පළමුව මේ ලියමන කොටස් අටක් ම මා දකින මව්බිම සටහන් කලෙමි. එය අදින් පසු " අප දකින මව්බිම " යයි සටහන් කරන ලෙස රටට හිතැති පිරිසක් මගෙන් ඉල්ලා සිටියේ පෙරේදාය.
ඉදින් ඔවුන් මට දුන් ඒ ශක්තිය අනුව අද පටන් ලියවෙන ඉතිරි ය අප දකින මව්බිම යනුවෙන් සටහන් කරන බව ගෞරවයෙන් සටහන් කර තබමි.
මුලික නිතිය හා දේශපාලන ව්‍යූහය හා යුක්තිය පසිඳලීම
රටේ මුලික නීතීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.ඒ ව්‍යවස්ථාව මගින් අනෙක් සියළුම නීතීන් උත්පාදනය වේ.නැතහොත් එම නීතීන් සියල්ල ප්‍රදානය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලිනි. 1972 ජනරජ ව්‍යවස්ථාවත්,1978 විධායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් බාවිතය හා සංයුතිය හා සංකල්ප අතින් අපේ රටේ ජන ජීවිතය ආමන්ත්‍රණය නොකරන බවට ගරා වැටි ඇති රාජ්‍ය,පරිපාලන, අධිකරණ හා දේශපාලන දේහය දකින විට සහතික වේ, මෙය වෙනත් වචන වලින් කිවහොත් කුණු වී ඕජස් ගලන ක්‍රමවේදය බිහි කරන්නේ එකී ව්‍යවස්ථාවන් දෙක මගිනි.
ජනරජ ව්‍යවස්ථාව නාමික නිදහසින් පුරණ නිදහසට රට ගෙන ආවත් වැඩුණු දේශපාලන බාවිතාවක් නොතිබුණු නිසා ලංකාවේ අධිකරණ ය පිරිහී යාමට පළමු හේතුව වුයේ එම වෙනස්කම ය. අනෙක් අතින් එය ජාතික වශයෙන් ක්‍රියාත්මක වුයේ වසර 05 කි. විධායක ක්‍රමය බිහිවනුයේ 1978 දීය. 1977 අගමැති වරයා ලෙස පත්වන ජේ ආර් ජයවර්ධන මහතා අගමැති කමේ සිට ජනාධිපති වුයේ චන්ද 23000 ක් ලබා ගනිමිනි. ඒ පත්වීම ඊලඟ මැතිවරණය දක්වාම අභ්‍යාස කරන ලද්දේ බලහත් කාරයෙන් බව මගේ හැඟීමයි. අද වන විට ජනාධිපති ක්‍රමය බලහත් කාරී, රටේම බලය ගොණු කරගෙන අකාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නකි. ඒ නිසාම හිටපු ජනාධිපති වරයා නැවත කැඳවීමට හෙවත් එලවා ගැනීමට ජනතාවට සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ලෙසද ක්‍රියාත්මක වෙමින් ජනමතයට පිටින් බලයේ සිටීමට ගන්නා උත්සාහයක් අපට දැනේ.මෙලෙස පුද්ගලයකු වෙත පැවරෙන සමස්ථ බලය රටක අනෙකුත් අංශ වල අධීක්ෂණය හා තුලනය බැහැර කර අරාජක කරවයි. එක් පුද්ගලයකුට රටේ සියළුම අංශ අධීක්ෂණයෙන් පාලනය කල නොහැකිය. රටේ දුෂිත බවට හා අරාජක අකාර්යක්ෂම බවට හේතුව විධායක ජනාධිපති ක්‍රමයේ නොගැලපීමය.
අනෙක් අතින් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ ක්‍රමය රටේ ජනතාවට වග නොකියන පාර්ලිමේන්තුවක් මෙන්ම දේශපාලන දේහයක් හා සංස්කෘතියක් බිහි කර තිබේ. අධික වියදම් කාරී සහනාධාර මැතිවරණ ක්‍රමය විසින් ජනමතය විකෘති කර තිබේ. මේ නිසාම ඩිගිටල් යුගයේ ඉදිරිගාමී දේශපාලන ක්‍රියාවන් තරුණ පරපුර අතට පත් වීමෙන් ලංකාවේ දේශපාලනය වැදගත් නොවන ,දුෂිත දේහයක් බවට ප්‍රකාශ කරමින් ලංකාවේ දේශපාලන දේහයට විරුද්ධ වීමට තරුණ පරපුර කටයුතු කරයි. එහෙත් ලංකාවේ දැනට මැතිවරණ වලට ඉදිරිපත් වී ඇති කිසිම පක්ෂයක් මේ දේශපාලන දේහය නිවැරදි කරන්නට සැලසුමක් ඉදිරිපත් කරන්නේ නැත. ඒ නිසාම ලංකාව පවතින දේශපාලන, පරිපාලන,නෛතික හා රාජ්‍ය දේහය වෙනස් කරමින් සුබවාදී ගමනකට ඉදිරි කාලයේ අවතීර්ණ වනු ඇතැයි සිතිය නොහැකිය.
කෙසේ නමුත් ලංකාවට පහලට විසිරි ගිය දේශපාලන, නෛතික හා අධිකරණ මෙන්ම රාජ්‍ය බලයක් සහිත ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වී තිබේ. එය බිහි කල හැක්කේ මුලික නිතිය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසකිනි.එය බොහෝ විට විවිධත්වය තුල ඒකීය භාවය ආරක්ෂා කරන කුඩා පරිපාලන එකක ශක්තිමත් කරන එකක් විය යුතුය. දේශපාලන දේහයේ අධීක්ෂණය හා තුලනය වෙනුවෙන් සෙනෙට් සබාවක ආකෘතියක් ලංකාවට අවශ්‍ය වේ. ප්‍රාදේශීය තලයේ දේශපාලනය වැටුප් නොගෙවන ස්වෙච්චා සේවයක් විය යුතු අතර නිලධාරි දේහය ක්‍රමවත් හා සක්‍රිය විද්‍යුත් කරණයකට ලක් විය යුතුය. ශක්තිමත් කුඩා පරිපාලන ඒකක රටේ අරමුණ වෙනුවෙන් කිසියම් එකමිතියකට හා එකමිතියේ ප්‍රමිතියකට සංවර්ධන සැලසුම් දියත් කිරීමට කාර්‍යක්ෂම කල හැකිය.මෙය රටේ දේශපාලන දේහය ශක්තිමත් කර ගැනීමට අත්‍යවශ්‍ය කරුණකි.
මීට අමතරව මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු අනිවාර්‍ය අංගයකි.එය ආණ්ඩු ක්‍රමය තුලින්ම නිවැරදි කල යුතුය. තවද පාර්ලිමේන්තු මැතිවරණ හා පාදේශිය මැතිවරණ එකම දිනක පැවැත්වීමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය වේ.විද්‍යුත් ගණනය කිරීම් මැතිවරණය පවත්වන ස්ථානයේදීම ඉටු කිරීම මගින් ඉතා අඩු වියදමකින් ඉතා ඉක්මනින් ප්‍රථිපල කියවා ගත හැකි ක්‍රමවේදයක් සැකසීමෙන් මැතිවරණ වියදම් ,සැණකෙළි, අවම කරගෙන ප්‍රජාතන්ත්‍ර වාදය භුක්ති විඳීමේ කලාවක් බිහි කර ගත යුතුය.දැනට සිරි ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ක්‍රියාත්මක වන්නේ චන්දය දෙන දිනයේ පමණි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනතාවාදී හා ප්‍රයෝගික එකක් ලෙස සම්මත කර ගැනීම අප විසින් ඉටු කල යුතුය.
ලංකාවේ නීති පද්ධතිය අතීතයේ බොහෝ නීති පද්ධතීන් වල එකමුතුවකි. ජන සමාජය මෙන්ම නීති පද්ධතිය ද බහු විධය. ලංකාවේ නීති පද්ධතිය දියුණු එකක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් දේශීය හා ජාත්‍යනතර වශයෙන් අපට පසුගාමී ජාතියක් ලෙස දිගින් දිගටම කටයුතු කිරීමට සිදුවේ. ලෝකයේ දියුණු ව්‍යාපාර හා ආරක්ෂණ නීතීන් සහිත රටවල ආයෝජකයන් ලංකාවට ආයෝජනයන් උදෙසා පැමිණෙන්නේ නැත. හේතුව ආරක්ෂණ නීති හා වාණිජ නිතින්ය. ගිවිසුම් නිතින් මෙන්ම අධිකරණ පද්ධතියේ ක්‍රියා පටිපාටිය සංකීරණ හා දුෂිත වීමය. ලංකාවේ නීති පද්ධතිය ඉතා ශක්තිමත් දියුණු එකක් බවට පත් කිරීමට කටයුතු කිරීම ඊලඟට පත්වෙන ඕනෑම ආණ්ඩුවක වගකීමය. කල්ගත වෙමින් තිබෙන නඩු අවසන් කිරීමට හා නඩු තීන්දු වලින් දඬුවම් ලබන්නන් රජයට බරක් නොවන ලෙස නඩත්තු කිරීම හා සමාජගත කිරීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී වැදගත් විය යුතුය. අධිකරණ හා බන්ධනාගාර පද්ධතිය ක්‍රමවත් විය යුතුය. අපරාධ කරුණු හා සිවිල් කරුණු මෙන්ම අධිකරණය හා පොලිසිය අතර සම්බන්ධය යන කරුණු අධීක්ෂණය කිරීමේ ඉහල අධිකාරයක් ගොඩ නැගිය යුතු අතට මේ ආයතන වල තත්ත්ව කළමනාකරණය ගැන ආයතන බිහි කල යුතුය.
නීතිය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා රටේ ක්‍රමවේදය පාසල් අධ්‍යාපනයේ කොටසක් කිරීම අනිවාර්‍ය කල යුතුය.ලංකාව නීතියේ ආධිපත්‍යයේ රාජ්‍යක් බවට පත් කිරීම මේ මොහොතේ අතවශ්‍ය කරුණකි.එය පවත්වාගෙන යාම ජාතියේ අනාගතය සුරක්ෂිත කරන කරුණකි. දුෂිතයන්ට හෝ,දේශපාලන හා ආර්ථික අපරාධ වලට යුක්තිය පසිඳලිය යුත්තේ දේශපාලනය යැයි මතයක් ජනගත වී තිබීමම වැරදිය. අධිකරණය ස්වාධීන ව එය ඉටු කරන රාජ්‍යයක් අපට අවශ්‍යව තිබේ. මේ නිසා රටේ මුලික නීතියෙන් ප්‍රධානය කරන නීතීන් ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය සාධනීය ලෙසට ගොඩ නැගීමට අවශ්‍ය දැනුම,හැකියාව හා උවමනාව තිබෙන දේශපාලන ප්‍රවාහයක් ගොඩ නැගීම වැදගත් වේ. මෙය අප දකින අනාගත මව් බිමේ වඩාත් වැදගත් ම කරුණකි.
@සුභාෂිනී විෆ්ලර්
විධායක අධ්‍යක්ෂිකා,
ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය.
ජර්මනිය.