SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවත් එම වාහන

නීත්‍යානුකූලව භාරදුන් ඒවා බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසයි.

 

 

මෙම හැම වාහනයකටම ලිපිගොනුවක් තිබෙන බවත් ඒවා කවුරු විසින් භාවිත කළේද? කුමන රාජකාරි සඳහා යොදවා ගත්තේද? යන්න එම ලිපිගොනු පරීක්ෂා කිරීමක් සිදුකළහොත් දැකබලා ගතහැකි බවද ඔහු කීය.

 

 

වත්මන් ජනාධිපති පත්වූ පසු එම වාහන භාවිත කළ අදාළ නිලධාරීන් නීත්‍යානුකූලව සහ කළ යුතුම දෙයක් සේ සලකා භාර දී ඇති බවද හිටපු ලේකම්වරයා අවධාරණය කර ඇත.

 

 

එසේම ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් නොමැති ඒවා රජයට අයත් පරිශ්‍රයන් තුළ නවතා තැබීමට කටයුතු කර ඇතැයි ද ඔහු කියයි.

 

 

කිසිදු වාහනයක් අතුරුදන්වීමක් සිදුවී නොමැති බව කියන  ඔහු, තමා වත්මන් ජනාධිපතිතුමා දිව්රුම් දීමේ අවස්ථාවට නිල රාජකාරිය ලෙස එක්වී තමා භාවිත කළ නිල රථය ද භාරදී පිටව ගිය බවද වැඩිදුරටත් කියයි

 

මෙම  වාහන ප්‍රදර්ශනය ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස මහාචාර්යවරයෙක් වූ නිර්මාල් රංජිත් දේවසිරි සිදුකළ වීඩියෝ සටහනක් තබා ඇත.

 

 

වියදම් අධික වාහන දේශපාලන හිතවතුන්ට ලබා දීම සදහා මහජන අරමුදල් අවභාවිතය ලංකාවේ සිදුවන් දැවැන්ත අපරාධයක් බව වීඩියෝව ඉදිරිපත් කරමින් මහාචාර්ය දේවසිරි සඳහන් කරයි.

 

 

 

නවතම ලිපි