SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා ඇතැයි වාර්තා වේ.

එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි.

 

ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹුමට සමගාමීවය.

 

හැමෝටම දුන්නත් රනිල්ට ඒ අවස්ථාව මහජනතාව දුන්නෙම නෑ..

නමුත් දෛවය විසින් ලබාදීලා..

 

 

මේ අතර  හිටපු සෑම ජනාධිපතිවරයෙක්ම වසර 6ක් හෝ 12ක් රට පාලනය කළද, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහජනතාව එම අවස්ථාව මෙතෙක් ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසා ඇත.

 

නමුත් දෛවය විසින් එම අවස්ථාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී ඇති බව ඔහු කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

අද මධ්‍යම රාත්‍රීය වන බවට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස්වනු ඇති බවත්, ලබන ජුලි 2 වනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඒ පිළිබඳව  දැනුවත් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.