SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 (හඳගමගේ මුහණු පොත් ප්‍රකාශයක් හා බැඳේ)

 

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ බලපු අයට කතාව මතක නම්, ඒකෙ තියෙන්නේ ගැහැණියක් පිරිමියෙක් ලෙස වෙස් මාරු කරගෙන තවත් ගැහැණියක් සමග විවාහ වී ගත කරන ජීවිතයක් පිළිබඳව. ගරාජ් එකක mechanic ලෙස රැකියාව කරමින්, අසල්වාසී තරුණයන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් පිරිමියෙකු ලෙස ගෙවන සාමාන්‍ය ජීවිතයේ සමබරතාව බිඳෙනවා හදිසියේ සිදුවන සුළු අනතුරක් නිසා අසල ඩිස්පෙන්සරියට යාමට සිදුවීමෙන්. එහි දී ඇගේ ලිංගික අනන්‍යතාවය විකෘති ලිංගික ආශාවන් ඇති වෛද්‍යවරයා ට හෙළිදරව් වෙනවා. වෛද්‍යවරයා ඇගේ මේ ව්‍යාජ ලිංගික අනන්‍යතාවය පිළිබඳ දැනුම තම ලිංගික උවමනාවන් වෙනුවෙන් ආයෝජනය කරන්න යෑමෙන් අවසානයේ මේ පිරිමි/ගැහැණිය අතින් මැරුම් කනවා. ඇය තමාගේ ස්ත්‍රී පුරුෂ භාවය දැන ගැනීමට පුල පුලා සිටින අසල්වාසීන් ඉදිරියේ ගැහැණියක ලෙස පෙනී සිටිනවා. ඇයව මිනීමැරුම් චෝදනාවට සිරබාරයට ගන්නවා.

 

තනි තටුවෙන් පියාඹන්න ෆිල්ම් එක පෙන්නන දවස්වල, ඒ කියන්නේ 2003, (එතකොට X කණ්ඩායම කැඩිලා නැහැ. ) කොළඹ public library එකේ තිබුණා ඒ ගැන සම්මන්ත්‍රණයක්. ඒ සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ රෝහිත භාෂණ සහෝදරයා බල්ගේරියානු-ප්‍රංශ දාර්ශනික Julia Kristeva, උපුටා දක්වමින් කියා සිටියේ, කෙනෙක් තම අනන්‍යතාව සඟවමින් කරන ( දේශපාලන) අරගල අවසානයේ ඛේදවාචකයකින් ම කෙළවර වෙන බවයි.

 

රොහාන් පෙරේරා, සිය මුස්ලිම් අනන්‍යතාවය සඟවා ගත්තේ ඇයි? එය එලෙසම පවත්වා ගනිමින් “ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ” ඩෙරීඩා විසංයෝජනය කළ නොහැකිද?

(අශෝක හඳගම මුහුණු පොතෙන්)

 

හඳගමට කොක්කක්... තිරය පිටුපස වීරයාට අනතුරු ඇඟවුමක්!(අරවින්ද හෙට්ටිආරච්චි)

නාමකරණය (Nomination) යන්න භාෂා-විද්‍යාත්මකව නිරික්සිය හැකි, විද්‍යානුකූලව ගවේශනයට සහ විශ්ලේෂනයට බඳුන් කළ හැකි ප්‍රපංචයක්.

 

ජාතිය, කුලය හෝ වෙනත් බෙදීමක් අනුව තම තමන්ට ඇති සමාජ මතයන් පරිදි රොහාන්ට මුස්ලිම් නමකින් ම පෙනී හිඳ අවංක වෙන්න තිබුණා යැයි යමෙකුට තර්ක කරන්නට පුළුවන්. නමුත් ඒ්, කතිකා විද්‍යාව පිළිබඳ පෝෂිත දැනුමක් නැති නග්න නූතන සමාජ-විද්‍යාවන්ට අනුව හෝ ජාතිවාදී හරයකට අනුව පමණ යි.  

                                             

නමුත්, රොහාන් කියන්නේ, කතිකා පිළිබඳ නව-නූතන විද්‍යාවන් ද හදාරා, ඊට අදාළ වඩා පෝෂිත සමාජ-විද්‍යාවක් යම් පමණකින් හෝ ලක්දේශය තුළ නූතන ආකාරයකට ජනගත කරපු චරිතයක්. ඔහු ජනගත කරන ලද සමාජ-වියමනේ (Social Text) හෝ ඔහු ගත කළ දේශපාලානර්ථික ජීවිතයේ අඩුපාඩු ඇත්නම් ඒ්වා විවේචනය කිරීම අදාළ වෙන්නේ වෙනත් ම ශිෂ්ට සංදර්භයකට යි. ඒ මේ ලියමන රොහාන්ව විවේචනය කිරීමට එරෙහිව නෙවෙයි. මේ  ලියමන, දැන හෝ නොදැන තම මතය දරන කුළුපග උදවිය වෙනුවෙන් පෙනී සිටින්නට ගොස් ජොකා ලිහිල්වී ඇට දෙකින් එකක් පිටතට පනිනවා සේ, සංවාදය අනදාළ සහ සංදර්භ විරෝධී අපහාසාත්මක ඉමක් කරා පිටපැනීම හෙවත් පූසා මල්ලෙන් එළියට පැනීම පිටුපස ඇති දුෂ්ට පොලොං වංශයේ දේශපාලනය හෙළිදරව් කිරීම ය.   

                                                                                           

ඒ නිසා කතිකා විද්‍යා පිළිබඳ හාන්කවිසියක්ව වත් නොදැන සිටි සමාජයකට සාපේක්ෂව රොහාන්ගේ ඥාන-විභාය විශාලයි සහ නූතනත්වය පරයා ගිය දේශාපාලනාර්ථික උපායමාර්ගයටන්ට විවෘත්ත යි. යට සඳහන් මුහුණු පොත් පොස්ටු ලියූ අශෝක හඳගම සහ ඊට සමාන්තරව අදහස් කියපු ඉනෝකාට සත්‍යංගනීට ලක්දේශය තුළ කතිකා ප්‍රවර්ධනය වූ ඉතිහාසය පිළිබඳ විශ්ලේෂිත දැක්මක් නැති බවයි පේන්නෙ. ඒ් හින්ද අනෙක් කොයි කොලඹ මධ්‍යම පංතිකයෙක් වගේ ම එයාලත් “ජාතිවාදය හෝ වරිගවාදය වැරැද්දක්” කියන වැදගත් මානවවාදී මතය දාර්ශනික කාරණාව විදිහට විතරක් වියුක්තව උපුටා දක්වනව.

 

මෙතන උගුලක් පවතිනව.

 

Pic B

 

මන්ද, මොන දාර්ශනික කාරණාවක් වුනත් ජීවත් වෙන මහපොළවට ගැලැප්පීමේ දී එය හුදු නග්න දාර්ශනික න්‍යායික වාක්‍යයක අරුතින් එහා ගිය ප්‍රායෝගික දේශපාලනික උපායමාර්යක් නිසා. මං දැනුවත්ව, රොහාන් මේ කතිකා-විද්‍යාත්මක යථාර්තය සහ ප්‍රායෝගික උපායමාර්ගය දැනං හිටියා. බටහිර යටත්විජිතවාදීන් විසින් වරිගවාදී බෙදුම්වාදය කතිකාගත කරන ලද ලක් පොළවක සහ එයට ද සියවසකට වඩා පැරණි ඉතිහාසයක් පවතින ලක් පොළවක ජීවත්වන දේශපාලක ප්‍රභූන් සහ ඔවුන්ට හසුවුණූ බහුතර පාක්ෂික ජනයා හදිසියේ ඇඳුම් ගලවා දානවා වගේ වරිගවාදී බෙදුම්වාදය හෝ ජාතිවාදය අතහරින්නේ නැහැ. අදටත් අතහැරල නැහැ.

එහෙම සිතීම මායාවක්.

pic C

 

කොලඹ-නුවර-ගාල්ල නගරවල ඉන්න සිංහල සහ දෙමල බැරි හෝ තටමන ගමන් ඉංග්‍රීසි හොඳට ම පුළුවන් විකෘති ඩොයිලියානු මධ්‍යම පංතියට නම් මේක මායාවක් නෙවි. ඔවුන්ට අනුව ජනතාවගේ වරිගවාදී ජාතිවාදය හෝ බෙදුම්වාදය ඉවත් කරන්න දේශපාලනාර්ථික උපායමාර්ගයක් උවමනා නැහැ. රාජ්‍ය නොවන සංවිධාන ටිකකින් දාර්ශනිකව දෙසුවහම ඇති. රනිල් හරහා 13වෙනි සංශෝධනය ගත්තහම ඇති.  

 

නසසපේ හිටපු ශෂී එයාගෙ මිතුරෙකුට යැවූ අන්තර්ජාල පණිවුඩයක “බාහුගේ තත්වය දැන් හොඳ මදි, අපිවත් ජතික ප්‍රශනයට මොකක් හෝ මැදිහත්වීමක් කරන්න ඔිනි අප්පා” වැනි අරුතක් ලියා තිබුණා. ඒකෙන් ගම්‍ය වන්නේ “ජාතිවාදය ඉවර නෑ අප්පා” වැනි අරුතක්.

ඒ්ක සහතික ඇත්ත.

 

Pic D

 

ලංකාව තුළ වසර 30ක යුද්ධයක් අවසන් වුණාට, තවම ජාතිවාදය, වරිගවාදය, කුලවාදය, නිකායවාදී කුලවාදය වගේ බලදේශපාලනික බෙදිම්දී ඉවර නැහැ. ඒ් නිසා ජාතිවාදය හෝ වරිගවාදයට හෝ ආගම්වාදයට හෝ කුලවාදයට හෝ තුඩුදෙන වෙනත් කුමන හෝ  බෙදුම්වාදයකට එරෙහිව හුදු නූතනවාදී සමාජ-විද්‍යාත්මක ප්‍රවේශය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ප්‍රගතිගාමී නූතනවාදි සමාජ-විද්‍යාත්මක හරය ජයගන්වන්නට නම් එය නග්නව ප්‍රකාශ කිරීම පසෙකලා, ඊට නව-නූතන කතිකා-විද්‍යාවන්, මනෝවිශ්ලේෂන-විද්‍යාවන්, මානව-වංශ-විද්‍යාවන් සහ පුරා-විද්‍යාවන් වැනි තවත් ආධාරක විෂයන්ගේ සහයන් ලබාගත යුතුයි.

 

ඒ් නිසා වරිගවාදී ජාතිවාදය හෝ බෙදුම්වාදයට අදාළ කතිකාමය යථාර්ථය නොදැන ඒ ගැන විවාද කරන්නට යෑමෙන් අවශය පිළිතුර හෝ විසඳුම ලැබෙන්නෙ නැහැ. මේ වෙලාවේ රොහාන්ට විරුද්ධව කියන මොකක් හෝ තම වාසියට හරවගන්නට බලාං ඉන්න, රොහාන්ගේ ජීවිතය හා සම්බන්ධ ඉතිහාසයේ වැරදි, අත්වැරදි සහ අපරාධ රාශියකට වගකියන්නට නියමිත දීප්ති කුමාර ගුණරත්නට තාවකාලික ආතල් එකක් ලැබෙනවා වගේ සින්න සිල්ලර වැඩක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ.

 

ඩේසි රාසම්මා ඩැනියෙල් යන්න රුක්මනී දේවී වීමත්, ඇල්බට් පෙරේරා යන්න අමරදේව වීමත්, 80 දශකයත් පහුවෙලා මොහහොමඩ් අවුෆ් හනීෆා යන්න ශෂී විජේන්ද්‍ර වීමත්, ඈත අතිතයේ පවා ද්‍රාවිඩ සම්භවයක් ඇති ජේ .ආර්. ජයවර්ධනගේ ද්‍රාවිඩ මුත්තා තමන් විවාහ වූ ස්ත්‍රියගෙන් ජයවර්ධන වාසගම් කෑල්ල අරගෙන ඉතිරි ටික බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් අරගෙන දොන් ඒඩ්‍රියන් ජයවර්ධ්ධ වීමත්, ඉන්දියාවේ පහළ කුලයේ දේවාල පූජක තනතුර දැරූවන්ගේ වාසගමක් වූ නීලපෙරුමාල් පණ්ඩාරම් යන්න ප්‍රභූ බණ්ඩාරණායක වීමත්, බටහිර අධිරාජ්‍යාවාදින්ගේ පැමිණීමත් සමඟ රටේ බහුතරයක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි නම් දමා ගැනීමත් හෙවත් නාමකරණ වෙනස්කරගැනීම් පසුපස ඇත්තේ හුදු නම් වෙනස්කරගැනීමෙන් එහා ගිය කතිකා-විද්‍යාත්මක යථාවකි.

 

Pic E

 

එක්කෝ හඳගමට සහ සත්‍යාංගනීට මේක තේරෙන්නේ නැහැ. නැත්තං කතාබහක දී හෝ තනිව සිතීමේදි නූගත්කමේ හෝ කුමන්ත්‍රණකරුවෙකුගේ උගුලකට අහුවෙලා.

 

1801 වසරේ ජොන් ඩොයිලි ලක්දේශය මතට ගොඩබැසීමත් සමඟ එංගලන්තකයින් විසින් ස්ථාපිත කළ බෙදා පාලනය කිරීමේ යටත්විජිතවාදී උපායමාර්ගයට අනුව ඩොයිලිගේ ඔත්තු සේවය විසින් බලදේශපාලනිකව කතිකකාගත කල “ශ්‍රී විකුම රාජසිංහ දෙමලා”ය කියාගෙන පැමිණි ඩොයිලියානු බෙදුම්වාදී මතයත්, ඒයින් වසර සියකට වඩා වැඩි කලෙකට  පසුව, එම බෙදුම්වාදී මතය ම නගන්ව එංගලන්තකවාදි ඩොමීනියන් ව්‍යවස්ථාවක් තුළ ඩොයිලියානු බණ්ඩාරනායක හරහා “සිංහල ඔන්ලි” පනත ලෙසින් වස්ථාපිතව ප්‍රකාශයට පත්කිරීම හරහා  බිහිකල වරිගවාදී බෙදුම්වාදී කතිකාවත්, 1977ට අදාළ ආන්ඩුවේ ඩොයිලියානු ජේ.ආර්. ජයවර්ධන විසින් එම බෙදුම්වාදය ම භීෂණකාරී ප්‍රචන්ඩ අන්තයක් කරා ගෙනයමින් 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය යටතේ යාපනයට ගොස් ගාමිණී දිසානායක-සිරිල් මැතිව්-ගාමිණී ජයවික්‍රම පෙරේරා-පෙස්ටස් පෙරේරා-රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒජාප පාක්ෂික වූ ඔවුන්ගේ ඥාතී හමුදා ප්‍රධානීන් සහ ඒජාප හිතවාදීන්ගෙන් සැදුම්ලත් රිසව් පොලිස් කාරයින් නඩය විසින් ඵෙතිහාසික යාපනයේ පුුුුස්තකාලය ඇතුළු දේවාල කඩ සාප්පු ගිනතැබීම් සහ හොරකං කිරීම් සිදුකිරිමත්, ඒ් රිහසල් ඒකේම දිගුවක් ලෙස 1983නේ ඒජාපයේ සංවිධානය යටතේ සිංහල බහුතර ජනයාගේ නම ගසාකමින් ඇති කළ කළු-ජූලියෙන් හාරදාහකට වැඩි ප්‍රමාණයක දෙමල අනන්‍යතාවය ඇති මනුසසයින් මරා දමා, මහා දේපල හානි සහ කොල්ලකෑම් සිදුකළ රටක අධිපතිධාරී ප්‍රධාන බලදේශපාලන කතිකාව මොකක්ද කියල හඳගමයි සත්‍යංගනීයි තේරුම් ගතු යුතුයි.

 

ආර්ථිකයක් විනාශයට යන බව දැන දැන ඒ් ගන වගක් නැතුව වසර 30ක වරිග යුද්ධයක් කරපු රටක අධිපතිධාරී ප්‍රධාන බලදේශපාලන කතිකාව මොකක්ද කියල රොහාන් හොදින් දැනං හිටියා. ඒවැනි බලදේශපාලන කතිකාවක මුස්ලිම් නමින් පෙනී සිටියා නම්, රොහාන් සමාජයට කරපු කිසිවක් ඔය තරමින් සමාජගත කරගන්න වෙන්නේ නැහැ. මොකක්හරි කොක්කක් ඇදල ඔය ටිකවත් කරගන්න දෙන්නේ නෑ. සුළුතර වූ ජාතීන්ට තබා බහුතර සිංහල පජාතිකයින්ට ද නිදහසේ දේශපාලනය තියා මොන මගුලක්වත් කරන්න ඉඩදෙන රටක් ද මේක? අනික ප්‍රධාන ප්‍රශ්නෙ රොහාන් මුස්ලිම් නමකින් පෙනී හිඳපු ඒකද, නැත්නම් ඔහු අකලට මියගිය ඒකද? මේ යටගැසෙන්නේ කුමක්ද?

 

කළ යුතුව තිබුණේ, රොහාන්ගේ හදවත් රෝගයට බලපාපු ශාරිරික තත්වයන්හෝ අත්විඳඟපු මානසික හිත්රිදීම් හෝ මානසික ආතතීන් මොනවාද කියල හොයල බලන එක. ලන්ඩන් ශිෂ්ටත්වට ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. කොහාමත් ලන්ඩන් ශීෂ්ටත්වය කියන්නේ හිතක් පපුවක් නැති අශිෂ්ටත්වයක්. කේරලේ අහිංසක සාමාන්‍ය ඉන්දියානු මනුස්ස ශරීර මිලියන 04ක් සාගතයෙන් මැරෙද්දී යුරෝ ග්‍රීකයෙකු තරම් ‌කළු ඉන්දීය කේරලයෙක් වටින්නේ කොහොමද?, කියා ආහාර සැපයුම් නවතාගෙන ම සිටි අශිෂ්ට එංගලන්තක අගමැති චර්චිල්ගේ ලන්ඩන් ශිෂ්ටත්වය කතිකා කරන තැනට එක්ස් කණ්ඩායම මෙහෙයවන්න ගිහිං ලෝක සෞඛය සංවිධානයට විසින්වත් නිර්දේශිත සෞඛය හා සම්බන්ද රොහාන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරමින් ලන්ඩන් සඟරාවක පිටු පිරෙන්න කරපු කැලෑ මනෝ-විශ්ලේෂණය වියමන හරහා කෙරුණු නෛතික සහ මනෝ-විශ්ලේෂණික අපරාධයෙන් (Legal plus Psychological Crime) මේ හෘදරෝගයට බලපෑමක් තියෙනවද නැතිද වැනි සංවාදයක් ඊට වඩා ප්‍රයෝගික නැතිද?

 

කේන්ද්‍රීය භෞතික සාධකය හෝ යමෙකුගේ ක්‍රියා-වියමනක කේනද්‍රීය තීසිසය බැහැරකොට හුදු පරිවාරික නාමකරණයක් සම්බන්ධ උපායමාර්ගයක ම එල්ලීමෙන් හෙළිදරව් වන දේශපාලනය කුමක් ද? භෞතික සම්පත් ලබා ගැනීමේ සහ සමාජ තත්වයක් අත්කර ගැනීමේ වාසිය උදෙසා ජේ .ආර්. ජයවර්ධනගේ ද්‍රවිඩ මී මුත්තාට දොන් ඒ්ඩ්‍රයන් ජයවර්ධන විදිහටත්, බන්ඩාරනායකගේ මීමුත්තා වූ නීල පෙරුමාල් පණ්ඩාරම්ට දියස් බන්ඩාරනායක විදිහටත් නම් වෙනස් කරගැනීමට ද, ලක්දේශයේ විශාල ජන පිරිසකට බටහිර යටත් විජිතවාදී කතිකා බලය පිළිගත් බව පෙබන්වන්නට සහ  එංගලන්තකයින්ට වඩා ලඟ බව පෙන්වීමට නම වෙනස් කරගැනීම හඳගමට නොපෙනී ‌ගොස්, රොහාන් විසින් වාම දේශපාලන සංවිධනාත්මක උපාය-මාර්ගයක් ලෙස එසේ කිරීම හදිසියේ ඇඳේ අනික් පැත්තෙන් නැගිටියා වාගේ පෙනී ගියේ කොහොම ද? රොහාන්ගේ මරණයත් ඒක්ක අර්බුදයට සහ අභියෝගයට ලක්වී තම මනෝ-දාමරික දේශපාලනයට කෙලවෙමින් පවැතීම නිසා කලබල වී රඟන දීප්ති කොල් ඒකක් දී ඔයාව කීද්දුව ද නැතිද කියන්නකෝ? ඊට පස්සේ ඉතුරු ටික අපි කතා කරමු. දැනට උපායිකව නවතිමි. 

 

@ අරවින්ද හෙට්ටිආරච්චි

නවතම ලිපි