1956යේ මතුවූ වරිගවාදී රැල්ල, බොහෝ ජනයාට වරදවා හඳුන්වා දී සහ එත්තුගන්වා දී තිබුණේ, එය එක ම සුදු යටත්විජිත විරෝධී සහ නව නිදහස්වාදී නූතන පුනර්ජීවන ප‍්‍රවනතාව විදිහට ය. ඒ නිසා යටත්විජිත විරෝධී අව්‍යාජ ස්වදේශික බලවේගයන්ගෙන් සැලකියයුතු කොටසක් ද චින්තනමය වශයෙන් ගඟේ යැවීමට ඩොයිලිවාදී වරිග-කතිකාවට හැකි විය. සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බන්ඩාරනායක ප‍්‍රමුඛ, සිංහල මහ සභාව, ශ්‍රීලනිපය, මහජන ඒක්සත් පෙරමුණ සහ බොහෝ හාමුදුරු-උන්නාන්සේලා සහ පොදු ජනයාගෙන් විශාල පිරිසක් මේ අදිසි රැල්ලට ගොදුරු විය. රැල්ල හදන අයම රැල්ලේ ගොදුරක් වීම මෙහිදී දක්නට ලැබුණු හැඟවුම්කරණීය ලක්ෂණයකි.
නමුත් සැබෑ-යථාව (Tru-Real) නම්, මෙය, බුදු-දහම උගුලකට හසුකරවීමක් බවයි. එනම්, එංගලන්තක යටත්-විජිතවාදීන් ම තැනූ ඩොයිලායානු බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයේ සංකේතීය-භාෂා-වියමන (The Symbolic-Language-text of the D’oylyan Separatist Discursive Instrument) තුළ බුදු දහමේ මානවාදී හරයට භාහිර-විකෘති-අරුතක් (Parole) දී, ඒ මගින් වෙනත් වටයකින් නව-ආකෘතියකට අනුව බුදු දහම සහ සංඝ සංස්ථා බෙදුම්වාදය තුළ පිළිසකර කරවීමකට හසුකරවීමක් බවයි.
අගමැති සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක සහ මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේ යන නාමකරණ 02 දැරූ මනුස්සයින් දෙදෙනා අතර පැවතියා වූ සමාජීය සම්බන්ධය අවම තරමින් ගෞතම බුදුන්ගේ දහමෙහි ඇති අහිංසා මාර්ගයට හෝ වෙනත් ධාර්මික විනයකට හෝ අභිධාර්මික කාරණාවකට පක්ෂ වූ හෝ සමාන්තර වන ලෞකික මතයක් හෝ අරුතක්වත් පදනම්කොට ගොඩනැගුනක් නොවිණි.
මේ දෙදෙනා අතර ප‍්‍රධාන සම්මුතික සංකල්පය වූයේ “සිංහල පමණයි” යන්න යි. දෙවනුව මේ දෙදෙනා අතර භෞතික සම්මුත්ක සම්බන්ධය වූයේ යටකී සම්මුතික-සංකල්පය මත පිහිටා බණ්ඩාරනායක විසින් ඒ හාමුදුරු උන්නාන්සේට හෝ උන්නාන්සේට දායකත්වය දක්වන ඩොයිලියානු අනුරූකාරීත්වයට ගොදුරු වූ හොර ප්‍රභූ පරපුරක් වූ විජේවර්ධන ප්‍රභූ සනුහරයට හෝ ඔවුන්ගේ හිතවතුන්ට ප‍්‍රභූ මට්ටමින් පිරිනමන වරප‍්‍රසාද යි.
මේ අනුව, සිංහල පමණයි යන්නට එකඟවන තාක් සහ යටකී ප්‍රභූ වරප‍්‍රසාද සැපයීම උල්ලංඝනය නොවන තාක් මේ දෙදෙනා අතර සමාජීය සබඳකම පවතිනු ලබන අතර, එයින් එකක් හෝ බිඳ වැටුන සැනින් මේ සබඳතාව ද බිඳ වැටෙන්නට නියමිතව පැවතිණි. බණ්ඩාරණායක-චෙල්වනායගම් ගිවිසුම හමුවේ එකවර දෙදරාගොස් ගොස් බිඳවැටෙන්නට ප‍්‍රථම, බණ්ඩාරනායක විසින් ගිවිසුම ඉරා යාන්තම් ජාමෙ බේරගෙන රැකගත්තේ මෙන්න මේ බණ්ඩාරනායක-බුද්ධරක්ඛිත අතර වූ “සිංහල ඔන්ලි” සම්මුතිය සහ ඩොයිලියානු ප්‍රභූ වරප්‍රසාද සම්මුතිය යි. එනයින් මෙය වාර්ගිකත්වය, කුලය හෝ ජාතිය පිළිබඳ බුදු දහම විසින් දක්වන මූලික හරයට ම ප‍්‍රතිපක්ෂ සම්මුතියක් බව නිරුවත් වේ.
(අගමැති ඝාතනයේ මහමොළකරු වන බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේගේ ලිංගික සහකාරිය යැයි සැලකෙන බණ්ඩාරනායක ආණ්ඩුවේ ඒක ම කැබිනට් ඇමතිවරිය වූ එවක සෞඛ්‍ය ඇමතිනී විමලා විජේවර්ධන .)
එනයින්, මේ දෙදෙනා අතර සමාජීය සම්බන්ධය බුදුන්ගේ දහමට එරෙහිව ගොඩනැගුනක් බව පැහැදිලි ය. එනිසා ම මේ දෙදෙනා අතර පැවතුන සමාජීය සම්බන්ධය සහ ක‍්‍රිස්තු වර්ෂ 1815ට පෙර සිංහල කිරීටය හිමි රජෙකු සහ හාමුදුරු උන්නාන්සේ කෙනෙකු හෝ සංඝ සංස්ථාවක් අතර පැවැති සමාජීය සම්බන්ධතාවට සපුරා වෙනස් එකක් වෙයි.
කොටින් ම, 1815ට පෙර සිංහල පමණයි යනුවෙන් ප‍්‍රධාන සම්මුතික සංකල්පයක් පදනම් කරගත් මතයක්, සම්මුතියක් හෝ කතිකාවක් අනුව රජ කෙනෙකු සහ හාමුදුරු උන්නාන්සේ කෙනෙකු අතර සමාජීය සබඳතාවක් පැවැත් වූ බවට කිසිදු ආකාරයක සාක්ෂි සාධක නොමැත. එනයින්, හාමුදුරු උන්නාන්සේ කෙනෙකු විසින් රජ කෙනෙකුව ඝාතනය කළ බවට ද කිසිදු ඓතිහාසික සාක්ෂි සාධකයක් සිංහල රාජාවලි ඉතිහාසයේ නොමැත.
එනයින්, යටකී “සිංහල පමණයි”සම්මුතිය සහ ඩොයිලියානු ප්‍රභූ වරප්‍රසාද සම්මුතිය යන ඒවා මත පදනම් වූ යටකී දෙදෙනාගේ සමාජීය සබඳතාවය ඩොයිලිගේ ඔත්තු සේවා බලෑණිය විසින් පණ පොවා ප‍්‍රචලිත කළ බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රය පදනමිකව අභාෂිත යළි-උපුටනයක් බව නිගමනික ය.
(අගමැති ඝාතනය සඳහා බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේ විසින් යොදාගත් තල්දූවේ සෝමාරාම හාමුදුරු තැණැන් 1962 ජූලි 05 දා කිතුණුවෙකු බවට හරවා ඉන් දින 02ට පසුව ඒල්ලා මරා දමන ලදී.)
එනයින්, මෙම බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව හෙළිදරව් වූයේ, මෙම ඩොයිලියානු බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයෙන් ගැලවී බේරුණු යම් හෝ සංඝ සංස්ථාවක් වසර සිය ගණනක යටත්විජිත සමයකින් පසු අදටත් පවතිනවා නම්, එම සංස්ථාව වෙන්කර හඳුනා ගැනීම පවා මහා විශ්ලේෂණාත්මක ගවේශණ හරහා සිදු කළ යුත්තක් බව යි.
මන්දයත්, කැළණි රජ මහ විහාරය පෙර රජ සමයේ සිට ම රජු සහ හාමුදුරු උන්නාන්සේලාගේ සබඳකම පිළිබුඹු කළ කැඩපතක් වන් බෞද්ධ ර්මමස්ථානයකි. නමුත් 1947 වන විට, එක අතකින් මෙම විහාර බිම ලක් රජුගේ අනුග‍්‍රහයෙන් ගිලිහී වසර 132ක් ඌන-සංවර්ධනයට ලක් වූ ලක්දේශීය සමාජ සංස්ථාවක් විය. අනෙක් අතින්, 1801 සිට 1947 දක්වා වසර 146 සැලකුවහොත්, ඒ කාලාන්තරය තුළ මෙම විහාර බිම ඩොයිලියානු වරිගාවදී සහ බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයට ගොදුරුව පවැති සමාජ සංස්ථාවකි.
එනයින්, රජුගේ අනුග‍්‍රහයෙන් ගැලවී සියවසකට වැඩි කාලයක් ඓතිහාසික විකෘතියකට බඳුන් වී පැවති වෙනත් ඕනෑ ම සමාජ සංස්ථාවකින් සේ, මෙය තුළින් ද, ”සිංහල පමණයි” වැනි ආන්තික බෙදුම්වාදී සම්මුතික සංකල්පයක් සහ ඩොයිලියානු ප්‍රභූ වරප්‍රසාද සම්මුතියක් දොට්ට පැනීම අතිශය සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකි ය. බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේගේ සමාජ භාවිත ලෝකය සහ එතැණැන් ලක්දේශයේ එංගලන්තකවාදී ඩොයිලියානු ප‍්‍රභූන් සමඟ පැවැත් වූ සමාජ සබඳතා නිරික්සීමේ දී 1801සිට වසර 146ක් තිස්සේ කැළණි විහාරයට සහ එය නියෝජනය කළ බුදු දහමට සිදු වූ සියවසික අව-වර්ධනය සහ නිග‍්‍රහව මැනැවින් පැහැදිලි කරගත හැකි වෙයි.
ලක්වැසියන්ට පූජනීය බොදු සංකේතයක් වූ කැළණි රජමහා විහාරයෙහි 1947 සිට 1959 දක්වා පැවිදි සිවුර දරාගත් ප‍්‍රධාන පූජක තැණැන්ව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේ අගමැති බණ්ඩාරනායක ඝාතනයේ ප‍්‍රධාන කුමන්ත‍්‍රණකරුවා යැයි යටත්විජිත ලන්ඩන් පරිපාලනයට අයත් ස්කොට්ලන්ත නාගරික පොළිස් විමර්ශන අංශය හෙවත් ස්කොට්ලන්ඞ් යාඞ් කළ පොලිස් විමර්ශනයකින් ම විනිෂ්චය කෙරිණි. බණ්ඩාරනායක පවුලට ලක්දේශයේ ස්වීයත්වය පිළිබඳ ඔය කියාගන්නා තරම් මහා විශ්වාසයක් පැවතියේ වී නම්, යළිත් මරණ විමර්ශනය කරගන්නටත් ඩොයිලිගේ කට්ටියගෙන් ම පිහිට පතන්නට සිදුවූයේ කුමන නම් අරුම ඉතිහාසික උරුමයකින් ද?
(කැළණි රජමහා විහාර පුදබිම.)
ස්කොට්ලන්ඩ්යාඩ් විමර්ශනයට අනුව, 1956යේ පාර්ලිමේන්තු මැතිවරණයේ ගාමක බලවේගය වූ එක්සත් භික්ෂු පෙරමුණ මෙහෙයවීම සිදුකළ ප‍්‍රධාන චරිතය වූ මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේ විසින් 1959 සැප්තැම්බර් 25 වන දින සිදු වූ මෙම බණ්ඩාරනායක ඝාතනය සඳහා කුමන්ත‍්‍රණ කිරීමට මුඛ්‍ය හේතූන් 02ක් පැවති බව හෙළිදරව් විය. මෙයින් එකක් ”සිංහල පමණයි” සම්මුතික සංකල්පය බිඳ දැමීම ද, අනෙක, එංගලන්තකයින් ගොඩනැගූ ප්‍රාග්ධන ව්‍යාපාර වලට අදාල ප‍්‍රභූ වරප‍්‍රසාද සැපයීම උල්ලංඝනය කිරීම ද පිළිබිඹු කර දෙයි.
මෙම මුඛ්‍ය හේතූන් 02 සවිස්තර කළහොත්,
01. ජාතිකවාදී ප‍්‍රතිසංස්කරණ හඹා යාමට බණ්ඩාරනායක අසමත් වීම.
02. ව්‍යාපාරික ගණුදෙනුවක් ප‍්‍රධානය කිරීම ප‍්‍රතික්ෂේප කිරීම.
(මෙහි ආසන්නතම සිදුවීම නම්, සීනි කම්හලක් ඉදිකිරීම සඳහා වන රජයේ කොන්ත‍්‍රාත්තුවක් භාරදීම සහ නැව් සමාගමකට රජයෙන් ලබාදෙන සහන පැවරීම බන්ඩාරනායක විසින් ප‍්‍රතික්ෂේප කිරීමයි.)
මීට අමතරව, මේ ස්කොට්ලන්ඞ් යාඩ් විමර්ශණයට සමාන්තරව, මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේ ඉහළ තරාතිරමේ ව්‍යාපාර මෙහෙයවන ධනවත් ව්‍යාපාරිකයෙකුව සිටි බවත්, එංගලන්තකයින් විසින් හඳුන්වා දී තිබූ විස්කි මධ්‍යසාරය දෛනිකව පානය කරන්නෙකු වූ බවත්, එක ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීනිය ලෙස සහ බණ්ඩාරනායකගේ කැබිනෙට්ටුවේ සෞඛ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කළ වැන්දඹු විමලා විජේවර්ධන සමඟ නිරන්තර ලිංගික ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් වැනි රහස් තොරතුරු හෙළිදරව් වී සමාජගත වීම සිදුවිණි.
(බණ්ඩාරනායක තම සැබෑ අනන්‍යතාවය වූ ස්වරෑපයට අදාළ ඇඳුමකින් සැරසී සිටිය දී,)
බුද්ධරක්ඛිත හාමුදුරු උන්නාන්සේට 1961 වසරේ දී අධිකරණය විසින් මරණ දඬුවම නියම කරල ලද අතර, පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කරන ලදුව, බරපතල වැඩ සහිත වසර 06ක් ගෙවී 1967දී ඔහු මිය ගිය නමුත්, මේ කතන්දරයට තුඩු දුන් කැළණි ගඟ ඉවුරෙන් රටට බලපෑම් කළ ඩොයිලියානු බෙදුම්වාදී කතිකාවෙන් හික්මවුණු ඒංගලන්තකවාදී ප‍්‍රභූ පරම්පරාවක් විසින් ලක්දේශයට කළ දේශපාලනාර්ථික බලපෑමේ කතන්දරය අවසන්ව ගියේ නැත.
එනයින් විජේවර්ධන පවුල් පසුබිම් සටහන සැකවින් දැක්වීමෙන් පවා, 1815ට පෙර රටේ සිටි සමාන්‍ය නිකමුන් පිරිසක් ජෝන් ඩොයිලි ගේ එංගලන්තකවාදී ඩොයිලියානු බෙදුම්වාදී කතිකාවෙන් ශික්ෂිත ජීවන පැවැත්මක් ගෙන ගිය නිසා අදිසි පැරෂුට් ප‍්‍රභූ පරපුරක් බවට පත්වීම පිළබඳවත්, ඔවුන් බොදු සංඝ සංස්ථාවේ ප‍්‍රධාන සංඝායතන අරක්ගෙන ධර්මයට ද්වීතීක තැන දෙන ඩොයිලියානු ආමිස පූජාවකට මුල්තැන දෙන ප‍්‍රවේශයකින් කටයුතු කර ඇති බව පිළිබඳවත්, ලක් කිරීටය යටතේ තිබූ බොදු පැවැත්ම සියවසකට වැඩි කාලයක් තුළ යටින් හාරා බිඳ දැමා ඇති බව පිළිබඳවත් සෝදිසි-නිරික්ෂා ඇතිවිය යුතු සමාජ විශ්ලේෂණ සංදර්භයක් හසුවේ.
නමුත් එය හෙළිකරදීම ගැඹුරු භෞමික-විද්‍යාත්මක, භූගර්භ-විද්‍යාත්මික, මානව-වංශ-විද්‍යාත්මක, පුරා-විද්‍යාත්මක සහ කතිකා-විද්‍යාත්මක ප‍්‍රවේශ ඔස්සේ කළ යුතු දීර්ඝ නව-නූතන ගවේශණයක් ලෙස ඉතිරිව පවතී.
නමුත් දැනට ඒ ගවේශණය දෙසට ක්ෂණ බැල්මක් හෙලීමේ අරමුණින් අප කැළණි ගඟ අසබඩින් මතු වී ආ විජේවර්ධන පවුල් රේඛාව සැකවින් විමසමු.
(සේදව්ත්ත වලව්වේ හෙලේනා විජේවර්ධන හෙවත් දොන් පිලිප් විජේවර්ධනගේ බිරිඳ. මැය කැළනි විහාරයට අනුග්‍රහය දැක් වූ අතර කැළණි විහාරයේ ප්‍රධාන උපාසිකාව විය.)
තුඩුගත්ලේ දොන් පිලිප් විජේවර්ධන යනු ලී වෙළෙන්දෙකි.
බද්ධරක්ඛිත තැණැන්ගේ ලිංගික සහකාරිය වූ විමලා විජයවර්ධනගේ මුල් පූර්වජ පාර්ශවය මොහු ලෙස සැලකිය හැකි ය.
පළමුව ලී වෙළඳාමෙන් සාර්ථක වී පසුව සේදවත්ත ලීමෝල පිිහටුවාලීමට පුරෝගාමියා වූයේ මොහු යි.
තම මවගේ ගම්මානය වූ සේදවත්තට පැමිණ කැළණි ගං ඉවුරට යාබදව මෙම ලීමෝල පිහිටුවා, එහි සිට ලී ප‍්‍රවාහනය කිරීම මොහු විසින් කරන ලද ප‍්‍රධාන ව්‍යාපාරික කාර්යයකි. මොහු ලන්ඩන් පරිපාලනයට යටත් කොලනිවාදී එංගලන්තක සිලෝන ආණ්ඩුවට දැව සහ ගඩොල් සැපයුම් කළ ප‍්‍රධාන වෙළෙන්දෙකි. ලක්දේශය තුළ මෙම ලන්ඩන් ආණ්ඩුවට ගොඩනැගිලි ද්‍රව්‍ය, අනෙකුත් දේපල, සම්පත් සහ ශ‍්‍රමය සපයා දෙන තැරැව්කාර වෙළෙන්දන්ට ගරුනාම පවරා ප‍්‍රභූත්වයට ඔසවා ඔවුන් තම පරිපාලනය කෙරෙහි නම්මවාගත් නිත්‍ය පිරිස් බවට පත්කරගැනීම එකළ ලක්දේශයේ ක‍්‍රියාන්විත වූ ලන්ඩන් පරිපාලනයේ ප‍්‍රධාන යටත්විජිත පරිපාලන උපායක්ව පැවතිණි. ඒ අනුව තුඩුගල්ලේ දොන් පිලිප් විජේවර්ධනට ලන්ඩන් පරිපාලනය විසින් මුහන්දිරම් පදවියක් පවරන ලැබූවෙකි. ඒනයින් මොවුන් 1815ට පෙර ලක්දේශයේ කිසිදු ප්‍රභූ පරපුරක් හෝ වෙනත් කිසිදු රාජ්‍යමය පරපුරක් නොකළ නිකමුන්ව සිටිය උදවිය බව නිගමනික ය.
විජේවර්ධනලා ප‍්‍රභූන් වීම ඇරඹෙන්නේ බටහිර කොලනිවාදින්ගේ පැමිණිමෙන් පසුව ය. ඊට පෙර මොවුන් රටේ සාමාන්‍ය ලක්වැසියන් ය. රටක සාමාන්‍ය ලක්වැසියන් ප‍්‍රභූන් බවට පත්කර සහ ධනවත් කර රජුගේ ප‍්‍රභූන්ව වඳවී යාමට සැලැස්වීම එංගලන්තක යටත්විජිතවාදී උපායමාර්ගයක්ව පැවතිණි. 1948න් පසුව රට පාලනය කළ නායකයින් අතරේ සිරිමා රත්වත්තේ හැරුනුකොට වෙන කිසිදු අව්‍යාජ ලක් ප්‍රභූවරයෙක ඉතිරි නොවන තැනට, රජු සමයේ පභූන් වඳ වී අජනප්‍රිය වී යාමෙන් ම මේ බව ඔප්පු වෙයි. ඒ ඒංගලන්තක උපායමාර්ගයේ ආනුභාවයෙන් ලකදේශයේ සම්භවීය හරයන් විනාශයට පත් වූ අතර, විජයවර්ධන වැනි සාමාන්‍ය වැසියන් ප‍්‍රභූ වරප‍්‍රසාද හිමිකරගත්තේ ය. ඔවුන්ගේ අනුප‍්‍රාප්තිකයින් දැනුත් රට පාලනය කරති.
(නාලිනී විජේවර්ධන - රනිල් වික්‍රමසිංහගේ මව)
ඒ අනුව සංකේතීයව ගත් කළ, දොන් පිලිප් විජේවර්ධන සහ දොන් හෙලේනා වීරසිංහ යුවලට සමකාලීන විජේවර්ධන පරපුරට අනුප‍්‍රාප්තිකව දොන් රිචඞ් විජේවර්ධන සහ ඇලිස් මීදෙනිය යුවල ද (18886-1950), ඒ යුවලට සමකාලීන විජේවර්ධන පරපුරට අනුප‍්‍රාප්තිකව රන්ජිත් විජේවර්ධන සහ රංජනි සේනානානායක යුවලද, ඒ යුවලට සමකාලීන විජේවර්ධන පරපුරට අනුප‍්‍රාප්තිකව එක පසෙකින් රුවන් විජේවර්ධන සහ ඉරුෂි විජේවර්ධන යන අයද දැකගත හැකිය.
අනෙක් පසින් නාලිනි විජේවර්ධන සහ එස්මන්ඞ් වික‍්‍රමසිංහ යුවල හඳුනාගත හැකි ය.
මේ යුවලගේ පුත් රනිල් වික‍්‍රමසිංහ වත්මන් ලක්දේශයේ ජනාධිපතිවරයා ය.
ඉතිං බැඳුම්කර බැංකු මංකොල්ලය පිටින් දමා රවි කරුණානායකගේ සියළු පට්ටංතර වලින් ඔහුව ගලවා රනිල් වික්‍රමසිංහ ඒ් පට්ටං රුවන් විජේවර්ධනට දී ඔහුව තම ඊළඟ අනුප්‍රාප්තිකයා බවට පත්කරගන්නට හැදීම තුළ පවතින්නේ සරල ඩොයිලියානු ප්‍රභූ සංදර්භයක් බව ලක් ජනයා තේරුම්ගත යුතුව ඇත.
මෙයින් හැඟවුම්කරණීය ලෙස සංකේතවත් කෙරෙන්නේ, ලක්දේශය තවමත් එංගලන්තකවාදී ඩොයිලියානු බෙදුම්වාදී කතිකා යන්ත්‍රයෙන් මිදී නැති බවත්, බුදු දහමට අදාළ ප‍්‍රධාන සංඝායතන ද මෙම ඩොයිලියානු ප‍්‍රභූත්වයේ එංගලනත්කවාදී හස්තයෙන් මිදී නැති බවත්, ලක්දේශයට පාර්ශවීය ස්වීය සහ ස්වාධීන දේශපාලනාර්ථික ක්‍රම-පද්ධතියක් (Independent Political-Economic System) නොමැති බවත්, ඒ නිසා ලක්දේශයේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ග ඇතුළු සියළු ජනකොටස්වලට සමූහවාදී නිදහස් අරගලයක් අවැසිව පවතින බවත් ය.
හොඳින් විමසා බැලූවහොත්, 1815ට පෙර ලක් කිරීටයට සහය දුන් බොදු-සංඝ සමාජයේ සමස්ත භාෂා-සංකේතීය-හර-පද්ධතිය තුළ හෝ, බුදු-දහම පිළිබඳ ලක් කිරීටයට තිබූ ස්ථාවරය නියෝජනය කළ සමස්ත භාෂා-සංකේතීය-හර-පද්ධතීන් තුළ හෝ, ලක් කිරීටයට සහ පොදු සමාජයට අසම්බන්ධව පැවති ලක්දේශයේ වනවාසී බොදු ප‍්‍රජා නියෝජනය කළ සමස්ත භාෂා-සංකේතීය-හර-පද්ධතීන් තුළ හෝ මෙවන් ”සිංහල ඔන්ලි” හෙවත් ” සිංහල පමණයි” යන නාමකරණය හෝ අරුත ඇති කේන්ද්‍රීය-සංකල්පයක් (Central Signified) හෝ ඊට සමාන්තර අරුතක් ඇති සංකල්පයක්වත් පවැතී නැති බව ප්‍රත්‍යක්ෂයකි.
ඊට අමතරව, වනවාසී සංඝ-සමාජයන් හෝ ගුරුකුල වලට දේශපාලන අරමුණු නොතිබුණ තරම් වන අතර, ඔවුන්ගේ අව්‍යාජ අහිංසාත්මක අභිප‍්‍රාය වී තිබුණේ ලෞකික භාෂා-සංකේතීය-කතිකාවෙන් ගැලවී යාමේ මාර්ගය(මග්ග) අනුගමනය කිරීමට මුල්තැන දීම යි.
(වනවාසී භික්ෂු සම්ප්‍රදාය ලක්දේශය තුළ අවම වශයෙන් මතුවී පෙනෙන ලෙස කතිකාවට ගත් වාද-විෂයක් වී නැත්තේ එම සම්ප්‍රදාය තුළ ම පවතින නිරාමිස හෙවත් නො-වචනික ස්වභාවය නිසයි.)
එහිදී, ඔවුන්, අඩුපාඩුකම් සහිතව වුව ද, විහාරවාසී හෝ කිරීටවාදී බොදු ප‍්‍රජාවන්ට සාපේක්ෂව 03වන ධර්ම-සංගායනාවෙන් පසු සම්මත වූ ථේරවාදී බුදු-දහමේ පොදු-හරයට වඩා සමීපව කටයුතු කළ බව හඳුනාගත හැකි ය. නමුත් ඒ නිසා, මේ බොදු ප‍්‍රජා දෙක අතර බෙදුම්වාදී ගැටුම් ඇති වූ බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් හෝ සාධකයක් නොමැත.
එලෙසම, මේ කිසිදු ප‍්‍රජාවක් ලක් කිරීටය යටතේ ජීවත් වූ හින්දු භක්තිකයින් සමඟ හෝ ඉස්ලාම් භක්තිකයින් සමඟ හෝ වෙනත් මොනයම් ආගමිකයින් පිරිසක් සමඟ හෝ කිසිදු ආගම්වාදී ගැටුමක් ඇතිකරගත් බවට ද කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. මන්ද, මේ සියළු අන්‍යාගමික පාර්ශවයන් අඩු වැඩි වශයෙන් බොදු දහමේ අහිංසා මාර්ගයේ ඇති පොදු හරය සහ සමස්ත බොදු සංස්ථාවට අන් ඇදහිලිවන්තයින් කෙරෙහි වූ එහි නිදහස් සහ විවෘත්ත පිළිවෙත නිසා බොදු සමාජය තම ආගමික පැවැත්මට හානි ගෙන දෙන හිංසක යොමුවක් ලෙසින් භාරගන්නට අන්‍යාගමිකයින්ට හේතුවක් නොපැවතිණි.
එනයින්, ඩොයිලියානු පැවැත්මට හසු වූ බුදු දහම එයින් ගලවා ගැනීම ලක්වැසි අන්‍යාගමිකයින්ගේ ද වගකීමක් වන අතර, එය ඔවුන්ගේ ආගමික නිදහස ද නැවත දිනා ගැනීමක් වන්නේ ය. එනිසා බුදු දහම ඩොයිලියානු බෙදුම්වාදයෙන් නිදහස් කරගැනීම සමූහවාදී නිදහස් අරගලය මෙහෙයවන සියළු වරිග සහ ආගමිකයින්ගේ විමුක්ති කාර්යයක් වන්නේ ය.
ඒ නිසා 1815ට පෙර ලක්දේශය තුළ පැවති බුදු-දහම, ”සිංහල ඔන්ලි” හෝ ”සිංහල පමණයි” වැනි සංකේතයක් එහි කේන්ද්‍රීය-භාෂා-සංකල්පයක් (Central-Concept) තියා පරිවාර සංකල්පයක් (Peripheral-Concept) බවට හෝ පත්කරගත්තේ යැයි කියා ද, එබඳු කේන්ද්‍රීය-සංකල්පයක් හෝ පරිවාර-සංකල්පයක් දරාගත් කතිකා-යන්ත‍්‍රයක් (Discursive Instrument) සමඟ කිසිදු සබඳකමක් පැවැත්වූවා යැයි කියා ද, එවැන්නක් මත යැපී පැවතියා යැයි කියා හෝ, එවැන්නක බලපෑමට සහ ආභාෂයට හසුවී තිබුණා යැයි කියා ද කිසිදු ඓතිහාසික සාක්ෂියක් හෝ සාධකයක් නොමැති බව ප්‍රචලිත කළ යුතුව ඇත.
ඕනෑ ම ධර්මයක්, දර්ශනයක් හෝ ආගමක් බිහිවී සියවස් ගණන් පසුවන විට එහි මුල් සම්භවීය ආකෘතිය සහ අන්තර්ගතයහි වෙනස්කම් ඇතිවීම සහ හැලහැප්පීම් වලට බඳුන් වෙමින් බොහෝවිට එහි මුල් කාලීන තනි අන්තර්ගතය සහ ආකෘතියෙන් මිදී සහ බිඳී වෙනත් අන්තර්ගත සහ ආකෘති මාදිලීන් බහුලත්වයක් නියෝජනය කරන කුලක හෝ ප‍්‍රවර්ග තොග බවට පත්වීම ද පෘථිවි පැවත්ම තුළ ම පවතින සාමාන්‍ය නොවැලැක්විය හැකි ස්වභාවයකි. මීට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ, ප‍්‍රති-අර්තකථන නිර්මාණය කිරීමේ පෙළඹවීමෙන් ගැලවීම ලබා නිර්භවත්වය අත්කරගැනීම වෙත යන්නට සුනංගු වන මමත්වවාදී ලෞකික මිනිස් මනස නියෝජනය කරන්නන් ලොව බහුතරය වීම යි.
මේ ලෞකික මිනිස් මනසේ පෙළඹුම නිසා ම, පසුකාලීනව, අදාළ කුමන දහම පදනම් කරගෙන හෝ යම් ආගමික තමන්ලා පිරිසක් විසින් සාදාගත් හෝ නියෝජනය කරන නවමු-ආගමික හෝ ධාර්මික හෝ දාර්ශනික මාදිලි සහ ආයතන බිහිවිය හැකිය. ඒ්සේ බිහිවී ද ඇත. මෙම නව ආයතන මාදිලි එක් වර්ගයක් නියෝජනය කරන ආගමික තමන්ලා පිරිසක්, තවත් වෙනත් ආයතන මාදිලි වර්ගයක් නියෝජනය කරන ආගමික තමන්ලා පිරිසකට වඩා නිර්මල වන්නේ යැයි හුවා දැක්වීම සහ උලූප්පා පෙන්වීම සාමාන්‍ය ලෞකික ක‍්‍රියාවකි. තමන් සිටින (being) කුලකය හෝ ප‍්‍රවර්ගය නිවැරදි යැයි පිළිගැනීම සහ ප‍්‍රචලිත කිරීම ලෝවැසි කොයි ලෞකික උදවිය අතරත් පවතින පොදු ගුණාකාර සාධකයකි.
මෙය පැහැදිලිව ම මිනිස් මනසේ ඇති දුර්වලතාවයකි.
නමුත් මෙයට බල-දේශපාලනික මැදිහත්වීමක් සිදු නොවන තාක් කල් එය කාලයාගේ ඇවෑමෙන් නිවැරදි කරගත හැකි දුර්වලතාවයක් ලෙස ම පවතී. ලක්දේශයේ බටහිර යටත්විජිත සමයට සාපේක්ෂව ගත්කල, ලක්දේශයෙන් පිටත තුන්වන ධර්ම සංඝායානාව සිදුවන තෙක් ම බුදු දහමේ සංස්කෘතික කතිකාව පැවතියේ එබඳු නිවැරදිකරගත හැකි දුර්වලතා සහිතව ය. මන්ද ධර්ම සංඝායනාවන්ට අනුග‍්‍රහය සපැයූ රජවරුන්ට යම් යම් බලදේශපාලන අරමුණු තිබුණා වෙන්නට පුළුවන් වුවද, එය නොතකා තම සංඝායනාව ස්වාධීන අයුරින් කරගන්නට තරම් ඒ පළමු සංඝායනාවන් තුන ම මෙහෙය වූ සංඝයාවහන්සේලා ප‍්‍රඥාවෙන් යුක්ත වූවන් වූ බව ලොකෝත්තර බව අත්නොදුටු දියුණු ලෞකික මනසකට වුව ද හසුවේ. අනෙක් අතින්, ඊට හේතුව, ඒ සංඝායනාවන් සිදුකරන ලද යුග තුළ යුරෝපය දෙසින් ආසියාව වෙතට යටත්විජිත මැදිහත්වීම් සිදු නොවී පැවති බැවිනි.
නමුත් මෙයට බල-දේශපාලනය (විශේෂයෙන් බටහිර යටත්විජිතවාදයේ බල-දේශපාලනය) මැදිහත් වූ සැනින් මේ ලෞකික දුර්වලතාවය ආන්තික-වාදයක් (Extremist-Argument) උදෙසා යොදාගැනීමට හැකිවීමේ නව කාල-අවකාශයක් හෙවත් ඉඩහසරක් නිර්මාණය විය. දකුණු ආසියාවට පැමිණි බටහිර යටත්විජිතවාදීන් විසින් ලක්වැසි ස්වදේශිකයින් තුළ පැවැති මේ සියළු ලොකික දුර්වලතා තම බෙදුම්වාදී බල දේශපාලන කතිකා යන්ත‍්‍ර ශක්තිමත් කිරීම සඳහා යොදාගත්තේ ය. එහිදී ඔවුන්ට, එයින් බුදු-දහමට සිදුවන හානිය අවම කරගැනීම සඳහාවත් පිළිවෙතක් නොවීය. කොටින් ම, ඒ ගැන තැකීම බටහිර කොලනිවාදීන්ට අදාළ දෙයක් ද නොවී ය. මන්ද, බටහිර අධිරාජ්‍යවාදීන් දකුණු ආසියාවට පැමිණියේ ම බෙදා-පාලනය-කිරීම (Divide and Rule) නැමති යටත්කරනීමේ උපාය-මාර්ගය කරගහගෙන ය. ඔවුන් එම උපායමාර්ගය යොදාගත්තේ දකුණු ආසියා කලාපයේ දේපල, සම්පත් සහ ශ්‍රමය සොරා ගැනීමේ නැමති අරමුණ ඉටු කරගැනීමට මිසක ඔවුන්ට උවමනා බදු දහමක් නොවී ය.
එම උපාය මාර්ගය මුදුන්පමුණුවා ගැනීම සඳහා ඔවුන්, ඔවුන්ගේම වූ බෙදීම් වර්ගයක් ලක් පොළව මත හෝ වෙනත් දකුණු ආසියාතික පොළවක් මත නිර්මාණය කළේ නැත. බටහිරුන් පැමිණෙන තෙක් එදිරිවාදීකම් වලින් තොරව පවත්වාගෙන ගිය දකුණු ආසියානු සමූහවාදී සමාජ-සැකැස්මවල් තුළ වූ විවිධ සමාජ ප‍්‍රවර්ගකරණයන් ද, ලෞකික දුර්වලතා නිසා වෙන්-වෙන්ව අභ්‍යාස කෙරුණු විවිධ පිළිවෙත් ද, බටහිරුන් විසින් තම බෙදුම්වාදී අරමුණ ඉටුකර ගැනීමෙහි ලා යොදාගත් හ. එහිදී ඔවුන් ලක්වැසියන් තුළ වූ සමාජ විවිධත්වයට අදාල වෙනස්කම් එදිරිවාදී පාර්ශව බවට පත්කිරීමේ කතිකාමය යුද්ධ (Discursive Wars) ඇරඹූහ. ඒ සඳහා ඔවුන්ට තම බල-දේශපාලනික ආයතන තුළින් සේ ම ඒවාට පිටතින් ද ක‍්‍රියාන්විත වූ ව්‍යූහ නිර්මාණය කරගත හැකි විය.
පෙර නොපැවති කෘතිම විසම්මුතියක් බිහි කළ ”ශ‍්‍රී වික්රම රාජසිංහ දෙමලා” යනුවෙන් එතෙක් නොපැවති ව්‍යාජ ප‍්‍රවාදයක් ගොඩනැංවීම ද මෙලෙස කතිකා යුද්ධයක් හරහා එදිරිවාදී පාර්ශව දෙකක් බිහිකිරීම පිළිබඳ ජනප‍්‍රිය උදාහරණයකි. හොඳින් සොයා බැලූවහොත්, හැමවිට ම එංගලන්තකයින්ට එරෙහි පෞර්ශයක් හෝ සංසිද්ධියක් බිඳ දැමීම මෙම අභ්‍යාසයේ යටි අරමුණ වී තිබුණි. ශ්‍රී වික්රම රාජසිංහ ඒබඳු ඒංගලනත්ක විරෝධී ලක් පෞර්ශයකි.
නමුත් බටහිරුන්ගේ මුඛ්‍ය උවමනාව වී තිබුණේ, වෙනත් භෞතික අරමුණක් මුදුන් පමුණුවා ගැනීම ය. එයනම්, දකුණු ආසියාවේ දේපල, සම්පත්, ශ්‍රමය සහ වෙනත් ස්වරූප ලෙස පැවති භෞතික ප‍්‍රාග්ධනය කොල්ල කා හොරකම් කර ගැනීම ය.
(අත්ලාන්තික් සහ පැසිපික් සාගරයන් හා සම්බන්ධ මායිම් සහිතව වර්ග සැතපුම් 73,556,000 දක්වා ඈතට දිවෙන ලෝකයේ තුන්වන විශාලත ම සාගරය වන ඉන්දියන් සාගරය සමස්ත පෘථිවි සාගරයෙන් සියයට 20ක් පමණ වේ. මෙහිදී ඉන්දියාවට නිරිතදිගින් පිහිටි වෙරළෙහි විශාලත ම වෙළඳ වරායවල් පැවතියේ ක්වීලෝන්, කැලිකට් සහ ලක්දේශයේ යි. ඒ් නිසා දකුණු ආසියාතික ආක්‍රමනියින් වූ චෝලයින්ට සමාන්තර මුහුදු බලයක් ගොඩනගා ගන්නා තුරු ම ලක්දේශය නිතොර හිදිසි අභාෂයන්ට සේ ම අනතුරු වලට ද විවෘත්ව පැවතියේ ය. ස්වීය නාවික බලයක් ගොඩනගා ගැනිමේ අවැසිතාව පසෙක තිබිය දී, ඊට පෙර බටහිරුන් ලක්දේශයට ගොඩ බැස්සහ.)
බුදු දහමේ මුල් කාලීන අන්තර්ගතය සහ ආකෘතියෙන් මිදී නව-මාදිලි බිහිවීමෙන් ඇතිවන ලෞකික උභතෝකෝටිකයන් අවම කරගැනීමට ගෞතම බුදුන්ගේ පිරිනිවනින් පසු ගෞතම බුදුන් ඇසුරෙහි සිටි අරහත් හෙවත් නිර්භවීය-වහන්සේලා හඳුන්වා දුන් මාර්ගය වූයේ ධර්ම-සංගායනාව (Buddhist Doctrinal Council) නැමති අර්ථකථන අවම හෝ ස්ව-අර්තකථනයෙන් හිස්වූ ශික්ෂණයක පිහිටි පිරිසකගේ අළෞකික නිර්-පෘතග්ජන සංවාදය යි. එහිදී, ස්ව-අර්තකථන එකතු කිරීමෙන් බැහැරව බුදුන් වදාළ අරුතෙහි ම ඇති මුල් සම්භවී-ගුණය (Original Quality) සහ හරය සංරක්ෂණය කර බෙදාහැරීම මේ නිර්භවීය-වහන්සේලාගේ වස්තු-මූලිකත්වය (Objectivity) හෙවත් අරමුණ වී තිබූ බව ප‍්‍රත්‍යක්ෂ ය.
නිර්මල හෙවත් ”වෙනස්-කිරීම්-අවම” පාලි-භාෂිත බොදු-ධර්ම-සංකේත-වියමන් (Buddhist-Doctrinal-Symbolic-Texts) ලෙස අද අපට හඳුනාගත හැකිවන වත්මන් නේපාල පාලි බොදු-ධර්ම-ලේඛන (Buddhist Scriptures) ද එබඳු ධර්ම-සංගායනා 03 කින් පෙරී අනතුරුව අප වෙත ලැබෙන භාෂා-වියමන් (Language texts) ය.
බුදු-දහමට එක ධර්ම-සංගායනාවකින් නොනැවතී ධර්ම-සංගායනා 03ක් හරහා ම පෙරණය වන්නට සිදුවූ ප‍්‍රධාන හේතුවක් වන්නේ, මේ නිර්භවීය-වහන්සේලාගෙන් සැදි බොදු-සංඝයෙහි සිටි අති-සුළුතර පිරිසට වඩා හැමවිට ම භවාත්මක පෘතග්ජනයින් නියෝජනය කළ පිරිස ප‍්‍රමාණයෙන් වැඩි වීම නිසා යි. එහි අනෙක් අරුත වන්නේ, උපකල්පන සහ ප‍්‍රති-අර්තකථන රහිත සිහියෙන් මුවහත් නිර්භව වහන්සේලා පිරිසට සාපේක්ෂව, උපකල්පන සහ ප‍්‍රති-අර්තකථන සහිත අඥාන වූ සිහියෙන් මොට්ට භවාත්මීය පිරිස ප‍්‍රමාණයෙන් වැඩිවීම යි.
එනයින්, කොයි දේශය තුළත්, උපකල්පන සහ ප‍්‍රති-අර්තකථන පැටව් ගස්සවන දේශපාලකයින් අතින් හෝ දේශපාලනයට සම්බන්ධ හාමුදුරු-උන්නාන්සේලා හෝ ගිහි ජනයින් නිසා බුදු-දහම නිරන්තරව ම විශාල හානියකට විවෘත්තව පැවති බව සැබෑ ය.
නමුත් බටහිර යටත්විජිතවාදීන්ගේ කතිකා යන්ත‍්‍රයන් ලක්දේශය ආක‍්‍රමණය කරන්නට පෙර මෙම ලෞකිකවාදී මොට්ටයින් සහ අලෞකිකවාදී ප‍්‍රාඥයින් දෙපාර්ශවය අතර පැවනතුණේ සංහිඳියාත්මක මානව-සංවාද-සබඳතාවයකි. නමුත් ප‍්‍රාග්ධනය හොරකම් කිරීම අරමුණ කරගත් බටහිර යටත්විජිතවාදීන්ගේ කතිකා යන්ත‍්‍රයන් ලක්දේශය ආක‍්‍රමණය කළ පසුව, පෙර එදිරිවාදී නොවූ මෙම දෙපාර්ශවය කෙමෙන් ලක්දේශය තුළ මානව-විරෝධී බෙදුම්වාදී සහ එදිරිවාදී දෙපාර්ශවයන් බවට පත්විය. එයින්, ජාතිය හෝ වරිගය කේන්ද්‍රකරගත් දේශපාලනයක නියුතු වන දේශපාලකයින් හෝ ඒ වරිග දේශපාලනයට සම්බන්ධ හාමුදුරු උන්නාන්සේලා සහ ගිහියන් අතින් හෝ බුදු-දහමේ නාමය යටතේ ම බුදු-දහමට මුළුමනින් ප‍්‍රතිපක්ෂ සහ පරස්පර මත සහ අභ්‍යාස බිහිවීමේ නව බටහිරවාදි ප‍්‍රවනතා හට ගැණිනි.
මෙහි පවතින වඩාත් අනතුරුදායක යොමුුව වන්නේ, බුදු-දහම පිළිබඳ සංජානනමය හෙවත් පටිසෝතගාමී (Perceptional) හැදෑරීමක නොසිටි (Not in the being), හුදු සංවේදනමය හෙවත් අනුසෝතගාමී (Sense) දැනීමක් පමණක් තුළ තේරුම්ගනිමින් දිවි සැරූ බහුතර හුදී බොදු ජනයා විසින් මේ ජාතිවාදය හෝ වරිගවාදය බුදු-දහමේ ම කොටසක් ලෙසින් වරදවා වටහා ගන්නා මුලාකාරී දේශිය-ජන-සමාජීය-තත්වයක් (Local-Folk-Social-Condition) ඇති වීම යි. මෙය 1801ට පෙර ලක් කිරීටය යටතේ පැවති තත්වයට සාපේක්ෂව ගත් කළ මහා විකෘතියකි. මන්ද යටකී වරදවා වටහා ගැනීම නිසා වැලකී වැසී අවහිර වී යන්නේ මේ අනුසෝතගාමී බහුතර බොදු ජන උදවියට පටිසෝතගාමී වීම දක්වා වර්ධනය වීම සඳහා පැවති නිරයාසී බොදු ඥාන-මාර්ගය යි.
1801න් පසු ඇරඹී කෙමෙන් ස්ථාපිත වූ මේ ඩොයිලියානු කතිකාමය බාධකය, 1956හේ ”සිංහල ඔන්ලි” හෙවත් ”සිංහල පමණයි” පනත හරහා කූටප‍්‍රාප්තියට පත්විය. සිංහල ඔන්ලි පනතෙන් නිරූපිත ඩොයිලියානු බෙදුම්වාදී කතිකා-යන්ත‍්‍රයට 1956දී හැමුදුරු උන්නාන්සේලා සහයෝගය දැක්වීම නිසා එතෙක් පොදුජනයාට යම් තරමකට හෝ හසුව පැවති බුදු-දහම පදනමික වූ ධර්ම-ප‍්‍රතිරූපයට සහ එහි පැවැත්මට විකෘතාකාර ඓතිහාසික හානි සිදුවිය.
”සිංහල ඔන්ලි” කතිකාව අනෙකා කරගෙන එහි කාසියේ ම අනෙක් පැත්ත වූ ඩොයාලියානු දෙමල බෙදුම්වාදය අවසානයේ කෙලෙවර වුයේ, 1815ට පෙර කිසිදා දෙමල විරෝධීව නොපැවති සිංහල කිරීටයේ කේන්ද්‍රීය ර්මස්ථානයක් වූ දළදා මාළිගාවට ද බෝම්බ ගැසීමෙනි. ඒ නිසා මේ බෝම්බ ප‍්‍රහාරය, එය සිදුවු කල පැවති කොළඹ ආණ්ඩුව නිසා හෝ එකල ම වන්නි කැලේ සිටි ප‍්‍රභාකරන් නිසා හෝ සිදුවූවක් ලෙස ගණනය කිරීම ඓතිහාසිකව ගත් කල අවප‍්‍රමාණ විශ්ලේශනයකි. මෙම බෝම්බ ප‍්‍රහාරයට අදාළ මූලය වන්නේ, 1801දී ඩොයිලි ප‍්‍රධාන කරගෙන ඇරඹී, පසුව 1956දී බන්ඩාරනායක ප‍්‍රධාන කරගෙන කූටප‍්‍රාප්තියට පත් වී, 1977න් පසු ජේ.ආර්.-ගාමිණී-රනිල් ප්රමුඛ එජාපය ප්‍රධාන කරගෙන ප්‍රචන්ඩකරණයට ලක් වී අභ්‍යාස කළ එංගලන්තයේ ලන්ඩන් පරිපාලනයේ බෙදා-පාලනය-කිරීමේ බල දේශපාලන උපායමාර්ගයට අනුව ඩොයිලි හරහා දියත් වූ බෙදුම්වාදී-කතිකා-යන්ත‍්‍රය (Discursive Instrument of Separatism) යි.
1801 සිට ම මෙම හානිකර බෙදුම්වාදී කතිකාවට අදාළ නව කෘතිම ගොඩනැංවීම් සිදු කෙරුණ ද, එංගලන්තකයින්ගේ මූලික අරමුණ ලක්දේශයේ දේපල, සම්පත් සහ ශ‍්‍රමය සොරාගෙන එංගලන්තයේ ගොඩගසා ගැනීම වූ නිසා, බුදු දහමට අදාළ ආයතන ඊට යොදා ගැනීමට ඔවුන් මාන බැලූවා විනා, බුදු දහමේ හරයන් හදාරා එය උපකල්පන හෝ අර්තකථන වලට ගොදුරු කිරීම එංගලන්තකයින්ගේ අධ්‍යාත්ම යොමුව හෝ දේශපාලන යොමුව නොවී ය.
කොටින් ම ඩොයිලි අවසන් ගමන් ගියේ ද බෞද්ධයෙකු ලෙසින් නොවේ. එවක එංගලන්තකයින්ට බුදු-දහම සඳහා මිඩංගු කරන්නට කාලයක් ද නොමැති විය. ඒ නිසා ඔවුන්ගෙන් බුදුදහමට හානියක් සිදුවුණේ වී නම්, ඔවුන්ගේ මූලික අරමුණ ඉටුකරගැනීම සඳහා බොදු ආයතන යොදා ගැනීමට යාම හෝ ඒවාට මැදිහත් වීමට යාම හෝ බෙදුම්වාදය පැතිරවීමට යාම හෝ නිසා සිදුවූ අතුරුඵලමය හානීන් පමණි.
නමුත් 1950 දශකයෙන් පසුව ප‍්‍රචලිත වූ ”සිංහල-මහ-සභාව”, ”බණ්ඩාරනායක”, ”මහජන එක්සත් පෙරමුණ”, ”ශ‍්‍රිලනිපය” වැනි ශබ්ධ-සංකේත යටතට රොක් වූ බල-දේශපාලන ගොණුවීම් විසින් “බුදුදහම සමාජීයව නියෝජනය කරනවා” යන පොදුජන-සිතුමක් (Common-folk-Signified) හෙවත් අදහසක් ලක්දේශය තුළ මුල් බැස ගැනීමත් සමඟ පොදුජනයාගේ අව්‍යාජ බොදු ධර්ම අභ්‍යාස යොමුව සෘජුව ම බෙදුම්වාදය තුළ අතරමං විය. එහිදී ලක්ජන විඥානයට, සංකේතීය කේන්ද්‍රය පිටුදකින සහ සංස්කාර විසුරුවාහරින හෙවත් විසංකාරී පදනමක පිහිටි බුදු-දහමත්, සංකේතීය කේන්ද්‍රයක් පිළිගන්නා බෙදුම්වාදී වරිගවාදී යටි අරමුණු සාරයක පිහිටි ඩොමීනීයන් ආණ්ඩුවත් අතර වෙනස වෙන්කර හඳුනාගැනීමට ප‍්‍රභල බාධා ඇති විය.
ඊට ඒක් හේතුවක් වූයේ, ඩොමීනියන් ව්‍යවස්ථාව ලක්දේශයේ අනන්‍යතාව නියෝජනය කරන්නක්ය යන වැරදි මතය 1948 සිට ම ව්‍යාජ නිදහස් සටනේ පියා වූ සේනානායක ඇතුළු ලක්දේශික ඩොයිලිවාදීන් ලක්ජන මනස තුළ වඳ බස්සවා තිබීම යි.
ඉතින්, 1956දී ඩොමීනියන් ව්‍යවස්ථාව ජාතිකත්වය තුළට දමාගෙන වරදවා වටහා ගැනීමෙන්, එතෙක් බුදු දහම තුළ ”ජාතිය” හෝ මානව බෙදුම්වාද සම්බන්ධයෙන් පැවති ගැඹුරු ධර්ම-විනය බොහෝ සංඝයා සහ පොදුජනයා තුළ බිඳවැටිනි. එය විසින් ලක්දේශයේ බොදු සාසනය තුළ සේ ම පොදුජන සිත් සතන් තුළ ද සමාජ අටමගලයක් හෙවත් සමාජ උභතෝකෝටිකයක් නිර්මාණය කර දුන්නේ ය. මෙය ලක්දේශයේ සිංහල සහ දෙමල බොදු ජනයාට පමණක් නොව, ලක්දේශයේ ඉස්ලාම්, හින්දු ජනයා කෙරෙහි ද අහිතකර අන්දමින් බලපෑවේ ය. බොදු කිරීටය විසින් අන්‍යාගමිකයින් සහ සිංහල නොවන ජාතීන් කෙරෙහි දැක් වූ අහිංසාත්මක සහෝදර පිළිවෙත හිංසක එදිරිවාදී ආන්තිකත්වයක් බවට පත්වීම නිසා කතිකාමය බෙදීම් (Discursive Separatism) ප‍්‍රමාණය වැඩි වී තීව්ර විය. සුළුතරයන් අතර අනාරක්ෂාව ඇතිවිය. 1977 ධර්මිශ්ඨ යැයි කියාගත් ආණ්ඩුව විසින් බෙදුම්වාදය භෞතික හිංසන සහිත ප්‍රචන්ඩත්වයක් කරා රැගෙන ගිය පසුව යටකී අනාරක්ෂාව සෘජු යුධමය ඒදිරිවාදීකමක් බවට පත්විය.
අද ලෝකප‍්‍රකට ද්විත්ව වයලීන් වාදකයෙකු වන එල්. සුබ‍්‍රමනියම්ට 1956දී ජීවිතය බේරාගන්නට යාපනයෙන් පලායාමට සිදුවන්නේ 1815ට පෙර පැවති බුදු දහම හෝ සිංහලකම නිසා නොවේ. 1801න් පසුව පැලකරනු ලැබ 1956දී කූටප‍්‍රාප්තියට පත් වූ, 1977න් පසු යුධ ප්‍රචන්ඩත්වයක් බවට පත් වූ එංගලන්තක කොලනිවාදි ඩොයිලියානු කතිකාවේ ව්‍යාජ බෙදුම්වාද අර්තකථනයට ගොදුරු වූ ”බුදු දහම” සහ ”සිංහල කම” නිසාවෙනි.
ඒ නිසා, 1815ට පෙර සහ පසු පවතින්නේ අනන්‍යතා මාරුකරගත් සිංහලකම් දෙකක් සහ බොදුකම් දෙකක් ය. 1815ට පෙර සහ 1956න් පසුව පවතින්නේ එළිපිට ම අනන්‍යතා මාරුකරගත් බොදුකම් දෙකක් සහ සිංහලකම් දෙකක් ය. 1977න් පසුව පවතින්නේ යුධමය ප්‍රචන්ඩකරණයක් තුළ ගොඩනැගුණු සිංහලකමක් සහ බොදුකමක් ය.
1815ට පෙර දෙමලකම සහ හින්දුකම ද 1815ට පසු අනන්‍යතාව මාරුකරගත් අතර, 1956න් පසු ඒළිපිටම අනන්‍යතාව මාරැ කරගත් අතර 1977න් පසුව යුධමය ප්‍රචන්ඩකරණයක් තුළ ගොඩනැගුණු දෙමලකමක් සහ හින්දුකමක් බවට ගොඩනැගුනි.
මෙයින් පිළිසකර කරගත නොහැකි තරමේ වැඩි හානියක් සිදුවූයේ බුදු දහමට හෝ හින්දු දහමට නොව ලක්දේශීය සිංහලකමට සහ දෙමලකමට යි. මන්ද බුදු දහම හෝ හින්දු දහම වෙනත් රටවල ඇති භාෂා-වියමන් අනුව හෝ නිවැරදි කරගැනීමේ ඥාන අවකාශයක් පැවති බැවින් ඩොයිලියානු කතිකාවට එය මුළුමනින් අතුගා දැමීමට හැකි නොවිණි. නමුත් සිංහලකම සහ ඊට සහෝදර දෙමලකම පැවතුණේ ලක්දේශයේ පමණක් බැවින් ඔවුන්ගේ සැබෑ සිංහලකම සහ සැබෑ දෙමලකම අනේකවර වැරදි අර්තකථන නහුතයකට ගොදුරු විය. එය අනුගමනය කරමින් සිංහලකමට සහෝදරව එහි බොදු හරයේ සෙවනෙහි පැවති ලක්වැසි දෙමලකම, මුස්ලිම්කම සහ මැලේකම ද අනේකත්වය (Otherness) තුළ වරිගවාදයට ගොදුරු වෙනත් අනන්‍යතා බවට පත්වෙන්නට පටන් ගත්තේ ය. ලක්දේශය තුළ දෙමලකම, මුස්ලිම්කම හෝ මැලේකම අන්රටවල ඒම අනන්‍යාතාවට වඩා බෙහෙවින් ලාංකීය හැඩයක් ගත්තේ ය.
”මුස්ලිම් කොන්ග‍්‍රසය”, ”තමිල් අරසු කච්චි” වැනි සංකල්ප යටත්විජිත සමයට පෙර ලක් කිරීට පාලනය යටතේ නොපැවතුන ඒවාය. ඊට හේතුව, එංගලන්තක ඩොමීනියන් පාලනයට වඩා ලක්-කිරීටය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවමව පවැති නිසා යැයි ඩොයිලිවාදී ස්වදේශිකයෙකුට තර්ක කළ හැකි ය. ඒත් සැබෑ මානව-වංශ-විද්‍යාත්මක, පුරා-විද්‍යාත්මක යථාවන් අනුව හෙලිදරව් වන්නේ නම්, තම අධිරාජ්‍යවාදී බල අරමුණ වෙනුවෙන් මානවාදී සහ අහිංසාවාදී දහමක් වූ කිතුණු දහම අවභාවිතයේ යොදාගෙන ක‍්‍රියාවට නංවමින් ජේසු කිතු තුමන්ට පවා නිගා දුන් එංගලන්තක කිරීටය ඇතුළුත් අනෙකුත් සියළු බටහිර කොලනිවාදීන් සහ ඔවුන් බිහිකළ කළුසුද්දන්ගේ පාලානාධිකාරයන්ට වඩා, බොදු ප‍්‍රවනතා සේම අනෙකුත් ආගමික ප‍්‍රවනතා කෙරෙහි විවෘත්ත අහිංසා පිළිවෙතක් අනුගමනය කළ ලක්දේශීය කිරීටය බෙහෙවින් මානවවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පැවති සංස්ථාපිතයක් වූ බව යි.
ඉදින්, 1956න් පසුව තවත් වටයකින් බෙදීම් ප‍්‍රමාණය වැඩිවී තීව්ර වීම නිසා ලක් ජන සමාජය බුදු දහමෙන් කියාදෙන ප‍්‍රඥාවෙන් ඈත්වීමේ සහ ලක් ජන සමාජය තුළ බොදු ප‍්‍රඥා-මාර්ගය අපහැදිලිව යාමේ මහා අවුලක් ඇති විය. නමුත් ඩොයිලිගෙන් පසුව 1956දී යලි පදනමක් දැමූ බෙදුම්වාදය වෙනත් විවිධ ප‍්‍රතිවිරෝධතා අයුරින් මතු වී ආවා සේ ම, 1977න් පසුව නියත ප‍්‍රන්ඩ ස්වරූප වලින් ලක්-සමාජය තුළ වරින් වර මතුව ආ බව එකල මෙකල ජීවත් වූ කාටත් නොරහසකි.
නමුත් 1956 තීීව්රත්වයට පත් කරනු ලැබූ ඩොයිලියානු බෙදුම්වාදය නිත්‍ය යුධමය ප‍්‍රචණ්ඩත්වයක් දක්වා පරිවර්තනය වන්නේ, සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායකගේ ම මුල් කාලීන එජාප සම-සගයෙකු වූ, 1948ට පෙර බණ්ඩාරණායක තරමට ම ඔහු සමඟ රාජ්‍ය මණ්ත‍්‍රණ සභාව තුළ ”සිංහල ඔන්ලි” යන්න නීතගත තත්වයක් බවට පත්කිරීම වෙනුවෙන් හැඟවුම්කරණිය මැදිහත්වීම් කළ 1977දී බලයට පත් වූ ජූනියස් රිචඞ් ජයවර්ධන හෙවත් ජේ. ආර්. ජයවර්ධනගේ පාලන සමය තුළයි.
(1977 මහ මැතිවරණයේ චන්ද ප්‍රකාශ කිරීම සඳහා ජූනියස් රිචඩ් ජයවර්ධන චන්ද පෝලිමේ)
යටත්විජිතවාදී එංගලන්තක කිරීටයෙන් මෙහෙයවනු ලැබූ ඩොයිලියානු බෙදුම්වාදී කතිකාවේ නග්න ලක්දේශික කූටප‍්‍රාප්තිකයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරණායක විසින්, එංගලන්තකයින් යටතේ සිලෝන ව්‍යවස්ථාව තුළ ව්‍යංගයෙන් බැඳ තබාගෙන එතෙක් ව්‍යවස්ථාවට පරිභාහිරව යටත්විජිතවාදී උපායමාර්ගයක් ලෙසින් එංගලන්තකයින් විසින් අභ්‍යාස කරමින් පැවතුනා වූ බෙදුම්වාදය, ඔහු බලයට පත් වූ 1956යේ දී ගාලෙන් ලිහා දමා විවර කරමින් ”සිංහල ඔන්ලි” නම් වරිගවාදී සහ අන්තවාද සමාජ-කතිකාව ලෙසින් රජයට පිටතින් සහ රාජ්‍ය ව්‍යවස්ථාව තුළ ම ද ස්ථාපිත කරගෙන, වරිගවාදී බෙදුම්වාදයට ගාල කඩාගෙන ලක් සමාජය අරක්ගන්නට සැලස්වීමේ මහා සමාජ අපරාධය සිදුකළේ ය.
එයින් සෘජු එංගලන්තක පාලකයින් යටතේ සමාජ ගැටළුවක් ලෙසින් ගාලේ බැඳ තබා පවත්වාගෙන ආ බෙදුම්වාදය බණ්ඩාරනායක විසින් සමාජ අර්බුදයක් දක්වා ඔසවා තැබුවේය.
එම ”සිංහල ඔන්ලි” වරිගවාදී සහ අන්තවාදී කතිකාව ම තම බලය රඳවාගැනීමේ උපකරණයක් ලෙසින් භාවිතා කිරීම සඳහා ඊට ප‍්‍රචන්ඩකාරී භීෂණමය ස්වරූපයක් ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ 70-80 දශකාන්තරය නියෝජනය කරමින් රාජ්‍ය බල අභ්‍යාසයේ යෙදී සිටි බටහිර ගැති ඩොමීනියන්වාදී එජාප නායක ජනපති ජේ.ආර්. ජයවර්ධන හෙවත් යැංකි ඩිකී විසින් බණ්ඩාරණායක ගොඩනැගූ වරිගවාදී බෙදුම්වාදය සමාජ අර්බුදයක සිට යුධවාදී සමාජ ව්‍යසනයක් දක්වා ගෙන යමින් දේශීය දේශපාලනාර්ථික පද්ධතිය කැබලිතිකරණයකට (Scatterism) හෙවත් කැඞී-විසිරීමකට ලක්කොට යුද්ධයෙන් මෙපිට විසඳුමක් නැති තැනකට ගමන් කිරීම සඳහා ලක්දේශයට නව පාරක් කැපුවේ ය.
ඇමෙරි-යුරෝ ගැතිභාවයක් නඩත්තු කිරීම ද, ඉන්දියාව සමඟ 1977 තෙක් තිබූ රාජ්‍යතාන්ත‍්‍රික සහෝදරත්වය අවම කිරීම ද මත තමන්ගේ මුළු විශ්වාසය තැබූ ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් ලක්දේශයේ දෙමල ජන ප‍්‍රජාව බලහත්කාරීව එක්සත් ජාතික පක්ෂයේ ආධිපත්‍යය යටතට ගැනීම සඳහා ඓතිහාසික විරෝධී, සමාජ විරෝධී සහ මානව විරෝධී භීෂණකාරී පාතාල ගණයේ ප‍්‍රචන්ඩ මැදිහත්වීම් ශ්‍රේණියක් එක පෙළට සිදුකරගෙන ගියේ ය.
ඊට එරෙහි අන්තර්ජාතික ප‍්‍රජාවන්ගේ චෝදනාව හෙවත් ජාතිවාදී ලේබලය සාමකාමී බහුතර සිංහල ජනයාගේ ගිණුමට බැර වූ අතර, දෙමල බෙදුම්වාදී සංවිධාන එය තම ආර්ථික ආධාර ලබාගැනීමේ සහ සන්නද්ධ මෙහෙයුම් කිරීමට නොනිළ ලැයිසන් එකක් ගැනීමේ වාසිය උදෙසා යොදාගත්හ. එයින් ජේ. ආර්. ජයවර්ධන පවා නොසිතූ අයුරින් කලාපීය දේශපාලන තත්වය ද අසමතුලිත වී යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස ලක්දේශය එම අසමතුලිතාවය විසින් ඇති කළ ඛේදවාචකයේ සෘජු ගොදුර බවට පත් විය.
තමන් නොසලකා හැර තිබූ දකුණු ආසියානු කලාපීය දේශපාලනය තුළ ඉන්දියාව අත්කරගෙන සිටි බල-අස්ථානය තමන්ට ම එරෙහි මහා ප‍්‍රවාහයක් ලෙසින් කඩාපාත්වීම නිසා ජාතික පරිමාණයෙන් රටේ අභ්‍යන්තරයේ පැවති සමාජ සංඝටක සහ ප‍්‍රවාහයන් තම පාලනයෙන් ගිලිහී යනු දුටු ජේ. ආර්. ජයවර්ධනට, රජීවී ගාන්ධි සමඟ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනවා වැනි තැනකට ඇදවැටෙමින් ඉන්දියාව ඉදිරියේ පසුබසින්නට සිදු විය. එහිදී, ඇමරි-යුරෝ පරිපාලනයන් නෑසූකන්ව සේ සිටිමින් ඒ් අසීරු අවස්ථාවේ ජූනියස් රිචඞ් ජයවර්ධන ආණ්ඩුව තනි කළේ ය.
දෙහි ගහක් වවා එයින් දොඩම් ගෙඩි අපේක්ෂා කළ නොහැකි සේ ම, ඓතිහාසික විරෝධී සාංසිද්ධික මැර දේශපාලනික හිංසනමය ප්‍රවනතා ඇතිකළ විට, එයින් සමාකාමී දේශපානාර්ථික ජයග‍්‍රහණ ඵලදරන්නේ නැති බව ජේ. ආර්. ජයවර්ධනට අවිඥානික විය.
එංගලන්තකවාදී ඩොයිලියානු කතිකාව අනුව ගොඩනැගුණු ව්‍යාජ ස්වදේශික ප‍්‍රභූ පැලැන්තීන් ලක්දේශයේ පාලකයන් බවට පත්කර දුන් ජනප්‍රිය පක්ෂ යන්ත‍්‍රණයක් වූ එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ ව්‍යාජ කෘතිම සිංහල නායකයකු වූ එවක ජනාධිපතිව සිටි බෙදුම්වාදී ජූනියස් රිචඞ් ජයවර්ධන හෙවත් ජේ. ආර්. ජයවර්ධන තමන්ට ලැබුණු අසීමිත පාර්ලිමෙන්තු බලය යොදාගෙන 1981කේ මාර්තු 22වන දා අංක 20 දරණ දිස්ත‍්‍රක් සංවර්ධන සභා චන්ද විමසුම් පනත ද නීතිගත කරගෙන, ඉන් දින කිහිපයක් ගෙවෙන සීමාවේ දී ඔහුගේ ම කැබිනට් මඩුල්ල හදිසියේ රැස්කොට දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි තීන්දු ප‍්‍රකාශ කළේ ය. එනයින්, එම වසරේ ම අප්‍රෙල් 20 සිට 27 අතර කාලය තුළ නාමයෝජනා ද කැඳවා, එම වසරේ ම ජූනි මස 04 වනදා චන්දය පවත්වන බව එවක මැතිවරණ කොමසාරිස් හරහා ප‍්‍රකාශ කරවූයේ ය. ඉදිරි දූෂිත මැතිවරණ සඳහා පෙර-පුහුණුවක් විදිහට අදිසි ලෙස කඩාපාත් කරන ලද මේ පැරෂුට් මැතිවරණය, 1981කේ සිට මෙතක් ලක්දේශයේ පවැත් වූ එක ම සහ අන්තිම දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණය විය.
එලෙස ම, මෙම මැතිවරණයට අදාළ යාපනය දිස්ත්‍රික්කයේ සිදු වූ අනීතික එජාප ප්‍රචන්ඩ අභ්‍යාසයන්, මෙම මැතිවරණයෙන් වසර 2ක් ගත වී ඒජාපය විසින් ම අභ්‍යාස කරන්නට යෙදුනු ඩොයිලියානු බෙදුම්වාදී වරිගවාදය නියෝජනය කළ ඛේදවාචකමය ප‍්‍රචන්ඩ සංසිද්ධිය වූ කළු-ජූලිය උදෙසා කළ අවිඥානික පෙරපුහුණුවක් හෙවත් රිහසල් එකක් බඳු විය.
එවක විපක්ෂය නියෝජනය කළ ශ‍්‍රිලනිපය ඇතුළු සියළු පාර්ශවයන් මේ 1980 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කරන ලද අතර, නිල ලත් පක්ෂයක් ලෙස දකුණු ලක්දේශයෙන් මේ සඳහා ඉදිරිපත් වන්නේ, එජාපය පමණයි. 1971කේ අවිඥානික ජාතික විමුක්ති අරගලයකට පණ පෙවීමට ලැබුණු වන්දියක් ලෙසින් සිරගතව හිඳ නිදහස ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස් එම්. ඒ. පියසේකර විසින් දේශපාලන පක්ෂයක් ලෙසින් පිළිගෙන නොතිබීම නිසා දකුණින් එජාපය හැරුණුකොට ඔවුන් පමණක් ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වන්නට තීන්දු කළහ.
(තරුණ ජූනයස් රිචඩ් ජයවර්ධන ජනකාය අමතමින්)
ඉතිහාසික යොමුවකින් කිවහොත්, ඩොයිලියානු සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක විසින් 1956දී දියත් කළ “සිංහල පමණයි” යන වරිගවාදී බෙදුම්වාදයේ ඊළඟ ප‍්‍රචන්ඩ යුධමය දිගුව ඔහුගේ ම සමකාලීනයෙකු වූ ඩොයිලියානු ජූනියස් රිචඞ් ජයවර්ධන විසින් කරලියට ගෙන ඒමේ රිහර්සල් එක වූයේ මේ අදිසි දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය යි. මේ මැතිවරණයේ දී එජාපය සහ ඔහුගේ බල පාලන තන්ත‍්‍රය යාපනය දිස්ත්රික් සංවර්ධන සභාවට අදාළ මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහුජන අයිතීන් උල්ලංඝනය කරමින්, එජාප නායකයා විසින් තැනූ අවනීතික ජුන්ටාවක් හරහා ප‍්‍රචන්ඩ ක‍්‍රියාදාමයක් දිගහරින ලදී.
උතුරෙහි යාපනය දිස්ත්රික් සංවර්ධන සභා චන්දයට පෙනී සිටීමට තීරණය කළ එකල ලක්දේශයේ පාර්ලිමෙන්තුවේ ප‍්‍රධාන විපක්ෂ නායකයා වූ ඒ. අමිර්තලිංගම් නියෝජනය කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පරදවා කෙක්කෙන් හෝ කොක්කෙන් යාපනය තුළ එජාප නියෝජිතයින්ගේ බලයක් පිහිටුවා ගැනීමේ දෙමල විරෝධී සහ ඉන්දීය විරෝධී හෙවත් ඇමෙරි-යුරෝවාදී යැංකි ඩිකී (ජේ. ආර්. ජයවර්ධනට තිබූ අනුවර්ත නාමකි) පන්නයේ ප‍්‍රතිපත්තිය ස්ථාපිත කරලීමත්, එවක විපක්ෂනායකයාව සිටි අමිර්තලිංගම්ගේ තටු සිඳීම සඳහා ස්ථාවර ආරම්භයක් දීමත්, මෙම දිස්ත‍්‍රික් සංවර්ධන සභා චන්දය ප‍්‍රකාශයට පත්කිරීම පිටුපස එජාප නායක ජේ.ආර්. ට තබූ වස්තුමූලිකත්වය (Objectivity) හෙවත් අරමුණ බව ප‍්‍රත්‍යක්ෂ ය. මෙහිදී ඉන්දීය පරිපාලනය අමිර්තලිංගම් සමඟ දැක්වූ කුළුපග සබ තාව ද මීට ප්‍රධාන හේතුවක් වූ බව කියැවේ.
නමුත්, ඩිකීගේ මේ අරමුණ ඉටුකරගැනීම සඳහා සෘජු සහ වක‍්‍ර ප‍්‍රචන්ඩත්වය යොදාගැනීම හරහා සිදුවූයේ, 1956දී ”සිංහල ඔන්ලි” පනත හරහා තීව්රත්වයට පත්කර රට අර්බුදයකට යැවීමට යොදාගත් ඩොයිලියානු බෙදුම්වාදය ම, ඊටත් වඩා විනාශකාරී ජනඝාතක භෞතික යුධමය ස්වරූපයක් කරා රූපාන්තරණය කර රට ව්‍යසනයක් දක්වා ගෙනයන ගමනක් උදෙසා යෙදවීම යි.
මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් පසුව ජූනියස් රිචඞ් ජයවර්ධන තමාට වඩාත් හිතවන්ත ගාමිණී දිසානායක ඇමති සමඟ ගාමිණී ජයවික්රම පෙරේරා යන ඇමතිවරයාද, තම ඥාති පුත් රනිල් වික‍්‍රමසිංහ ඇමතිවරයාව ද වෝඞ් පෙදෙසේ ඇති තම නිවසට ගෙන්වාගෙන, හොර සාකච්චාවක් පවත්වා දේශපාලනික ජුන්ටාවකට මුළ් පදනම දමාගත් බව සඳහන්.
(ජූනියස් රිචඩ් ජයවර්ධන සහ ඔුහගේ ඥාති පුත් රනිල් වික්‍රමසිංහ)
මෙම මැතිවරණයට අදාළ කැබිනට් හෝ කැබිනට් නොවන නිළ ඇමති රැස්වීම් සහ වෙනත් කිසිදු නිළ දේශපාලනික හෝ රාජ්‍ය රැස්වීම් සියල්ලට පෙරාතුව මේ තිදෙනා සමඟ නොනිළ වශයෙන් ඇමතිවරු 04 දෙනෙකුට මේ චන්දය වෙනුවෙන් වැඩකරන්නට පවරා ඇති බව ප‍්‍රාකාශිත ය. ඒ නම්, තම ඥාති පුත් රනිල් වික‍්‍රමසිංහ, ගාමිණී දිසානායක, පෙස්ටස් පෙරේරා සහ සිංහල වරිගවාදී චන්ඩියා වූ සිරිල් මැතිව් යන ඇමතිවරුන් ය.
මේ අනුව ජුන්ටාවේ මාස්ටර් ප්ලෑන් එක දැන සිටි තිදෙනාට අමතරව අලූතින් දෙදෙනෙකු එකතු කර ඇත. ඔවුන් නම් සිරිල් මැතිව් සහ පෙස්ටස් පෙර්රා ය. මොවුන් දෙදෙනාට බොහෝ විට කලින් තුන්දෙනා සමඟ ජේ.ආර්. කළ සාකච්චාව නොදන්නවා හෙවත් අවිඥානික ය. එලෙස ම මේ නව 04දෙනා අතරට ගාමිණී ජයවික්රම පෙරේරා ඇතුළත්ව හිඳ නැත. මේ අනුව ජේ. ආර්. ජයවර්ධනට ව්‍යූහාත්මකව බෙදා කරනු ලබන උපායමාර්ගික කටයුතු පළිබඳ නිසි අවබෝදයක් තිබූ බව ව්‍යහ-විද්‍යාව දන්නෝ දනිති.
යාපනය දිස්ත‍්‍රික්කය තුළින් ම චන්ද අපෙක්ෂකයින්, සංවිධායකයින් හෝ බහුතර චන්දදායකයින් සපයාගත නොහැකිව සිටි එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත‍්‍රික් සංවිධානය කිරීම උදෙසා කුරුණෑගලින් එක්සත් ජාතික පාක්ෂිකයින් යවන්නැයි කුරුණැගල දිසා ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරාට උපදෙස් දෙන ජූනියස් රිචඞ් ජයවර්ධන, පසුව 1981 වසරේ මැයි මාසෙ 30 වනදා රජයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අවභාවිතා කොට මොවුන්ව යානපයට යැවූ පසුව, මේ ඇමතිවරු 04දෙනා හරහා රජයේ සුදුසුකම් සහිත පුහුණු නිළ මැතිවරණ නිළධාරීන් 150 දෙනෙකුට යාපනයෙන් පිටව යන්නට ද නියෝග කර ඇත.
(යාපනයට කුරුණෑගලින් එක්සත් ජාතික පාක්ෂිකයින් යැවූ එවක කුරුණෑගල දිසා ඇමති පදවිය හෙබවූ ගාමිණී ජයවික්රම පෙරේරා)
මීට අමතරව, පළමුව, එජාපයට පක්ෂපාතී වූ 500ක් පමණ වන සන්නද්ධ අතුරු පොලිස් හමුදාවක් (Reserve Police Army - මොවුන්ගෙන් බහුතරයක් දෙනා එක්සත් ජාතික පාක්ෂිකයින් ය) යාපනයට යවන ජේ. ආර්. ජයවර්ධන, ඊට තරමක් පසුපසින් තම පුද්ගලික ඥාතීන් වූ ආරකෂක ලේකම් කර්නල් සී. ඒ ධර්මපාල, එම අමාත්‍යාංශයේ ම අතිරේක ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගල, ජේ.ආර්. ගේ බෑනා වූ බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග, සහ ආරක්ෂක අමාත්‍ය මණ්ඩල ලේකම් ජී.වී.පී. සමරසිංහ යන මිලිටරිමය නිළධාරීන් ද යාපනයට යවා තමන්ගේ දේශපාලන ජුන්ටාවේ බලපැවැත්ම තවදුරටත් තහැවුරු කරගත්තේ ය.
(යාපනය සංවර්ධන සභා මැතිවරණ බිමට යැවූ ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා කෙනෙකු වූ බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග)
මෙය, රාජ්‍යයේ නිළ මැතිවරණ ක‍්‍රියාපටිපාටියට පිටතින් එජාප ආණ්ඩුව විසින් කළ නොනිළ, අනීතික සහ අනවශ්‍ය බලපෑමක් වූ අතර, එයින් ආණ්ඩුවට ඉහළන් තිබිය යුතු රාජ්‍යයේ බලාධිකාරිය සහ සවාධීනත්වය භෞතිකව ම උල්ලංඝනය කෙරී රාජ්‍යය යන්න ආණ්ඩුවට යටත් ව්‍යුහයක් ලෙස සලකා කටයුතු කිරීමක් සිදු වී ඇති බව පෙනේ. නමුත් එයින් බහුතර යාපනය දිස්ත‍්‍රික් වැසියන්ගේ නිදහස් කැමැත්ත හෙවත් දෙන චන්දයට සාධාරණය හිමිවීම නැමති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට කණ කොකා හඬන බවට මහා අවධානම් රතු එළියක් දැල්වුණේ ය.
1972 දී බිහි වූ ඉතා සුළු පිරිසකගේ ගොණුවීම් ලෙසින් පැවති ටීඑන්ටී කල්ලිය සහ ඊරෝස් කල්ලිය 1981 වසර වන විටත් පවැතියේ ඉඳහිට ක‍්‍රියාන්විත වන ඉතා අප‍්‍රසිද්ධ සුළු සන්නද්ධ කණ්ඩායම් ලෙසින් පමණි. ඒ වන විට එල්ටීටීය යනු ඊටත් කුඩා ඇබිති කණ්ඩායමක් ලෙසින් පැවති සුළු සන්ද්ධ කිල්ලියක් වූයේ ය.
1972 ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් හරහා නව-මුහුණුවරකින් පෙනී සිටි සමගි පෙරමුණ ආණ්ඩුව අනුගමනය කළ දේශපාලනාර්ථික ප‍්‍රතිපත්තිය ඉන්දීය පරිපාලනයේ ප‍්‍රතිපත්තියට සමාන්තර සෝවියට් බල කඳවුරට පාර්ශවීය ප‍්‍රතිපත්තියක් වූ බැවින්, ඉන්දියානු මහ ආණ්ඩුවෙන් මෙබඳු කුඩා සන්නද්ධ කල්ලි වලට කිසිදු සහයෝගයක් නොලැබුණු අතර, අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පවුල සහ සිරිමා රත්වත්තේ පවුල අතර තිබූ ප‍්‍රභූ සම්බන්ධය නිසා තමිල්නාඩුවේ ප‍්‍රාන්ත ආණ්ඩුවට පවා ඊට සෘජු මැදිහත්වීම් කරන්නට හැකි වූයේ නැත.
ඉතා අහම්බෙන් හෝ එසේ වූවා නම්, ඒ ඉන්දීය මහ ආණ්ඩුවේ පරිපාලනයට හොරෙන් තමිල්නාඩුවේ කවුරුන් හෝ විසින් කළ අවශේෂ අනියම් උදව්වක් පමණි. එනිසා යාපනය දිස්ත‍්‍රික්කයේ බහුතර ජනයා මෙම සුළු සන්නද්ධ කල්ලි කණ්ඩායම් ගැන එපමණ නොදැන සිටි අතර, දැන සිටි කිහිප දෙනෙකු වී නම්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ද එම සන්නද්ධ කණ්ඩායම් කෙරෙහි කිසිදු ප‍්‍රසාදයක් තිබුණේ ද නැත.
(1970 දශකයේ යාපනය පසුතකාලය හා ඒ් අවට පැවති සාපේක්ෂ සාමකාමී පරිසරය)
නමුත් මේ කල්ලි කණ්ඩායම් වලට තමන් වෙත බහුජනයා ආකර්ශනය කර ගැනීමේ උවමනාවක් පැවති අතර, දකුණේ සමාජයෙන් හෝ ආණ්ඩුවෙන් යාපනය ප‍්‍රජාවන්ට එරෙහිව යම් හෝ විරුද්ධවාදී හෝ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවක් කරන තුරු එය වාසියට හරවා ගැනීම සඳහා ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටියහ. මන්ද, එය දඩමීමා කරගෙන ඔවුන්ගේ ප‍්‍රචන්ඩ හස්තය ජනයා අතරට යැවීමටත්, එය ම රුකුලක් කරගෙන තම ගොඩ වැඩි කරගැනීමටත් හැකිවේ යැයි ඔවුන් විශ්වාස කළහ.
එනයින්, යාපනයේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා චන්දය පාදක කරගෙන පොදු දමිල ජනයා බිය වද්දා චන්දය කොල්ල කෑමේ අරමුණින් ජේ. ආර්. ජයවර්ධන ඇටවූ ජුන්ටාව සමගින් නීති විරෝධී ලෙස සන්නද්ධ අතුරු පොලිස් හමුදාවකුත් යාපනයට යැවීම සන්නද්ධ දේශපාලනය විශ්වාස කළ කුඩා සන්නද්ධ කල්ලි වලට ඉබ්බා දියේ දැම්මා වගේ සන්නද්ධමය ආතල් එකක් අරන් දුන් වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් බඳු විය. පොදු දෙමල ජනයා තුළ, ”දකුණේ ආණ්ඩුවේ අවනීතියට සහ බලහත්කාරයන්ට එරෙහිව උඹලට ඉන්නෙ අපි විතරයි” වැනි සිතුමක් ඇතිකරවීම සඳහා මෙයින් මහඟු පොටක් පෑදී ගියේ ය. හැම කුඩා දෙමල සන්නද්ධ කල්ලියක් ම මෙවැනි අවස්ථාවන් ලැබෙන තුරු නිතොර බලාපොරොත්තුවෙන් සිටි අතර, ඊට ප‍්‍රධාන හේතුව වූයේ මෙවැනි අවස්ථා පාදක කරගෙන ඔවුන්ගේ කුඩා කල්ලි වෙතට පොදුජන ආකර්ශණය ලබා ගැනීමත්, එයින්, තම කල්ලි ප්‍රමාණයෙන් විශාල සංවිධාන බවට පත්කර ගැනීමත් ය.
ඇත්තටම ඊරෝස් යනු ශිෂ්‍ය සංවිධානයක් පාදක කරගෙන ගොඩනැගී පසුව තරුණ සන්නද්ධ කල්ලියක් බවට හැරුණකි. ඊරෝස් යන්න හැදී ඇත්තේ ද Elam Revolutionary Organization of Students යන්නහි මුල් ඉංග‍්‍රීසි අකුරු හතර පදනම් කරගෙන යි. එහි තේරුම ශිෂ්‍යයින්ගේ ඊලාම් විප්ලවකාරී සංවිධානය යන්න යි. මෙම සංවිධානය දෙමල සමාජයේ වාද-විෂයන් මාක්ස්වාදී දැක්මකින් විශ්ලේෂණය කරගැනීමේ අරමුණින් යැයි උපකල්පනය කර 1975දී අරුල් ප‍්‍රගාසම්, එළියතම්බි රත්නසභාපති, වී. බාලකුමාරන්, නෙසාදුරල් තිරුනේසන්, බලනධරාජ් අයියර් යන අය විසින් ලන්ඩනයේ දී ආරම්භ කරන ලද සංවිධානයකි. මෙහි පුරෝගාමීන් ඊරෝස් කල්ලිය මාක්ස්වාදී සංවිධානයක් ලෙසින් හඳුන්වා ගත්ත ද, මාක්ස්-විද්‍යාව නිර්දේශ කරන ලද කේන්ද්‍රීය යොමුව වන ප‍්‍රාග්ධනයට එරෙහි අරගලය අප‍්‍රධාන කර, බෙදී වෙන්වීම ප‍්‍රධාන වස්තුමූලිකය හෙවත් අරමුණ කරගත් සංවිධානයක් විය.
එනයින්, ඊරෝස් යනු අවිඥානිකව ඩොයිලියානු බෙදුම්වාදය සහ මාකස්-විද්‍යාවේ සැබෑ හරයන් වල දෙකොන පටලවාගත් සංවිධානයක් බවට හඳුනාගත හැකි වන නමුත්, ඊට අදාළ විශ්ලේෂණ විග‍්‍රහය දිගහැරීමට මේ මොහොත නොවේ. ඊරෝස් සංවිධානය යාපනය පෙදෙසේ මහපොළව නියෝජනය කරමින් එහි බහුතර ජනයා අතරින් පැමිණි පොදුජන සංවිධානයක් නොවූ අතර, යාපනයේ පූර්ව-වැඩවසම් නිෂ්පාදන මාදිලිය හඳුනා නොගෙන නමුත් මාක්ස්වාදීන් යැයි තමන්ලාව හඳුන්වා දුන්න ද, එහි නිෂ්පාදන මාදිලියෙන් වියුක්තව කල්ලි ගැසුණන් වූහ. යටත්විජිත එංගලන්තක ජීවන පවැත්මක් සහිත දමිල පදනමිකින් යුතුව ඩොයිලියානු බෙදුම්වාදී කතිකාවට හසුවී ඒ අනුව මාක්ස්-විද්‍යාව අරුත්ගන්වගන්නට සෑදූ මඩකලපුව, අම්පරා සහ යාපනය අර්ධද්වීපය යන ඉම් පෙදෙස් වල ක‍්‍රියාන්විත වූ සංවිධානයක් නමින් තමන්ලාව හඳුන්වා ගත් කල්ලියකි (Clang) මොවුන්.
ඒ නිසා අන් සියළු දෙමල බෙදුම්වාදී සංවිධානයකටත් නැති තරමේ දෙමල කතාකරන මුස්ලිම් ජාතිකයින්ගේ ප‍්‍රතිශතයක් මේ සංවිධානයේ මුල්කාලීන සාමාජිකත්වය දරා ඇති බවට සාක්ෂි සාධක ඇත. එලෙස ම මේ සංවිධානය තුළ යම් සිංහල ජන පිරිසක් ද කටයුතු කර ඇති බවට ප‍්‍රවාද පවතී.
කෙසේ නමුත්, අවසානයේ දී ඊරොස් සංවිධානය, ලක්දේශයේ හෝ අන්තැනක පවතින තවත් මාක්ස්වාදී සංවිධානයකට හෝ වෙනත් ප‍්‍රගතිශීලී වාම සංවිධානයකට අවශෝෂණය නොවී, පසු කලෙක ඒල්ටීටීය බලවත් වූ විට ඒල්ටීටීයට තම බහුතර සමාජිකත්වයෙන් විශාල කොටසක් ලෙසින් අවශෝණය වන්නට ඉඩහල සංවිධාන කල්ලියක් බවට පත්වී කෙලවර විය. එයින් ම එම සංවිධානය තුළ මාක්ස්ගේ ප‍්‍රාග්ධනයට එරෙහි අරගල සංදර්භයට ලැබී තිබුණේ ද්වීතීක අස්ථානයක් බව හෝ ඒවන් අස්ථානයක් නොතිබි බව හෝ ප‍්‍රත්‍යක්ෂ වෙයි. එනයින් ඊරෝස් සංවිධානය අවසන ආන්තික දෙමල බෙදුම්වාදය ම වැලඳගෙන එංගලනත්ක ඩොයිලියානු සංදර්භයට යටත් බෙදුම්වාදී කතිකාවේ හරය තුළ පෝෂිත සංවිධානයක් ලෙසින් 1990 දශකය පමණ වන විට මුළුමනින් හෙළිදරව් වී කෙලෙවර විය.
මෙහි නායකත්වය ලන්ඩනය පදනම් කරගෙන ගොඩනැගුනක් වීම නිසා පසුකාලීනව ද එල්ටීටීය සහ ටෙලෝ සංවිධානයට සාපේක්ෂව අඩු ප‍්‍රචන්ඩ ක‍්‍රියා ප‍්‍රමාණයක යෙදුන සංවිධානයක් ලෙසට ද හඳුනාගත හැකි ය. විශේෂයෙන් 1981 වසරේ සංවර්ධන සභා මැතිවරණ පවත්වන කාලයේ දී ඊරෝස් සංවිධානය මිලිටරිමය ක‍්‍රියාකාරීත්වය අතින් ඉතා පහළ කුඩා කල්ලිමය කන්ඩායමක තත්වයක පැවති අතර, ඔවුන් හමුදාවකට තියා පොලිසියක් සමඟවත් සෘජු සටන් මෙහෙවීමේ හැකියාවක් නොතිබුණු හුදු සැඟවි තුවක්කු කල්ලියක ස්වරූපයෙන් පමණක් පැවතියේ ය.
කමාක්ෂි අම්මාන් නැමති මාතෘ දේවතාවියකට කැප කළ යාපනයේ වන්නාර්පන්නායි පෙදෙසට අයත් කන්කසන්තුරේ මාර්ගයේ පිහිටි හැඟවුම්කරණීය අම්මාන් කෝවිල හෙවත් වන්නායි ශ‍්‍රී කමාක්ෂි අම්බාල් ආලයම් පුදබිම අතීත යාපනය රාජධානියට අයත් රාජකීය ගණයේ ලා සැලකෙන හින්දු දේවාලයකි.
එනම් මෙය, බටහිරුන් පැමිණිමට පෙර අතීත යාපනයේ රජුන්ගේ සහ බිසොවරුන්ගේ වන්දනාමාන සහ පුදසත්කාර කටයුත සඳහා යොදාගත් රාජකීය හින්දු දේවස්ථානයක් ලෙසින් ද සැලකේ. 2 වන සින්කයි ආර්ය චක‍්‍රවර්ති සන්කිලි රජුන් සහ ඔහුගේ පවුල, යටත්විජිතවාදී පෘතුගීසි අධිරාජ්‍යවාදීන් විසින් අල්වාගෙන යාපනය රාජධානිය පෘතුගීසි ප‍්‍රාන්තයක් බවට පත්කරගත්හ. මෙසේ යාපනයේ සන්කිලි රජුන් සතුරා අතට පත් වූ බව ඇසූ ඔහුගේ අනෙක් බිසෝවරුන් දවන පූජාවක් ලෙසින් තමාව ම ගිනිතබාගෙන පෘථිවි ජීවිතයෙන් සමුගත්තේ මේ කෝවිලේ දී බව සඳහන්.
(ලක් හින්දු ඉතිහාසයේ හැඟවුම්කරණීය පුදබිමක් වන කමාක්ෂි අම්මාන් කෝවිල.)
බටහිර යටත්විජිතවාදීන් පැමිණෙන්නට පෙර සිට ම හින්දු කුල ධූරාවලියට අදාළව දල වශයෙන් යාපනය අර්ධද්වීපයේ ජන සංඛ්‍යාවෙන් සියට 50කට ආසන්න ප්‍රමාණයක් අධිපතිවාදී වෙල්ලාලර් කුලය ද, ඉතිරි සියයට 50ට ආසන්න ජන පිරිස නියෝජනය කළ පංචමාර් ලෙසින් නාමකරණය කර ඇති පහළ තත්වයේ කුල කණ්ඩායම් ද නියෝජනය කරන හින්දු-කුල-ධූරාවලිය (Hindu Caste System) විසින් නිර්දේශ කර තිබූ ආගමික මතවාදය දරාගත් ප‍්‍රභල රාජකීය ආගමික සංස්කෘතික සංකේතයකි මේ කමාක්ෂි අම්මාන් කෝවිල.
තම බෙදා පාලනය කිරීමේ බෙදුම්වාදී උපායමාර්ගය තුළ සියළු බටහිර යටත්විජිතවාදීන් ඉන්දියාවේ දී කළාක් සේම යාපනයේ කුල-ධූරාවලියේ ඉහළ ස්ථරය වූ වෙල්ලාලර් කුලයේ උදවියට තනතුරු තානාන්තර වැඩි ප්‍රමාණයක් දීමෙහි වැඩි නැමියාවක් දක්වන ලදී. එම නිසා යාපනය වෙනුවෙන් දේශපාලනය කිරීමේ පොල්මංකාර අයිතිය හිමිකරගෙන සිටි පැලැන්තිය වූයේ වෙල්ලාලර් කුලයේ සිටි ඉහළ අධ්‍යාපනයක් ලබන්නට වරම් ලද අය වූ අතර, අනෙක් පහළ තරාතිරමේ කුල වල උදවියට සිදුවූයේ ඉහළ කුලය විසින් නිර්දේශ කරන දේශපාලන මතය සහ දේශපාලන ක‍්‍රියාවන් වලට යටත්වී අවනතව කටයුතු කිරීම පමණි. අදටත් මේ අසාධාරණ කුල බෙදීම පදනම් කරගත් දේශපාලනයෙන් මිදී යාපනය තුළ දේශපාලන බලයක් බවට පත්වීම අසීරු වී ඇත්තේ මේ නිසයි. යාපනයේ කුල ධූරාවලිය තුළට එංගලන්තක බෙදුම්වාදය ඇතුළුවීමෙන් පසුව පහළ කුලවලට තිබූ පීඩනය තව දුරටත් තීව්ර විය.
ඒ් නිසා 1981 වන විට, පාර්ලිමෙන්තුව තුළ ශ්‍රිලනිපයේ අන්ත පරාජය හමුවේ ලක්දේශයේ ප්‍රධාන විපක්ෂයව සිටි ද්‍රවිඩ ඒක්සත් විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ද වෙල්ලාලර් කුලය සහ ඊට යටත් තවත් පංචමාර් නම් පීඩිත කුල 05ක් සහිතව දෙවියන්ව පෙන්වා මානව-විරෝධීව පවත්වාගෙන ගිය හින්දු කුල-ක්‍රම පද්ධතියට එරෙහි නොවූ නිසා ද, කුල අතර වෙනස්කම් දඩමීමා කරගෙන තම බෙදා පාලනය කිරීමේ ඒංගලන්තක ඩොයිලියානු බෙදුම්වාදයට ද හසුව සිටියා වූ නිසා ද, ඔවුන්, යාපනයේ බහුතරයගේ නිදහසට වගකියන නිදහස් දෙමල නායකයින් නොවූ බව සියළු ලක්වැසියෝ තේරුම්ගත යුතු ය.
ඒ් නිසා තම දෙමල ජනයාගෙන් බහුතරයක් කුල ක්‍රම-පද්ධතිය තුළ පීඩනයට ලක්කිරීම යන පීඩක සාමජ සාධකය තම වේට්ටියේ රෙද්ද අස්සේ ගහගෙන පොදු ජාතික දේශපාලනය තුළ දෙමල ජන අයිතීන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටි මොවුන් කුලය තුල කුහක ඩොයිලි තුළ බෙදුම්වාදී වූ දේශපාලකයන් වූ බව කවුරුත් සිහිකැඳවාගත යුතු ය.
(අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් සහ ඔහුගේ බිරිඳ මන්ගායියාරකරසි)
ඒ නිසා යාපනය දිස්ත‍්‍රික්කයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා කමාක්ෂි අම්මාන් කෝවිල අවට පෙදෙස තෝරාගැනීම පිටුපස කුලවාදය පදනම් කරගත් පීඩක හින්දු සංස්කෘතික කතිකාවක කතිකාධිපත්‍යයේ බලය දේශපාලනය යොදාගැනීම හා සම්බන්ධ පසුබිම් කතන්දරය ද එලෙස ම පැවති බව දන්නෝ දැන සිටියහ.
දකුණු ලංකාවට ආවහම දොස්තර එන්. එම්. පෙරේරාගේ අභාශය නිසා තමන් ලක්දේශිය වාම කතිකාවේ එන ”විද්‍යාත්මක සමාජවාදය” පිළිගන්නෙකු ලෙස වචනිකව කියා තිබුණ ද, පසුකලෙක ජේ. ආර්. ජයවර්ධනට එරෙහිව විපක්ෂනායක පදවිය දැරූ අප්පාපිලිලෙයි අමිර්තලිංගම්ට ද 1981 වසරේ මැයි 31වෙනිදා තම දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණ රැස්වීම පවත්වන්නට කමාක්ෂි අම්මාන් කෝවිල අවට පෙදෙස තෝරාගැනීම හැඟවුම්කරණීය සිද්ධියකි. ඒ පිටුපස ඇත්තේ, හින්දු බල දේශපාලනය පදනම් කරගත් බහුතරවාදි සහ අවස්ථාවාදී මතයකට එන්නත් කරන ලද එංගලන්තක බෙදුම්වාදී මතයකි. මන්ද බහුතරය පිළිගෙන තිබුණේ හෙවත් කතිකාධිපත්‍යය අත්කරගෙන තිබණේ හින්දු කෝවිල පදනම් කරගත් සම්ප්‍රදායික කුලවාදී කතිකා යන්ත‍්‍රය වූ නිසයි.
උමා මහේෂ්වරන් හෙවත් කදිරගාමපිල්ලයි නල්ලයිනාදන් යනු 1977 වසරේ එල්ටීටීඊ සංවිධානයට බැඳී කටයුතු කර පසුව 1980දී ප‍්‍රභාකරන් සමඟ ඇතිකරගත් අමනාපයක් නිසා එයින් ඉවත් වී හුදකලා තුවක්කු කලිලියක් අටවාගත්තෙකි. මොහු යාපනය පෙදෙසේ සැරිසැරූ අතර, ඔහු People’s Liberation Organization of Tamil Eelam (PLOTE) හෙවත් ප්ලොට් සංවිධානය යනුවෙන් තම කල්ලිය නම්කර අනාගතේ විධිමත් සංවිධාන රාමුවක් ගොඩනගාගෙන ජනතාව අතරට යාමට මාන බලමින් සිටි කල්ලිමය කණ්ඩායමක නායකයා යි.
(උමා මහේශ්වරන්. - අසාර්ථක වූ මාලදිවයින පැහැර ගැනීම පසුකාලීනව මොහු විසින් කළ ප්‍රසිද්ධ මිලිටරි මෙහෙයුමකි.)
1982 වසරේ මැයි මස 19 වන දින ඉන්දියාවේ මධුරාසියේ ත්‍යාගරායනගර් හෙවත් ටී. නගර් නමින් ද, ඓතිහාසික අරුතින් නැගෙනහිර මම්බලාම් නමින්ද හැඳින්වූ නගරයට යාවූ වෙළඳපළ අඩවියක දී අති ජනාකීර්ණ පොන්ඩි බසාර් නම් ඉමෙහි දී ප්ලොට් කල්ලියේ උමා මහේෂ්වරන්, ජෝතීස්වරන් සහ සිවනේෂ්වරන් (හෙවත් නිරන්ජන්) යන අයත්, එල්ටීටියේ ප‍්‍රභාකරන් සහ රාඝවන් (හෙවත් සිවකුමාර්) යන අයත් අතර දෙපාර්ශවික වෙඩි හුවමාරුවක් ඇතිවිය.
මෙහිදී ප්ලොට් සංවිධානයේ ජෝතීස්වරන් තුවාල ලැබූ අතර උමා මහේශ්වරන් සහ සිවනේෂ්වරන් එම ස්ථානයෙන් පලාගිය හ. පසුව ගුම්මිඩිපූන්ඩි දුම්රියපළේ දී උමා මහේෂ්වරන් ඉන්දීය ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වී පසුව ඇප ලබා මුදාහරිනු ලැබ ඇති බව සඳහන්. ඉනපසු මොහු සහ මොහුගේ ප්ලොට් සන්නද්ධ කල්ලිය විසින් තම කණ්ඩායමේ කටයුතු වලට මූල්‍ය සම්පාදන ලබා ගැනීම සඳහා බැංකු මංකොල්ල, පැහැරගෙන යාම් වැනි අනීතික කටයුතු වල නියුතු වී ඇත. ඒ අනුව 1982 වන විටත් ප්ලොට් කන්ඩායම යනු සංවිධානයක් යන පුළුල් අරුතින් නාමකරණය නොකළ හැකි තරමේ කුඩා තුවක්කු කල්ලියක් බව නිගමනික ය. ඒ නිසා ලක්දේශයට අදාළ යාපනය දිස්ත්රික් සංවර්ධන සභා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කරනු ලැබූ 1981 වසරේ දී ප්ලොට් සංවිධානය ඊටත් වඩා කුඩා අජනප‍්‍රිය තුවක්කු කල්ලියක් විදිහට පැවතියා යැයි සැලකිය හැකියි.
(1989 වසරේ ජූලි 16 වන දා කොළඹ දී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව වෙඩි උන්ඩ සහිත මළ සිරුර බම්බලපිටිය ෆ‍්‍රන්ක්ෆට් පෙදෙසේ දී හමුවීමට පෙර උමා මහේශ්වරන් ඇතුළු ඵ්ලොට් කණ්ඩායම 1988දී කළ මාලදිවයින බලෙන් අත්පත් කරගැනීමේ මෙහෙයුම ඉන්දීය හමුදා මැදිහත්වීමෙන් පරාජය කරන ලදී.)
යාපනයේ කුල ධූරාවලියේ සහ ඊට ඈඳුනු එංගලන්ක බෙදුම්වාදී මතය එකිනෙක මුහුවී යාපනයේ බහුතර ජන මතයට බලපෑම් කළ හැකි තත්වයකට පත්ව තිබූ සංකේතීය බලයක් හිමි රාජකීය කමාක්ෂි අම්මාන් කෝවිල අසල 1981 වසරේ දී අමිර්තලිංගම්ගේ නායකත්වය යටතේ පැවති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමෙහි පසුබිම, ලක්දේශයේ වූ ඩොයිලියානු බෙදුම්වාදය යුධවාදයක් කරා ඔඩුදිවීමට පාර කැපූ ආරම්භක හැරුවුම්-සංධියක් (Conjuncture) ලෙසින් සැලකිය හැකි ය.
යාපනයේ ජනතාව බියවද්දා මෙම මැතිවරණයේ සැබැ ජනවරම කොල්ලකන අටියෙන් අවනීතිකව යාපනයට එවා තිබූ ජේ.ආර්.ගේ එජාප ජුන්ටාව සමඟ යාපනයට ගිය එජාප හිතවාදී රජයේ අනීතික ලයිසන් ලත් සන්නද්ධ අතුරු පොලිස් හමුදාවගෙන් සැලකිය යුතු පිරිසක් මෙම මැතිවරණ රැස්වීමට සත්භාවයෙන් ආරක්ෂාව සපයන මුහුණුවරින් ආයුධ නිරාවරණිතව සහභාගි වී සිටි අතර, ඉතිරි උදවිය සිවිල් පිටින් ම ආයුධ ද සඟවාගෙන රැස්වීම් භූමියේ කරක් ගසමින් සිටියහ.
මෙය, සාමාන්‍යයෙන් එකල යාපනයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පවත්වන විට සිදු නොවුන ආකාරයේ කෘතිම මිලිටරිමය වටපිටාවක් ගොඩනැංවීමක් බව එතෙක් යාපනයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත් වූ අයුරු දන්නා සමාන්‍ය ම වැසියෙකුට වුවත් වැටහෙන කාරණාවකි. සත්‍යය වන්නේ, අමිර්තලිංගම් විසින් හෝ ඔහු නියෝජනය කළ පක්ෂය විසින් හෝ යාපනයට ආවේනික කිිසිදු නිළ හෝ නිල නොලත් පාර්ශවයක් විසින් ජයවර්ධන රජයෙන් මෙබඳු ආරක්ෂාවක් පතා ඉලලීමක්වත් කර නොතිබීම යි.
මෙම නොගැලපෙන තත්වය දඩමීමා කරගන්නට හිතූ සාංසිද්ධික දේශපාලනයට හුරු අවස්ථාවාදියෙකු වූ උමා මහේශ්වරන් ඇතුළු ප්ලොට් තුවක්කු කල්ලිය යැයි සැලකිය හැකි පිරිසක් විසින් එදින ම සවස 6 ගෙවෙන මද-අඳුරු හෝරාවේ දී ජයවර්ධන ජුන්ටාවෙන් එවා තිබූ මෙකී සන්නද්ධ අතුරු පොලිස් හමුදාවේ පුද්ගලයින් අතරට හදිසි අනපෙක්ෂිත තුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළහ. එයින් ජේ. ආර්. ගේ යටකී ජුන්ටාව පාක්ෂික සන්නද්ධ අතුරු පොලිස් හමුදාවගෙන් කිහිප දෙනෙකුට වෙඩි වැදුන අතර, සැරයන් බණ්ඩාර නැමැත්තා වෙඩිපහරකින් මිය ගියේ ය. මෙයට ප‍්‍රතික‍්‍රියක වශයෙන් ජේ.ආර්. ජුන්ටාව නියෝජනය කළ අතුරු පොලිස් නිළධාරියෙකු අහසට වෙඩි තබා රැස්වීම විසුරුවන්නැයි මූලාසනයට කියූ අතර, රැස්ව සිටි යාපනයේ මිනිස්සු මේ අමුතු සිදුවීම පිළිබඳව අන්දෝසංසාරයක් නොදැන හිස් ලූ ලූ අත දුවන්නට පටන් ගත්හ.
නමුත් මීට අදාළව ප්‍රස්තුත කළ නියම වරිගවාදී බෙදුම්වාදී නාටකය ඇරඹණේ ඊටත් පසුව යි.
බෙදුම්වාදී ප‍්‍රචන්ඩත්වයෙන් ඇවිස්සී තම පිරිස ද වැඩිකරගෙන මේ හිස් වූ මැතිවරණ ප‍්‍රචාරක ස්ථානයට පහරදෙන්නට නැවත වරක් පැමිණි ජේ. ආර්.ගේ ජුන්ටාව පාක්ෂික සන්නද්ධ අතුරු පොලිස් හමුදාවට දක්නට ලැබුණේ හිස් රැස්වීම් බිමක් පමණි. ඒ් නිසා ඔවුන්ගේ පලිය ගන්නට තරම් වන කිසිවෙකු ඒ මැතිවරණ ප‍්‍රචාරක බිමෙහි තවදුරටත් නොසිටියහ.
තම වරිග ආවේගය පිටකරගන්නට අන් මගක් නොවූ බැවින්, මොවුන් ඒ් අසල වූ ඓතිහාසික කමාක්ෂි අම්මාන් කෝවිලට කඩා වැදී දේවරූප, තේරු කරත්තය ඇතුළු පුද අඩුම කුඩුම ගිනි තබා පිස්සු කෙලින්නට පටන් ගත් අතර, මේ ප‍්‍රචන්ඩ විගඩම ඇසින් දුටු අහල පහල පදිංචිව සිටි සාමකාමී දෙමල ජනයා ඒ බල ප‍්‍රදේශයේ පදිංචිය අතහැර යන්නට පවා තීන්දු කරන්නට තරම් මෙම භීෂණයේ ධාරිතාව ඉහළ මට්ටමක පවති බව වාර්තාගත ය.
සමාජ අර්බුදයක් බිහිකළ බණ්ඩාරනායකගේ බෙදුම්වාදය ජේ.ආර්. ජයවර්ධන ජනපතිවීමත් සමඟ සමාජ ව්‍යසනයක් දක්වා යන ගමනක් ඇරඹූ අතර, එහි ඓතිහාසික සංධිස්ථානයක් වන්නේ 1981 වසරේ එජාපයට යාපනය දිනන්න උවමනාවට ලක්ජනයා මත පැටවූ දිස්ත‍්‍රික් සංවර්ධන සභා චන්දය යි. මෙය ජනතාව ඉල්ලා සිටි මැතිවරණයක් නොවූ අතර, උතුරු නැගෙනහිර පෙදෙස්වල (විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ) එජාපයට අහිමිව පැවති චන්ද බලය ඉටියෙන් හෝ මැටියෙන් ලබාගැනිම උදෙසා කෘතිමව ප්ලාන්ට් කරන ලද මැතිවරණයක් බව පැහැදිලි ය.
මෙහිදී ජේ.ආර්. ජයවර්ධන සමඟින් ගාමිණී දිසානායක, රනිල් වික‍්‍රමසිංහ, පෙස්ටස් පෙරේරා, ගාමිණී ජයවික්රම පෙරේරා සහ සිරිල් මැතිව් යන ඩොයිලියානු බෙදුම්වාදය අවිඥානය කරගත් රාජ්‍ය ඇමතිවරුන් විසින් 1981වසරේ දී පැවැත් වූ සංවර්ධන සභා මැතිවරණය පාදකර කරගෙන කිසිදු හිරිකිතයකින් සහ විලි ලජ්ජාවකින් තොරව තම පාක්ෂිකයින්ගෙන් සැදුම් ලත් සන්නද්ධ අතුරු පොලිස් හමුදාවක් ද යොදාගෙන, රාජ්‍ය පටිපාටියට අදාළ පත්වීම් නොලද අනීතිකව පත්කරන ලද කුරුණෑගල එජාප පාක්ෂිකයින් පිරිසකගෙන් සැදුම්ලත් ඊනියා තග් චන්ද නිළධාරීන් පිරිසක්ද කැඳවා ගෙන, ඔවුන්ට අනීතිකව රජයේ නිල නොවූ බලයක් පවරා බටහිර මාදිලියේ රාජ්‍ය ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් මෙසේ යාපනයේ ජනයාගේ සර්වජන චන්ද අයිතිය කොල්ල කෑහ.
(1981 දීම ඒළිසබෙන් මහරැජින ලක්දිවට පැමිණීම.
ලක්දේශයට සාපේක්ෂව භෞතික ජාතික නිදහස් අරගලයක් කොට නැගෙනහිර ඉන්දී කොම්පැනිය පන්නා දමන්නට කටයුතු කළ අසල්වැසි ඉන්දියානු ජනයා ගොඩනගාගත් පරිපාලනය 1947න් පසුව කවරදාකවත් ඒංගලන්තක බලාධිපත්‍යය සමරා මහජන හරසරින් යුතු සම්ප්‍රදායක පෙරහරකින් මෙසේ ඩොයිලිගේ නෑදෑයින් වන රජ පවුල ඔවුන්ගේ රටට කැන්දාගත් උත්සව පැවැත්වූයේ නැත. එළිසබෙත් රැජිනට මුල් තැන දී ඇති ව්‍යාජ කෘතිම ස්වදේශිකත්වය නියෝජනය කරන මේ ඩොයිලියානු පෙරහැර අපට 1948දී ලැබුණ නිදහසක් නැති බව හඟවනු ලබන ප්‍රභල සංඥාර්ථයකි.)
එහිදී, මොවුන්ගේ මේ තාවකාලික මුලපිරීම පාදක කරගෙන සහ එය ආභාෂයට ගෙන ඉදිරියේදී සිදුවන්නට යන තවත් ආන්තික වරිගවදී බෙදුම්වාදී ප‍්‍රචන්ඩ ක‍්‍රියා ශ්‍රේණියකින් පසුව එළඹෙන අවසන් ප‍්‍රතිපලය වන්නට යන්නේ ලක්දේශයේ මනුස්ස සතුන් දහස් ගණනකගේ අවසන් හුස්ම බලහත්කාරයෙන් හෝ වාතලයට මුසුකරවන වසර 30ක බිහිසුණු ජනඝාතක යුද්ධයක් බව මොවුන්වත් නොදැන සිටියහ. මේ අත්තනෝමතික, අවස්ථාවාදි සහ බෙදුම්වාදී සාංසිද්ධික සමාජ මැදිහත්වීම (Incidental Social intervention) විසින් ලක්දේශයේ සමාජ දේශපාලානාර්ථික සංදර්භය උඩුයටිකුරු වී 1978ට පෙර ලක්දේශය පැවතියේ කුමන සමාකාමී ස්වභාවයකින් ද යන්න පවා පොදුජනයාට අමතක කර දැමෙන සුළු තත්වයකට ලක්දේශය ඇද වැටුනේ ය.
දකුණෙන් ගිය මේ එජාප මැර ජුන්ටාව සහ එහි අතුරු පොලිස් හමුදා මෙතනින් නොවනැවතී ඒ රාත‍්‍රියේ සිට දින 02ක් ගෙවෙන තුරු ම භීෂණ ක‍්‍රියා රැසක නියැලූනහ. එනම් ඓතිහාසික අම්මාන් කෝවිල හැරුණුකොට, වෙඩි වැදුන පොලිස් නිළධාරීන් රෝහලට ගෙන ගිය වාහනය ද, රෝහල පාරේ කඩපේලිය ද, රාණි සිනමාහල අසල වෙළඳසැල්, ඊලනාඩු පුවත්පත් කාර්යාලය, පොත් සාප්පු 05ක් සහ දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට ද ගිනි තැබූහ. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රී යෝගේශ්වරන්ගේ නිවස සහ වාහන වලට ගිනි තැබූ ඔවුහු එම නිවසේ රණ් අභරණ පැහැර ගත්හ. කන්කසන්තුරේ පාරේ ඇති ඉන්ධන පිරවුම් හලකින් ඉන්දන ද, රට බීම සාප්පුවක් බිඳ දමා එහි ඇති බීම ඇතුළු අනෙකුත් දේ ද, ලංගම බස් රථයක් ද පැහැරගත්හ. 1983 ජූලිකලබලයට පෙරහුරුවක් බඳු වූ මේ වරිගවාදී විනාශයේ හිත් වද්දන සුළු මහා විනාශය වූයේ යාපනයේ පරම්පරාගත නූතන සහ පූර්ව-නූතන දැනුමේ හදවත බඳු වූ යාපනය පුස්තකාලයට ගිනි තැබීම යි.
(1981 යාපනය තුළ සංවර්ධන සභා මැතිවරණ නීති උල්ලංඝනය කර භිෂණය පතුරවන අරමුණින් දකුණු ආසියාවේ විශාලත ම පුස්තකාලය ලෙස සැලකෙන යාපනේ ඓතිහාසික පුස්තකාලය ගිනිබත් කිරීමේ මහ මොළකරුවන් වූ ඩොයිලියානු බෙදුම්වාදී සහ වරිගවාදී චරිත දෙකක් වූ සී. සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක. මොවුන් තම රටේ ම යාපනය ජනයාට එරෙහිව මෙසේ කටයුතු කළ ද බෙදුම්වාදය හඳුන්වාදුන් ලන්ඩනයේ එගලන්තක රැජින රටට පිළිගෙන සාමකාමීව කටයුතු කළහ.)
එයින් මතු කෙමෙන් කෙමෙන්, 70 දශකය අවසන් වන තෙක් ම සිංහල වරිගවාදය සමඟ පාර්ලිමේන්තුව තුළ කරට කර සිටි දෙමල වරිගවාදය මුළුමනින් ම පාර්ලිමේන්තුවෙන් පිටත ප්‍රජාතන්ත්‍ර විරෝධී භාහිර අයාලකාමී ලෝකයට තල්ලූ කරන ලදී. ඒවාට දෙමල ආන්තික බලවේගයක් බවට පත්වීමේ ගමනට එජාපයෙන් වක‍්‍ර උල්පන්දම ලැබුන අතර, එම දෙමල වරිගවාදය පාර්ලිමේන්තුව නම් සාපේක්ෂව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනික ප‍්‍රවාහයෙන් ද පන්නා දැමීම නිසා ඒතැන් පටන් යුධවාදී අංකුරයක් ලෙසින් පිටතට වැඩන්නට පටන් ගත්තේ ය.
එකළ සෝවියට් සමූහාණ්ඩුව නිර්දේශ කළ ප‍්‍රගතිශීලීය පාර්ශවය නියෝජනය කරමින් ඇමෙරි-විරෝධී සථාවරයක සිටි ඉන්දිරා නායකත්වය දුන් ඉන්දීය පරිපාලනය තමිල්නාඩු ප‍්‍රාන්ත රජය හරහා මේ නව ප්‍රවනතාවට සෘජු යුධමය උල්පන්දම් දුන්නේ ය. යූඇන්පී ආණ්ඩුව වරිගවාදී ජාතිවාදය පැත්තට නැඹුරු වන ප‍්‍රමාණයට වැඩිවෙත් ම, ඉන්දියාව විසින් පෝෂණය කළ දෙමල අර්ධ සන්නද්ධ කණ්ඩායම් අතරින් සාපේක්ෂව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ කණ්ඩායාම් සියල්ල බල පොරපිටියෙන් හැලී දේශපාලනිකව ආන්තික සහ යුධවාදී වන එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් බලකෙන්ද්‍රයට පැමිණ රටට අවාසනාවන්ත සහ අවාසිදායක තත්වයක් උදා වූයේ ය.
(ලක්දේශයේ ආණ්ඩුව මාරු වී එජාප ආණ්ඩුව ඉන්දියාව නොසලකා හරින යැංකිවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමත් සමඟ ඉන්දීය පරිපාලනය ද ලක්දේශය සම්බන්ධයෙන් වූ මිත්‍රශීලී ප්‍රතිපත්තිය අතහැර ලක්දේශය තමන්ට අභියෝගයක් නොවන්නට වෙනත් උපය මාර්ග සෙවූහ.)
එය වසර 30ක මහා ජනඝාතක යුද්ධයකින් කෙලවර වී උතුරු නැගෙනහිර ජන අනන්‍යතා සහමුලින් නටඹුන් වූ මුඩු බිමක් බවට පත් කළේ ය. 2024 වසරේ රට බංකොලොත් වීමේ ආර්ථික අර්බුදය යට ගසන්නට 13 වන සංශෝධනය ගෙනැවිත් දෙමල ජන අයිතීන් වෙනුවෙන් ඉන්දියාවට පේන්න කිඹුල් කඳුළු හෙලන රනිල් වික‍්‍රමසිංහගේ සැබෑ බෙදුම්වාදී පැටිකිරිය මේ උතුරු නැගෙනහිර යුද්ධයට පෙර සිට ම ඔහුත් ඔහුගේ ඩොයාලියානු සනුහරේ උදවිය තුළත් ඓතිහාසිකව ගොඩනැගී පැවත ආ කතිකාවක් යන්ත‍්‍රයක් බව මොනවට පැහැදිලිය.
යම් සමාජ සංසිද්ධියක් සමාජ කතිකා යන්ත‍්‍රයක් නිසා පැන නැගුනක් දැයි විමසා බැලිය හැකි සමාජ විශ්ලේශණික යතුරක් පවතී. එය නම්, එක ම සමාජ කුලකයක් තුළින් එක ම මාදිලියක සමාජ සංසිදධීන් වරින් වර ඒකම හැඩයකින් සිදුවෙනවා ද යන්න සෝදිසි-නිරීක්ෂා කිරීම යි.
ඒ අනුව 1981 වසරේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණය ආශ‍්‍රිතව යාපනය පෙදෙසේ සිදුකළ භීෂණකාරී සමාජ සංසිද්ධීන් වල පැවති සමාජ අතාර්කිකභාවය ම, 1983 කළු ජූලියේ දී දකුණු ලංකාවේ දී සිදුවූ භීෂණකාරී සමාජ සංසිද්ධීන් වලින් ද හමුවීම මීට ජීවමාන උදාහරණය යි. මේ සංසිද්ධි දෙක ම එක්තරා ආකාරයක සමාන පද දෙකක් වාගේ ය. එකම වෙනස 83 ජූලි කලබලය තුළ ප‍්‍රචන්ඩත්වයේ ඝනත්වය තරමක් වැඩිවීම පමණ යි. එයින් මේ සංසිද්ධීන් වල ආසන්නත ම කතෘ ජේ.ආර්. ජයවර්ධන ප‍්‍රමුඛ එජාපය වන බවත්, ඉතිහාසයේ ඊට මදක් අතීතයේ දී කතෘ එස්. ඩබ්. ආර්.ඞී. බණ්ඩාරනායක බවත්, ඉතිහාසයෙහි ඊට දුර අතීතයක සිටින එහි මුළ්ම කතිකා යන්ත‍්‍රයේ කතෘ ජෝන් ඩොයිලි බවත් හෙළිදරව් වේ.
එංගලන්තකයින් පැල කළ ඩොයිලියානු බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රයේ රාජ්‍ය ජනසංහාරාත්මක මස්තකප‍්‍රාප්තිය වූ කළු ජූලියට අදාළ අවාසනාවන්ත සිදුවීම් පෙළ සිදු වූයේ 1983 වසරේ ජූලි මාසයේ 23 සහ 30 යන අවාසනාවන්ත මූසල දවස් ගෙවුණා වූ කාලාන්තරයේ දී ය. නමුත් 1983නේ කළු ජූලියට ගැලපෙන සබෑ තුප්පහි පූර්විකාව හමුවන්නේ මේ ඛේදවාචකයේ ක‍්‍රියාන්විතය සමනය වී මාසයක් පමණ ගෙවී එළඹෙන 1983 සැප්තැම්බර් 5 වෙනිදා යි.
1983 සැප්තැම්බර් 05 වෙනිදා ජේ.ආර්. ජයවර්ධනට ඉතා හිතවන්ත සහ ඔහුගේ දෙවෙනියා වීමේ වරම අත්කර ගැනීම සඳහා මානාගෙන සිටි එකළ ඉඩම් සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක ජාතික වතුකම්කරු සංගමයේ විධායක කමිටුව අමතමින් කළ ප‍්‍රකාශය ඒ නින්දිත පූර්විකාව යි. එනයින්, දැනට වසර 40කට පමණ පෙර දී සිදුවූ මේ ප‍්‍රකාශය තුළින් කළු ජූලිය පිිටුපස වූ සැඟවි හස්තය කාගේදැයි එළිදරව් වනවා පමණක් නොව, අද 13 වන සංශෝධනය ගෙනෙන්නට කැසකවන එජාපය සැබෑ යථා ලෝකයේ දී ලක්දේශයේ වාර්ගික සමගියට එරෙහිව සතුරු ඩොයිලියානු බෙදුම්වාදී කතිකාව නියෝජනය කළ අයුරු ද පූසා මල්ලෙන් එළියට පනින්නා සේ අතේ මාට්ටු වෙයි. ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලන පුත‍්‍ර ගාමිණී දිසානායක 1983 කළු ජූලිය සම්බන්දයෙන් පමාවී සපයන ලද ඒ නින්දිත මානව-විරෝධී පූර්විකාව මෙසේයි.
”ඔබට පහර දුන්නේ කවුද?
සිංහලයන්.
ඔබව ආරකෂා කළේ කවුද?
සිංහලයන්.
ඔබට පහර දිය හැක්කේත් ඔබව ආරක්ෂා කළ හැක්කේත් අපිට යි.
ඔවුහු ඉන්දියාවෙන් හමුදාවක් රැගෙන එති. ඉන්දියාවේ සිට පැමිණීමට පැය 14ක් ගතවනු ඇත.
විනාඩි 14කින් අපට මේ රටේ සෑම දෙමළෙකුගේ ම ලේ මේ බිමට පූජා කළ හැකි ය.
ඉන්දීය දෙමළෙක් ද, යාපනේ දෙමළෙක් ද, මඩකලපු දෙමළෙක්ද, කඳුකර දෙමළෙක් ද, හින්දු දෙමලෙක්ද, ක‍්‍රිස්තියානි දෙමළෙක් ද කියා කිසිවෙකුගේ නළලේ කොටා නැත.
සියළු දෙනා දෙමළුන් ය.”
පසුකාලීනව ජාතික සමගිය වෙනුවෙන් පොරටෝක් දුන්නා සේම තමන් පිටුදකින ලද ඉන්දියාව සමඟ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නට තරම් විලි ලජ්ජාවක් නැති වූ ගාමිණී දිසානායකගේ ම ශ‍්‍රී මුඛයෙන් දොට්ට පැන්න ඉහත ප‍්‍රකාශ-සටහන (වියමන - Text) තුළින් නොකියවෙන දෙය හෙවත් නොකියා කියන දෙය වන්නේ “අපි තමයි කළු ජූලිය කළේ ඩෝ, ඉතිං මොකද?” බඳු තග් සංඥාර්ථයකි.
ඒ නිසා 83 ජූලි සිදුවීම් සම්බන්ධයෙන් මොනවා කීවත් නොකීවත් මෙය පැහැදිලිව ම ”පුහුල් හොරා කරෙන් දැනේ”සංදර්භයකි. අනෙක් අතින් මෙය කළු ජූලිය සහ වාර්ගික සමගිය සම්බන්ධයෙන් එජාප නායකත්වයේ සැබෑ නිදන්ගත බෙදුම්වාදී ඩොයිලියානු මතය පිළිබිඹු කරන්නකි. සාපේක්ෂ අරුතින් ගාමිණී දිසානායක විසින් ලක්දේශයේ සිංහළුන්ගේ සාමූහික මතයක් ලෙසින් ගෙනහැර දක්වන ඉහත ප‍්‍රකාශ-සටහන හෙවත් වියමන සැබැවින් ම බහුතර සිංහල ජනයා 1983 දී හිතුවේවත් නැති සිතුම් වියමනකි.
නමුත් මේ වියමනේ පවතින වරිගවාදී යටිපෙළේ වගඋත්තරකරුවන් වන්නට සිදුවූයේ දකුණු ලංකාවේ සාමාන්‍ය බහුතර සිංහල ජනයාට ම ය. ඉදින් අපි මේ තුප්පහි පූර්විකාවේ උඩුපෙළ සහ යටිපෙල සේම එය ප‍්‍රකාශ කරනු ලබන ගාමිණී දිසානායකව ද සිහියේ තබාගෙන සීරුවෙන් කළු-ජූලිය කියවමු!
1981 යාපනය දිස්ත‍්‍රික්කයේ සංවර්ධන සභා චන්දය මංකොල්ල කන්නට අනීතිකව යාපනයට යවන ලද ජේ. ආර්. ජයවර්ධනගේ ජුන්ටාව නියෝජනය කළ සන්නද්ධ අතුරු පොලිස් හමුදා භටයෙකු යාපනයේ පොදු දෙමළ ජනයාගෙන් වියුක්ත සහ බහුතර ජන නියෝජනයක් නොතිබූ උමා මහේෂ්වරන්ගේ ප්ලොට් කල්ලියේ (Gang) තුවක්කු ප‍්‍රහාරයකින් මරා දමන ලද අවස්ථාවේ, එය යාපනයේ සමස්ත දෙමළ ජනයාගේ ම කැමැත්ත සහ ආශිර්වාදය මත සිදුවූවක් ලෙස එජාප ජුන්ටාවේ උදවිය තනිව ම අර්තකථනය කරගෙන, ඔවුන්ගේ ම හිතූමනාපයට යාපනේ පොදු දේපල හානි කරමින් ජනයා බිය වද්දමින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ නිවසකට පවා කඩා පනිමින් අනේක හානියක් කරන්නට පොල්මංකාර අයිතියක් තමන්ලාට ඇති බව ක‍්‍රියාවෙන් විදහා දක්වන ලදී. මෙය දකුණේ බහුතර සිංහල ජනයාට හාංකවිසියක්වත් නොදැනුවත්ව සිදුවූ ජයවර්ධනගේ උවමනාවට ඒජාපයෙන් ක්‍රියාත්මක කළ වරිගවාදයක් මිසක මෙය දකුණු ලංකාවේ සිංහල වැසියන් බහුතරය දැනගෙනවත් සිටි වරිගවාදී මෙහෙයුමක් නොවේ.
එලෙස ම, ජේ. ආර්. ජයවර්ධන ප‍්‍රමුඛ එජාප ජුන්ටාවකින් ක‍්‍රියාන්විත කළ 1983 ජනඝාතක කළු-ජූලිය ද, බහුතර සිංහල ජනයාගේ කැමැත්ත සහ ආශීර්වාදය මත සිදුවූවක් බව හුවා දක්වමින් මානව විරෝධී ප‍්‍රකාශ-සටහන් නිකුත් කරන්නට එම ජුන්ටාවේ ප‍්‍රභලයා වූ ගාමිණී දිසානායකට මොහොතකවත් හිරිකිතයක් නොවූව ද, දකණු ලක්දේශයේ පොදු බහුතර සිංහල ජනයා මේ සංවිධානාත්මක ඩොයිලියානු ඒජාපයේ වරිග ප්‍රහාරයේ පැමිණෙන්නේ කොහි සිටදැයි කියාවත් හාන්කවිසියක් නොදැන සිටියහ .
සත්‍යය නම්, ප‍්‍රකාශ සටහන් නිකුත් කිරීමේ කතිකාමය බලය නොමැති යාපනේ සාමාන්‍ය බහුතර දෙමල ජනයා සහ දකුනේ සාමාන්‍ය බහුතර සිංහල ජනයා කතිකා බලයක් නැති එක අසරණ පාර්ශවයක් වන බවත්, එජාපය, උමා මහේස්වරන් කල්ලිය සහ ඒ්ල්ටීටීඊ කල්ලිය ප‍්‍රකාශ නිකුත් කිරීමේ කතිකාමය බලය ඇති තිරිසන් දේශපාලන පාර්ශව වන බවත් ය. නමුත් මේ තිරිසන් බෙදුම්වාදී පාර්ශව හෙවත් බෙදා පාලනය කිරීම ප‍්‍රචණ්ඩත්වය කරා ගෙන ගිය පාර්ශව ඉදිරියේ සාමාන්‍ය ජනයාට කටහඬක් නොමැති වී ය. ඒ නිසා ගාමිණි දිසානායක කට අරින්නේ සාමාන්‍ය ජනයාට කට අරින්නට ඉඩක් නොදෙන ලද සංදර්භයක් තුළ ය. කට අරින්නෝ ඩොයිලායානු කතිකාව නියෝජනය කරන බෙදුම්වාදියෝ ය. කට වසාගෙගන සිටින්නෝ තවමත් යටත්විජිත වැසියෝ ම ය.
මේ නරි නාටකයේ පිටපත ලියූ කතෘ අඥාත ය.
සැබැවින් ම ඔහු ජෝන් ඩොයිලි ය.
ඔහු ගොඩනැගූ අපරාධය ඔහු මිය ගිය පසුත් ලක්දේශයට දඬුවම් දුන්නේ ය.
(කළු ජූලියට පාදක වූ ආසන්නත ම මුලපීරීමේ සිදුවීම්වලට නායකත්වය දුන් එක ම ඩොයිලියානු බෙදුම්වාදී කාසියේ වරිගවාදී දෙපැත්තක් නියෝජනය කළ මානව-විරෝධී චරිත දෙක)
1983 කළු ජූලිය සිදුවීම සහ ඒ පිටුපස තිබූ ඩොයිලියානු බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රය ප‍්‍රචන්ඩ ස්වරූපයකින් මස්කප‍්‍රාප්ත කිරීම සම්බන්ධයෙන් සෘජුව ම වගකිව යුතු දේශපාලන නායකයින් දෙදෙනෙකු සිටිති. එයින් එක් අයෙක් ජූනියස් රිජඞ් ජයවර්ධන නොහොත් ජේ. ආර්. ජයවර්ධන වන අතර, අනෙකා (Other) වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ය.
ඒ නිසා 1983 කළු ජූලියත්, ඉන් ඉදිරියට සිදුවුණ ජනඝාතක යුද්ධයත් නිසා තම අත්වළ තැවරුණු ලේ ගංගාව මගහැර අත සෝදාගන්නට මේ දෙදෙනාට ම බැරි ය. ඒ නිසා ප‍්‍රභාකරන් අතහැර ජේ. ආර්. ජයවර්ධනට විතරක් මුළු වරද පැටවීම සියයට 50ක් තරම්වත් අසාධාරණ වනවා සේ ම, ජේ. ආර්. ජයවර්ධන අතහැර ප‍්‍රභාකරන්ට මුළු වරද පැටවී ම ද සියයට 50ක් තරම්වත් අසාධාරණ වන්නේ ය.
අපරාධය අපාරාධය ම ය.
ඒත් එක්කෙනකුට හිමිවිය යුත්තේ අවම වශයෙන් දඬුවමෙන් භාගය ය.
නමුත් සැබෑ දඬුවම වින්දෝ සාමාන්‍ය ලක් ජනතාවෝ ම ය.
1983 වසරේ ජූලි මාසේ 23 වෙනිදා දෙවෙනි ලූතිනන් වාස් ගුණවර්ධනගේ මෙහෙයවීම යටතේ යාපනයේ පලාලි මාර්ගයේ රාත‍්‍රී මාර්ග පරීක්ෂක ආරක්ෂක සේවයේ නියුතුව සිටි 15 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් ඉලක්ක කරන වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ එල්ටීටීඊ සන්නද්ධ කල්ලිය මෙම හමුදා කණ්ඩායම සේවය අවසන් කර හමුදා කඳවුර වෙත යන අතරතුර දී හිදිසි බිම්බෝම්බයක් පුපුරවා හමුදා සෙබලූන්ට දිගින් දිට ම වෙඩි ප‍්‍රහාර නිකුත් කරමින් වරින් වර අත්බෝම්බ ප‍්‍රහාර ද එල්ළ කළ අතර, ගිමන් හරින මානසිකත්වයක සිටි නිසා විශාල සුදානමකින් නොසිටි රජයේ හමුදා භටයින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළත්, මේ අනපේක්ෂිත ප‍්‍රහාරය මැඩලන්නට ඒවා ප‍්‍රමාණවත් වූයේ නැත.
එල්ටීටී සන්නද්දධ කල්ලිය ප‍්‍රහාර නිකුත්කොට පලා ගිය අතර, රජයේ හමුදා භටයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුට ජීවිත නැති විය. හමුදා වෙඩි ප‍්‍රහාර වලින් මිය ගියා යැයි දැනට සටහන්ගත වී ඇති එකම ඒල්ටීටීඊ ප‍්‍රහාරකයා වූයේ ඒ වන විටත් යාපනය හමුදාව සොයමින් සිටි සෙල්ලකිලි නැමති එල්ටීටී නායකයා ය . ඔහු හමුදාව විසින් අත්අඩංගුවට ගත යුතු අයගේ ලැයිස්තුවේ ද සිටි අයෙකි.
එල්ටීටිය සිදුකළ මෙම ප‍්‍රහාරය යාපනයේ ජීවත් වූ පොදු දෙමල ජනයාගේ හෝ දකුණේ ජීවත් වූ පොදු දෙමල ජනයාගේ අනුදැනුම හෝ කැමැත් මත සිදුවීමක් ලෙස විනිෂ්චය කිරීම නියත ලෙස ම සමාජ-විද්‍යා විරෝධී ය. මන්ද ලක්දේශයේ පොදු සිංහල සහ පොදු දෙමල ජනයාගෙන් බහුතරයක් මෙවන් සිදුවීමක් සිදුවූ බව පවා දන්නේ මාධ්‍ය කතා සහ කටකතා ඇසුවාට පසුව හෝ එම සිද්ධියට ප‍්‍රතික‍්‍රියා දක්වන පසු-ප‍්‍රචණ්ඩ-ක‍්‍රියා (Post Violent Acts) ඇසින් දුටුවාට පසුව ය.
මේ අනුව 1981 යාපනය දිස්ත්රික් සංවර්ධන සභා චන්දය පාදක කරගත් ආරම්භක අනීතික මෙහෙයුම් සංසිද්ධිය ඒජාපයේ ඇවිස්සවීමක් බවත්, 1983 කළු ජූලිය සංසිද්ධිය එල්ටීටීඊයේ ඇවිස්සවීමක් බවත් නිගමනික ය. නමුත් මේ සංසිද්ධි දෙකෙන් මේ දෙපාර්ශවය ම තම තිරිසන් දේශපාලනික ඉලක්ක දෙවිදිහකට සපුරාගත් අතර, මේ දෙපාර්ශවය ම අඩුවැඩි වශයෙන් ඒකිනෙකට සමාන්තරව හිඳිමින් පොදුජන ජීවිතය විනාශය කරා දක්කාගෙන ගියහ.
1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත් වූ විගස රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පදවිය හෙබවීම සඳහා පත්කළ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු සහ අතීතයේ කිහිප වරක් මන්ත‍්‍රී අපෙක්ෂකත්වය දැරූ ඒ වන විට 70 විය පසුකරමින් සිටි කර්නල් සී. ඒ. ධර්මපාල විසින් 1983නේ ඒ ගෙවුණ මොහොතේ දී මිය ගිය හමුදා සෙබලූන්ගේ මළ සිරුරු ඥාතීන්ට භාරදීමේ සාමාන්‍ය හමුදා ක‍්‍රියාපටිපාටියට උල්ලංඝනය කළේ ය. එසේ කරමින් මේ මළසිරුරු 13 කොලඹට ගෙන එන්නට කියා එවක හමුදාපති තිස්ස වීරතුංගට ඔහු අනිසි බලපෑමක් කර ඇති බව සැලයි.
(මන්ද හමුදාපතිවරයා සාමාන්‍ය පටිපාටිය පරිදි මේ මළ සිරුරු ඥාතීන්ට බාර දිය යුතු යැයි පැවසූ බව පසුකාලීනව එළිදරව් වූ බව ද සැලයි.)
එවක ජනපති ජයවර්ධනගේ අතිශය කිට්ටුවන්තයෙකු වූ මේ ආරක්ෂක ලේකම් කර්නල් සී. ඒ. ධර්මපාලගේ මෙම තීන්දුව පැහැදිලිව ම ජනාධිපති ජයවර්ධනගේ බලපෑම හෝ අනුමැතිය නිසා ම සිදු කළ ඒකක් බව නිගමනික ය. මන්දයත් එම තීරණයෙන් පසුව එම තීරණය වැරදි එකක් බව හඟවමින් ඔහුව නිලයෙන් ඉවත් කරනු හෝ ප‍්‍රසිද්ධ රාජ්‍ය මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරනු හෝ ගෙදරට ගෙන්වා බැන වැදුන බවට හෝ කිසිදු සාක්ෂි සාධකයක් ඉතිහාසයෙන් අපට හමු නොවන නිසා ය.
අනෙක මේ මිය ගිය හමුදා සෙබලූන් 13 දෙනාගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී සිදුවන බවට ආණ්ඩුවේ මාධ්‍ය වලින් නිවේදනය කිරීමෙන් ම යටකී ලෙස මියගිය සොල්දාදුවන්ගේ අවසන් කටයුතු දැක්වීමට ඇති හමුදා පටිපාටිය උල්ලංඝනය කිරීම ජේ. ආර්. ජයවර්ධන ප‍්‍රමුඛ එජාප ආණ්ඩුවේ ආශිර්වාදය මැද සිදුකලක් බව හෙලිදරව් වෙයි. අනික් අතින් මේ නිවේදනයත් සමග එම අවසන් කටයුතු සිදුකළ 24 වන දිනයේ දී දහස් ගණනින් ජනයා බොරැල්ල සුසාන භූමියට එක් රොක් වන්නට ගත්හ.
(තරුණ කර්නල් සී.ඒ්. ධර්මපාල. මොහු 1977 -1983 තෙක් ආරක්ෂක අමාත්‍යාංහයේ නිත්‍ය ආරක්ෂක ලේකම්. 1983දි හැත්තෑ හැවිරිදි වූ මොහු ඉන්පසුව ජනාධිපති ජවයර්ධනගේ ආරක්ෂක උපදේශකව ද කටයුතු කළේ ය.)
දැනටමත්, මේ සිදුවන්නට නියමිතව තිබි කළු-ජූලිය නම් ලක් ජනඝාතක ක‍්‍රියාදාමයේ ආරම්භය බවත්, එයින් ඵල නෙලාගන්නට යන්නේ එජාපය පමණක් බවත් මෙහි උඩුපෙළ හෙවත් මතුපිට කියවන ඔබට හැඟී යයා හැකිය. එය ද ඇත්තකි. නමුත් එය අර්ධ ඇත්තකි. යථාව අනුව, 1983නේ කළු ජූලියෙන් ඵල නෙලාගන්නේ එජාපය විතරක් යැයි අප සිතනවා නම්, එය මේ ප‍්‍රචන්ඩ සංසිද්ධයේ එක පැත්තක් පමණක් කියවා ගැනීමක් බව යි.
සැබැවින් ම මේ ජනඝාතක ක‍්‍රියාදාමයෙන් ඵල නෙලාගත් තවත් පාර්ශවයක් නොපෙනී අඥාතව පැවතුණේ ය.
එයනම් එල්ටීටීඊය යි.
මෙසේ ජූලි 24 සවස් වන විට බොරැල්ල සුසාන-භූමිය ඔස්සේ ඉතිහාසයට එකතුවන්නට නියමිතව පැවතියේ අමුතු ම ආකාරයක කෘතිම ව්‍යසනකාරී මොහොතකි.
බලන්න, කළු-ජූලි 24 දින තෙක් ම කුඩා සන්නද්ධ කල්ලියක් ලෙස බහුතර දෙමල ජනයා අතර අප‍්‍රසාදිතව පවැති එල්ටීටීඊය, මේ එළඹෙන්නට යන සංවිධානාත්මක සාමාන්‍ය දෙමල ජන විරෝධී එජාප ප‍්‍රහාරය නිසාවෙන් බහුතර දෙමල ජනයාගෙන් සැලකිය යුතු කොටසක අවධානය සහ ආශීර්වාදය ලබන්නට නියමිතව පැවතිණි. මේ ලැබෙන්නට යන අවධානය සහ ආශීර්වාදය නවතා අවංකව ලෝකයට සැබෑව හෙලිදරව් කිරීමේ අසීරු මානවාදී ප‍්‍රවේශය එල්ටිටිඊය අරගත්තේ නැත.
එළෙස ම, දකුණේ සිදුවන්නට යන මේ මහා සමාජ අපරාධයෙහි සබෑ කතෘ එජාපය බව එළිදරව් කරන්නට තරම් එල්ටීටීඊයට උවමනාවක් තිබුණේ ද නැත. මන්ද එය ඒල්ටීටියේ දේශපාලන උපායට ප්‍රතිපක්ෂ ය. අව ම තරමින් මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තොරතුර ඒල්ටීටිඊයට ලැබුණේ පමා වී නම්, පමා වී හෝ සත්‍ය එළිදරව් කරන්නට එල්ටීටීඊය මැදිහත් වුණේ නැත. ලක්දේශයට සිදුවන්නට යන අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් එල්ටීටීඊය සිටියේ ද එජාපය තරම් ම අවස්ථාවාදී ස්ථාවරයක ය.
එල්ටීටීඊය වහා යථා සත්‍යය හෙළිදරව් කිරීම වෙනුවෙන් ඉක්මන් නොවුණේ, කාලයාගේ ඇවෑමෙන් බහුතර දෙමල ජන කැමත්ත සහ අන්තර්ජාතික ප‍්‍රජාවන්ගේ අනුකම්පාවේ මනාප චංදය ද එල්ටීටීඊයට ම ලැබෙන බව දැනගෙන ය. එයින් ලොව හතර දෙස විදෙස්ගතව සිටින දෙමල සහ දෙමල නොවන අනෙකුත් විදෙස් ජනයාගෙන් ලැබෙන ප‍්‍රාග්ධනයෙන් එල්ටීටීඊ අටුකොටු පිරී සමෘද්ධිමත් වන්නට නියමිත තිබිණ. එලෙස ම ඔවුන්ගේ සන්නද්ධ ක්‍රියා පස්ස දොරෙන් යුක්තිසහගත කරගන්නට ද හැකිවිණි.
එය එසේ ම විය.
ඒ නිසා එජාපයේ සංවිධාන බලය තුළ රාජ්‍ය ආරක්ෂාව සහිතව 1983 දකුණේ සාමාන්‍ය දෙමල ජනයාට එජාපය විසින් කරන්නට යන මේ සිවිල් ප‍්‍රහාරයෙන් එල්ටීටීයේ හොද්ද බොරවන්නට නියමිතව තිබිණි. මින්මතු ඔවුන් කරන ඕනෑ ම ප‍්‍රචන්ඩ ක‍්‍රියාවක් පොදු දෙමල ජනයා තුළ සේ ම අන්තර්ජාතික ප‍්‍රජා අතර ද සාධාරණීයකරණය කරන්නට නව-සමාජ-සංදර්භයක් පෑදෙමින් තිබිණි. හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු මරාදැමීම වැනි සුළු ගේමකින් සාමාන්‍ය සිංහල-දෙමල ජනයා දහස් ගණනින් ඝාතනය කරන්නට එල්ටීටීයට ලැයිසන් එක ලැබෙන්නට නියමිතව තිබිණි. එල්ටීටීඊ එකේ සැබෑ අවස්ථවාදී දෘෂ්ටිකෝණය අනුව නම්, මෙසේ සිදුවන්නට නියමිතව පැවතියේ මහා සමාජ විනාශයක් නොව එල්ටීටීඊයේ දැළ වෙතට අලූතින් මතුව එන මාළු අහිනකි.
පොඩි බඹරයක් කරකවා මෙතරම් වූ ඵළදාවක්,????? ......
ඉතින් එල්ටීටීඊය එජාපයට ස්තුති කළ යුතු ය ....
ඉදින් එජාපයට මින්මතු එළඹෙන චන්දයෙන් චන්දයට වරිග යුද්ධය පෙන්වා චන්ද ජයගත හැකි වනු ඇත. මොන ආර්ථික අර්බුදේත්, මොන දූෂණයත්, මොන මිනීමැරුමත් එල්ටීටීඊ එක උඩින් යවා ජාමෙ බේරාගත හැකි වෙනවා ද ඇත.
ඒ නිසා මතුපිටින් පෙනුන විදිහට මේක එජාපය සහ එල්ටීටීඊ එක අතර එදිරිවාදීකමක් නොවේ. මේක එජාපය සහ එල්ටීටීඊ එක අතර අන්‍යෝන්‍ය ඩොයිලියානු දේශපාලන බිස්නස් එක බවට පත්විය. ඒ නිසා එජාපය සහ එල්ටීටීඊ එක කළු-ජූලිය නිසා විනාශ වූවෝ නොවෙති. එජාපය සහ එල්ටීටීඊ එක කළු ජූලියේ වරිග ප‍්‍රචණ්ඩත්වය ආයෝජනය කර ඉන් ප‍්‍රාග්ධනය සමුච්චකරණය කරගත් එක ම බෙදුම්වාදී කතිකාවක දේශපාලන මුදලාලිලා වර්ග දෙකක් වූහ.
ලෝක දේශපාලන ඉතිහාසයේ බොහෝ හැරවුම්, බල ආගමනයන් සහ බලය රැකගැනීම් මලමිනී විකුණාගෙන කන සිද්ධීන්ගෙන් පිරී පවතී. එනයින්, ඒජාපයේ සහ ඒල්ටීටියේ මොවුන් මේ කරමින් හිඳ ඇත්තේ ද ලෝක ඉතිහාසයේ පෙර කලෙක සිදු නොවූවක් නොවේ.
බලන්න, ඞීඇස්ගේ මලමිනිය උඩින් ඩඞ්ලි ද, බණ්ඩාරනායකගේ මිනිය උඩින් සිරිමා ද, 71කේ මිනී උඩින් ජේ.ආර් සහ ඒජාපය ද, 89 සමූහ මිනීවලවල් හාරගෙන සහ විජේගේ, විජේවීරගේ සහ රිචඩ් ද සොයිසාගේ මිනි උඩින් චන්ද්‍රිකා සහ ශ‍්‍රීලනිපය ද, හමුදාවේ සහ රජීව්ගේ මිනී උඩින් මහින්ද සහ ශ‍්‍රීලනිපය ද, දෙමල ජනයාගේ මිනී උඩින් ඒල්ටීටීය ද බලය සහ ප‍්‍රාග්ධනය සමුච්චකරණය කරගැනීම හෙවත් ගොඩගසා ගැනීම සිදුකර ඇත.
ඒ් නිසා ඉතිහාසයෙන් හමන මේ මිනී කුණු ගඳ ඉදිරියේ දී කළු-ජූලිය යනු මහජනයාට තවත් එක් අමානුෂික අභ්‍යාසයක් පමණි. දේශපාලකයාට ඒක තවත් එක ඉන්වෙස්ට්මන් ඒකක් පමණි. ඒ් අතින් දේශපාලකයා සහ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයා අතර මහ පුදුමකාර අමුතු සාමානකමක් පවතී.
නමුත්, මලසිරුරු 13කට නිගා දෙමින් මේ නව වරිගවාදී ආතල් ඒකක් අයෝජනය කරන්නට මලමිනී විකුණගෙන කෑවෝ නම් ඒජාප-ඒල්ටීටීඊ යන බොරු විරුද්ධවාදීන් ය.
බලන්න,
“මෙම කලුජූලිය සත්‍ය ලෙස ම දකුණේ සිංහල ජනයා කෙරෙන් පැන නැගි වරිගවාදයක් මිසක කාගේවත් යටිසැලසුමක් (Set Up) අනුව සිදු නොවූවක් නේද?,” යි කියා කවුරුන් හෝ ඇසුවහොත්, ඊට පසුගිය වසර 30ක යුධ කාලය පුරා ම එල්ටීටීඊය සේ ම යූඇන්පිය හෝ ඔවුන්ගේ සමහර පාක්ෂිකයින් දෙන උත්තරය ද “ඔව්” යන්නයි. මේ වන විටත් ගාමිණි දිසානායක එය ප්‍රසිද්ධියේ ම කියා ඇත.
මන්ද යූඇන්පිය ඊට “නැහැ” යැයි කිවහොත්, එවක රජයේ පාලනාධිකාරිය මෙහෙය වූ ඒජාපයට ඒ යටි සැලසුම්කරුවන් කවුරුන්දැයි හෙළිදරව් කර අත්අඩංගුවට ගන්නට සිදුවෙනවා ඇත. එවිට, එජාපයට අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නට සිදුවන්නේ තමන්ගේ ම පාක්ෂිකයින්ව ය.
අනෙක් අතින්, ඒල්ටීටිඊය ඊට “නැහැ” යැයි කිවහොත් ඒල්ටීටීඊය කලුජූලිය පදනම් කරගෙන කළ බොහෝ සිංහල ජන සංහාරයන් කිරීම සහ විදෙස් අනුකම්පාව සහ ප්‍රාග්ධන සැපයුම් ලබාගැනීම අතහැර දමා කලුජූලිය සිදුකළ ඒජාපයේ රාජ්‍යවාදී ත්‍රස්තවාදයට සහ ඔවුන්ගේ දේශපාලනයට පමණක් එරෙහිව තම අරගලය මෙහෙයවන්නට සිදුවනවා ඇත.
නමුත් ඒසේ “නැහැ” යැයි පවසා අව්‍යාජව කටයතු කළේ නම්, මේ දෙපාර්ශවය ම තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් භාවිතා කළ ඉතිහාස විරෝධී සාංසිද්ධික දේශපාලන මෙවලමක් (Anti-Historical and incidental political tool) අතහරින්නට සිදු වෙනවා ඇත.
මේ ඉතිහාස විරෝධී සාංසිද්ධික දේශපාලන මෙවලම කුමක් ද?
එයනම්,
ඒංගලන්තක කිරීටයට යටත් ලන්ඩන් පරිපාලනය විසින් යොදාගත් බෙදාපාලනය කිරීමේ යටත්විජිත උපායමාර්ගයට අනුව ක්‍රියාවට නංවා පවත්වාගෙන ගිය ඩොයිලියානු වරිගවාදී බෙදුම්වාදය යි.
ඒ් අනුව,
“මෙම කළු-ජූලිය සත්‍ය ලෙස ම දකුණේ සිංහල ජනයා කෙරෙන් පැන නැගි වරිගවාදයක් මිසක කාගේවත් යටිසැලසුමක් (Set Up) අනුව සිදු නොවූවක් නේද?”, යි යන උක්ත ප්‍රශ්නයට “ඔව්!” කියූ ගමන් ඔවුන්ට වැළඳගන්නට වන මතය ඩොයිලියානු වරිගවාදී බෙදුම්වාදය යි.
උක්ත ප්‍රශ්නයට “නැහැ!” කියූ ගමන් ඔවුන්ට 1815ට පෙර පැවති වරිගාන්තර සමූහවාදය (Inter-Racial Collectivism) වැළඳ ගන්නට සිදුවෙයි. ඔවුන් වඩා දියුණු සමාජ-විද්‍යාත්මක තලයක් ස්පර්-ශ කළේ නම්, අවම තරමින් නූතන ආකාරයක වරිග-සමූහවාදයක් හෝ නව-නූතන අකාරයක වරිග-සමූහවාදයක් හෝ භාරගැනීමට සිදුවෙයි. මෙය අසීරු අභ්‍යාසයකි. ඒ් නිසා 1948න් පසු කවුරුත් ලේසියට තෝරාගත්තේ සමූහවාදය වෙනුවට ඩොයිලියානු බෙදුම්වාදී අභ්‍යාසය යි.
නමුත් වරිග යුද්ධය වසර 30ක් පුරා දිගෑදීමෙන් ම පෙනී යන්නේ වාචිකව නොකීව ද ක්‍රියාවෙන් ඒජාපය, ශ්‍රිලනිපය සහ ඒල්ටීටීඊය වරිගාන්තර බෙදුම්වාදය (Inter-Racial Separatism) පිළිගත් බව යි. අද පවතින පශ්චාත් යුධ නටඹුන් විසින් ම දෙස් දී කියන්නේ එය යි.
(බොරැල්ල සුසාන භූමියේ දී කෘතිම සිද්ධිය ඇසුරින් එජාපය මෙහෙය වූ හොරා පොළිස් විසින් සුසානයේ සිටි පිරිසකට පහර දෙනු ලැබූවේ ය. ඒයින් සාමකාමීව තිබූ සුසානය තරමක් උණුසුම් විය.)
ඉතිං 1983 ජූලි 24 වන දා, පළමුව, සොල්දාදුවන්ට අවසන් ගෞරවය දීමට පැමිණි ජනයා අතර යම් හෝ උණුසුමක් ඇතිකරවන අටියකින් අසාමාන්‍ය ලෙස අදාළ මළසිරුරු 13න බොරැල්ල සුසානයට පැමිණීම පමා වෙමින් පැවතිණි. සවස 5.00ට ගෙන ඒනවා යැයි කියා තිබූ මලසිරු රාත‍්‍රී 7.00ටත් ගෙන ආවේ නැත.
සැලැසුම් සහගත යැයි සැක කල හැකි මේ මේ පමාව දඩමීමා කරගත් ඉතා සුළු පිරිසක් මේ පමාව ජන නැගිටීමක් ඇතිවීම වලක්වන සාම කේන්ද්‍රීය අරමුණින් ආණ්ඩුවෙන් සිදුකරන්නක් සේ හැඟවෙන පරිදි කෑ කොස්සන් දෙන්නට පටන් ගත් අතර, එතෙන්ට පැමිණි පොලිස් ලොක්කෙක් මේ පිරිසට සහ ඔවුන් වටා සිටි සාමාන්‍ය ජනයාට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේ ය.
ඇත්තට ම අවසන් ගෞරව පුදනවා හැරුණුකොට නිරායාසී ජන නැගිටීමක් ඇතිවන තත්වයක් එහි නොවී ය.
හමුදා විනය යටතේ සිදුවිය යුතු කිසිවක් සාමාන්‍යයෙන් මේ අයුරින් පමාවීම අතිශය අපබ‍්‍රංසමය විය. විශේෂයෙන් සාමාන්‍ය අවමගුලකට වඩා හමුදාව විසින් අවසන් කටයුතු මෙහෙයුම් සිදුකරන අවමගුලක දී හමුදාවේ ක‍්‍රියාකාරීත්වය විනයගත රාමුවක පවතින්නක් වූ අතර යොදාගත් කාල-සටහනකට අනුව කටයුතු සිදුකිරීම සාමාන්‍ය පටිපාටිය ය.. ඒ්ත් මේ පමාව පිටුපස හමුදාවට පවා පාලනය කරගත නොහැකි වරිගවාදී ප‍්‍රචන්ඩ දේශපාලන කුමන්ත‍්‍රණයක රකුසා සැඟව සිටියේ ය.
මෙය හිතාමතා කළ පමාවක් බව හෙළිදරව් වූයේ ජූලි කලබල නිග‍්‍රහවෙන් පසුව ය. මන්ද, මෙවන් අවස්ථාවකදී මළසිරුරු පැමිණීම පමාවීමෙන් ආවේග උත්සන්න වනවා මිසක ආවේග සමනය කිරීම සිදු නොවන බැවිනි. එනයින්, ආවේග කුළුගැන්වීම මේ පමාවේ අභිප‍්‍රාය වූ බව පැහැදිලි ය. එලෙස ම, මෙම මළසිරුරු පමා කිරීමේ හෝ වෙලාවට ගෙන ඒ්මේ බලය තිබූණේ එජාප ආණ්ඩුවට නිසා මේ පමාව එජාපය විසින් සිදුකළක් බව නිගමනික ය. ඒ අනුසාරයෙන් ආවේග උත්සන්න කරවීමේ උවමනාවක් එජාප ආණ්ඩුවට තිබුණ බව පැහැදිලි ය.
හෙළිදරව් වූ පරිදි, කනත්තට ඇවිත් කිහිප දෙනෙකුට පහර දුන් පොලිස් ලොක්කා දුකුණු කොලඹ ජ්‍යෙෂ්ට පොසලිස් අධිකාරී අබ්දුල් ගෆූර් බව සොයාගත හැකිවිණි.
සුසානභූමිය තුළ උණුසුම් තත්වයක් ඇති කරන්නට හැදුවා යැයි සැක සිතිය හැකි, මුළු පිරිසගෙන් සියයට 30-40 තරම් වන පිරිසක් කිසිදු හේතුවක් නැතිව හදිසියේ බොරැල්ල නගරය දෙසට දුවන්නට පටන් ගත්හ. හොඳට නිරික්සා බැලූවේ නම් මේ හදිසි දිව යාම හරි ම අභව්‍ය සහ කෘතිම ක්‍රියාවක් බව පෙනුණි. මන්ද, මිය ගිය සොල්දාදුවන්ට අවසන් ගෞරවය පිරිනමන්නට අවමගුල් උත්සවයකට පැමිණි පිරිසක් හදිසියේ ඒ වැඬේ නවතා දමා බොරැල්ලට හංදිය දෙසට දුවන්න තරම් මහා ප‍්‍රහාරයක් හෝ වෙඩි තැබීමක් හෝ අවම තරමින් කඳුළුගෑස් ප‍්‍රහාරයක් හෝ වතුර ප‍්‍රහාරයක් වත් සුසාන භූමිය තුළ නොසිදුවුණ අතර, කලින් සැලසුම් කරගත් වෙනත් උවමනාවක් පිරිමසා ගන්නාව හැරෙන්නට ඒ තුළ සැබෑ අව්‍යාජ අරමුණක් තිබූ බව පෙනනෙන්ට නොවිණි.
ඒ නිසා, රජයේ මාධ්‍ය කියූ දේවල් අසා මේ වවමගුල් මොහොත දැනගෙන ඊට ගෞරව පුදන අවංක චේතනාවෙන් පැමිණි බහුතර උදවියට, මෙලෙස සුළු පිරිසක් හදසියේ බොරැල්ල හන්දිය දෙසට දිවයාම අනපේක්ෂිත වූ අතර, ඔවුන් ඒ දිව යන පිරිස දෙස බලා යම්කිසි අන්දොස් ස්වබාවයකින් පසුවූ බව කිව යුතුය.
ඉතා සුළු කාලයක් ඇතුළත ඒ කෘතිම දුවයාම පිටුස සැඟවී තිබූ සැබෑ අරමුණ හෙළිදරව් විය. මන්ද, ඉන් ස්වල්ප මොහොතකින් බොරැල්ල කඩ සාප්පු ගිනි ගන්නටත්, දෙමල වැසියන්ගේ නිවාස ගිනි ගන්නටත් පටන් ගත්තේ ය. එබැවින් මෙහි මොකක් නමුත් යටි උප්පරවැට්ටියක් ඇති බව පැහැදිලි විය. මේ සැකය නිරවුල් වුණේ මේ බොරැල්ල ටවුමට දුවගිය පිරිසට කොළඹ කොටුවට යන්න තරම් වෙලාවක් නොතිබිය දීම, කොළඹ කොටුවේ ද මීට සමාන පදයක සිද්ධියක් සිදුවෙමින් පැවතීම යි. එනම්, කොටුව සහ පිටකොටුවේ, විශේෂයෙන් රත්තරන් බඩු සහිත හෙට්ටිවීදිය පැත්තේ වූ දේපල ගිනි තබා අළු බවට පත්වෙන අතරේ වස්තු සම්පත් සොරකම් කිරීම, ඒවා හිමි හෝ අහිමි දෙමලා ජනයාට පහරදීම, පෙට‍්‍රල් දමා මරා දැමීම්, ස්ත්‍රීරන්ව දූෂණය කිරීම, දූෂණය වීම විඳදරා ගැනිමෙහි අපොහොසත් සම්ප‍්‍රදායක දෙමල ස්ත‍්‍රීන් සියදිවි හානි කරගැනීම බඳු පුණ්‍ය භූමියකට හෝ ධර්මිශ්ඨ සාමාජයකට කොහෙත් ම නොහොබිනා අවලස්සන සහ අසික්කිත ක‍්‍රියාවන් රැසක් එක පෙළට සිදුවෙන්නට පටන් ගත්හ.
මෙයින්, කොළඹ ආශ‍්‍රිත හැම පෙදෙසක ම සිදුවෙන මේ හා සමාන ක‍්‍රියාදාමයන් කාගේ හෝ සියුම් අනුදැනුමකට අනුව සමස්තයක් ලෙස හිතාමතා කළ සැලසුමකට අනුව දියත්වන එක් එක් අවයවයන් ලෙස ඇස් ඉදිරිපිට හඳුනාගත හැකිව තිබිණි. නමුත් මේ සිදුවීම් ඇති කිරීමට නායකත්වය දෙන උදවියගේ ක‍්‍රියා-ප‍්‍රවේශයෙහි තිබූ ප‍්‍රචණ්ඩ, අත්තනෝමතික සහ කීදේ නාහන ස්වභාවය ඉදිරියේ කවුරුත් ඒ බව සෘජුව ප‍්‍රශ්න කරන්නට මැලිවූහ සහ බිය වූහ. අනෙක් අතින් මේ සමස්ත ක‍්‍රියාදාමය අතිශය අනපේක්ෂිත සහ කෘතිම වූ බැවින්, සාමාන්‍ය පොදුජනයාට ඒවා නිවැරදිව හඳුනා ග‍්‍රහණය කර ගැනීම ද හදිසියේ කළ හැකි නොවී ය.
(කළු-ජූලියේ මහා විනාශකාරී ක්‍රියාවන් හැම විට ම සුළු පිරිසක් විසින් සිදු කරනු ලැබූ අතර, සාමාන්‍ය ජනයා ඒවා නරඹන ප්‍රේක්ෂකයින් බවට පත් වූහ.)
සාමාන්‍ය සිංහල ජනයාගෙන් බහුතරයක්, මේ ව්‍යසනයට ගොදුරු වූ තම අසල්වැසියන් වූ හෝ මිතුරු වූ දෙමල උදවිය හොර රහසේ බේරා ගැනීම ද, එසේ නොකළ හැකි වූ තම පාලනයෙන් තොර පොදු ප‍්‍රචන්ඩ තැන්වල දී කරබාගෙන තමන්ගේ අතක් බලාගෙන එතැන්වලින් ඉවත් වීම ද පෙනෙන්නට තිබිණි. මේ සුළු පිරිසක් කරන විනාශය හරිහැටි විග‍්‍රහ කරගන්නට නොදත්, අයාලකාමීව පිස්සු කෙලින සාමාන්‍ය මිනිසුන් අරින් කිහිප දෙනෙකු ද මොවුන්ගේ මේ අමානුෂික කටයුත්තට එකතූ බව පෙනෙන්ට තිබුණි. ඒත් බහුතරයක් සිංහල ජනයා මීට සම්බන්ධ නොවූ අතර, ඔවුන් මේ සැලැස්ම කොහෙන් එනවාදැයි කියා ද අවිඥානිකව ඔල්මොරොන්දම් වී සිටියහ. මන්ද, ලක්දේශයේ බහුතර සිංහල ජනයා කෙරෙන් දෙමල ජාතිකයෙකුට පෙට‍්‍රල් දමා ගිනි තැබීම හෝ දෙමල ජාතික කාන්තාවක් දූෂණය කිරීම වැනි දේ සිදු වූ ඉතිහාසයක් ලක්දේශයට නොතිබි බැවිනි.
කවුරුන් හෝ සුළුතර පිරිසක් හෝ අහඹු පුද්ගලයෙකු අතින් එවන් අවලං කටයුත්තක් සිදුවන අවස්ථා වලදී පවා ඒ්වායින් හැමවිටම ලක්දේශයේ බහුතර සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ජනයා පොදුවේ කම්පාවට පත්වනවා දක්නට තිබිණි.
ඇඞ්ලින් විතාරණ නඩු තින්දුවට අදාළ කතාන්දරය, කතරගම රූමතියට කළ දේ හෝ සමන් කුමාර මරා දැමීම වැනි සිද්ධීන් ලක්දේශයේ සියළු වරිගවල ජනයාට ආගන්තුක සිදුවීම් වූ නිසා ම, එවා පිළිබඳ ගීත සහ සිනමාපට පවා බිහිවුණේ ය. මන්ද, ඒවා ලක්දේශයේ මහා පොදු සාධකය නොවූ බැවිනි. එවැනි හුදෙකලා සිදුවීම් හැමවිට ම ලක්දේශයේ කුඩා පොදු ගුණාකාරය විය. එනිසා ම මේ හදිසියේ කඩාපාත් වූ බහුල ලෙස දේපල හානි කරන, බහුල ලෙස සාරකම් කරන, බහුල ලෙස ස්ත‍්‍රීන් දූෂණය කරන, බහුල ලෙස මරා දමන කළු-ජූලි සංසිද්ධිය ලක්දේශයේ පොදු සිංහල, මැලේ, බර්ගර් සහ මුස්ලිම් ජනයාව තක්කු මුක්කු කරවා දමන සුළු අසාමාන්‍ය, කෘතිම, ව්‍යාජ, විකෘති හැඩයක් ගත්තේ ය.
ඒ් නිසා ම, 1977න් පසු දේශපාලනය තුළ ප්‍රචන්ඩත්වය අභ්‍යාස කළ ඒල්ටීටිය සහ එජාපය යන සංවිධාන දෙකෙහෙි ම ක්‍රියාකලාපයන් පොදු ලක් ජන සමාජය තුළ අසාමාන්‍ය, කෘතිම, ව්‍යාජ, විකෘති හැඩයක් ගත්තේ ය.
ඒ නිසා සියළු ජනවර්ගවලට අදාළ ලක්දේශීය පොදුජන සිත් සතන් තුළ එල්ටීටීඊය විසින් සොල්දාදුවන් 13 දෙනෙකු මරා දැමීම මේ කළු-ජූලි සිද්ධිදාමය විසින් යුක්තිසහගත නොකෙරුණු අතර, එය තම අහිංසා ජීවන පැවැත්මට ඒරෙහිව කරන ලද නිග‍්‍රහවක් ලෙසින් සැලකුණේ ය. නමුත් මෙය අප කළ දෙයක් නොව එජාපය කළ දෙයැකියි කියන්නට මාධ්‍ය බලය ඇති සබුද්ධික කටහඬක් එකල පොදු සිංහල ජනයා ඇතුළු සියළු ජනවර්ගයන්ට නොතිබිණි. ඒ් වන විටත් වමේ පක්ෂ තහනම් කොට ඔවුන්ගේ මුද්‍රිත මාධ්‍යන්ට ද සීල් තබා තිබුණි. ශ‍්‍රීලනිපයේ දේශපාලන නායකත්වයේ ප‍්‍රජා අයිතීන් ද අහිමි කොට ඔවුන්ගේ කටවල් නෛතිකව ම වසා තිබිණි. ඉතින් බහුතර මාධ්‍ය ජේ.ආර්.-ගාමිණී-රනිල් ඇතුළු එජාපයේ හොරණෑවල් ලෙස ම පැවතිණි. මේ අනුව නඩුත් ආණුඩුවේ බඩුත් ආණ්ඩුවේ සංදර්භයක් නිර්මාණය වි තිබුණි.
(පුද්ගලික ව්‍යාපාරික තරඟයන් නිසා ඇති වූ කොන්තර ද මේ සිදුවීම් අතර පිරිමහගත් බවක් අතුරු සිදුවීම් ලෙස පෙනෙන්නට නොතිබුණා නොවේ.)
නමුත් මේ සිදුවීම සිදුවෙන හැරෙන පමාවෙන් අන්තර්ජාතික ප‍්‍රජා අතරට ද මේ පිළිබඳ පුවත සැලවී තිබුණ බව පසුකලෙක දැනගන්නට ලැබුණි.
මේ විදිහට පැයක් හමාරක් ඇතුළත සමස්ත කොළඹ පෙදෙස ම එක ම භිෂණමය ඉම් පෙදෙසක් බවට පත් වූයේ කොහොමදැයි කියා හිතන හැම කෙනෙකුට ම, මෙය කාගේ හෝ සමස්ත යටි-සැලසුමක් අනුව සිදුවන්නක් බව පැහැදිලි විය. එපමණක් නොව, රාජ්‍ය හමුදා සහ පොලීසිය මේ සිදුවීම් ඇසින් දැක දැකත් නොදැක්කා සේ නෑසූ කන් ඇතිව සිටින අයුරුත්, මේ සිදුවීම සිදුවෙමින් දින කිහිපයක් යනතුරුත් අවම තරමින් ඇඳිරි නීතියවත් නොපනවා තිබෙන අයුරුත්, ජනාධිපති ජයවර්ධන හෝ ආණ්ඩුවේ කිසිදු නියෝජිතයෙකු මේ සිදුවීම පිළිබඳ කටක් නෑර, මේ සිද්ධිය සම්බන්දයෙන් සමාන්‍ය වගකීම්සහගත රාජ්‍ය පටිපාටිය අනුගමනය නොකර මුනවත රකින අයුරුත් දැකගත හැකි වූ නිසා මෙය ජයවර්ධන-දිසානායක-වික්‍රමසිංහ ඇතුළු එජාප ආණුඩුවේ ආශීර්වාදය ලැබුණු භීෂණයක් බව විධිමත්ව තාර්කිකව හිතන පතන සියළු ලෝ ප‍්‍රජාවන්ට සහ ඔවුන්ගේ අනුදැනුමට සම්බන්ධ උදවියට පමණක් තේරුම් ගියේ ය.
නමුත් ඇත්ත නම්, මෙයට එජාපය බැහැරක ඉඳන් ආශිර්වාදය ලැබාදුන්නාය යන්න අර්ධ සත්‍යයක් වන බව ය.
නමුත්, මේ සිදුවීමෙන් පසුව එකතු කරගන්නට ලැබුණු තොතුරු සහ නිරීක්ෂණ වලින් අඩු සියයට ප‍්‍රමාණයක් විශ්ලේෂණය කර බැලූවත් එළිදරව් වන යථා-සත්‍යය (True-Real) වන්නේ, බොහෝ විශ්ලේෂකයින් විසින් ගෙනහැර පාන පරිදි එජාපය මේ සිද්ධියෙන් පරිභාහිරය යන විශ්ලේෂණය නොවේ.
එනම්, බොහෝ පශ්චාත් විශ්ලේෂකයින් පවසන පරිදි, මෙම කලූ-ජූලිය නැමති සමස්ත සංසිද්ධිය යනු එජාපයේ නිහඬ ආශීර්වාදය යටතේ එජාපය නොවන අන් පිරිසක් අවිධිමත්ව කළ සිද්ධි ශ්‍රේණියක් බවත්, එජාපය කළේ ඊට ඉඩදී රාජ්‍ය නීතියේ ඇස් කන් නොයොමා නීතිය ක‍්‍රියාත්මක කිරීම හිතා මතා පැහැර හැරීම පමණක් බවත් සමස්ත-සත්‍යය (Total Truth) ලෙස හඳුනාගත නොහැක.
එය අර්ධ-සත්‍යයකි.
යථා-සත්‍යය ඊටත් වඩා පැහැදිලි සහ කෙටි වාක්‍යයකින් පැවසිය හැකි තරමේ එකකි.
යථා-සත්‍යය නම්, මෙම දකුණු ලක්දේශයේ කලූ-ජූලිය නැමති සමස්ත-සංසිද්ධිය එජාප සහ එහි පක්ෂ යන්ත‍්‍රය විසින් රාජ්‍ය යන්ත‍්‍රය ද යොදාගෙන හිතා මතා නිර්මාණය කළක් බව යි. සමස්ත ලක්දේශය පාදක කරගෙන මේ යථා-සත්‍යය ප්‍රකාශ කළහොත්, මේ සමස්ත විනාශයට ඒජාපය සහ ඒල්ටීටීඊය ඒක හා සමානව වගකිවයුතු විය.
(දෙමල සංවිධානවල බොහෝ උදවිය මෙය ජේ.ආර්. ජයවර්ධන ඇතුළු යූඇන්පියේ මැදිහත්වීමෙන් සිදුවූවක් බව දැන සිටිය ද, ඔහු සමස්ත සිංහල ජනයා නියෝජනය නොකරන බව නොදැන සිටිය හ. බොහෝ සහෝදර දමිල ජනයාගේ මතය වූයේ ද මෙය සිංහල ජනයා අවුස්සා ඔවුන් හා සමඟ එකතු වූ ඒජාපය විසින් කළක් බවය. එනයින්, බහුතර සිංහල ජනයා මීට සහභාගි නොවු බව ඔවුන්ගේ අවධානයෙන් ද ගිලිහී ඇත.)
අනෙක් අතින් හමුදා සොල්දාදුවන් මරා දැමූ ප‍්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊය ද කළු-ජූලි සංසිද්ධිය සමස්ත සිංහල ජනයා නියෝජනය කරන සංහාරාත්මක විනාශයක් නොවන බව පැහැදිලි කර දුන්නේ නැත. ඔවුන් ද මෙය සමස්ත සිංහල ජනයා තුළින් පැන නැගුණක්ය යන මතය පැතිරෙන්නට ඉඩදුන්නා පමණක් නොව එවැනි මතයක් ලොව පුරා පතුරුවාහරින්නට ද පසුබට නොවූහ. ඒ අනුව, සමස්ත සිංහල ජනයා ජාත්‍යන්තර නිග‍්‍රහවකට ලක්කිරීමේ උගුලට හසුකරවීම අතින් සලකා බලන කල, එල්ටීටීඊය සහ එජාපය අතර කිසිදු වෙනසක් නොවීය.
(ප්‍රභාකරන්ගේ ස්ථාවරයෙහි අරුත රඳාපවතින්නේ ඔහු සොල්දාවන් 13දෙනා මරා දමනවිට ඔහුට තිබූ බෙදුම්වාදී සහ වරිගවාදී අරමුණු සහ අපෙක්ෂාවන්ට අනුව ය.)
මන්ද, කළු-ජූලිය එජාපය විසින් කළක් බව තහවුරු කිරීමට ඕනෑ තරම් සාක්ෂි සාධක තිබිණි.
ඒ නිසාවෙන්, ඒ සමස්ථ කළු-ජූලි සංසිද්ධියට අදාළ ඕනෑ ම අවශේෂ සිද්ධියක් උදෙසා පිරිස් සැපයීම, ඒ්වාට නීතියේ රැකවරණය ලබා දීම සහ සමස්ත සිද්ධි දාමය සිදුවූ දවස් කිහිපය තුළ හෝ ඉන්පසුවී හෝ ඒ පිළිබඳ කිසිදු අපක්ෂපාතී හෝ පක්ෂපාති සරල පොළිස් විමර්ශණයක්වත් නොකර සිටීම හා කළු-ජූලි ප‍්‍රචන්ඩකරුවන්ට නන් අයුරින් රැකවරණ සැපයීම ඒජාපය විසින් සිදුකර තිබීම අතපසුකර යා නොහැකි ලක් ඉතිහාසයකි.
ඒජාප ආණ්ඩුවේ අන්තර්ජාතික ප්‍රතිරූපයට කළු පැල්ලමක් ඒකතුවෙන්නට පටන් ගනිද්දී, හදිසියේ තම ජාතිවාදී නපුරු-සිහිනයෙන් අවදිවූ ඒජාප ආණ්ඩුව කලූ-ජූලියේ වරද ඒ ගෙවන මොහොතේ ජාතිවාදීන් යැයි කොහෙත්ම නොසැලකිය හැකි ලසසපය, කොපය, නසසපය සහ ජවිපෙය ඇතුළු තවත් ආණුඩුව විසින් නම් කළ සංවිධානවල පිරිස්වල වැඩක් යැයි පවසමින් ද, ඔවුන් සහ එල්ටීටීඊ සංවිධානය අතර සබඳකමක් ඇතැයි ද පවසමින් ද, ඔවුන් ව අත්අඩංගුවට ගනිමින් සහ ඔවුන්ගේ පක්ෂ තහනම් කරමින් ද, ඔුවන්ගේ මුද්‍රණාල ඇතුළු මාධ්‍ය පහසුකම් සීල් තබා තහනම් කරමින් ද ඒජාපය කටයුතු කර ඇත.
නමුත් අද වන තුරුත් මේ සම්බන්ධයෙන් ලසසප, කොප, නසසප සහ ජවිපෙට විරුද්ධව ඒජාප ආණ්ඩුවෙන් දියත් කළ හෝ අනුගමනය කළ කිසිදු නෛතික අධිකරණමය ක්‍රියාපටිපාටියක් හෝ ක්‍රියාදාමයක් සොයාගන්නට පවා නොවීම කවුරුත් පොදු කතාබහට නොගැනීම අරුමයකි.
රාජ්‍ය මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍යවලින් යටකී වාමවාදී පකෂ සංවිධාන වලට එරෙහිව මහා බේගලයක් දිගහැරීමත්, ඊට දීර්ඝ ප‍්‍රචාරයක් ලබාදීමත්, ප්‍රචාරය දෙන තරමට නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමත් හරහා මෙය එජාපයේ ම රහස්-පාපයක් (Secret Sin) සදාකල් සඟවා යටගසන්නට කරන ලද අසාර්ථක වෑයමක් බව නිගමනිකය.
1983 කළු-ජූලියට අදාළ ක‍්‍රියාවන් සමස්තය ම විසින් පිළිබුඹු කර දෙන යුක්තිසහගත සත්‍යය නම්, මෙය සැලසුම් කිරීම, මෙහෙයවීම සහ නායකත්වය දීම යන සියල්ල සිදුකර ඇත්තේ එජාපය සහ ඊට පාකෂික රාජ්‍ය යන්ත‍්‍රය සහ එහි පරිපාලන ව්‍යුහය සහ ඊට නොනිල වශයෙන් සම්බන්ධ මැර-කණ්ඩායම් නියෝජනය කළ උදවිය බවයි.
සාමාන්‍යයෙන්, 1953නේ හර්තාලය වැනි ජනයා තුළින් ම හටගෙන හාත්පස පැතිරුණු ආණ්ඩු විරෝධී උණුසුම් වාතාවරණයක දී නම්, එම තත්වය සන්සිඳවීම සිදුකරන ලද මූලික අකාර දෙකක් හඳුනාගත හැකියි. ඉන් එකක් නම්, ජනයා විසින් ඉල්ලා සිටි ඉල්ලීම් ආණුඩුව විසින් ලබාදීම නිසා ජනයා සන්සිඳී නිවෙස් වලට යාම ය. දෙවැන්න නම්, රාජ්‍ය මර්දනය යොදා බලහත්කාරයෙන් ජනයා සිය නිවෙස් කරා විසුරුවා හැරීම ය.
මේ දෙකෙන් වැඩිපුර සිදුවිය හැකි ආකාරය වන්නේ, දෙවැන්න යි.
නමුත් කළු-ජූලිය විසින් කිසිදු සටන් පාඨයක් නියෝජනය නොකළ අතර, එයින් සිදුකළේ, හමුදා සොල්දාදුවන් 13ක් එල්ටීටීඊය විසින් මරා දැමීම ගැන හාන්කවිසියක් නොදන්නා දකුණු ලංකාවේ නිරායුධ දෙමල ජනයාගේ දේපල හොරකම් කිරීම, විනාශ කිරීම, ස්ත්‍රීන් දූෂණය කිරීම හෝ මරා දැමීම සහ එහි වගකීම සමස්ත සාමකාමී සිංහල ජනයා මත පැටවීම වැනි සමාජ-විද්‍යාත්මකව පිරික්සිය හැකි ව්‍යසනාත්මක හානීන් ය.
1953දී, එනම් තමන් මුදල් ඇමතිව සිටිය කාලයේදී හර්තාලය මර්ධනය කරන්නට හෝ, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ ජනයා සිය ගණනක් පිටකොටුවේ දී මරා දමන්නට අණ දෙන්නට මොහොතක්වත් නොපැකිළුනු සේනාධිනායක ජනාධිපති ජයවර්ධන, 1983දී දකුණු ලංකාවේ දෙමල ජනයාට විරුද්ධව යකා නටන උදවිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරන්නට පවා දින කිහිපයක් පමා වුණේ ඔහු කොටහළු වෙලා ගෙටගෙවදී සිටියා වැනි උකටලී වීමේ අහම්බයක් නිසා ද?
හොඳින් නිරීක්ෂණය කර බැලුවොත්, මෙහිදී, කළුජූලිය සමනය වූයේ ජනයා කිසිවක් ඉල්ලා සිටි නිසා හෝ, ඉල්ලා සිටි කිසිවක් ජනයාට ලැබුණු නිසා හෝ, රාජ්‍ය යන්ත‍්‍රය මැදිහත්වී එය මර්ධනයෙන් විසුරුවා හැරීම නිසා හෝ නොවේ.
හරි අමුතු ය.
කළු-ජූලිය සමනය වී ගියේ කළු-ජූලිය විසින් ම ය.
හරියට ස්වභාවික විපතක් වාගේ ය.
ඒත් කළු-ජූලිය සිදුවූ අයුරු හරි ම තාර්කික ය.
කොතරම් තාර්කිකක ද කියනවා නම් ජේ ආර්.ගේ මොළේ තරම් ම තාර්කික ය.
බලන්න,
ඇඳිරි නීතිය පනවනු ලැබුවේ අවශ්‍ය හානිය සිදු කෙරුණාට පසුව ය.
එනයින් මෙම කළු-ජූලිය සැලසුම්සහගතව සිද්ධ කෙරී සැලසුම්සහගතව අහවර වී ගිය සංසිද්ධියක් බව නිගමනික ය. අනික, එය අහවර ව ගිය පසුව නැවත ඇතිවන්නට ඉඩදෙන බවකුත් පෙනෙන්නට නොවී ය.
මන්ද, කළු-ජූලිය සංසිඳී සතියක් පමණ ගෙවෙන පමාවෙන් එජාප ආණ්ඩුව අසීරුතාවයට පත්වන අවදානම් පණිවුඩයක් පළමුවෙන් කොළඹ සහ කොළඹ අවට ද, දෙවනුව කොළඹින් බැහැර පෙදෙස් වෙත ද ඉක්මනින් පැතිර ගියේ ය.
එයින් ඒජාපයේ සැලසුම තරමක් අවුල් වී ජන මනස වෙනතක යොමුවී ගියේ ය.
ඒ සිදුවීමෙන් එජාපයේ හොර රහස් පූසා මල්ලෙන් එළියට පැන්නේ ය.
පොදු බස්රථ සහ තවත් සමහර පුද්ගිලක රථ වේගයෙන් කොළඹින් බැහැරට ධාවනය වන අයුරු පෙනෙන්නට විය. යන බස් දිහා බලන්නට මිනිසුන් පාරවල් අයිනට ඇවිත් සිටිනු දක්නට ලැබුණි. සමහර පිරිමින්ගේ අත්වල මඤ්ඤොක්කා පොල්ලේ සිට අතට අහුවෙන සුළු සුළු ආයුධ පවා තිබෙනු දක්නට ලැබුණි. නිරායුධ අහිංසක දෙමල ජනයා ඉදිරියේ කළුජූලිය දියත් කිරීමට හවුල් වූ සුළුතර දෙනාගේත් මුහුණු මැලවී තරමක් භිරාන්ත වී තිබෙනු දැකගත හැකි විය. මේ සියල්ලට හේතු වන අවදානම් පනිවුඩය කෙරෙහි චන්ඩින් හැසිරුනු විදිහ ද විකට සහගත ය.
“කොළඹට කොටි ඇවිත්!”
මේ අවධානම් පණිවුඩය නිසා දවස් දෙකක් පඳුරක් අස්සේ හැංගී සිටි මගේ වැඩිහිටි මිතුරෙකු මට තවමත් මතක ය. මන්දයත්, කවුරුන් හෝ එජාප විරෝධියෙකු විසින් පතුරවනු ලැබූ මේ කටකතාව නිසා මිනිසුන් කොළඹ අතහැර හිස් ලූ ලූ අත පවතින ගම්දනව් කරා පලා යන ඒක සමාන විකට ප‍්‍රතික‍්‍රියාත්මක ජවනිකා නහුතයක් සිදුවෙමින් පැවතීම එජාප රජයට හිසරදයක් වූයේ ය.
දකුණේ මිනිසුන් හිතුවේ කළුජූලියේ දී වාගේ මේ සිදුවන්නට යන ගැටුමේදීත් හමුදාව සහ පොලිසිය උදාසීනව ඔහේ බලා සිටීවීය කියා ය. නමුත් තත්වය එසේ නොවීය. කළු-ජූලියේ දී රාජ්‍ය පණිවුඩයක් නිකුත් කරන්නට දින කිහිපයක් ගත්තු එජාප රජය, වහා ම තම රාජ්‍ය ඇමතිවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස්ව රූපවාහිනියට යවා විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරවූයේ ය.
ආනන්ද තිස්ස ද අල්විස් මුහුණට මද සිනාවක් ද රඳවාගෙන පැවසුවේ, කොටියෙක් තියා පූසෙක්වත් තමන් කොළඹ දී නොදුටු බව පැවසුවේ ය. කළු-ජූලිය ඉදිරියේ නැති හදිසි කාර්යක්ෂමභාවයකින් යුතුව එජාප රජය මෙම කට කතාවෙන් ඇතිවන කලබලය සමනය කරන්නට වහ වහා කටයුතු කළේ ය.
මන්ද, ඒය ඔවුන්ගේ කළු-ජූලි ප්ලෑන් ඒකේ කොටසක් නොවූ නිසා ය.
මේ අනුව, එකී “කොළඹට කොටි ඇවිත්” නැමති කලබලය එජාප නායකත්වය විසින් තමන්ලාගේ පාලක-සැලැස්මට පරිභාහිර දෙයක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන රජයේ බලය යොදා කටයුතු කරන්නට යුහුසුළු වූ බව දැකගත හැකිවිය.
එජාපයේ මේ හැසිරීමෙන් නොකියවෙයන දෙයක් පවතී.
එය නම්,
කළු-ජූලියේ භීෂණකාරී ප‍්‍රචන්ඩ ක‍්‍රියා එජාප නායකත්වය විසින් තමන්ලාගේ පාලක-සැලැස්මෙහි අභ්‍යන්තර දෙයක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් රජයේ බලය යොදා කටයුතු නොකර කල්මරමින් මගහැර සිටියේ ය, යන්න යි.
තවත් පැහැදිලි කර කිවහොත්, එජාපය විසින් රාජ්‍ය බලය යොදා කළු-ජූලිය මැඩපැවැත් වූයේ නැත්තේ, එය තම පාලක-සැලැස්මේ අභ්‍යන්තර අනුමැතිය ලද හොර තීන්දුවක් වූ බැවිනි.
එල්ටීටීඊ ය ද මෙම කළුජූලි ප‍්‍රහාරය එජාපය විසින් සැලසුම්සහගතව සිදුකළක් බව එළිදරව් නොකිරීමට ප‍්‍රවේශම් වීමෙන් බලාපොරාත්තු වූයේ මෙය දකුණේ බහුතර සිංහල ජනයා තුළින්ම පැන නැගුණ ම්ලේච්චත්වයක් බව උලුප්පා පෙන්වීමට යි. ඒ හරහා බහුතර සිංහල ජනයා සුළු ජාතියකට සලකන්න දන්නේ නැති අශිෂ්ට ම්ලේච්ච ගෝත‍්‍රික ජනතාවක් වැනි සිත්වැද්දුමක් ලෝ පුරා පතල කිරීමේ උවමනාව එල්ටීටීඊයට තිබුණ බව පැහැදිලි යි.
ඒ නිසා අපට නොභියව මෙය එජාප-එල්ටීටීඊ කළු-ජූලිය කියල නාමකරණය කරන්නට පුළුවන.
එජාප-එල්ටීටීඊ කළුජූලිය ඇසුරින් මේ ගොඩනගන ලද යථාවාදී ප‍්‍රවාදය පසුබිමෙහි තබාගෙන බොරැල්ල සුසානයෙන් පිට වී සිදුවූ සිදුවීම් වල ව්‍යාප්තිය දෙස අසනි බැල්මක් හෙලමු.
කාටත් ප‍්‍රසිද්ධියේ නොකිව්වට ශ‍්‍රිලනිපය සේ ම එක්සත් ජාතික පක්ෂයට ද අනුගත නොනිල දේශපාලන මැරයින් සිටි බව ද, අදටත් ඒසේ සිටින බව ද කාටත් අතිශයින් ප‍්‍රසිද්ධ රහසකි. එසේ නොවන සද්භාවයක් මේ පක්ෂ දෙකෙන් එකකට හෝ තිබුණේ වී නම්, ලංකාව වගේ පුංචි කොදෙව්වක පාතාලය සුටුස් ගාලා නැති කරනු ඇත. මන්ද, ලක්දේශයේ පාතාලය නිශ්ක‍්‍රිය කරල දාන එක සති දෙකක්වත් නොගෙවෙන ඒ හැටි කාරියක් නොවන බව ආරක්ෂක අංශවල වගකිවයුතු උදවිය පවා දන්නා කරුණකි.
නමුත් වසර 70ක් තිස්සේ ලක්දේශයේ පාතාල කණ්ඩායම් මුලිනුපුටා දමන්නට හෝ අවම තරමින් වැඩි සියයට ප‍්‍රමාණයකින් නිෂ්ක‍්‍රිය කර දමන්නට හෝ සැබෑ උවමනාවක් තිිබුණේ නම්, පසුගිය වසර 70 පුරා මේ ප‍්‍රධාන පක්ෂ දෙකට මේ තියෙන පාතාලය වගේ පාතාල පහක් විතර අහෝසි කරල ම දාන්නට හැකියාව සහ කාලය තිබිණි. නමුත්, ඒ යහපත් සමාජ කටයුත්ත සිද්ධ නොවෙන්න ප‍්‍රධාන හේතුව වී ඇත්තේ පාතාල කණ්ඩායම් ඉවර නොකර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ ප‍්‍රධාන පක්ෂ දෙකේ ම කිල්ලෝටයක් පැවතීම ය. ඉතිං මේ පක්ෂ දෙකට ම විරුද්ධවාදීන් හෝ බාධාවන් වන උදවියට අහම්බෙන් සිදුවනවා සේ පෙනෙන අනතුරු අතිකිරීම සඳහා පාතාලය අවැසි වී තිබීම මෙයට ප‍්‍රධාන හේතුව යි.
චන්දෙ කාලෙට තමන්ගේ විරුද්ධදීන්ට බාධා ඇති කරන්නට ද, බලයේ ඉන්න කාලයට තමන් කරන කියන දේවල් වලට එරෙහිව පවතින බලවේග මැඩපැවැත්වීමට හෝ අවම කිරීමට ද අදාළ අනීතික පහර දීම්, දූෂණ, පැහැරගෙන යාම්” මරා දැමීම්, මරා හැංගීම්, අතුරුදහන් කරවීම් ඇතුළු අනේක කටයුතු කිරගැනීමට පාතාලය අවැසි වෙයි. නීතියේ බලය අතට ගෙන නීති මාර්ගයෙන් සතුරෙකුට අකටයතු කමක් කරන්නට යම් කාල වේලාවක් ගත වෙයි. එවිට නීතියේ ක‍්‍රියා පටිපාටි හරහා යන්නට කල්ගත වන නිසා අවශ්‍ය ප්‍රතිඵලය ඉක්මනින් ලඝාකරගත නොහැකි වෙයි.
නමුත් පාතාලය මැදිහත් කර ගත් විට කිසිදු පමාවක් නැතිව ක්ෂණිකව තම සමාජ අරමුණ ඉටු කරගත හැකි වෙයි. පසුකාලිනව (විහෞෂයෙන් 1977න් පසුව) මේ උවමනාව ඉටු කර ගැනිම සඳහා මැරයින්ව ම පාර්ලිමේන්තු චන්දයෙන් දිනවා මන්ත‍්‍රීන් බවට පත් කරන ලෙහෙසි මාර්ගය යොදාගැනීම වැඩිවන අයුරු ද දැකිය හැකිවිය. එවිට ආණ්ඩුවට සිදුකරන්නට ඇත්තේ පවතින නීතියේ රැකවරණය පාතාලයට ලැබෙන පරිදි අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට කටයුතු කිරීම නැමති සාපේක්ෂව ලෙහෙසි පහසු කටයුත්ත යි.
ඒ නිසා මාධ්‍යයකින් ප‍්‍රශ්ණ කරන විට පමණක් තොලේ කටේ නොගෑවී ”අනේ අපේ නං කිසි පාතාල සබඳකමක් නෑ” කියූව ද, එජාප-ශ‍්‍රීලනිප දේශපාලකයින් හෙවත් මහජන නියෝජිතයින් යැයි කියාගන්නා උදවියගෙන් සියයට 90කට වැඩි පිරිසකට පාතාල ආධාර ලැබෙන අතර, පාතාල කණ්ඩායම් ද ඔවුන්ගෙන් අධාර ලබා ගනී.
මෙන්න මේ සැඟවි-භාවිත-ව්‍යූහය (Secrete Practical Structure) වන පාතාලය ගැන හොඳින් දන්නා සහ එය භාවිතයෙහි නිපුනයින් වූ ජේ. ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එජාපය කළු-ජූලි සංසිද්ධිය ඇති කිරීම සඳහා යොදාගත් එක් සමාජ-උපකරණයක් වූයේ ද එජාපයට හිතවත් පාතාල කල්ලි සහ මැර කල්ලි ය.
(1983 දී වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 53 ඝාතනය කිරීම ද, 1982 දී වයස 14ක දැරිවියක් දූෂණය කිරීමට ද සම්බන්ධ යැයි සැලකෙන ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේ ඥාති වැඩිහිටියෙකු වන ජේ.ආර්. ජයවර්ධන සමඟ)
නමුත් කළු-ජූලියට සම්බන්ධ වූ මැරයින් සහ පාතාල නායකයින්සමඟ කරට කර එක්ව ප‍්‍රචන්ඩත්වය පැතිරූ උදවිය අතර එජාප නාගරික මන්ත‍්‍රීවරු, ආරක්ෂක උපදේශකයින් සහ පක්ෂ සංවිධායකයින් එකට මුසුවී නිදහසේ තම ආණ්ඩුබලය තමන්ලාගේ පුද්ගලික වරදානයක් ලෙස යොදාගනිමින් කළු-ජූලි සාහසික ක‍්‍රියා සහ සංහාර සිදුකිරීම පොදු මධ්‍යස්ත නිරීක්ෂණ ඇස්වලට හසුවීමෙන් එජාපය පොට වරද්දාගත්තේ ය.
එජාපය මෙම වැඬේ මුළුමනින් ම පාතාලයට පවරා සිටියේ නම්, මෙම ප‍්‍රචන්ඩත්වය තුළ ඇති එජාප මැදිහත්වීම හසු කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇත. නමුත් රට පුරා සංවිධානගත භිෂණයක් ඇති කිරීමට අවශ්‍ය පිරිස් බලය හිඟ නිසා දෝ ජයවර්ධන මේ පාතාලය එජාපයේ නිල චරිත සමඟ සම්මිශ‍්‍රණය කර දියත් කළ මෙහෙයුමක් සිද්ධ වූ බව නිගමනය කළ හැකි ය.
අනෙක් පැත්තෙන්, ඉන්දියාවට සහ ඉන්දීය පාක්ෂික දෙමල සංවිධානයන්ට සහ විපක්ෂයෙන් එජාපයට ඇති යම් යම් තර්ජන අවම කිරීම උදෙසා දියත් කළා යැයි සැලකිය හැකි මේ කළු-ජුලි මෙහෙයුම පිළිබඳ එජාපය නොසිතූ විරූ අන්දමින් වාර්තා පළවීමත්, ඉන්දියාවෙන් ඔබ්බෙහි පවා පවතින බටහිර මානව හිමිකම් සංවිධාන ඇතුළු නිල ජාත්‍යන්තර සංවිධානවල අවධානය පවා මේ කෙරෙහි යොමුවීමත් නිසා, මෙහෙයුම අතරමග නවතා දැමූ එජාප ආණ්ඩුව හදිසියේ කෘතිමාකාරයෙන් රාජ්‍ය මාධ්‍ය හරහා ජාතික සමගිය සමඟ ජනයාට බණ දෙසන්නටත්, ඒ්කාංගික ටෙලි නාට්‍ය හදා පෙන්වන්නටත්, මේ පිලිබඳ වගකීම අන් පක්ෂ සංවිධාන වෙත පැටවීම යුක්තිසහගත කරන්නටත්, අදාළ නොවන කරුණු ප‍්‍රසිද්ධ කර අවධානය වෙනතක හරවන්නටත් පටන් ගත්තේ ය.
නමුත් ඒ සියළු වෑයම්වලින් පවා කළු-ජූලි මෙහෙයුමට එජාපයේ ඇති ඓන්ද්‍රීය සබඳකම වසා දැමීම නිරුවත් මිනිසෙකු අඹ කොලයකින් තම රහසඟ විලි වසා ගැනීමට උත්සහ දරනවා වැනි අසීරු කටයුත්තක් විය.
පසුකාලීනව කළ හෙළිදරව් කිරීම්වලට අනුව, කැළණියේ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල යෙදුන මැරවරයින් බොහොමයක්, යාපනය නගරයේ සංවර්ධන සභා මැතිවරණය තුළ සිවිල් භීෂණය පතුරුවන්නට ජේ.ආර්. යාපනයට යැවූ ප‍්‍රධානියෙක් වන ඇමති සිරිල් මැතිව්ගේ ආධාරකරුවන් වු බව හඳුනාගත හැකිවිය. කොළඹ සහ වැල්ලවත්ත පෙදෙසේ කඩ සාප්පු සහ නිවාස විනාශ කිරීම සහ පහරදීම් එකළ එජාපයේ සමස්ත වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා විසින් මෙහෙයවා සිදුකළක් වන අතර, දෙහිවල ගල්කිස්ස නගරාශ‍්‍රිත නිවාස, කඩසාප්පු විනාශ කිරීමේ ජාතිවදී කල්ලි මෙහෙයවීම එවක දෙහිවල ගස්කිස්ස එජාප නගරස සබා මන්ත‍්‍රීවරයෙකු විසින් මෙහයවනු ලැබූ බව නිරීක්ෂිත ය.
ආර්. ප්‍රේමදාස අගමැතිවරයාගේ දකුණු අත බඳු වූ ඇලෝසියස් මුදලාලිගේ පුතා කෙහෙල්වත්ත සහ පිටකොටුව පෙදෙස් වල ජාතිවාදී කල්ලි වලට අණ දෙන ලද බව නිරීක්ෂිත ය. මේ කල්ලි විසින් කොටුව සහ පිටකොටුව පෙදෙසේ කඩ සාප්පු 442ක් විනාශ කරන ලද බව පසුව ගණනය කරන ලදී. තවත් පැත්තකින් එජාපයේ පක්ෂ මූලස්ථානයේ දී නිතොර දක්නට ලබුණු මැරයින් සමඟ නිළ ඇඳුම් හැඳගත් යුධ භටයින් සේ ම පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ද මධයස්ථ නිරීක්ෂණයට හසුවී ඇත.
මීට අමතරව ලංගම ආයතනයේ සේ ම වෙනත් සංස්ථා, දෙපාර්තමේන්තු සහ අධිකාරීන්ට අයත් වාහන මේ පහරදෙන රංචුවලට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සපයා දෙනු දක්නට ලැබුණි.
එහෙත්, මෙහිදී, සමහර ජනයා පදිංචි පෙදෙස්වල සිටි පොදු සිංහල ජනයා සහ බර්ගර් ජනයා සංවිධානාත්මකව මදිහත් වී මෙම නින්දිත දේපල විනාශකයින් සහ මිනීමරුවන් වූ ජාතිවාදී කල්ලි කණ්ඩායම් පලවාහැර තම පෙදෙස්වල ලාංකිකකම රැකගත් බව ද වාර්තා වී ඇත. මෙවැනි අහඹු අවස්ථාවලින් පවා පෙනී යන්නේ, 1983 කළු-ජූලිය සාමාන්‍ය පොදු සිංහල, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ජනයා තුළින් ඔවුන්ගේ ම පෙදෙසේ තුළ පවතින ප‍්‍රතිරෝධ නිසා පැන නැගුණු ස්වයං-සාධක (Autonomous) සංසිද්ධියක් නොවන බවත්, එජාපය සංවිධානය කරන ලද ක‍්‍රියාධරයින් භාහිර බලවේගයක් ලෙසින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප‍්‍රවාහනය කරන ලදුව පිටින් පැමිණ කළ නස්පැත්තියක් බව යි.
එනයින් මෙය වියුක්ත, කෘතිම, ව්‍යාජ, විකෘති වන එංගලන්තකයින් හඳුන්වා දුන් ඩොයිලියානු බෙදුම්වාදය නියෝජනය කරන සංසිද්ධියක් බව නිගමනික ය.
වීදිවල සහ වාහන ඇතුළේ පෙට‍්‍රල් හෝ භූමිතෙල් දමා දෙමල ජනයා පනපිටින් මරා දැමීම් ඇසින් දුටු එජාප රජයේ පොලීසිය එය තමන්ගේ රාජකාරියට අදාළ නැති දෙයක් ලෙස හැසිරුණහ. කොටින් ම කියනවා නම්, එසේ හැසිරෙන ලෙසට ඉහළින් අණ දී ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තිබිිණි. සිරගෙයට භාහිරින් සිදුවන මේ සියළු කළු-ජූලි සිද්ධීන් පිලිබඳව හරිහැටි තොරතුරක්වත් නොදත් ලක්දේශයේ ජන්මය ලැබූ ද්‍රවිඩ සිරකරුවෝ 35 දෙනෙකු මරා දමන තෙක් වැලිකඩ බන්ධනාගාර ජේලර්වරු එය තමන්ගේ රාජකාරියට අයත් නොවන දෙයක් ලෙසින් නෑසූකන්ව සහ නොදුටු දෑස්ව සිටියහ.
ඇත්තට ම කියනවා නම් එසේ හැසිරෙන ලෙදසට ඉහළින් අනීතික අණක් ලැබී ඇති බව පැහැදිලි විය. මේ ද්‍රවිඩ සිරකරුවන් අතරින් සමහරක් තමන්ට අඩන්තේට්ටම් කර අමානුෂිකක මරා දැමූ හේතුවවත් නොදැන මියගිය බව හෙළිදරව් විය.
මෙය එකල ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුදැනුම ඇතිව සිදුවූවක් බව විශ්වාස කළ හැක්කේ, මේ පිළිබඳව නඩු නොපවරන බවට සහතිකයක් නොලැබ ජේලර්වරු ඇතුළු බන්ධනාගාර කාර්ය මඩුල්ල මෙවන් අනීතික ම්ලේච්ච ක‍්‍රියාවකට ඉඩ දී ඇස්කන් පියාගෙන ඉන්නට බිය වන බැවිනි.
සේනාධිනායකයා ද වන විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුට ලක්දේශය පුරා ඇඳිරි නීතිය පැමිණවීමට ගත වන්නේ පැය 2-3කටත් අඩු කාලයකි. එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ඔත්තු සේවා මගින් මේ අවාසනාවන්ත සිදුවීම ජනාධිපතිවරයාට දැනුම් දීමට යන්නේ ද පැයකටත් අඩු කාලයකි. එනම් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ඇඳිරි නීතිය පනවා තත්වය රටපුරා සමනය කරන්නට යන උපරිම කාලය අවම වශයෙන් පැය 06ක් පමණ වී තිබිණි.
එහෙත් මේ කළු-ජූලි සංසිද්ධිය ඇරඹුණේ දුර බැහැරකින් නොව කොලඹ පෙදෙසින් ම නිසා මෙවැනි තත්වයක් පැය 2-3ක් ඇතුළත මුළුමනින් සමනය කරන්නට තරම් වන රාජ්‍ය ආරක්ෂක අංශයක් එකල රජය සතුව පැවතිණි. එසේ කළේ නම්, දල වශයෙන් මේ හානියෙන් සියයට 85කට වැඩි ප‍්‍රමාණයක් වලකා ගන්නට ඕනෑතරම් ඉඩ කඩ තිබුණි. එහෙත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඇඳිරි නීතිය පැනෙව්වේ දින දෙකක් ගොස් අවසානයේ ය. ඒ වන විට සතුරාට කරන්නට අවශ්‍යව තිබූ හානිය සිදුකර හමාර ය. මෙයින් ඇස් ඉදිරිපිට ම පෙනී යන සත්‍යය නම්, 1983 කළුජූලිය එජාපයට අවශ්‍යව තිබූ හානියක් වූ බවකි.
මන්ද මේ සියල්ල සිදුවෙත් දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හෝ අගමැති ප්‍රෙමදාස හෝ රාජ්‍ය ඇමති ආනන්ද ද තිස්ස අල්විස් හෝ වෙනත් වගකිවයයුතු කැබීනට් ඇමතිවරයෙකු හෝ ලක්වැසි ජනයා අමතමින් කිසිදු ජාතිය ඇමතීමක් හෝ සමාජ ප‍්‍රකාශයක් සිදු කළේ නැති අතර, පෙර සංවිධානය කරගෙන සිටි සැලැස්මකට අනුව මේ ජාතිවාදී ම්ලේච්චත්වය රටේ වෙනත් ප‍්‍රදේශවලට ද පැතිර යනු දකින්නට ලැබිණි. එහිදී ද මෙම මරාන්තික ප්‍රචන්ඩ කෝලහාල කොළඹින් එපිට ඒ එක් එක් ප‍්‍රදේශවල බහුතර ජන්ම සිංහල වැසියන් කෙරෙන් පැන නැගුන සිදුවීම් නොව, බොහෝ විට ඒ හැම පළාතකටම පිටතින් පැමිණි සුළුතර ඒජාපවාදී කණ්ඩායම් විසින් සිදුකළ ඒවා විය. එහිදී ඒ ඒ් පළාතේ ජීවිත් වූ සාමාන්‍ය සිංහල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් ජනයා බොහෝ විට සිදුකරන ලද්දේ ප්‍රේක්ෂකයෙකුගේ භූමිකාව ය.
ගමේ පංසලක හෝ පල්ලියක සාමාන්‍ය හැදියාව යටතේ හැදුනු බොහෝ බහුතර ලක් ගැමි ජනයා කම්මුල්වල අත්රුවාගෙන පිටස්තරින් පැමිණි කෘතිම ජාති ආලය ඇත්තන් දෙස බලාගෙන සිටිනු දක්නට ලැබිණි. මන්ද මැතිවරණ කාර්යාලයේ චන්ද හිමි නාමලේඛනයන් පිරික්සා දෙමල ජනයා සිටින නිවෙස් සොයා ගැනීමට මේ එජාපවාදී කණ්ඩායම් උපායශීලී වි තිබුණි. එසේ කරන්නට වූයේ, ඔවුන් කළුජූලි ප‍්‍රචන්ඩත්වය පැතිරීමට ගිය පෙදෙස් බොහොමයක් ඔවුන්ට ආගන්තුක ඉම් පෙදෙස් වූ බැවිනි.
අති සුළුතර පිරිසක් දෙමල ජනයාගේ දේපල ගින්නේ පිළිස්සෙන්නට නොදී තම තමන්ගේ ගෙවල් වලට ඇදගත් බව නම් ඇත්තකි. ඒත් ඔවුන් ගිනිතබා මරා දැමීම් වැනි ම්ලේච්ච ක‍්‍රියාවලට සහභාගී වූයේ නැත. ලොව ඕනෑ ම ජන පිරිසක් අතර අවස්ථාවාදී නින්දිත සුළුතර පිරිසක් සිටින බව හැබෑ ය. නමුත් මෙසේ බඩු භාණ්ඩ ගෙවල් වලට ඇදගත් උදවිය සහ එවැනි අනීතික භාණ්ඩ වලට “ජාති ආලෙ” යනුවෙන් සමච්චලය හඟවන නමක් බහුතර ජනයා විසින් පටබැඳ තිබීම දැකගත හැකි විය. පොදු ලක් ජනයා අතරින් එවැනි නාමකරණයක් යෙදීම හරහා ම එවැනි භාණ්ඩ පැහැරගත් උදවිය “පහළ සංස්කෘතියක උදවිය”ය යන අවඥාවක් ගැප්වී තිබිණි.
ඒ අතර තවත් සුළු පිරිසක් තමන්ලාට සමහර දෙමල පෝසත් ජනයා සමඟ තිබූ ව්‍යාපාරික තරඟය නිසා ඇති වූ පුද්ගලික එදිරිවාදීකම් ද ව්‍යාජ ජාතිආලය හරහා සමරගන්නවා පෙනෙන්නට තිබුණි. නමුත් මේ කිසිවක් කළු-ජූලියේ සමස්ත දේපල හානිය සහ පැහැරගැනීමට ද, දෙමල භාෂාව කතා කරන මිනිසුන්ට පහර දීම සහ මරා දැමීම්වල ද නියෝජනයන් වූයේ නැත. සමස්ත දේපල හානිය සහ පැහැර ගැනීම ද, ජන ඝාතනය ද තුළ තිබුණේ වෙනත් වස්තුමූලිකත්වයක් (Objectivity) හෙවත් අරමුණකි.
එය කළු-ජූලියට අදාළ එජාපයේ වස්තුමූලිකත්වයක් හෙවත් අරමුණ විය.
එම වස්තුමූලිකත්වය අනුව එජාප නායක ජනපති තෝම්බි මුදලිගේ ජූනියස් රිචඩ් ජයවර්ධනට අවශ්‍යව තිබුණේ, සෝවියට් සමූහාණ්ඩුව පාක්ෂික ඉන්දියාව මූලික කරගත් කලාපීය බලයට ද, ඉන්දීය පාක්ෂික ශ‍්‍රිලනිපයේ අනුදැනුම අනුව හැසිරෙනවා යැයි එජාපය උපකල්පනය කළ උතුරු නැගෙනහිර බහුතර දෙමල ජනයාට ද, ව්‍යවස්ථාපිතයට බලහත්කාරයන් අනීතික මැතිවරණ කටයුතු ඇසුරින් ඒජාපය ප්‍රශ්න කරනු ලබන ජවිපෙ ප‍්‍රධාන සමස්ත වාමාංශික කඳවුරට ද එරෙහිව ඇමෙරි-යුරෝ ගැති දේශපාලනාර්ථිකයක් පිහිටුවා ගැනීමේ පසුබිම ගොඩනගාගැනීම උදෙසා නව-ඩොයිලියානු වරිගවාදී බෙදුම්වාදයක් ස්ථාපිත කරගැනීම ය.
එහිදී, එංගලන්තකයෝ පාලනය කළ යටත්විජිත යුගයේ සේ ම ලක්දේශයේ දේපල, සම්පත් සහ ශ‍්‍රමය රටෙන් බැහැරට සොරාගන්නට අවශ්‍ය වන පරිදි සිංහල-දෙමල ලෙස බෙදා වරිගවාදී ගැටුම් සහිත සමාජ පසුබිමක් සහ වාතාවරණයක් රට තුළ ගොඩනගාගැනීමට එජාපයට අවැසිව පැවතිණි. එයින් ලෝක බැංකුව සහ අයිඑම්එෆ් වැනි මූල්‍ය ආයතන ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ එතෙක් කටයුතු කළ ප‍්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා අදාළ ජනයාගේ ආර්ථිකමය අවධානය වෙනතකට හැරවීමට හැකි වන අතර, බෙදුම්වාදය කෙරෙහි මහජන අවධානය වැඩි වශයෙන් යොමු කරවීම හරහා තමන්ට ඒ අවැසි ආර්ථික වෙනස්කම් ස්ථාපිත කර ගැනිමට ද හැකි වනු ඇත. ජේ. ජයවර්ධන, ආර්.ප්‍රෙමදාස, ගාමිණී දිසානායක, රනිල් වික‍්‍රමසිංහ, ලලිත් ඇතුළතමුදලි ප‍්‍රමුඛ එජාපවාදී නායකයින් මෙය නම් කළේ සංවර්ධනය යනුවෙන් ය.
බටහිර යටත්විජිතයක් බවට පත්වී බෙදුම්වාදී මානසිකත්වයට ගොදුරු කරන ලද සමස්ත ලක්දේශික සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් ලක්වැසි ජනයා තේරුම්ගත යුතු සමාජ සූත‍්‍රයක් ඇත. මේ සමාජ සුත‍්‍රය හරිහැටි අවබෝධ කරගතහොත්, අප බංකොලොත් රාජයයක් බවට පත්වීමට අදාළ මුඛ්‍ය හේතුව සොයාගැනීම එතරම් අපහසු නොවුනු ඇත.
සූත‍්‍රය මෙය යි.
ලක්දේශය එංගලන්තකයින්ට යටත් වූ දා පටන්, සිදුවූ හැම වරිගවාදී බෙදුම්වාදී සංසිද්ධියකට ම කලින් ජනයා ආර්ථිකය පිළිබඳ හෝ තම සැබෑ අයිතීන් පිළිබඳ පියවි සිහියෙන් යුතුව කටයුතු කළ සංසිද්ධියක් ඇත. නමුත් වරිගවාදය වැළඳගන්නවුන්ට වරිගවාදි සංසිද්ධිය සවිඥානය වී ඊට කලින් සිදුවූ ආර්ථික සංසිද්ධිය හැමවිට ම අවිඥානක වී අතීතයට ගොස් ඇත.
ලක්දේශයට වැරදුන අභග්ග සම්පන්න අනුවනකම එයයි.
බලන්න!
ලක්දේශයේ දේපල, සම්පත් සහ ශ‍්‍රමය සොරාගැනීමේ ප‍්‍රාග්ධන සහ ආර්ථික උවමනාව නිසා එංගලන්තක ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත්ගේ (ක්‍රි.වර්ෂ 1798-1805) උපදෙස් පරිදි, ලක්දේශය තුළ එවක එංගලන්තක ඔත්තු සේවාවේ ප‍්‍රධානියා ව සිටි ජේ. ආර්. ජයවර්ධනට ආදි පිය පාර්ශවීය පූර්වජයා වූ දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධනගේ ද සහය සහිතව, කර්නල් බාඩඩ් විසින් නායකත්වය දුන් හමුදා බලෑනියක් කන්ද උඩරට රාජධානියේ අගනගරය වූ මහනුවරට ඇතුළු වනවිට, ශ‍්‍රී වික්රම රාජසිංහ රජු මහනුවර පෙදෙස ම හිස්කොට එහි ජනයා ද සමඟින් මහනුවරින් උපායික පසුබැස පලාගොස් සිටි අතර, එංගලන්තකයින්ට සහ ඔවුන්ට ගැති දේශීය එංගලන්තකවාදීන්ට ඒසේ මහනුවරට ඇතුළුවන්නට ඉඩහැර, එනම්, උපායිකව රාජමාළිගාව ම අල්ලා ගන්නට සහ ව්‍යාජ රජෙකු පත්කරගන්නා තුරු පවා ඉන්නට ඉඩ හැර, ඉන්පසුව රජුන් ප්‍රමුඛ ලක් හමුදාවෙන් ඒංගලන්තකයින්ට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ලක්කොට, ශ‍්‍රී වික්රම රාජසිංහ ලක් රජුගේ යුධ බලෑණිය නැවත කන්ද උඩරට රාජධානියෙහි තම බලය තහවුරු කරගැනීම යන්න යථා අරුතින් ම ආර්ථික සංසිද්ධියකි.
ඒත් සමඟ ම, එහි ම ඊළඟ පියවර ලෙස, රාජසිංහ රජු එංගලන්තකයින්ගේ ලක්දේශීය බලකේන්ද්‍රය වූ කොළඹ කොටුව වැටලා අල්ලා ගැනීම සඳහා සිංහල, දෙමල, මුස්ලිම් සහ මැලේ ජනයා සමූහවාදී වූ තම 31000ක ලක්දේශීය සේනාව කැටුව විත් හංවැල්ල බලකොටුවේ කඳවුරු ලාගැනීම ද, ඊට සමාන්තරව රජුට පක්ෂග‍්‍රාහීව සහ එංගලන්තකයින්ට විරුද්ධව වෙරළබඩ ඇතිවෙමින් පැවති ජන නැගිටීම ද යන තර්ජනයන් දෙක ම ජේ. ආර්. ජයවර්ධනගේ මේ පිය පාර්ශවීය පූර්වජයා වූ දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන කියන එංගලන්තකවාදී ඔත්තු ප‍්‍රධානියා සමඟ ගිය එංගලන්ත ගැති දේශීය ජනයා සහභාගී වූ සේනාංකයක් සහ ඉංග‍්‍රීසීන්ගෙන් ම සැදි සේනාංකයක් විසින් මැඩපැවැත්වීම යන සංසිද්ධිය ද යථා අරුතින් ම ආර්ථික සංසිද්ධියකි.
එනම්, මුලදී ශ‍්‍රී වික්රම රාජසිංහ රජු කන්ද උඩරට රාජධානිය නැවත අත්පත් කර ගැනීමත්, පසුව කොළඹ අත්පත්කරගැනීමට ගොස් හංවැල්ලේ බලකොටුවේ දී ම පරාජය වී පලායාමට සිදුවීමත් යන සිද්ධි දෙක ම ඇතුළත් සමස්ත සමාජ දේශපාලන සංසිද්ධිය ම අයත් වන්නේ, රටේ ස්වදේශීය දේපල, සම්පත් සහ ශ‍්‍රමය අත්කර ගැනීමට එංගලන්තකයිකන්ට ඉඩනොදීම උදෙසා ලක්දේශයට නීත්‍යානුකූල වූ ලක්-කිරීටයේ දේශීය හමුදාව විසින් සටන් කොට තම සබෑ ජාතික දේපල, සම්පත් සහ ශ‍්‍රම අයිතීන් තහවුරු කරගැනීමේ උවමනාව නියෝජනය කරන ආර්ථිකමය සංදර්භයක් සහිතව යුධ කිරීමේ දේශපාලනයකට ය.
ඒ අනුව රාජසිංහ රජුගේ කිරීටයේ යොමුව අනුව මෙය විමුක්ති යුධය කි.
එංගලන්තයේ කිරීටයේ යොමුව අනුව රාජ්‍ය-විරෝධී කැරලි ගැසීමකි.
නමුත් මෙවන් ආර්ථික සංදර්භයක් පදනම් කරගෙන ලක්ජනයා විමුක්ති සටන් මෙහෙයවීම විචක්ෂණව දකින එංගලන්ත කිරීටය නියෝජනය කරන ලන්ඩන් පරිපාලනය විසින් පසු කළෙක තම උපාය මාරු කරමින් ජෝන් ඩොයිලි නැමැත්තාගේ ඔත්තු සේවා බලෑණියේ මෙහෙයවීම යටතේ තම බෙදා පාලනය කිරීමේ යටත්විජිත උපායමාර්ගය ක‍්‍රියාවට නංවමින් “රාජසිංහ දෙමලා” යන අදහස මුල්කරගෙන කතිකාගත කරවන කතිකා යන්ත‍්‍රයක් බිහිකිර යි.
මේ පිටුපස පවතින්නේ වරිගවාදී සහ බෙදුම්වාදී සංසිද්ධියකි.
බෙදුම්වාදය ලක්දේශිකයින්ට, ආර්ථිකමය නොවන ප‍්‍රභන්ධමය සංසිද්ධියකි.
එය එංගලන්තකයින්ට, ලක්දේශයේ ජාතික දේපල, සම්පත් සහ ශ‍්‍රමය ලෙස වන ප‍්‍රාග්ධනය කොල්ලකෑම පහසු කර ගැනීම නම් ආර්ථික උවමනාව මුදුන් පමුණුවා ගැනීම සඳහා ලක්දේශයේ සමාජ මනස තුළ පාරභෞතිතකව බෙදීම නිර්මාණය කොට, ලක්කිරීටය අස්ථාවර කරවන අධිරාජ්‍යවාදී සහ කොලනිවාදී හෙවත් යටත්විජිතවාදී කතිකා යන්ත‍්‍රයක් ක‍්‍රියාවට නංවන දේශපාලනයකි.
ඒ නිසා ”රාජසිංහ දෙමලා” යන මතය ජනගත කිරීම තුළ පවතින කතිකා දේශපාලනයේ දී එංගලන්තකයින්ට ආර්ථික වස්තු-මූලිකත්වයක් හෙවත් අරමුණක් ඇත. එනම් එංගලන්තකයින්ට එම ක‍්‍රියාවලිය යනු දේශපාලනය සහ ආර්ථිකය සහසම්බන්ධ වන දේශපාලනාර්ථිකමය ක්‍රියාවලියකි.
නමුත් ”රාජසිංහ දෙමලා” යන එංගලන්තක මතය ජනගත කිරීම තුළ පවතින කතිකා දේශපාලනයයේ දී ලක්දේශිකයින් සඳහා ආර්ථික වස්තු-මූලිකත්වයක් හෙවත් අරමුණක් නැත.
එනයින් එය ලක්දෙශිකයින්ට දේශපාලනික වන නමුත් ආර්ථික නොවේ.
ඒ නිසා ම, ”රාජසිංහ දෙමලා” යන මතය ලක්දේශිකයින්ට දේශපාලනාර්ථිකමය ද නොවේ.
එනම්, මෙහිදී, ප‍්‍රාග්ධනය නැමති භෞතිකය නිසා ඒ ප‍්‍රාග්ධනය උදෙසා ආර්ථිකය-පද්ධතිය නැමති භාෂා-සංකේතීය විනය බිහිවෙන බවත්, ආර්ථිකය-පද්ධතිය නැමති භාෂා-සංකේතීය විනයට අනුකූලව දේශපාලනය නැමති භාෂා-සංකේතීය විනය බිහිවෙන බවත් පිළිගන්නා මාක්ස්-විද්‍යාත්මක විශ්ලේෂණ අනුපිළිවෙල බිඳ දැමීමක් මෙහි දී සිදුවේ.
එනිසා මාක්ස්-විද්‍යාත්මක සංදර්භයක් තුළ මෙය එංගලන්තකයින්ට ප‍්‍රකෘතියකි.
ලක්දේශිකයින්ට විකෘතියකි.
මන්ද ”රාජසිංහ දෙමලා” යන මතය ඇතුළත් එංගලන්තකයින් බිහි කළ දේශපාලන ව්‍යූහය තාර්කිකව බිඳ දැමුවහොත්, එංගලන්තක කිරීටයට අයත් ආර්ථික-ව්‍යූහයක් හමුවේ. එම ආර්ථික-ව්‍යූහය තාර්කිකව බිඳ දැමුවහොත්, ප‍්‍රාග්ධනය කියන භෞතිකය ද හමුවේ. මෙහිදී ඒ ප්‍රාග්ධන භෞතිකය නම්, ලක්දේශයෙන් අයුක්තිසහගතව සොරාගන්නා දේපල, සම්පත් සහ ශ‍්‍රමය යි.
නමුත් බලන්න!
“රාජසිංහ දෙමලා” යන මතය ඇතුළත් එංගලන්තක දේශපාලන ව්‍යූහය බිඳ දැමීමෙන් ලක්දේශයේ කිරීටයට හමුවන ආර්ථික-ව්‍යූහයක් නොමැත. බිඳ දමන්නට ආර්ථික-ව්‍යූහයක් නොමැති නිසා හමුවන ප‍්‍රාග්ධනයකුත් නොමැත.
ඇත්තේ අහිමිවීම් දෙකකි.
එක අතකින් ලක්දේශයේ කිරීටයට හෙවත් ලක්දේශයට හිමි දේපල, සම්පත් සහ ශ‍්‍රමය අහිමි වීමකි. අනෙක් අතින් ලක් සමාජය මෙතෙක් අභ්‍යාස නොකළ බෙදුම්වාදයක් ස්ථාපිතවීමෙන් එතෙක් පැවති ජනවර්ග අතර පැවති සමූහවාදය අහිමි වීමකි.
ඒ නිසා ලක්දේශිකයින්ගේ දෘෂ්ටිකෝණයෙන් මෙය උගුලකි.
භෞතිකයක් අත් නොවන යටත්විජිතවාදී පාරභෞතික උගුලකි.
එනිසා යටකී ”රාජසිංහ දෙමලා” යන එංගලන්තක මතයට සහ එහි කතිකාවට දාව උපන් ”සිංහල ඔන්ලි” හෙවත් ”සිංහල පමණයිි” සංකල්පීය හරය ද ලක්දේශයට උගුලකි.
භෞතිකයක් අත්දකින්නටනොවන පාරභෞතික උගුලකි.
එලෙස ම 1956 “සිංහල ඔන්ලි” නම් වූ බන්ඩාරනායකගේ වරිගවාදී බෙදුම්වාදී සංසිද්ධියට පාදක වුණ, ඊට වසර 03ට පෙර සිද්ධ වුණ සමූහවාදි ආර්ථික සංසිද්ධියක් විය. එයනම්, 1953 වසරේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ බර්ගර් නැමති සමස්ත ලක්දේශකි ජාතිය සමූහවාදීව කළ හර්තාලය නමින් හැඳින් වූ ආර්ථික අරගලයක් තුළට සමස්තයට ආසන්න ජන පිරිසක් සමූහගත වීම යි.
මෙලෙස ම, 1983 වසරේ ඇති වූ කළු-ජූලිය නම් ප‍්‍රචන්ඩ සහ බිහිසුණු වරිගවාදී බෙදුම්වාදී සංසිද්ධියට පාදක වුණ, ඊට වසර 03ට පෙර සිද්ධ වුණ සමූහවාදි ආර්ථික සංසිද්ධියක් විය. එයනම්, 80 ජූලි වැඩවර්ජනය නමින් හැඳින් වූ ආර්ථික අරගලයට සාපේක්ෂව සමූහගත ලක්දේශික ජන පිරිසක් සම්බන්ධ වීම යි.
1980 ජූලි 15වන දා ලක්දේශයේ පැවති රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ සේවකයින් ලක්ස 4ක් (400,000) කට වැඩි ප‍්‍රමාණයක් උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩබිම් තුළ රැස්වීම් පැවැත්වීම ඇසුරින් දියත් කෙරුනු ජූලි-වැඩවර්ජනය නමින් ප්‍රකට සංසිද්ධියට සහභාගී වුණු ලක්වැසි වර්ජකයින් සමඟින් කිසිදු අතර මැද සම්මුතියකට පවා නොපැමිණෙන තරමට තම අසීමිත පාර්ලිමේන්තු බලයෙන් හිස උදුම්මාගෙන සිටි ජයවර්ධන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරැණි. ඉතින් ලක්වැසි සේවකයින් 40356කගේ රැකියා අහිමි කර යටපත් කර දමමින් එවක කැබිනට් ඇමති ලලිත් ඇතුළතමුදලිගේ මුඛය යොදාගෙන වර්ජකයින් කනත්තට යවන බවට තර්ජනය කරන්නට පවා ඒජාප ආණ්ඩුව අසික්කිත විය.
නමුත් මේ ආර්ථිකමය අවදි වීම ගැන ජයවර්ධන ආණ්ඩුව අවස්ථාව ලද සැනින් හොඳින් හිතා මතා කටයුතු කර ඇති ඇති බව පැහැදිලිව පෙනෙන්නේ, 1983දි එඔවුන් ඇති කළ සංවිධානගත කළු-ජූලිය නිසා යි.
ජනයාගේ ආර්ථිකමය සවිඥානකතාවය යට ගැසීමට හොඳම මග එංගලන්තක උපායමාර්ගය ය. එයනම්, බෙදුම්වාදී වරිගවාදය ය. ඉතින් 80 ජූලි වර්ජනය සිදුවී වසර 03ක් පාමුළ 1983 කළු-ජූලිය විසින් එම ඩොයිලියානු අවැසිතාවය යහමින් තෘප්ත කර දෙන ලදී.
සංහාරාත්මක සහ විනාශවාදී ස්ථාවරයක පිහිටියා වූ කළු-ජූලිය ඇරඹී දින 05ක් ගෙවුණ 1980 ජූලි 28 වෙනිදා වනතුරු ජනාධිපති ජූනියස් රිචඞ් ජයවර්ධන ජාතිය අමතා කිසිදු ප‍්‍රකාශයක් නොකිරීම ද, දින 05කට පසුව ඔහු සිදුකළ ජාතිය ඇමතීම තුළින් ද ඔහු මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ දෙමල ජනායාට තම කනගාටුවවත් පල නොකිරීම ද, දෙමල ජනයා අතහැර සිංහල-මුස්ලිම් ජනයාට මුල්තැන දී තම කතාව කරගෙන යාම හරහා අනියමින් දෙමල ජනවර්ගය එක පසෙකත් සහ අනෙක් පසින් සිංහල-මුස්ලිම් ජනවර්ග දෙකත් තබා තම ඩොයිලියානු බෙදුම්වාදී ස්ථාවරය පල කිරීම ද, මෙම කලබලය සමස්ත පොදු සිංහල ජනයා කළ දෙයක් ලෙස වහෙන් ඔරෝ හැඟවීම ද, විනාශය සිදුවී අහවර වනතුරු උපායිකව ආරක්ෂක ක‍්‍රියාමාර්ග නොගැනීම ද ඇතුළු බොහෝ සාක්ෂි සාධක වලින් පෙනී යන්නේ, මේ කළු-ජූලි සංසිද්ධිය ජයවර්ධන ඇතුළු එජාපයේ සිවිධානාත්මක වැඩක් බවත්, එය 1956යේ බිහිකළ සිංහල ඔන්ලි නැමති ඩොයිලියානු වරිගවාදී බෙදුම්වාදය ම ඊටත් වඩා ප‍්‍රචන්ඩ යුධමය ස්වරූපයකින් කරලියට ගෙන ඒමක් බවත්, ඒ හරහා එජාපයේ නව-අමෙරි-යුරෝ ගැති ආර්ථික ප‍්‍රතිපත්තිය කෙරෙහි ඇති මහජන විරෝධයේ අවධානය සිංහල-දෙමල බෙදුම්වාදය නැමති වෙනත් අවධානයක් වෙත යොමු කිරීම ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවේ වස්තුමූලිකත්වය (Objectivity) වී තිබූ බවත් ය.
අනෙක් අතින් ඇඳිරි නීතිය පනවා තිබූ ජූලි 26 වෙනිදා තරම් වන කාලය තුළ දී පවා කොළඹින් එපිට නාවලපිටිය, බදුල්ල, නවරඑළිය යනාදී පෙදෙස්වල හින්දු කෝවිල් පවා ගිනි තබමින් මේ සංහාරය සහ විනාශයට දිගට ම ක‍්‍රියාත්මක වීමත්, 27 වනදා වන විට තවත් ලක්දේශික දේශපාලන සිරකරුවන් 18 දෙනෙකු බන්ධනාගාරය තුළ මරා දැමීමත්, ජනපති ජයවර්ධනගේ රාජ්‍ය යන්ත‍්‍රය මීට එරෙහිව කිසිදු නීතිමය සහ ආරක්ෂණවාදී ක‍්‍රියාමාර්ගයක් නොගැනීමත් අනුව මෙම සංහාරය සහ විනාශයේ කතෘ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බවත්, එහි සංවිධාන යන්ත්‍රය ජේ.ආර්-ගාමිණී-ප්‍රෙමදාස-රනිල් ප‍්‍රමුඛ එජාප පක්ෂ ව්‍යූහය බවත් නිගමනික ය.
නමුත් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමල බෙදුම්වාදී සංවිධාන විසින් නිවැරදිව නිරීක්ෂණය කොට, මේ සමස්ත සංහාරාත්මක සහ විනාශකාරී කළුජූලි සංසිද්ධිය එජාපය සහ ඊට සම්බන්ධ සිංහල මැර පිරිසක් විසින් සිදුකල එකක් යැයි නිවැරදිව වාර්තා කළේ නැත. ඔවුන් එය සමස්ත සිංහලයින් විසින් සිදුකළ වැඩක් යන වැරදි අර්ථකථනයක් වාර්තා කිරීම නිසා මේ සංසිද්ධිය තුළ සාමකාමීව හෝ උදාසීනව සිටි බහුතර සිංහල ජනායාගේ ගිණුමට බැර වී, එයින් ඔවුන්ගේ අන්තර්ජාතික ප්‍රතිරූපයට අයුක්තිසහගත හානියක් සිදුවිය. ඒ අනුව, අන්තර්ජාතික ප‍්‍රජාව තුළ සිංහලයින් සුළු ජාතීන්ට මනුස්සයින් සේ නොසලකන ජාතියක් ලෙසින් නාමකරණය වී, සමස්ත ලක්දේශයේ බහුතර පුරවැසි ප‍්‍රතිරූපය අන්තර්ජාතිකව කෙලෙසා දැමෙන ලදී.
එහිදී, ඒ රාජ්‍ය නොවන සංවිධානවල භාවිතය ද අවිඥානකිව එජාපය සහ ඒලටීටීඊය වැනි බෙදුම්වාදී සංවිධාන වල උවමනාවට ම සමාන්තර විය. ඒලෙස ම, කොළඹ මට්ටමින් ලොවපුරා මෙබඳු වැරදි වැටහීමක් ඇතිකරන අන්තර්ජාතිකමය අකටයුත්තක් තමන්ලාට සිදුවෙමින් පවතින බව සමස්ත සාමකාමී බහුතර සාමාන්‍ය සිංහල ජනයාට සේ ම අනෙකුත් ජනවර්ගවල සාමාන්‍ය ජනයාට ද අවිඥානික විය.
හැම කතාවකම දෙපාර්ශවයක් සිටින අතර කළු-ජූලිය මෙහෙය වූ එජාපය හැරුනුකොට කළු-ජූලියට එජාපය තරම්ම තම දායකත්වය සැපයූ සහ එය ම ආශීර්වාදය කරගත් අනෙක් ප්‍රධාන පාර්ශවය වන්නේ එල්ටීටීඊ කල්ලිය යි.
(1917දි ලක්දේශයේ නාවල පිටියේ උපත ලද ලක්දේශික ජන්මය සහිත අයෙකු වූ එකල තමිල්නාඩුවේ මහ ඇමති ඒම්.ජී. රාමචන්ද්‍රන් ඒල්ටීටීඊ නායක ප්‍රභාකරන් හා කුළුපග මිත්‍ර සමාගම් පැවැත්වීය. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය විසින් ඒල්ටීටියට උදව් කරන්න යැයි රෝ සංවිධානයට උපදෙස් දුන් බවත්, එනයින් තමිල්නාඩුවේ මහ ඇමති ඒම්.ජී. රාමචන්ද්‍රන් විසින් ඒල්ටීටියට මුදල් ආධාර දුන් බවත්, කුමාරන් පත්මනාදන් හෙවත් ශන්මුගම් කුමාරන් ධර්ම ලිංගම් නැමැත්තා ප්‍රසිද්ධියේ පුකාශ කොට ඇත. මොහු ඒල්ටීටීඊයට ආයුද සැපයීමේ කාර්යභාරයක් ඉටුකළ අයෙකු වන අතර මලයාසියාව සහ තායිලන්තය පාදක කරගෙන පසුකාලීනව ඒල්ටීටඊ සංවිධානයේ බැංකු, ප්‍රසම්පාදන සහ නැව්ගත කිරීම් කටයුතු භාරව සිටි බව ද සැලයි)
නමුත් එකල පැවති දකුණු ආසියානු සහෝදර ඉන්දීය පරිපාලනය පවා 1983 සිට 1987දක්වා ම මෙම වරදවා වටහා ගැනීමෙහි එල්බ සිටි බව දැකිය හැකි විය. ඔවුන් ද එජාප සිංහල මැරයින් සුළුතරය සහ සාමකාමී සිංහල බහුතරයෙන් වෙන්කර හඳුනාගැනීමට සමත් වූ බවත් නොපෙණිනි.
පළමුව, 1977න් පසුව සහෝදර ඉන්දීය පරිපාලනය විසින් ලක්දේශයේ උතුරු නැගෙනහිර ඉමෙහි සන්නද්ධ දෙමල කණ්ඩායම් බිහි කළේ හෝ බිහි වූ සංවිධාන පවත්වාගෙන යාම සඳහා සෘජු සහ වක‍්‍ර ආධාර සැපයූවේ ද දකුණු ආසියානු කලාපයේ පොදු භූ-දේශපාලනය සහ ආර්ථික ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් එජාපය පිහිටා සිටි ඇමෙරි-යුරෝ පක්ෂග‍්‍රාහී ස්ථාවරයට ප‍්‍රතික‍්‍රියකව ය.
නමුත් දෙවනුව, 1983 සිට 1987 දක්වා ම, විශේෂයෙන් එල්ටීටීඊයේ මැදිහත්වීමෙන් ඉන්දීය අගමැති රජීවී ගාන්ධි ඝාතනය වන තුරු ම, ඉන්දීය පරිපාලනය එජාපයේ මෙම ඇමෙරි-යුරෝ පාර්ශවීය ස්ථාවරයට අමතරව සිංහල ජනයා යනු දෙමල විරෝධී ප‍්‍රජාවක්ව යන වරදවා වටහාගැනීමෙහි පිහිටා කටයුතු කළ බවක් පනේ. නමුත්, 1977ට පෙර ඉන්දීය පරිපාලනය විසින් ලක්වැසි සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන වරිග එකක් හෝ සම්බන්ධයෙන් දැක්වූ ආකල්පයක් මෙය නොවීය.
ඉන්දීය පරිපාලනයේ වරදවා වටහා ගැනීම මත පදනම් වූ මේ සථාවරය ද ලක්දේශයේ ජනඝාතක යුද්ධය අනවශය ලෙසින් දික්ගැහීමට ද හේතුපාදක වූ බව හඳුනාගත හැකිය.
මෙහිදී 1983 සිට 1987 වනතුරු ම ඉන්දීය පරිපාලනය විසින් සෘජුව හෝ වක‍්‍රව එල්ටීටීඊට ඇතුළු තවත් දෙමල බෙදුම්වාදී ඩොයිලියානු කරලිකාර කණ්ඩායම් 06කට යුධ පුහුණුව සහ මුදල් ආධාර ලබා දුන් බව ප‍්‍රසිද්ධ රහසකි. මෙය ජේ.ආර්.-ගාමිණී-රනිල් ප‍්‍රමුඛ එජාප අත්තනෝමතිකභාවයට එරෙහිව, එම අත්තනෝමතිකභාවය ම අනෙකා (Other) කරගත් තවත් දෙවන රාජ්‍යතාන්ත‍්‍රික අත්තනෝමතිකභාවයක් විය. ඒ අනුව, මෙම කලාන්තරය තුළ දී එල්ටීටීඊ කැරලිකරුවන් පුහුණු කිරීම උදෙසා දකුණු ඉන්දීය පරිශ‍්‍රය තුළ කඳවුරු 32ක් පිහිටුවන ලද බවත්, උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ චක‍්‍රටාහි ඊට සහයක ආයතන 22ක් පවත්වාගෙ ගිය බවත්, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ සිවරාසන් ඝාතනය කළාය කියන තෙන්මෝෂි රාජරත්නම් හෙවත් ධනූ ඉන්දියාවේ රෝ සංවිධානය විසින් පුහුණු කරන්නට යෙදුන කුමන්ත‍්‍රණ කරුවෙකු බවත් නිගමනික ය.
සහෝදර ඉන්දීය පරිපාලනයේ මෙම රාජ්‍යතන්ත‍්‍ර විරෝධී භාවිතය කෙලෙවර වූයේ අන්තර්ජාතික ගුවන් නීතිය ද උල්ලංඝනය කරමින් ලක්දේශයේ ගුවන් පථයට අනවසරයෙන් යුධ-අහස්යාත‍්‍රා ඇතුළු කර, ලක්දේශයට අයත් යාපනය බිම මතට අනවසරයෙන් ඉන්දියාවේ පරිප්පු පාර්සල් පතිත කරවීම නැමති රාජ්‍යතාන්ත්‍රික විරෝධී අපරිණත වූ ක‍්‍රියාවෙනි.
ඉන්දීය පරිපාලනය විසින් මෙසේ හැසිරෙන්නට හේතුව, ජයවර්ධන-ගාමිණී-රනිල් ප්රමුඛ එජාපය විසින් මෙහෙය වූ ලක් පරිපාලනයේ අන්ත ජාතිවාදී සහ ඇමෙරි-යුරෝවාදී ප‍්‍රතිපත්තිය නිසා බව ඇත්තකි. ඒත් වගකිවයුතු රාජ්‍යයක් ලෙස ඉන්දීය රජයට ලක්දේශයේ සමස්ත ජනයා සහ කලාපීය සහෝදරත්වය පිළිබඳ මීට වඩා පරිණත ප‍්‍රවේශයක් ගත යුතුව තිබුණ බවයි කතුවරයාගේ අදහස. මන්ද, ජයවර්ධන-ගාමිණී-රනිල් ඇතුළු එජාපයේ අත්තනෝමතිකභාවය සමස්ත ලක්වැසියන්ගේ අත්තනෝමතිකභාවය නොවූ අතර, එජාප පරිපාලනය සහ ඉන්දීය පරිපාලනය යන අන්ත දෙකෙහි පැවති මේ අත්තනෝමතිකභාවයන් දෙක ගැටීමෙන් ඇති වූ වසර 30ක ජනඝාතක යුද්ධයෙන් දකුණු ආසියානු කලාපයට වටිනා විශාල මනුස්ස ජීවිත ප‍්‍රමාණයක් අහිමි වී ගියේ ය. රජීව් ගාන්ධි ඉන් එක් අයෙක් පමණි.
මේ රාජ්‍යතාන්ත්‍රික අත්තනෝමතිකභාවයන් දෙක නිසා 2007 වසර වන තෙක් සියළු පාර්ශවයන් අහිමි කරගත් ජීවිත සංඛ්‍යාව 70, 000ක් පමණ වන අතර, යුද්ධය අවසන් වූ 2009 වසරේ මැයි 09 වනදා එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කල ඇස්තමේන්තුවට අනුව මම් ගැටුමෙන් දකුණු ආසියාව අහිමිකරගත් ජීවිත සංඛ්‍යාව 80,000 සහ 100,000 අතර වන බව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඉන්දීය පරිපාලනයට ද නැගී එන තරුණ දීප්තිමත් අගමැතිවරයෙකු ද අහිමි වී ගියේ ය.
(හිටපු අගමැති රජීව් ගාන්ධි ඇතුළු තවත් 25 දෙනෙකුට පමණ මරණය කැඳවූ බෝම්බය බඩේ බැඳගෙන පැමිණි එල්ටීටීඊ සාමාජිකා කලවානි රාජරත්නම් හෙවත් තෙන්මෝසී රජරත්නම් රජීව් ගාන්ධි අගමැතිවරයාට මල්මාලය දමා වැඳ ආචාර කරන අතරතුර බෝම්බය පුපුරවා ගත්තීය. මේ ඊට සුළු මොහොතකට පෙර ඇය අවස්තාව උදාවන තුරු බලා සිටි අයුරු ය. මේ වනවිට මැය 22 වියේ පසුවූ අතර මීටත් වඩා තරුණ අවධියක දී ඇයව ඉන්දියන් සාම සාධක හමුදාවේ සොල්දාදුවෙක් මගින් ලිංගිකව දූෂණයට ලක් කර ඇත.)
එජාපයේ අත්තනෝමතිකත්වයට එරෙහිව එකටෙක නොකර ඉන්දීය පරිපාලනය පරිණත ප‍්‍රවේශයක් ගෙන කටයුතු කළේ වී නම්, මෙතරම් වූ වටිනා ජීවිත ප‍්‍රමාණයක් හානි නොකරගෙන මෙය කෙලවර කරගන්නට තිබුණි. ඉන්දීය ජාතික කොන්ග‍්‍රස් පක්ෂයේ නායිකාව බවට පත්වූ මියගිය රජීවී ගාන්ධි අගමැතිවරයාගේ බිරිය යුද්ධය පිළිබඳව ගත් එල්ටීටීඊ ආන්තිකවාදයට එරෙහි නොසැලෙන ප‍්‍රායෝගික ස්ථාවරය නොවන්නට මෙම යුද්ධය තවදුරටත් දෛනිකව මනුස්සයින් මරණ මැෂිමක් ලෙසින් ම ක‍්‍රියාත්මක වන්නට ඉඩ තිබුණි.
ඒ නිසා ලක්දේශයේ සමස්ත සිංහල, දෙමල, මසුලිම්, මැලේ සහ බර්ගර් ජනයා සෝනියා ගාන්ධි නැමති නිර්පාක්ෂික ඉන්දීය ස්ත‍්‍රියට ඔවුන්ගේ ආදරය පිරි ණයගැතිභාවය පිදිය යුතුය.
සාමාන්‍ය ගණනයට අනුව 4000කට පමණ ප‍්‍රමාණ ප‍්‍රමාණයක් ද, මානව හිමිකම් පිළිබඳ දෙමල මධ්‍යස්ථානයට අනුව 5000ක අසන්න පමණ ප‍්‍රමාණයක් ද වන දෙමල ජීවිත, ඩොලර් මිලියන 300ක් තරම් වටිනා දේපල සහ සම්පත් ද ලක්දේශයයට අහිමි කළ කළු-ජූලිය පාදක කරගෙන ගොඩනැගුණු ලක්දේශයේ සහ ඉන්දියාවේ පරිපාලනයන් අත්තනෝමතිකභාවයන් විසින් 100,000කට ආසන්න ජීවිත ප‍්‍රමාණයක් සහ ගැණිය නොහැකි තරමේ ආර්ථික විනාශයක් සිදුවන තැනට කටයුතු කිරීම අප පරිපාලනයන් දෙකෙහිම දේශපාලනාර්ථික සහ මානවීය අපරිණතභාවය බව පිළිබිඹු යුතු ය. අප කොයිතරම් ගැඹුරින් සහ අවිඥානිකව යටත්විජිතවාදී ඒංගලන්තකයින්ගේ බෙදුම්වාදී උගුලට හසුව තිබෙනවාද යන්න දශක ගණනාවක් පුරා මෙසේ ගෙවන ලද අසාමාන්‍ය මානව සමාජීය වන්දිය විස්න ම මොනවට පැහැදිලි කරදෙයි.
භාහිර බලවේගවලින් අප රැකී ආරක්ෂා වීම සහ ගෝලීයකරණය තුළ කලාපයෙන් පිට පවතින ප්‍රාග්ධන බලකේනද්‍රයන් වලට සහ ඒවායේ තර්ජනයන්ට හසු නොවී ඒවාට සංවිධානාත්මකව මුහුණ දීම සඳහා ඒකපාර්ශවයක් අයියා වෙන්නට හදන්නේ නැති සමාන සහ සමාන්තර නව-නූතන ගැඹුරු ඉන්දු-ලංකා මිතු දමක් ගොඩනැගීම ඉක්මන් සහ අනිවාර්යය කලාපීය කොන්දේසියක්ව පවතින්නේ ඒබැවිනි.
අප දෙරට මේ වගේ අපරිණත ක‍්‍රියාවලීන් වල යෙදෙන අතරතුර සහෝදර ඉන්දියාවේ සමස්ත ජනයාගෙන් තුනෙන් එකක් තවමත් කුසගින්නේ ජීවත් වන බවත්, ලක්දේශය ආර්ථිකව බංකොලොත් තත්වයකට පත්ව ඇති බවත් අවබෝධ කරගැනිමට දැන්වත් කාලය එළඹ ඇත. එනිසා ලක්දේශය සහ ඉන්දියාව පමණක් නොව සමස්ත දකුණු ආසියානු රටවල් සියල්ල ම ගෝලීයකරණයෙහි පවතින ගෝලීය කේන්ද්‍ර පාර්ශවීය වූ යොමුවට එරෙහිව කලාප පාර්ශවීය යොමුවක් සහිතව කලාපය තුළ රටවල් සහෝදර සම-ආර්ථික-ආයෝජනයන් වලට යොමුකරවන කලාපවාදී නව-ප්‍රාග්ධන අයෝජන සැලසුම් වෙත යොමුවිය යුතු ය. ඉන්දියාවට ලක්දේශය නැතිව බැරිවා සේ ම ලක්දේශයට ඉන්දියාව නැතුව බැරි බව තේරුම් ගත යුතුය. ඒ නිසා ලක්දේශය පුරා පැතිරී පවතින ස්ථාවර පක්ෂ යන්ත්‍රයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කලාපීය සහෝදරත්ව සංදර්භයක් තුළ පිහිටමින් ඉන්දියානු සහොදරත්වයට විවෘත් වීම සමස්ත කලාපය තුළ සිදුවෙන්නට නියමිත අනාගත මහා විනාශයක් ආපසු හරවන සුභ ලකුණකි.
ඉන්දියාවේ ජනයාගේ බඩගින්න ඉන්දියාවේ ප‍්‍රශ්නයක් පමණක් නොවන අතර, ලක්දේශයේ බඩගින්නද ලක්දේශයේ ප‍්‍රශ්නයක් පමණක් නොවිය යුතු ය. කලාපයක් තුළ සිටින අප අපගේ සහෝදර දේශයක් කෙරෙහි මානවීය නොවන්නේ නම්, බාහිරින් පැමිණ ඊට වඩා යහපත් මානවීයත්වයක් සැපයේ යැයි සිතිය හැක්කේ කෙසේද?
බලන්න!
කළු-ජූලිය නිසා එල්ටීටීඊයට සිදුවුණේ වාසියක්. එජාපය අත්කරගත්තේ ද වාසියක්.
කළු-ජූලිය නිසා එල්ටීටීඊ සංවිධානය විසින් ලොවපුරා අනුකම්පාව සේ ම මූල්‍ය සහ අනෙකුත් ප‍්‍රාග්ධන එකතුකරගත හැකි වාසි-අවස්ථා උදාකර ගත්තේ ය. එජාපයට තම ඇමෙරි-යුරෝවාදී අත්තනෝමතික නිර්-ස්වදේශවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය බහුජන අවධානයෙන් වියුක්ත කරගෙන කරගෙන ක‍්‍රියාත්මක කිරීමට සහ පවත්වාගෙන යාමට හැකිවිය.
මෙසේ 1981 දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණය පාදක කරගෙන ජේ.ආර්.-ගාමිණී-රනිල් ප්රමුඛ එජාපය යාපනය තුළ පැතිරවූ දෙමල විරෝධී භීෂණය සහ ඔවුන් ම 1983නේ දකුණු ලංකාව පුරා ඇති කළ දෙමල විරෝධී භිෂණය යන සංසිද්ධීන් දෙක ම සමාන අයිය මලෝ සංසිද්ධීන් දෙකක් ලෙසින් සැලකිය හැකි ය. මෙය, 1815ට පෙර ලක්දේශයේ කිරීටය නියෝජනය කළ ථේරවාදී බුදු දහම පාදක කරගත් සමූහවාදී පාලන තන්ත‍්‍රයේ පාලනාධිකාරී යොමුවට ප‍්‍රතිපක්ෂ වන, එංගලන්තක කිරීටය විසින් ලක්දේශය තුළ පැලදියම් කරන්නට යෙදුනු ඩොයිලියානු වරිගවාදී බෙදුම්වාදයට පක්ෂග‍්‍රාහී ස්ථාවරයක් නියෝජනය කළකි. මේ ඒජාපවාදී සිද්ධි දෙකෙනන් ම බහුතර සාමකාමී සිංහල ජනයාගේ ආත්මගරුත්වය සේම රටක් සියළු සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් සාමූහිකත්වයේ ම ආත්මගරැත්වය නිග‍්‍රහවට පත් කෙරුණේ ය.
1981 දී යාපනයේ පුස්තකාලය ගිනි තබන විට එහි තිබූ දෙමල භාෂාවෙන් ලියූ ධම්ම පදය ග‍්‍රන්ථය ද පුළුස්සා දමන තත්වයට පත්වීම දක්වා බහුතර සිංහල ලක් සමාජයේ ම ප‍්‍රඥා විරහිත පටු සමාජ මානසිකත්වයකට ඇද වැටීමක් ලෙසින් වැරදි-අර්ථකථනයට බඳුන් විය. එයින් සමස්ත ලක්වැසි සිංහලයින් ලොව පුරා නෝන්ඩි විය. එම අන්තර්ජාතික නෝන්ඩිය දෙමල බෙදුම්වාදීන් විසින් තම අන්තවාදී උවමනාවන් උදෙසා අවභාවිතයට ගත්හ.
(“මේ කවුද මොනවද කරන්නේ?”)
පොදුවේ ඕනෑම දහමක්, දර්ශනයක් හෝ ආගමක් ඓතිහාසිකව වෙනස් වීමකට ලක්වීම පොදු ධර්මතාවක් බව සැබෑ ය. නමුත් ලක් දේශයේ ථේරවාදී බුදු දහමට සිදුවූ දෙය, ඊටත් එහා ගිය නව අහඹු, සුවිශේෂී, කෘතිම, විකෘති සහ ව්‍යාජ බෙදුම්වාදී සිත් හැරවුම් තත්වයකි.
ඒ නිසා ශිෂ්ට දහමක් කෙලෙසූ මේ විනාශයන් දෙක පිටුපස සිටින අවතාරමය බල-දේශපාලනික ඝාතකයා යටත්විජිතවාදී ලන්ඩන් පරිපාලනය බව අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇත. ඒ නිසා, සාමකාමී අවිහිංසක බොදු දිවි පෙවෙතක් සහිත අහිංසා කතිකාවක් යටතේ දිවි ගෙවූ ලක්වැසි සිංහල, දෙමල, මුස්ලිම් සහ මැලේ ජනයා බෙදුම්වාදීන් ලෙස කා මරාගන්නා පිරිසක් බවට පත්කිරීම සම්බන්ධයෙන් දැන්වත් එංගලන්තකයින්ගේ ලන්ඩන් පරිපාලනය ලක්දේශයෙන් සමාව ගත යුතු ය. සියවස් ගත වී හෝ සමාව ගන්නට තරම්වත් බැහැපත් බවක් නොමැති බෙදුම්වාදී ලන්ඩන් පරිපාලනය, සමූහවාදී ලක් කිරීටයට සාපේක්ෂව අශිෂ්ට වන බව අවම තරමින් දකුණු ආසියනුවන්වත් තේරුම්ගත යුතුව ඇත.
(සංස්කෘත භාෂාවෙන් ලියන ලද නේපාලයේ බොදු-ධර්ම-ග්‍රන්ථයක භාෂා වියමන)
පොදුවේ ගත් කල, හැම ආගමක් දහමක් සේ ම බුදුදහමට අදාළ ධර්ම-සංග‍්‍රහ-වියමන් (Canonical Texts) ද නිතොර භව-හිමිකරුවන්ගෙන් කිලිටි වෙමින් සහ නිර්භවීය වහන්සේලාගේ ධර්ම-සංගයානා නිසා සාපේක්ෂව පිරිසිදු වෙමින් පැවත ආ සංකේත පද්ධතීන් ලෙසින් හඳුනාගත හැකි ය. ඒ නිසා නභි-තුමන් හෝ ජේසු සමිඳුන් හෝ බුදු සමිඳුන් හෝ දෙසා වදාළ ලෙස ම පවතින ඔවුන්ගේ ඔරිජිනල් ම භාෂා-සංකේත-වියමන් අද අප අතර ඒ මුල් ආකාරයෙන් ම නොපවතින බව පිළිගැනීමට කවුරුත් නිහතමානී විය-යුතුව ඇත. වෙනස්වීම ස්වභාවික ධර්මතාවක් ලෙස අව්‍යාජව භාරගැනීම තුළ ම යටකී ප‍්‍රවාදය පිළිගැනීමට සිදුවෙයි. නමුත් ඒ නිසා ම, අද අපට හමුවන ධර්ම-භාෂා-සංකේත-වියමන් (Doctrinal-Symbolic Language Texts) වල ඇති සමස්ත හරය ම ඒ මහා-ශාස්තෘ-තැනැන්වහන්සේලාගේ කේන්ද්‍රීය-සිතුමෙන් (Central-Signified) මුළුමනින් වියුක්තව පවතින්නේ නැති බව ද සමබරව තේරුම් ගත යුතු ය.
ඒ නිසා යම් වාග්-විද්‍යාත්මක, මානව-වංශ-විද්‍යාත්මක, මනෝ-විද්‍යාත්මක සහ පුරා-විද්‍යාත්මක විෂය විනයන්වල යොමුවන් ඔස්සේ සහ මනුස්ස ජීවන පැවැත්මට අදාළ පොදු සාධක විනිවිදීම හරහා යෑම ඔස්සේ, සියවස් ගණන් තිස්සේ විවිධ උපකල්නයන්ට ගොදුරු වූ එකී ධර්ම-භාෂා-සංකේත-වියමන් කෙරන් මුල් වක්තෘවරයාගේ සමස්ත අරුතෙහි අනුරුවක් හෝ හසුකරගැනීමට දකුණු ආසියානු ජනයාට හැකි විය යුතුය යන්න කතුවරයාගේ ධනාත්මවාදී අදහස යි.
@අරවින්ද හෙට්ටිආරච්චි