SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙනත් විමර්ශන අංශ අදාළ අමාත්‍යවරයාගේ සහ  රජයේ අතකොළු බවට පත්වීම ගැටලු සහගතය. බුද්ධි අංශ  රාජ්‍ය ප්‍රතිවාදීන්ගේ දත්ත රැස්කිරීමට යොදා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබිණ.

 

ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට අදාල  තොරතුරු රැස් කිරීම අඩ පණ විය. එවැනි තත්ත්වයකදී රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, බුද්ධි අංශ සහ වෙනත් විමර්ශන අධිකාරීන් ස්වාධීන කළ යුතු බව පාඨලී අවධාරණය කරයි.  2010 සිට 2015 දක්වා කාලයේදී ප්‍රධාන වැරදි තුනක් එවකට පාලකයන් සිදු කළ බවද හෙතෙම පෙන්වා දෙයි. කුමරන් පද්මනාදන්  ඇතුළු අන්තවාදීන් රැසක් සාධාරණ හේතුවලින් තොරව නිදහස් කිරීමට පියවර ගැනිණ.

 

WhatsApp Image 2024 04 22 at 15.29.401 

 

ඒ මඟින් මධ්‍යස්ථ පිරිස් පාලනයට එවක රජය සැලසුම් කර තිබූ බවට එක්සත් ජනරජ පෙරමුණු නායක  පාඨලී රණවක චෝදනා කරයි.

 

තව්හිද්  ජමාත් සංවිධානය නිර්මාණය වීමට දැනුවත්ව ඉඩකඩ සැලසීමට පාලකයන් පියවර ගෙන තිබිණ. ඉන් බෙදී ආ සහරාන් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව හෙළි විය. ඔවුන් මගින් මධ්‍යස්ථ මුස්ලිම් ජාතිකයන්ට අභියෝග කිරීමට හිටපු පාලකයන් ක්‍රියා කළේය.

 

පාඨලී මේ බව කියන්නේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවති විශේෂ සැමරුම් අවස්ථාවේදීය. එහිදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සමරා ඉටි පහන් දැල්වීමටද පියවර ගැනිණ. හිටපු පාලකයන් සිදුකළ  තුන්වන වරද වන්නේ විවිධ භික්ෂූන් යොදා ගනිමින් බෞද්ධ සම්ප්‍රදායට පටහැනි ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීම බවත් ඉන් ශ්‍රී ලංකාවේ ජාතික වාදය, වසල ජාතිකවාදයක් බවට පරිවර්තනය කළ බවත් පාඨලී  රණවක මන්ත්‍රීවරයා  පෙන්වා දෙයි.

 

WhatsApp Image 2024 04 22 at 15.29.40 

 

මේ වන විට රටට ආදරය කරන, ආගමික අයිතිවාසිකම් පිළිගන්නා, සැබෑ ජාතිකත්වයක් සහිත ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව ඇත. එය විධිමත්ව ක්‍රියාවට නැංවීම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට කළ හැකි සුදුසුතම උපහාරය බව පාඨලී රණවක අවධාරණය කළේය. අන්තවාදය පෝෂණය කරමින්, අහිංසක ජනතාව විපතට පත් කරමින්, දේශපාලන වාසි ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

 

WhatsApp Image 2024 04 22 at 15.29.41

 

@මාධ්‍ය ඒකකය