මේ රට දෙන්න ඔින රනිල්ට.. රනිල්ගේ ‘සැබෑව’ එළියට ..
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් එළැඹෙන මැතිවරණ දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව
පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්රණකාරී ලෙස කටයුතු කරමින්
කරන්දෙණියේ හිත හොඳ දොස්තරගේ ඝාතනය කලක් මෙරට ආන්දෝලනයක් ඇති කළේය.
වර්ෂ 2022 දෙසැම්බර් මස 27වන දින දයාංගනී ජයසිංහ මව තම පුතු එනතුරු හොරණ ඉංගිරිය මාර්ගයේ බලාසිටියේ බලාපොරොත්තු ගොන්නක් මනසින් චිත්‍රණය කරමිනි.
වසංගතයකට කළ හැකි විනාශය කෙබඳුද? අපේ පරම්පරාව එය සියැසින් දැක හමාරය. Covid-19 වෛරස් වසංගතය මුළු ලෝකයම උඩු යටිකුරු කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ
නවීකරණය කරන ලද සින්ට්‍රොපික් කෘෂි වන වගා ආකෘතියක් භාවිතා කරමින් අවදානම් සහිත වනාන්තර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා
- රනිල් ගෙන් හදිසි දේශපාලන කැබිනෙට්ටුවක් ....?
- කපටි නරියා අමුඩ ගහන්නේ කුමකටද...?
“අධ්‍යාපනය කඩාකප්පල් කරන්නෙ හිතාමතාමයි. පාඨලී වැනි උගත් මන්ත්‍රීවරුන් රටේ අධ්‍යාපනය සඳහා මැදිහත් විය යුතුයි.
ඇත්තටම ලංකාවෙ එහෙම තැනක් තියෙනවද කියලා මම දැනගෙන හිටියේ නෑ.
ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග කියා ඇත.
කාන්තා ශක්තියෙන් රටට වැඩක් ගන්නා බැව් ජනාධිපති වික්‍රමසිංහ කියා ඇත.
නිර්මාල් දේවසිරි යළිත් වටයකින් චම්පික රණවක සහ මාලිමාව (අනුර කුමාර යන පුද්ගල නාමය නොගෙන මාලිමාව ලෙස දක්වා ඇත) අතර
බැලු බැල්මටම රටේ සාමාන්‍ය ස්ත්‍රීහු වේගයෙන් දේශපාලනීකරණය වෙමින් සිටින වග මේ දිනවල දේශපාලන රැස්වීම් බලන විට පෙනෙන්නේය.
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති සහ ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් ඊයේ මෙහෙම සටහනක් තබනවා.
"අභිනවයෙන් පත්වූ පොලිස්පතිතුමනි, ඔබගේ පළමු කාර්ය කරන්දෙණිය PHI මහතාගේ ඝාතකයන් නීතියේ රැහැනට ගැනීම හෝ අවි ආයුධ පෙන්වීමට අරන් යෑමය."
ඒ වගේම තමන්ට යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ක්‍රියාත්මක කළ "යුක්තිය මෙහෙයුම" හිරු සහ දෙරණ නාලිකාවලින් නාට්‍යෝචිතව දැකීමත් සමග එකල ඔහුට තිබූ විරෝධයද දැන් සමහන් වී තිබේ.
මේ කරුණු දෙක නිසාම කිවයුත්තේ සියල්ල දවසින් දෙකෙන් අමතක වන ජනතාවට ඔබින පොලිස්පතිවරයා දැන් ලැබී ඇති බවයි.
තමන් වැඩ බලන පොලිස්පති වූ දවසේ දේශබන්දු තෙන්නකෝන් මහතා සටහනක් තබා තිබුනා. ඒකේ තියෙන්නේ, ඉතාම ආයාසයකින් තමන් එකී තනතුරට පත්වූ බවයි. කතාව ඉතා නිවැරදියි. දේශබන්දු තෙන්නකෝන් දැඩි උන්නතිකාමයකින් වැඩ කළ බව අතීතය මොනවට සාක්ෂි දරනවා.
අනාගතයේදී දිනක පොලිස්පති අසුනේ හිඳ ගැනීමේ ඕනෑකමකින් නීතිය වුවද පසෙක දමා දේශපාලකයන්ගේ ඕනෑම නියෝගයක් හෝ ඉල්ලීමක් ඔහු නොපිරිහෙලා ඉටුකළා.
මාතරදි විරුද්ධ පාක්ෂිකයන්ගේ වයර් කපන්න කිව්වම, කැපුවා.
පාතාලේ අය අල්ල ගත්තම මරන්න කිව්වම, ආයුධ පෙන්වීමට රැගෙන ගියා.
ආණ්ඩු විරෝධතාකරුවන්ට ගහන්න කිව්වම, ගැහුවා.
පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම නිර්මාණයටත් ඔහු හේතුවක් වුනා. සාධාරණය ඉටුකිරීමට බාධා කළා.
ඒ අනුව ගත්තම ඔහු මානව හිමිකම් කඩ කිරීම වගේම මනුෂ්‍ය ජීවිත පවා අහිමි කිරීමට පාර කපා තම අරමුණ වෙත ගිය සමාජ පීඩක උන්නතිකාමියෙක්.
පොලිස් ප්‍රධානියෙක් යනු නීතිය සුරකින්නෙකු මිස නීති කඩන්නෙකු නොවිය යුතුයි. මේක උදාහරණයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ලංඩන්හි පලස්තීන විරෝධතා නතර කරන ලෙස එවක පොලීසිය භාර ස්වදේශ කටයුතු ඇමතිනී Suella Braverman, පොලිස් ප්‍රධානී (Metropolitan Police Commissioner) Sir Mark Rowley ගෙන් ඉල්ලීමක් කළා. එහෙත් මානව අයිතීන් පිළිබඳ සැලකිලිමත් වූ පොලිස් ප්‍රධානියා එම ඉල්ලීම ඉවත දැමුවා. අවසානයේ සිදුවූයේ ඇමතිනියට ධූරයද අහිමි වීමයි.
දේශබන්දු තෙන්නකෝන් ධූරයට පත්වන තෙක් ඉටු කළ දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් දැන්වත් නතර කරන්නේ නම් පොලීසියටත් කලදවසක් උදාවෙන්න පුළුවන්. එසේ නොවන්නේ නම් වෘත්තීයභාවයකින් තොර පොලිස්පතිවරයෙක් යටතේ සේවය කරන අවංක හා විනයගරුක පොලිස් නිලධාරීන්ට කවරාකාරයේ උකටලී බවක් දැනෙනු ඇතිද? ජනතාව?
පසුගිය ආණ්ඩුවල ගැතිකම් කළ අයෙකු අද එකල වැරදිකරුවන් සම්බන්ධයෙන් නිතීය ඉටු කරයිද? මෙතෙක් කලක් පොලීසියේ සිටි අයෙක් එක්වනම නින්දෙන් අවදිවී මෙන් ක්‍රියාත්මක කළ "යුක්තිය මෙහෙයුම" වෙනුවෙන් "හිරු" වැනි නාලිකා අතිමහත් ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේ ඇයි? මේවාට නව පොලිස්පතිවරයාගේ ඉදිරි පැවැත්මෙන් පිළිතුරු ලැබිය යුතුය. ඔහුට හෙට හෝ නිවැරදි විය හැකි මග එයයි.
ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මහතා නිරන්තරයෙන් පංසල් ඇතුළු ආගමික සිද්ධස්ථාන ගානේ ගොස් විවිධ අවස්ථාවන්ට සහභාගීවීම සහ සංඝයා වහන්සේගෙන් ආශිර්වාද ගැනීමෙන් අපට දෙන පණිවුඩය කුමක් විය හැකිද? මින් ඉදිරියට ඔහු හෝ පොලීසිය කිසිදු නොපනත්කමක් නොකරන බවට සහතිකයක් ඉන් ලැබේද? "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" යන පොලිස් උධෘතයටද සාධාරණයක් ඉටුකරගත හැක්කේ ඇත්තටම නායකත්වය එය පිළිපැදීමෙන්ම පමණි.
කොහොම නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතාට වැඩිම කළක් පොලිස්පති ධූරය දරන්න ලැබෙයි. මගේ විශ්වාසය නම් දක්ෂතා ඇත්තෙකු ලෙස ඔහු හොඳට හෝ නරකට ලංකාවේ නමක් තබන පොලිස්පති කෙනෙක් වෙයි යන්නය.
|මහින්ද රුබසිංහ
ලන්ඩන් නුවර සිට.
පෙබරවාරි 14 දා කදිරගාම කේන්ද්‍රයේදී ජනරජ පක්ෂය විසින් රටේ සියළු පක්ෂ වලට පුළුල් සන්ධානයක් ගොඩනඟන්නට සාකච්ඡාවකට ආරාධනා කලා.
දත්ත ගබඩා කිරීමේ චිප් එකක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කිරිමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය ගැන එලෝන් මස්ක් පැහැදිලි කර තිබේ.