SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාමිණි දිසානායකගේ ජනාධිපති අභිෂේක ව්‍යාපෘතිය වූ "කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය"

අතිශය අසාර්ථක සහ විනාශකාරී ව්‍යාපෘතියක් බව මේ වන විට තහවුරු වී අවසන්ය (මෙය ලංකාවේ පමණක් තත්වයක් නොව ලොව පුරා මෙවැනි ව්‍යාපෘතීන් වල තත්වය මෙයයි).

 

එම අසාර්ථකත්වයන් තිබියදී තව වසර 20-30ක් පමණ කාලය ඇතුලත වික්ටෝරියා වේල්ලට සිදුවන දේ මුලින්ම බලාගත හැකි වනු ඇත.

 

පහතින් දක්වා ඇත්තේ Uvindu Kurukulasuriya විසින් තබන ලද සටහනකි.

 

uvindu 2

"මහවැලි ව්‍යාපෘතිය ඉවර කරන්න විතරක් අවුරුදු 90ක් යනව​.

 

ඊයෙ උමා ඔය ප්‍රශ්ණය ගැන මම ලියපු කෙටි සටහනේ මම ලිව්ව​, ජේ.ආර්. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වව එක්කන් ගියත් මහවැලි ව්‍යාපාරය පෙන්නන්න​, [ඇත්තටම සමසමාජ නායක ආචාර්ය එන් එම් පෙරේරවත් එක්කන් ගිහින් තියෙනව​ ඒ හෙලිකොප්ටර් ගමනෙ. ඒක මට අමතක උනා.] යාලුවො උනත් කොල්වින් එයාගෙ විවේචනය - ඒ කියන්නෙ තිස් අවුරුදු මහවැලි සැලැස්ම අවුරුදු හයෙන් කරන්න යන එකෙන් ඇතිවෙන ප්‍රශ්ණ ගැන කොල්වින්ගෙ විවේචනය නතර උනේ නැහැ ඒ ගමනෙන් කියල​. මම ඒක ලිව්වම කීප දෙනෙක් ඉන්බොක්ස් කරල ඇහැව්ව ඒ කොල්වින් කීව ඒව ගැන මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද කියල​. ඒ අය විශ්ව විද්‍යාල වල මේව ගැන ඉඟෙන ගන්න අය නිසා මේ පින්තූරෙ දාන්නෙ.

 

මේක මම නැවත කියෙව්ව අද​. ඒක කියෙව්වම, කොල්වින්ට ගම ගැන​, පාරම්පරික උරුම​, වාරි කර්මාන්තය, හයිඩ්‍රොලික් පවර්, සංවර්ධනය හා බැදුනු දූෂණය​, සංවර්ධනයේ ගැටලු ගැන තිබ්බ දැනුම විතරක් නෙමෙයි, රහස්‍ය ලේඛණවලට තිබ්බ ඇක්සස් එකත් හොදට පේනව​. එයා අන්තිමට කියනව මෙහෙම​; " ... ආණ්ඩුවේ යෝජනා ක්‍රම හැදෑරීම සඳහා ලෝක බැංකුව මගින් මෙහි එවා ඇති නෙදර්ලන්තයේ "නෙඩ්කෝ" විශේෂඥවරුන් ස්වකීය වාර්තාවේ වැදගත් කරුණු දෙකක් දක්වා ඇත​. එකක් නම් මහවැලිය යෝජනා ක්‍රමය නිම කිරීමට අවුරුදු අනූවක් ගතවන බවයි. ඔව් අවුරුදු 30ක් නොව ඒ වාගේ තුන් ගුණයකින් දීර්ඝ වන කාලයකි. ඒ වන විට අද උපදින වුන් සියල්ලම වාගේ මලවුන් අතරට එක්වී හමාරය​......"

 

ඔය ඔක්කොම ඇත්තනෙ.. අද මහවැලි ව්‍යාපාරයේ ගැටලු ගැන හිතනකොට​.

 

ඉතින් උමා ඔය ව්‍යාපෘතියෙ ප්‍රශ්ණ විවේචනය කරන අයට එක එක පීචං කතා කිය කිය කෝචොක් දාන්න එපා. කොල්වින්ල එන් එම්ල මේව කිව්වෙ ඡන්ද ගන්න නෙමෙයි. ඒ මිනිස්සු මැරෙන්න කිට්ටු වෙලා ඉන්න කාලෙ.

මේ කතාවෙ තව එකක් තියෙනව​, කොච්චර යාලුවො උනත් ප්‍රතිවිරුද්ධ දේශපානඥයින්ගෙ යාලුකම​, ඒව වගේම කොච්චර යාලුවො උනත් කරන වැඩේ වැරදි නම් විවේචනය කරන එක​.

තව එකක් මම හෙට පුලුවන් උනොත් දාන්නම් ශ්‍රී ලංකාවෙ කොමියුනිස්ට් පක්‍ෂයෙ නායක දොස්තර එස් ඒ වික්‍රමසිංහ නිල්වලා ව්‍යාපෘතිය ගැන ලිව්ව පොත​. ඒක අදටත් ඇත්ත​. කෙලවිලානේ තියෙන්නෙ. මාතර අය දන්නවනෙ."

(උවිඳු කුරුකුලසූරිය)

 

උමා ඔයට අදාලව අප ඊයේ පල කල ලිපියේ සබැඳිය:

https://slleader.lk/social/9716-2024-04-24-spartacs-umaoya

 

@Madawa Ruwanpatirana fb page